Watch Trailer

Super 30 (2019) Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයට ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

රෑ බෝ උනහම අපි මොනවද කරන්නේ පුතාලා? – නිදාගන්නවා.. තව මොනවද කරන්නේ? – හීන දකිනවා. එතකොට දවල්ට මොනවද කරන්නේ? – හීන හැබෑ කරගන්න යනවා. ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. මේ වසරේ ආපු තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. මේක එසේ මෙසේ චිත්‍රපටියක් නෙමෙයි. ඔබව අනිවාරෙන්ම හැඟීම්බර කරවන සිනමා…

රෑ බෝ උනහම අපි මොනවද කරන්නේ පුතාලා?
– නිදාගන්නවා..

තව මොනවද කරන්නේ?
– හීන දකිනවා.

එතකොට දවල්ට මොනවද කරන්නේ?
– හීන හැබෑ කරගන්න යනවා.

ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. මේ වසරේ ආපු තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. මේක එසේ මෙසේ චිත්‍රපටියක් නෙමෙයි. ඔබව අනිවාරෙන්ම හැඟීම්බර කරවන සිනමාවට බොහොම කලකට වරක් දායාද වන ජාතියේ බොහොම දුර්ලභ ගණයේ සිනමා අද්දැකිමක්. කාබිල් චිත්‍රපටයෙන් පසු රීතික් රෝෂන් දිගු නිහැඬියාවක පසුවූවා. පොඩි ගැප් එකකිට පස්සේ රිදී තිරයේ දකින්න ලැබෙන මේ අති දක්ෂයා මෙවර අප වෙත පැමිණෙන්නේ ගණිතඥයෙක් ලෙසින්. මේ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිටින අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් සහ ඔහු ඉන්දියාවේ IIT-JEE  විභාගයට මුහුණ දීම සඳහා ළමයින් සූදානම් කිරීමට ආරම්භ කල සුපර් 30 ව්‍යාපෘතියයි. වර්තමානයේ හැමදේම මාෆියාවක් වීගෙන යන සමයක අධ්‍යාපන ක්ෂේත්‍රයෙ සිදුවන මාෆියාවට මුල පිරෙන ආකාරය Super 30 අධ්‍යක්ෂක Vikas Bahl බොහොම අපූරුවට සිනමාවට නගා තිබෙනවා.
– රිතික් රෝෂන් ආනන්ද් කුමාර් සමගින්. –

ගුරු වෘත්තීය සහ වෙද වෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන පිංවන්තම වෘතීන් දෙකක් කියලයි මගේ දෙමවුපියන් පොඩිකාලෙම මට කියල දුන්නේ. ළමයෙක්ට දෙයක්  කියල දීලා එයා යම් ජයග්‍රහණයක් ලබනවා දකින එක මොනතරම් සතුටක්ද කියලා වචනයෙන් කියන්න බැහැ. වෙද වෘත්තියත් ඒ වගේමම තමයි. ඉතිං අන්න ඒ වගේ දෙවියෙක්ට සමාන ගුරුවරයෙක් තමයි ඔය උඩ පින්තුරේ රිතික් රෝෂන් සමග සිටින්නේ. ගණිතය අතින් අති දක්ෂ ජීනියස්වරයෙක්. ඔහුට කේම්බ්‍රිජ් යන්න අවස්තාව හිමිවුනත් පවුලේ තිබුණු දුප්පත්කම නිසා ඔහුට එය අහිමි වෙනවා. පසුකාලීනව ඔහු දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ ගමන ලේසිවෙන්නේ නැහැ. අද වෙනවිට බොන වතුරත් ව්‍යාපාරයක් වෙලා තියෙන සමයක අධ්‍යාපනය ගැන කවර කතාද? ව්‍යාපාරිකයින්ට නම් අධ්‍යාපනය බොහොම හොඳ ආදායම් මාර්ගයක් ඉතිං මේ මාෆියාව එක්ක හොඳටම හැප්පි හැප්පි තමයි ආනන්ද් කුමාර්ට මේ සත්ක්‍රියාව කරගෙන යන්න වෙන්නේ. මොකද වෙන්නේ කියල චිත්‍රපටය බලලම කතා කරමු.

විවිධ කරදර, දින එහා මෙහා වීම් අස්සේ මේ චිත්‍රපටය සිනමා තිරයට නැගෙන්නේ පහුගිය ජූලි 12 වැනිදා. විකාස් බාහිගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට නැගුනු මෙය මිනිසුන් අතරට යාමට වැඩි දවසක් ගතවෙන්නේ නැහැ. රිතික් රෝෂන්ගේ අති විශිෂ්ඨ රංගනයෙන් සහ මේ කතාවේ ඇති තාත්වික සහ කාලින ගැලපීම හේතුවෙන් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනෙනවා. එමෙන්ම බොහෝ පළාත් වල මෙම චිත්‍රපටය බදු රහිතව ප්‍රදර්ශණය කිරීමට අවස්තාව හිමිවුවා. පහලින් දැක්වෙන්නේ මේ චිත්‍රපටය සඳහා ලැබුණු විචාරක මනාපයන්.

ඔය පොහොසත් මිනිස්සු හරිම ලස්සනට තමන්ගේ පාර හදාගන්නවා…
එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා…
ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද..
අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්…
හරි වෙලාව ආවම..
හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට,
හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…

තවත් කිසි දෙයක් විස්තර කරන්න යන්නේ නැහැ.. කිසිම වර්ණනාවක් කරන්නේ නැහැ. අනිවාරෙන්ම බලන්න කියලයි ඔබ හැමටම කියන්නේ. ඔබ වැය කරන ඩේටා ප්‍රමාණයට කිසිම පාඩුවක් නොවේවි. අනිවාරෙන්ම මෙය ඔබව හැඟීම්බර කරාවි. ඔබටත් යම් අතීතාවර්ජනයක් මතක් වේවි. ඔබටත් ආනන්ද් කුමාර් යම් පාඩමක් කියලා දේවි.

හදවතින්ම සතුටුයි මේ චිත්‍රපටයට උපසිරැසිගන්වන්න ලැබුණු එක සම්බන්ධව. මං කිව්වා වගේම දොස්තර වෘත්තියයි ගුරු වෘත්තියයි කියන්නේ ලෝකේ තියෙන පිංවන්තම වෘත්තීන් දෙක. මීට දවස් දෙක තුනකට කලින් මම ඔබට දොස්තර කෙනෙක්ගේ කතාවක් උපසිරැසි ගන්වලා ගෙනාව මතක ඇති. එකවිට මේ දෙකම ඔබවෙත ගෙනෙන්නට ලැබුණු එක සහ මගේ සිංහල අකුරක් නරඹා ඔබ මොහොතක් හෝ රසවින්දා නම් එයත් මා ලබන අසීමාන්තික සතුටක්. මේ හැමදේටම හා කියපු ඇඩ්මින් මඩුල්ලටත් වචනෙකින් හෝ අදහසක් දක්වන් යන පිංවතුන් සැමටත් ආදී සියලු සිනමාලෝලීන්ටත් ගොඩක් ස්තුතියි. අපි එහෙනම් විසිවුනා. ජයෙන් ජය!

එක දෙයක් කරන්න..
මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම,
මං ගැන ලියන්න එහෙම එපා..
මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන..
උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්…

– නිදහස් අධ්‍යාපනය සැමදා රැකේවා…!! –

ජයෙන් ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ටැමිල් එම්.වී Proper HD පිටපත් සඳහා ගැලපේ.

48,286 downloadsDownload Super.30.2019.update.Baiscopelk.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

48,286 downloadsDownload Subtitles66 KB

120 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. lasiyamadu99

    subking.epizy.com web අඩවියෙන් දැන් අලුත්ම උපසිරසි බාගන්න

  3. Krishan NiShalya

    බොහොම ස්තුති
    එනකන් මග බලන් හිටපු එකක්

  4. Nirosh C

    ස්තුතියි තාරක සහෝ.ජයවේවා!

  5. Sach123

    ස්තූතියි සහෝ..❤️

  6. Skuma820

    Thanks bro

  7. Sanjeewa Malith

    Thanks brother

  8. AmbalangodageDilshan

    thanks Bro

  9. vas0303

    Thank you very much

  10. ravindu_1987

    thank you very much ...download karala balan hitiye subtitle enakam.. w

  11. Bole

    Jaya Wewah !!!

  12. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sahooo sub ekata ..

  13. arawindasunimal

    thanks enakan balan hitiye ela jayawewa

  14. Udaya Saman

    කාලෙකින් බලන පට්ටම එකක් වේවි.බොහොම තුති උපසිරසිට.ආව ගමන්ම ලබා දුන්නට.ඔබේ වෙහෙසටත්..ඔන්න ගත්ත එහෙනම්

  15. buddika sudarman

    thanks bro

  16. Achi

    Thank bn adarei

  17. N_R

    Thank You.

  18. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජජය වේවා.!!

  20. Ajith Priyantha

    jaya wewa sub ekata

  21. chanu_akesh

    Ela මචං thanks

  22. Suhein

    Direct download link ekak denna puluwannam pls.

  23. tharidu16

    thanks. keep it up

  24. Thusitha Sampath

    Thanks.

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරස...පෞද්ගලිකව මේ අවුරුද්දේ එනකම් බලාගෙන හිටපු එකම හින්දි චිත්‍රපටය තමා මේක. විශේෂයෙන් රිතික්ගේ ඇක්ශන් නැති නියම තාත්වික රංගනය බලාගන්න ඕනි නිසා. ජය වේවා!!!

  26. janakaindika

    thnks

  27. Ayesh Prashan

    Thank You Godaak

  28. Rumesh dhanushka

    Thanks yaalu... ✨✨✨

  29. OsandaFdo

    TNx mlli.my favourite actor in bollywood...❤️

  30. visartnadeera

    bohoma sththui upasirasiyta

  31. Supun_boy

    Tnx bn

  32. තාරක නුවන් දිල්හාර

    අත් වැරදීමකින් උපසිරසියෙහි දෙබසක් තිබෙන තැනක මාගේ නම දර්ශනය වේ..
    එය හේතුවෙන් යමෙකු අපහසුතාවයට පත් වූයේ නම් සමාවන්න.
    එම දෝෂය දැන් නිවැරදි කර ඇත.

  33. para

    thank you

  34. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝ මේ ෆිලුමට උපසිරැසිය කළාට...ජයම වේවා !!

  35. Sknsd

    Thank bro sub ekt

  36. y2kyohan

    Many thanks

  37. Kawi Jayasinghe

    tnx broo

  38. ඒෂාන් කාංචන

    tnx sub ekata

  39. ranga11112

    sthuthiy tharaka malli.
    theruwansaranai

  40. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....බලන් හිටියේ මේක දානකන්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ.....

  41. Sajith s fernando

    sub ekata thanx

  42. Jayasanka

    කැමතිම නලුවා තමා සෑහෙන කල් බලන් හිටිය එනකම්. ගොඩක් ස්තුතියි.

  43. aks

    Thanks...

  44. Hasitha Madush

    ස්තූතියි සහෝ..!!!

  45. Ruwishka fernando

    Thq bro...

  46. Saranga J. Liyanagama

    Thanks...

  47. Kapila4499

    thanks for sub

  48. Ravindu Rukshan

    Thx

  49. sumedasiva

    Tanx

  50. hatharasingha

    Thanx.

Load more comments