මක්කල් සෙල්වන් විජය සේදුපති කියන්නේ මහ අරුම පුදුම නළුවෙක්.! හරියට අවතාරයක් වගේ නොහිතන වෙලාවල නොහිතන ස්වරූපයන්ගෙන් චිත්‍රපටි අරන් එනවා. ඒ නිසා අපිත් එයා ගැන මීටරෙන් ඉන්නේ. මේ ලිපිය ලියන මොහොතෙත් පවා එයාගේ තව ෆිලුම් කිහිපයක්ම ළඟ ළඟම එන්න තියනවා. ඉතින් සේදුපතිගේ චිත්‍රපටි වැඩිපුරම කරපු උපසිරැසිකරුවා ව…

මක්කල් සෙල්වන් විජය සේදුපති කියන්නේ මහ අරුම පුදුම නළුවෙක්.! හරියට අවතාරයක් වගේ නොහිතන වෙලාවල නොහිතන ස්වරූපයන්ගෙන් චිත්‍රපටි අරන් එනවා. ඒ නිසා අපිත් එයා ගැන මීටරෙන් ඉන්නේ. මේ ලිපිය ලියන මොහොතෙත් පවා එයාගේ තව ෆිලුම් කිහිපයක්ම ළඟ ළඟම එන්න තියනවා. ඉතින් සේදුපතිගේ චිත්‍රපටි වැඩිපුරම කරපු උපසිරැසිකරුවා විදියට මම (ඉන්ද්‍රජිත්) මේ උපසිරැසිය භාර ගත්තට මොකද දැන් දැන් ඉස්සර වගේ කාල වේලාව හරස් වෙන නිසා ඔන්න MTR අයියත් එක්කහු කරගෙන වැඩේ ගොඩ දැම්මා. (ඇත්තටම වැඩි හරියක් කෙරුණෙත් තරිඳු අයියාගේ යතුරු පුවරුවෙන්). ඒ වගේම සිරාජ් ප්‍රියන්ත මල්ලිත් චන්දිම අමරසිංහ සොයුරත් (සෑර්) අපට මේකට සහයෝගය ලබා දුන්නා. දඩිබිඩියේ බාධක මධ්‍යයේ එළිදැක්වූවාට මොකද, මේකත් විවිධ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගත්තු ෆිලුමක් කියන්න පුළුවන්. හොඳම උපසිරැසියක් උණු උණුවෙම ගෙනත් තියෙන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම මේ ෆිලුම බලන්න ඕන නිසාමයි. එහෙනම්, ෆිලුම ගැන වැඩි විස්තර තරිඳු අයියා පහතින් ලියයි.
අද අපි සියලුම දෙනා ජීවත් වෙන්නේ ඉතාමත් දියුණු ලෝකයක. ඒ විතරක් නෙවෙයි මේ මොහොත වෙනකොටත් විවිධ නවතම සොයාගැනීම් ලෝකයේ කොතැනක හො සිදුවෙනවා. ඉදිරි අනාගතෙදි අද කරන්න බැරි බොහොමයක් දේවල් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් වෙන්න තමයි මේ සොයාගැනීම් සිද්ද කරන්නේ.! ඉතින් කණගාටුවට කාරණයක් තමයි තවමත් අද අපි ජීවත්වෙන මේ වර්තමාන ලෝකයේ ඉතාමත් කෘෘර,පාපිශ්ඨ,අමානුෂික අඳුරු දේවල් තවමත් සැලකිය යුතු කොටසක සිද්ද වෙන එක. මේ අතර විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි හැමදේකටම ජාවාරම් කියලා දෙයක් තියෙන එක. ඉතින් අද මම ඔබ වෙත රැගෙන සිනමා පටයෙන්ද පෙන්වා දෙන්නේ අද ලෝකේ තියෙන ඉතාමත් පහත් අමානුෂික ජාවාරමක් සම්බන්ධවයි. ඒ මිනිසුන් විසින්ම මිනිසුන් අලෙවි කිරිමේ ජාවාරම.
අද ලෝකයේ විවිධ වර්ගයේ ජාවාරම් සිද්ද වෙනවා මත්ද්‍රව්‍ය,අනවසර භාණ්ඩ, ශරිර අවයව ඔන්න ඔය වගේ දේවල් මේ අතරින් ශරිර අවයවයන් මුදලට විකුණන ජාවාරමෙන් සිදු කරන්නේ ශරිරයේ තිබෙන අක්මා,වකුගඩු,ඇස්,හඳවත්, මේ වගේ අවයවන් අරගෙන ඉතාමත් ඉහල මිලකට අලෙවි කරන එක. අද කාලයේ ඉතාමත් ජනප්‍රිය වගේම කවුරු උනත් අකමැති නොවන දෙයක් තමයි රෑපලාවන්‍යකරණය. ලෝකයේ සිටින බොහොමයක් ධනවතුන් තමන්ගේ පෙනුම පැහැය පවත්වාගෙන යන්නට විවිධ ක්‍රියාවන් ඉතාමත් ඉහල මිලගණන් යටතේ සිදුකරගන්නවා. ඒවාට මිනිස් ශරිරයෙන් පවා ඇතැම් කොටස් අවශ්‍ය වෙනවා. මුලින් කී අවයව ජාවාරමේම අළුත්ම වෙළඳාම තමයි මිනිස් සම පවා අලෙවි කරන එක. ඒ කියන්නේ මිනිස් සමට පවා අවයවයන් අලෙවි කරන වෙළඳපලේ තියෙන්නේ අධික ඉල්ලුමක්.! ඇත්තටම මේවා කරන්නේ කොහොමද.? හිතාගන්නත් බෑ නේද..?
මේ වගේ දේවල් කරන්න ජාවාරම්කරුවෝ ඉලක්ක කරන්නේ දුප්පත් අහිසංක මිනිස්සු මොකද ඒ අයට යමක් සිද්ද වුනාම පෙරලා ප්‍රශ්න කරගෙන එන්න තිබෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි.! ඒ කාරණාවම තමන්ගේ වාසියට අරගෙන තමයි මොවුන් මේ වගේ පහත් ජාවාරම් සිද්ද කරන්නේ.! අද අප ඔබ වෙත සිංහල උපසිරැසි යොදා ගෙන ආ සිනමා පටයේ අන්තර්ගත වෙලා තිබෙන්නේ එවැනි කතාවක්..! මේ කතාව දමිළ සිනමා රසිකයො විතරක් නෙවෙයි පොදුවේ සියලුම දෙනා අනිවාර්යෙන් බැලිය යුතුම කතාවක් කියලා මම කිසිම පැකිලීමකින් තොරව යෝජනා කරනවා. මොකද අද බොහොමයක් දෙනා මුදල් අඟහිඟකම් වලින් මිදෙන්න වැඩි වැටුපක් වෙනුවෙන් විදේශ ගත වෙනවා.තමන්ගේ පවුලේ උදවියව විදේශ ගත කරනවා.! ඉතින් ඒ වගේ අය මේ ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කගත ගොදුරු..! නිතරම දැනුමින් පෝෂණය වෙලා ඉන්න කෙනෙක් ලේසියෙන් අකරතැබ්බ වලට මුහුණ දෙන සම්භාවිතාව ඉතාමත් අල්පයි. අප ජීවත්වෙන සමාජේ ගොඩක් දේවල් වල අඳුරු පැතිකඩකුත් තියෙන බව දැන ගෙන ඉන්න එකත් සෑහෙන්න වැදගත්.! එතකොට තමන් වගේම තමන් ආදරේ කරන අය තමන්ගේ හිතමිතුරන්ව පවා එවැනි කරදර වලින් ඈත් කරගන්න පුළුවන් වෙයි.
මේ වසරේ ජුනි මස 21 වනදා තිරගතවීම සඳහා සියළු කටයුතු සූදානම් කර තිබු නමුත් ඇතිවු යම් ගැටලුවක් නිසා ජුනි මසම 27 වෙනිදා සිට තිරගත කිරිමට පටන්ගත් මේ චිත්‍රපටය ඔබ අප කවුරුත් දන්නා රංගන ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය දමිළ රංගධරයකු වන විජේ සේතුපති විසින් ප්‍රධාන චරිතය රඟ දක්වන අතර තවත් දක්ෂ දමිළ නිලියක් වන අංජලි ද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.Super Hit උන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා රචනය S.U අරුන් කුමාර් විසින්. යුවන් ශංකර් රාජාගේ මියුරු සංගීතයෙන් සිනමාපටය තවත් අලංකාර වී තිබෙනවා. චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට මටත් අවස්ථාව ලබාදීම සබැඳිව අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වන ඉන්ද්‍රජිත් මල්ලිට ස්තුතිවන්ත වෙමින් අදට අප සමුගන්නවා. තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!
දැනට නිකුත් වූ දමිල පිටපත line audio සහිත පිටපතක් වන අතර එහි බොහෝ දෙබස් නෑසෙන තැන් ඇති නිසා දැනට නිකුත් වූ original මලයාලම් පිටපතට උපසිරසි ලබා දී ඇත. Original දමිල පිටපත නිකුත් වූ වහාම උපසිරසි යාවත්කාලීන කරනු ඇත

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි මලයාලම් HD සහ Proper HD දමිල පිටපත් සඳහා අදාළ වේ.
17,878 downloadsDownload Sindhubaadh-2019-update.zip108 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
54 comments
Rukshan37
Praveen16716
Thanx
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Achi
සෙට් එකටම තදකොර..ජය ආදරේයි
ranga11112
Thanks saho......
theruwan saranaiLalani Maduwanthi
Thank you ,,,godaak pin oyata,,,,,,api wenuwen karana sewayata
Kelum.Ranasinghe
Thanks
Asnjana_Lahiru
tnqqq saho jayawewaaaa !!!
Ayesh Prashan
Thank You original tamil copy ekama balano
Udaya Saman
උපසිරසියට බොහොමතුති ඔබ දෙපලටම..දෙනකන් බලන් හිටපු එකක්.විජේ සේතිදුපතිගෙනම් ආය ඉන්දුජිත් අයිය තමයි.....ඒ වගේම සයිට් එකේ දමිල භාෂා උපසිරසි කරනයේ කිං තරිදු අයියාටත් බොහොම තුති.
gihan perera
ස්තුතියි සහෝ....සේදුපතිගෙ නම් සුපිරි..ජය වෙිවා....
ela supiri sube ekata thanks bro thavath supiri film ekak one.jayawewa..
rangika Kariyawasam
බෝම ස්තුතියි මෙතරම් ඉක්මනට ,උණු උණුවේ සබ ගෙනාවට. බානකොට අතත් පිච්චිලා ගියා. නියම වැඩක් .ෆිලුමත් ෆට්ටම ගති.ජයවේවා හැමදෙනාටම.
Dinesh Buddika
THANKS.................................
Shan555
machan dubbed kralaneh. tamil eke nmey neh
ASHOK1994
ow bn appiriya una aruge voice eka ahala :3
තිසර නියෝ
යටම දාල තියෙන නෝට් එක කියවන්න
arawindasunimal
thanks sub ekata - oba depalata jayawewa
Kapila4499
thanks for sub
Kanchaka
Thanks bro
rumeshr
Nice movie
sampath n perera
APA WENUWEN WENA MAHANSIYATA
THANKS............................................සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...දෙන්නටම..! ජය වේවා ✌️
ASHOK1994
malayalam copy eke voice dubb karala tiynne bro,real voices na :3
තිසර නියෝ
Real voice Tamil.ඒත් දැනට තියෙන කොපි එක පැහැදිලි audio නැහැ
sampath1778
දෙමළ ෆිල්ම් එක ඉක්මනටම දාමුකෝ බ්‍රෝ.....ප්ලීස්....ආආආ.....
Sandun Chamara
ස්තුතියි සබ් එකට...
Dula95
thank u
chanaka47
Vijay sethupathi ge ekak nisa kelinma sub eka gatta. Uba mahansi wela liyapu lipiyawath kiwwe ne.
Sub ekatai lipiyatai ekenma sthuthi bokka.. ජයN_R
Thank You.
Shehan putha
Thanks bros!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nihalpujitha
Thanks Thanks broo
Nirothari
Thanks bro
melinda
thank you
D.Chamara
oyala dennatama bohoma sthuthi ..
shehanmenu
Thama Tamil eka nadda?
Chamaratharindu
Tamil proper hdrip awne update krnnko
chanakaaa
supere
Shabi & Pavi
දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා.....වැඩේට ජය වේවා..
Sanjeewa2010
Pattaaaaaaaaaaa
Janith Sachintha
Sethupathi sirge nisa dakka gaman gaththa
sub karapu oba thumanla depalatath bohoma sthuthi...M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
PROPER HDRIP සඳහා උපසිරැසි යවත්කාලීන කර ඇත..!
Kelum.Ranasinghe
Thanks
subodha
Thanks
EM Nishshanka
තෑන්ක්ස් මචන්
Subhashini88
බොහොම ස්තුතියි
Gandhaka Indrajith
Thanks for the subtitle
muditha gayan
Thankzzzzzzzz
ranga
sub ekata thank you සෑර්
Ravisara Dharmapala
Film eka nm supiri eth sub eka 1wnama gya
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement

Ela ela