Watch Trailer

The Terror Live (2013) | ත්‍රස්තවාදියෙක් සමග සජීවිව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඉන්නවා කියලා හිතනවා. මේ පාර සබ් දැම්මේ කොරියානු කතාවකට. ඇත්තටම මාරම අදහසක් දෙන කතාවකට. මේ කථාවේ ඇත්තම නම තමයි “Deu tae-ro ra-i-beu“. මේ නම ඔයාලට කියද්දී ටැපලෙනවා ඇති. ඉතින් ඒ ටැපලෙන නම තියෙන කථාවේ පැටලෙන්නේ නැති නම තමයි The Terror Live . චිත්‍රපට වර්ගීකරණයේ ඇක්ෂන්…

THE TERROR LIVE
ඉතින් කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඉන්නවා කියලා හිතනවා. මේ පාර සබ් දැම්මේ කොරියානු කතාවකට. ඇත්තටම මාරම අදහසක් දෙන කතාවකට. මේ කථාවේ ඇත්තම නම තමයි “Deu tae-ro ra-i-beu“. මේ නම ඔයාලට කියද්දී ටැපලෙනවා ඇති. ඉතින් ඒ ටැපලෙන නම තියෙන කථාවේ පැටලෙන්නේ නැති නම තමයි The Terror Live . චිත්‍රපට වර්ගීකරණයේ ඇක්ෂන් නොහොත් ක්‍රියාදාම ගණයට වැටෙන මේ කතාව ගැන මම විචාරයක් දැන් දෙන්නම්.

මේ The Terror Live චිත්‍රපටය කොරියානු සංස්කෘතියේ තියෙන ත්‍රස්තවාදය නියමට උපුටා පෙන්වන කතාවක්. මේ කථාවේ ප්‍රධාන චරිතය වන “යූන්“ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙලා අන්තිමට රේඩියෝ නිවේදකයෙක් දක්වා තනතුරෙන් පල්ලෙහාට වැටෙනවා. මෙයා දවසක් රේඩියෝ වැඩසටහනක් කර කර ඉන්නකොට පිස්සුවක් තියෙන මිනිහෙක් වගේ පුද්ගලයෙක් කථා කරලා කියනවා, “මම අද නගරයේ පාලම බෝම්බයකින් පුපුරනවා කියලා“ මේ මිනිහා කියපු එක රේඩියෝ කාරයෝ ශතයකටවත් ගණන් ගන්නේ නැති වුණාට ඇසිල්ලකින් ඒ පාලම පුපුරනවා. මේ සිද්ධිය නිසා මේ කථා මාලාව නිවේදකයා සහ ත්‍රස්තවාදියා අතර දැඩි පීඩනයක් සහිතව ගෙවී යනවා. ඒ අතර රජය මේ දිහා බලන්නේ හරියට හොල්මන් කතාවක් බලනවා වගේ.

මේ කථාවේ අගයන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ කතාව බලන ප්‍රෙක්ෂකයා කවදාවත් මේකේ තියෙන ආතතියෙන් මුදවන්න බැරි විදිහට මේ කතාව නිපදවලා තියෙනවා. ඒ විදිහේ කතාවක් ගොඩනැගෙන්නේ අතිවිශිෂ්ට රංගනයකින්. මේ අතිවිශිෂ්ට රංගනයක් කරන Jung-woo Ha නැමති නළුවා ඔහුගේ කටහඩින් සහ ඔහුගේ මුහුණේ භාවාත්මක ප්‍රකාශවලින්, මුලු කථාවේම තියෙන සංවේගය හොදින්ම විවර කරලා පෙන්නනවා. ඔහු තමන් වැඩ කරන නාලිකාවේ කැමරාව එදිරියට මුහුණ දෙන ආකාරය ඒක තවත් තියුණු කරනවා. ඔහු තමන්ගේ ජීවිතයට ලොකු වෙනසක් (දියුණුවක්) කරගන්න ඔහුගේ දක්ෂකම ඇතුළු සියලු දේ භයානක හීනයක් ඇතුළට දානවා.

මේ කතාව රසවත් වෙන ආකාරයක් තමයි, ත්‍රස්තවාදියා සමග සජීවිව කතාව ඉදිරිපත් කිරීම. ඔවුන්ගේ අසල්වැසි රට වන උතුරු කොරියාව මේ කථාවේ මතක් කරලවත් නැති එක පුදුමයට කරුණක්. මේ කථාවේ දකුණු ඉන්දියාවේ ඇත්ත තත්වය එලෙසම පෙන්වා දෙනවා. දකුණු කොරියානු සමාජයේ මාධ්‍යය, සමාජයේ දේවල් පාලනය කරලා තියෙන ආකාරයද මෙමගින් දැක්වෙනවා.

ත්‍රස්තවාදය හා මිනිසුන්ගේ බල පුලුවන්කාරකම ගැන ගැඹුරු අර්ථකථනයක් ඔයාලට මේකෙදී බලාගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ කතාව ඉවර වෙද්දී ත්‍රස්තවාදය දිහා වෙන විදිහට බලන්න පුරුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංවේගය මුසුවූ හදවතකින් බලන්න පුරුදු වෙයි. අපරාධකාරයොන්ට විරුද්ධ වෙන්න වීරයෝ හිටියට, මිනිස්සු අපරාධකාරයෝ වෙන්නේ ඇයි කියලා හොයන්න වීරයෝ නැහැ.

මිනිහෙක් වැරදුනාට පස්සේ දඩුවම් කරනවට වඩා ඔවුන්ව යහමාර්ගයට ගන්න එක ඇත්තටම උතුම් දෙයක්. මොකද අපේ රටත් තවමත් දියුණු වෙන රටක්. අපි ආසියාවේ ආශ්චර්ය වෙන්න ඕන අධිවේගී මාර්ග, ගුවන්තොටුපළවල්, වරායවල් හදලා නෙවේ. අපි හැමෝම එක පවුලක අය කියලා හිතන්න පුරුදු වුණොත් ඒ ආශ්චර්ය වැඩි ඈතක නෙවේ. ඒත් අද වෙන්නේ ධනපතියා සැප විදිනවා, දුප්පතා දුක්විදිනවා, ඒක නිසා ඕනම රටක බෝම්බ පිපිරීම්, මිනීමැරුම් සිදුවෙනවා. මම අදටත් වැලිකඩ බන්ධනාගාරේ ගහලා තියෙන “සිර කරුවොත් මනුස්සයන්ය“ කියන ඒ උදාර වාක්‍යයට හිස නවලා ආචාර කරනවා. ඔබට ජය!

The Terror Live (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0E313695C93C5AF69B727A40514053E2EFEF3225

1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න

50935B26F310DD3E0BB6DB67A90BD174192016F1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,031 downloadsDownload The-Terror-Live-2013.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,031 downloadsDownload Subtitles88 KB

39 comments

  1. vee

    Maxxxa saho

  2. isuru

    Thanks bro

  3. lk

    Supiri saho digatama denna

  4. wow

    Wow....maru ;)

  5. naleen

    Loweth na machan meyka nam supiri

  6. chami

    Thnxxxxxxxx

  7. sumudu

    Bohoma pin

  8. amilatk

    Jayen jaya...

  9. Sanjaya

    Thanks Saho... den download wenna demma

  10. tharindu

    Mona unath lipiya nam kollo supiri...school eke vicharanam hodata liyanava athi.....fatta kathavak vagee..onna ehenamn bagaththaa...thankss sahoo sub ekatahh...

  11. ediri

    AGRRE WITH U
    THANKXXXX

  12. නලින්

    ස්තුතියි බුද්ධිල සහෝ

    ජය වේවා!

  13. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  14. mmkasun

    thanx

  15. LaSa MaRLeY

    "අපරාධකාරයොන්ට විරුද්ධ වෙන්න වීරයෝ හිටියට, මිනිස්සු අපරාධකාරයෝ වෙන්නේ ඇයි කියලා හොයන්න වීරයෝ නැහැ."පිස්සු බම්ප් වෙනවා බන් විස්තරේ කියෙව්වහම,,තරිඳු සහෝගේ කොමෙන්ටුවට මමත් එකෙන්ම එකග වෙනවා,අනිවා බෑමක් තියෙන්නේ,# බුද්ධිල යසස් # සහෝ බොහෝම Thank You අපිට මේක දෙන්න උන මහන්සියට,ජයවේවා!

  16. ගයාන් රූකාන්ත

    ඔන්න ගත්තා ජය වේවා සහෝ!

  17. “චූටී මල්ලි”

    එල එල බුද්ධි
    තව කොරියන් 1ක් තියෙ මචන් Flu (2013) කියලා
    හැකිනම් ඒකටත් සබ් දෙන්නකො සහෝ
    සබට තුති
    ඔබට ජය........

  18. udara

    sathuthui me wage kathawak genawata..
    anika thamai oyage adahas tika..aththatama oya adahas tika rate lokko kiyaganna minisun gawa thiyenawa nam....
    me rata kochchara sundara weida saho...
    thawath sub boho dennata wasana..!!!

  19. jana

    tx

  20. jack

    නියමයිනේ සහෝ. බොහෝම ස්තුතියි

  21. lahiru

    patta thwath old hit awa demu

  22. Chami

    Thanks

  23. dinidu madushanka

    ela ela bro jaya wewa

  24. rohan

    ela bro... good one.

  25. me

    thanks

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  27. sachith

    Thanks machan

  28. sohan

    ජයම වේවා සහෝ !!!

  29. #ChalinduDeshan (කිනා)

    අප්පේ. අන්තිමට දීළ තියෙන ටෝකට ඇඩෙනවා ඈ.
    නියම පිලුමක් වගේ.
    බාගෙනම බලමුකෝ.
    ජයවේවා!

  30. ගමයා

    උඹ හරි මචං,
    අපි ආසියාවේ ආශ්චර්ය වෙන්න ඕන පාරවල් වගේම සමාජ සංවර්ධනයත් සමගයි.
    සබට තුති...

  31. nalaka

    thanks sahota..jaya wewa..

  32. ශාන් විමුක්ති [විමා]

    කොල්ලෝ ඇඩේනවා පොස්ටුවනම්
    එලකිරි ආ
    අනෙ බන් ඉතින් මට දැනට උබේ පොස්ටුව විතරක් කියවලා හිත හදාගන්න වෙනවා :(
    ෆිලුම බැලීම පස්සට දාන්නම් හොදේ
    අමනාප නැහැනේ
    සබට බොහොම ස්තුතියි මචෝ
    ජයෙන් ජය
    දිගටම මෙහෙම ලියපන් ලිපිය දැක්කමත් ඇති බඩ පිරෙන්න එළමකිරි :D

  33. පසිඳු සහෝ

    thankx bro

  34. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. M THILINA

    Thank U

  37. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  38. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  39. malith

    Ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.