චෝටු මගේ නම චෝටු. මං ලොකු වුනාම හදනවා ගෙයක් ගේවාර් (කැවිලි වර්ගයක්) වලින්. වහල හදන්නෙ රස්ගුල්ලා වලින්. බිම හදන්නෙ ලඩ්ඩු වලින්. හැබැයි ජනෙල් හදන්න ඕනෙ ජලේබි වලින්, මොකෝ දන්නවද? ඒවයි හිල් තියනෝනේ. ඒවයින් බලන්න පුලුවන්. මං අන්තිමට ම බලපු චිත්‍රපටිය තමා සල්මාන් ඛාන්ගෙ “දබාන්ග්”. මං රහසක් කියන්නම්. පරී…


චෝටු
මගේ නම චෝටු. මං ලොකු වුනාම හදනවා ගෙයක් ගේවාර් (කැවිලි වර්ගයක්) වලින්. වහල හදන්නෙ රස්ගුල්ලා වලින්. බිම හදන්නෙ ලඩ්ඩු වලින්. හැබැයි ජනෙල් හදන්න ඕනෙ ජලේබි වලින්, මොකෝ දන්නවද? ඒවයි හිල් තියනෝනේ. ඒවයින් බලන්න පුලුවන්.
මං අන්තිමට ම බලපු චිත්‍රපටිය තමා සල්මාන් ඛාන්ගෙ “දබාන්ග්”.
මං රහසක් කියන්නම්. පරීට කියන්නෙපා. මේ ලෝකෙන් මං බය ම දේ තමයි පරීගෙ අත අතෑරෙයි කියනෙක. එයා කසාද බැන්ඳම තමා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ.
අවුරුදු හතරක් තිස්සේ මං මගේ ඇස් පෙනීම ලබාදෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලුවා. කිසිම ප්‍රාතිහාර්යක් වුනේ නෑ, ඒ නිසා මං වෙන විදියකින් ඒකම ඉල්ලනවා.
ඒකට, අපට ශාරුක් ඛාන් ව හම්බෙන්න ඕනේ!

පරී
මං තමා පරී. මගේ ලෝකේ වීරයා තමා ශාරුක් ඛාන්. හැබැයි මගේ මෝඩ මල්ලි, චෝටුගේ වීරයා තමා සල්මාන් ඛාන්. චෝටුගේ කතා වල හැමදාම සල්මාන් පොලිස් ඉන්පැක්ටර් කෙනෙක්. කිසි ආදරයක් නෑ, විරහවක් නෑ, ගතියක් නෑ, කිසි දෙයක් වෙන්නෙත් නෑ, උදේ පාන්දර ගහ මරා ගන්නවා විතරයි. ඉස්කෝලේ යන එකත් එක්ක එපා වෙනවා.
ඒත්, මං චෝටුට ආදරෙයි. මං එයාට පොරොන්දුවක් දුන්නා, එයාට නවය ලබන්න කලින් ඇස් පෙනීම ලැබෙනවමයි කියලා. එයාගෙ උපන්දිනේ එන්නේ ඔක්තෝබර් දෙවෙනිදාට, තව මාස දෙකයි තියෙන්නේ.
ඒ නිසා, මට ශාරුක් ව හම්බෙන්න ම ඕනේ!
චිත්‍රපටය ගැන
Nagesh Kukunkoor ගේ අධ්‍යක්ෂණයෙනුත්, චෝටුගේ චරිතයෙන් Krish Chhabria, පරීගේ චරිතයෙන් Hetal Gada ත් සමඟින් 2015 වසරේ තිරගත වූ Rainbow (Dhanak) චිත්‍රපටය Imdb දර්ශකයේ 8 කට හිමි කම් කියනවා. Berlin ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේදීත් (2015), ඉන්දියා ජාතික සම්මාන උළෙලේදිත් (2017) මේ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුනා. මේ චිත්‍රපටයේ ඉන්න චෝටුගේ ඇස් නොපෙනී අවුරුදු හතරක් ම ගත වුනා වගේ මේ චිත්‍රපටයට සිංහල උපසිරැස ලබාදෙන්න මතක් වුනෙත් අවුරුදු හතරක් ගෙවුනට පස්සේ. සිසිල ප්‍රසාද් සහෝ තමයි මේ සුන්දර චිත්‍රපටයට උපසිරැසි කරන්න භාර දුන්නේ. ඒ අවස්ථාව නිසා මටත් චෝටුගෙයි, පරීගෙයි සුන්දර සිහිනයට එබිලා, රැයේ පවා ශෝබමාන දේදුන්නක් දැකගන්න හැකි වුනා.
එතනින් එහාට මේ චිත්‍රපටය ගැන කතා කරොත් ඉන්දියානු සමාජයේ තියෙන නූගත්කම ගැනත් ලොකු පණිවුඩයක් දෙන චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්.
ඉන්දියාවේ මිනිස්සු නළු නිළියන් අදහන්නේ මොන තරම් දේවත්වයෙන් ද කියනවා නම් කෝප්පයක් පෙන්නලා ඒක ශාරුක් ඛාන් වතුර බීපු කෝප්පේ කිව්වොත් ඒකටත් වඳින මිනිස්සු ඉන්න බව මේ චිත්‍රපටයෙන් පෙනේවි. චිත්‍රපටයේ එක තැනකදී “ටුක් ටුක් දෙවියො” වඳින්න දේවාලයක් දකින්න ලැබෙයි. ඉන්දියාවේ හැම වීදියක ම වගේ දේවාලයක් දකිනෙක පුදුමයක් නෙවෙයි. හැබැයි, ටුක් ටුක් දෙවියෝ කියන්නෙ මෝටර් බයිසිකලයක්. මිනිස්සු ගස්, ගල් වලට වැඳුම්, පිදුම් කරනවා අහලා තිබුනට, සමහරු මෝටර් බයිසිකල් වලටත් වැඳුම්, පිදුම් කරනවා. වයඹදිග ඉන්දියාවේ සැබෑවට ම මේ විදියේ දේවාල තියනවා. “Om Banna” ගූගල් කරලා බැලුවොත් දකින්න පුලුවන් වෙයි ඒවගේ මෝටර් බයිසිකල් දෙවියෙක් සහ ඒ හා බැඳිච්ච අද්භූත කතාන්දරයක්! මේ වගේ බොහොම හාස්‍යෝත්පාදක සිදුවීම් ගොඩක් පරී, චෝටු දෙන්නා යන ගමනෙදි අපට අත් විඳින්න පුලුවනි. ඒ ගමන ලේසිපාසු ගමනක් වෙන්නේ නෑ, ඒත් යන්නම ඕන ගමනක්! ඒ ගමන මොකක්ද කියලා මං කියන්නෙ නෑ. හැබැයි මඟදිගට හමුවෙන හැම චරිතයක් ම බොහොම රසවත් සිදුවීමකට පාර කියන බව කියන්නම්.
එහෙමනම්, කිසිම කම්මැලිකමක් නැතිව, පරීගේත්, චෝටුගේත් ලෝකයේ අතරමං වෙන්න සූදානමින් මේ චිත්‍රපටය නරඹන්න හැමෝම ම ආරාධනා කරනවා. නැවත හමුවෙමු. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB HD පිටපත් සඳහා අදාළ වේ.
2,446 downloadsDownload Dhanak-2015.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
19 comments
හසිත මධුෂාන්
Mayura
වෙල්කම් බැක් හෙලී
නියම චිත්‍රපටියක්. පොඩිවුන් දෙන්නගෙ රංගනය කියලා වැඩක් නෑ. ඇස් දෙකත් තෙත් වෙනවා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sampath n perera
thanks
damith chandrathilake
sub ekata godak sthuthi.booksmart 2019 film ekatath sub ekak danda
Prabuddha Kulatunga
Patta.. :D
ranga11112
Thanks sis.........
theruwansaranai...jayaweva......yeshu
tnx
chamee1234
Thanks
benukanimsena
සබ් එකට බොහොම ස්තූතියි අක්කේ
අනිවාර්යයෙන්ම බලනවා
මේ වගේ චිත්‍රපටි වලට සබ් කරනවාට බොහොම ස්තූතියි
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිනු වීරක්කොඩි
කාලයක් තිස්සේ හෙව්වත් නම මතක නැතිව ලත වෙවී හිටිපු චිත්‍රපටියක්!
ස්තූතියි හෙළිලි අක්කේ...
ඔන්න බෑවා එහෙනම්MAALnath
Thanks .................good luck .................
bandarathilak
ME movie eke link eka neni. Puluwannam aya danna.
Tsandesh
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ලිපිය කියෙව්වම බලන්න හිතුනා...
කාලෙකින් නෙහ් මේ පැත්තේ ආවේ... :P
දිගටම සබ් දෙමු ආ...
ජය!sampathbuddhika
Fringe season akata sab dannko
නිමල් දිසානායක
සුපිරි ෆිලුමක් තෝරාගෙන තිතට සබ්ස් දීලා.
සහෝදර ප්‍රේමය, දඟකාර ළමා විය වගේම
මානව දයාව වගේම අවස්ථාවාදීන් ගැනත් හොඳට විවරණය වෙන ෆිලුමක්.
සමහර තැනදී කඳුලුත් එනවා!
හිනා කැවෙනවා.
ගොඩාරියක් ස්තුතියි, හෙළලි!Anonymous
හැමෝටම බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට බොහොමත්ම ස්තූතියි....!