ආයුබෝවන්! අද ඉරිදා. වෙලාව උදේ නවයාමාරයි. රේඩියෝ භරෝසා හරහා ඔබ සමග සම්බන්ද වෙන මම අර්ජුන් පාඨක්. අද උදේ දහයට සී ලින්ක් එකේ අලුත් වැඩියාවක් සිදු වෙනවා. ඉතින් සී ලින්ක් එකෙන් යන්න ඉන්න අය ටිකක් පරක්කු වෙලා යනවානම් ගොඩක් හොඳයි. නැතිනම් වෙනත් මාර්ගයක් වුනත් බාවිතා කරන්න පුලුවන්. දහයෙ පසුව නම් ඔබට එම මාර…

ආයුබෝවන්! අද ඉරිදා. වෙලාව උදේ නවයාමාරයි. රේඩියෝ භරෝසා හරහා ඔබ සමග සම්බන්ද වෙන මම අර්ජුන් පාඨක්. අද උදේ දහයට සී ලින්ක් එකේ අලුත් වැඩියාවක් සිදු වෙනවා. ඉතින් සී ලින්ක් එකෙන් යන්න ඉන්න අය ටිකක් පරක්කු වෙලා යනවානම් ගොඩක් හොඳයි. නැතිනම් වෙනත් මාර්ගයක් වුනත් බාවිතා කරන්න පුලුවන්. දහයෙ පසුව නම් ඔබට එම මාර්ගයේ ගමන් කරන්න පුලුවන්. ඒ තමයි අද දවසේ ට්‍රැෆික් පිලිබඳ තොරතුරු. ඊට පස්සේ අද මාතෘකාව. අද අපි කතා කරන්නට යන්නේ ආයතනික බදු සහන ගැන. අපට දුරකතන ඇමතුමක් තිබෙනවා.
– ඔව් ඔබ අප සමග සම්බන්ද වී සිටිනවා. හෙලෝ!
– ආයුබෝවන් අර්ජුන් ජී.
– මගේ නම රඝුබීර් මාතා. මම කතා කරන්නේ මුම්බායි වලින්.
– ඉතින් රඝුබීර් ජී, අද මාතෘකාව ගැන ඔබට මොකද හිතන්නේ? මොනාද ඔබට කියන්න තියෙන්නේ?
– අර්ජුන් ජී. අපේ ගෙදර ටීවි එකයි විදුලි පංකාවකුයි විතරයි තියෙන්නේ. ඒත් මාසෙකට රුපියල් දාහක බිලක් එනවා. මම විදුලි බල දෙපාර්තුමේන්තුවට කීප සැරයක්ම ගියා. ඒත් එතන ඉන්න මහත්තයා කියන්නෙම බිල ගෙවන්න. නැත්නම් ලයිට් කපනවා කියල.
– රඝුබීර් ජී අද අපේ මාතෘකාව බදු ගැන.
– ඉතින් විදුලි බිලත් එක විදිහක බද්දක්නේ. පෝසත්තුන්ගේ බදු ගැන
විතරද කතා කරන්නේ? දුප්පත් එවුන් ගිනි පෙට්ටියේ ඉඳන් විදුලි බිලටත්
බදු ගෙවනවා. ආණ්ඩුව හරිනම් අපිට විදුලියයි වතුරයි නොමිලේ දෙන්න ඕනේ.
– මට ඔබතුමාගෙ දුක තේරෙනවා. මීලඟ ඇමතුමට වෙලාව හරි.
– ඔහොම ඉන්න. කට් කරන්න එපා. හෙලෝ! කට් කරන්න එපා. කතා කරලා ඉවර නෑ. මම කතා කර කර හිටියේ. එහෙම කොහොමද මැද්දෙන් එක පාරටම කට් කරන්නේ? මන් කියන්න හදන දේ අහනවා මුලින්! දුප්පත් මනුස්සයෙක්ගේ දුකක් අහන්නවත් බැරිද?
– මම මේ ගැන සෑහෙන කල්පනා කලා. මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. මගේ ලග බෝම්බයක් තියෙනවා. මම සී ලින්ක් පාලම පුපුරවන්නයි හදන්නේ!
ඊට පස්සේ මේ රේඩියෝ මැදිරියේ මොනවද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Neerja (2016) චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Ram Madhvani. රංගනයෙන් දායක වෙන්නෙ Kartik Aaryan, Mrunal Thakur සහ Amruta Subhash
නොවැම්බර් මාසේ 19 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය Thriller ඝනයට අයත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය 2013 අවුරුද්දෙ තිරගත වුනු The Terror Live චිත්‍රපටියේ remake එකක් වෙනවා. ඉතින් PHOENIX මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. මගෙ කොටස ඉවර වෙන්න ටිකක් පරක්කු උනා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
10,184 downloadsDownload Dhamaka-2021.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
37 comments
Anonymous
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
indika 75
Thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bhanu
උපසිරසියට ස්තුතියි
Lakmal
Thanks dennatama
Digtma aluth film demuSamith
Thanks both
Mihiran
සබට තුති වේවා❤
Gihan Perera
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Charith
තෑන්ක්ස් දෙදෙනාටම
ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමුEranda
Thanks sister
සිසිල්
බොහෝමත්ම ස්තුතියි දෙපලටම
Sooryavanshi ෆිලුමත් ආපු ගමන් දෙමු
ජය වේවාUdaya Fdo
Thank you
Anonymous
Niyamai sis
Teron
thnkz both
Anonymous
Thank you
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Elazz
Anonymous
The last duel ekth dennko
Oshada
උපසිරසියට ස්තුතියි
mindika
Thanks !!!
oshanda
thanks saho
oshanda
thanks dennatama
Anonymous
Ela kollo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Dammika
Uravukku Mariyaadhai 2021
මෙකේ සින්හල sub එක දෙන්න
Dammika
Uravukku Mariyaadhai 2021
Priyuraalu 2021
Kaadhal Kaathaadi 2021
Manmadhaleelai 2022
මට මේ ටිකේ සිංහල සප් ටික දෙන්නකෝ..ප්ලීස්....
Hasantha
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!sadip
sub eka nm lesatama thiyenawa.thanks eth filmeka nm bn balapu wedak nathima film ekak.
sahangayantha
Thanks a lot sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කවද්ද අනේ මයුර සුරාජ් phoenix උනේ ?