Watch Trailer

Dharam Sankat Mein (2015) | මම මුස්ලිම්… නෑ මම හින්දු. [සිංහල උපසිරසි සමඟ]

ධරම්පාල් කියන්නේ ස්වාධීනව ජීවිතේ අරන් යන හොඳ පවුලක් එහෙම ඉන්න මැදි වයසේ ඉන්න ව්‍යාපාරිකයෙක්. මිනිහා හින්දු ආගමිකයෙක්. එහෙමයි කියලා තමන්ගේ ආගම ඔලුවට අරන් ඉන්න කෙනෙක් නෙමේ. හරියටම කිව්වොත් නමට විතරයි එයාට ආගමක් ධර්මයක් කියන්නේ. බිත්තරයක්, මස් ටිකක් කෑවට මිනිහා වෙජිටේරියන්. ඒ වගේම තමා සුරා සුදුවේනුත්…

Dharam Sankat Mein (2015)

ධරම්පාල් කියන්නේ ස්වාධීනව ජීවිතේ අරන් යන හොඳ පවුලක් එහෙම ඉන්න මැදි වයසේ ඉන්න ව්‍යාපාරිකයෙක්. මිනිහා හින්දු ආගමිකයෙක්. එහෙමයි කියලා තමන්ගේ ආගම ඔලුවට අරන් ඉන්න කෙනෙක් නෙමේ. හරියටම කිව්වොත් නමට විතරයි එයාට ආගමක් ධර්මයක් කියන්නේ. බිත්තරයක්, මස් ටිකක් කෑවට මිනිහා වෙජිටේරියන්. ඒ වගේම තමා සුරා සුදුවේනුත් තොරයි ඉඳහිට පොඩ්ඩක් බිව්වට. මේ මනුස්සයගේ දරුවෝ බඳින වයසේ. පුතා අංකිත්, ශ්‍රද්ධා කියලා ධාර්මික පවුලක කෙල්ලෙක් එක්ක පැටලිලා. ඉතින් කෙල්ලගේ පවුලේ හිත ගන්න නම් පුතාගේ ඉල්ලීම මත ධරම්ට සිද්ධ වෙනවා එයා හරිම ධාර්මික මනුස්සයෙක් කියලා පෙන්වන්න. ඉතින් පුතා හින්දනේ කියලා අකමැත්තෙන් හරි මනුස්සයා මේ වැඩේට කැමති වෙනවා.

ඒ වගේම මේ ධරම්ට මුස්ලිම් මිනිසුන්ව නම් පේන්න බෑ. කොයිම වෙලාවක බැලුවොත් එහා ගෙදර මෙහමුද් එක්ක වලියක් දාගෙනමයි ඉන්නේ. එතරම් මුස්ලිම් මෙයාට අරහන්. කුරුල්ලෙක් වගේ හිටපු ධරම්ගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තේ ඔන්න ඔය කාලෙමයි. ඒ එයාගේ අම්මා නැති වෙලා මාස දෙකයි. අම්මාගේ බැංකු ලොකර් එකේ මොනාද තියෙන්නේ කියලා බලන්න මෙයා දවසක් ගියා. ඒ ලොකර් එකේ තිබිලා මෙයාගේ ජීවිතේම කණපිට හරවන දෙයක් මෙයාට අහුවුනා. ඒ මෙයා අරන් හදාගත්ත දරුවෙක්ය කියලා සනාථ කරන ලියවිල්ලක්. ඒ ලියවිල්ල අනුව මෙයාගේ ඇත්තම අම්මා, තාත්තා දෙන්නම මුස්ලිම් අය. ඒ කියන්නේ මෙයත් මුස්ලිම්. මිනිහට දැන් හෙනම අවුල්. දෙවියෝ මෙයා එක්කත් හොඳ සෙල්ලමක් කරලා වගේ.කොහොමහරි මෙයාට ආසාවක් ඇති වෙනවා මෙයාගේ ඇත්තම තාත්තාව දැකගන්න. ආරංචි වෙන හැටියට නම් එයා තවමත් මුස්ලිම් ආශ්‍රමයක ජීවත් වෙනවා. එයාව බලන්න ගියා විතරයි ඒ ආශ්‍රමයේ පුජකයා ධරම්ට ප්‍රශ්නයක් දානවා. ඉතින් ධරම් ආයෙත් දෙලොවක් අතර පැටලෙනවා. මොඅක්ද කියලා කියන්නත් හිතයි, එක්කෝ ඕන නැහැ නේද?

ඔන්න ඔහොමයි මේ අවුරුද්දේ තිරගත වෙච්ච Dharam Sankat Mein චිත්‍රපටය දුවන්නේ. ප්‍රධාන චරිත වලට බොලිවුඩ් වල ඉන්න අසහාය චරිත වන පරේෂ් රාවල්, නස්රුදීන් ෂා වගේම අන්නු කපුර් එකතු වෙනවා. IMDb අගය 6.3ක් ගන්න මේ චිත්‍රපටිය ඉන්දියානු සමාජයට වගේම වර්තමානයේ අපිටත් ලොකු ආදර්ශයක් දෙනවා. කවුරුත් දන්න PK, Oh My God චිත්‍රපට වල තේමාවට සමාන තේමාවකින් යුක්ත මේ චිත්‍රපටිය බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. හිනා වෙන ගමන් ලොකු දෙයක් ජීවිතේට ගත්තහැකි.

Hunterrr (2015) on IMDb

 

 

999 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FC405E54810B16B28900C36465096127B781AA5A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,607 downloadsDownload Dharam-Sankat-Mein-2015.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

4,607 downloadsDownload Subtitles65 KB

29 comments

  1. සසිනිකා

    ලිපිය කියෙව්වම
    ෆිල්ම් එක බලන්න හිතුනා .
    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ

  2. D.Chamara

    niyamai sahoo niyamai denakam balgena hitapo ekak thanks... :D

  3. Hirushan

    Thanks

  4. Asanka

    Patta...patta..

  5. achi

    ස්තුති මයුර සහෝ!!! ජය!!!

  6. thisal

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ

  7. Kulanjana Maduranga

    niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. sahan

    thank you lot..

  9. Jack

    පට්ටයි මචන්.
    අනිවා බෑමක් තමයි.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  10. “චූටී මල්ලි”

    pattaa

  11. Manuka

    THANK YOU

  12. tharindu

    සබට ගොඩක් තෑන්ක් මචන්..!

  13. supirilk

    Thanks machan

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Gayan

    Thanks...

  17. tiron

    niyamai.......thankzzzzzzzzzzzzzzzzzzzzz

  18. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri baddak wage...
    kiyewwaman balanna hithunaa.
    anika supiri naluwo dennek inneth..
    thanks machn..
    jaya..

  20. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ
    බොහොම ස්තුතියි උපසිරසියට !

  21. DiLux

    thnq ayye.. kawru hari puluwannam ABCD 2 ake sub aka dennako..

  22. sadeesh

    මේ සබ් එකට ස්තුති. abcd 2 එකටත් සබ් එක දානවද

  23. sadeesh

    මේ සබ් එකට ස්තුති. abcd 2 එකටත් සබ් එක දාන්නකෝ කව්රු හැරී

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!

  27. yeshu

    tnx

  28. nidi

    film eka hondai, lipiyath hondai, subs tikath hondatama hondai. eth prasne thamai ape gadak aya film ekak rasa widinne udin pallen weema. honda film ekakin jeewitheta koi tharam dewal igena ganna puluwanda? eeth ANDURATA HEWI HAWANAWATA WADA EKA PAHANK HO DELWEEMA WATIE! kiyanawane. eenisa me wage nena, nuwana,hari dekma wadawana thawath films walata subs denna!

  29. Menu

    උපසිරැසියට තුති…… :)