මේ මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හොඳ රසිකයෙක් වුණ මට මේ අඩවියේම උපසිරැසියක් පළ කරන්න ලැබීම වාසනාවක්. මට උපසිරැසියක් දාන්න ස්කෝලෙ විභාගෙ ඉවර වෙනකං ඉන්න වුණා. මම ලබන අවුරුද්දෙ තමයි O/L කරන්නෙ. ඒත් මම මේ උපසිරැසිය කරන්න ලොකු මහංසියක් ගත්තා. මම පුළුවන් උපරිමයෙන් මේ උපසිරස…

මේ මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හොඳ රසිකයෙක් වුණ මට මේ අඩවියේම උපසිරැසියක් පළ කරන්න ලැබීම වාසනාවක්. මට උපසිරැසියක් දාන්න ස්කෝලෙ විභාගෙ ඉවර වෙනකං ඉන්න වුණා. මම ලබන අවුරුද්දෙ තමයි O/L කරන්නෙ. ඒත් මම මේ උපසිරැසිය කරන්න ලොකු මහංසියක් ගත්තා. මම පුළුවන් උපරිමයෙන් මේ උපසිරසිය ලස්සනට කළා. ඇත්තටම උපසිරැසියක් කරලා හොඳ සතුටක් ලබන්න පුළුවන්, ඒ සතුට ලබන්න නම් උපසිරැසියක් කරලම බලන්න ඕන.
මේ බයිස්කෝප් එක ගත්තොත්, මේක IMDb අගය 6.4/10ක අගයක් ලබාගෙන තියනවා. ඇනිමේෂන් චිත්‍රපටියක්. ඔයාලා හැමෝම දන්නවනේ Marvel Comics වල ඇවේන්ජර්ස්ලා. මම නම් එයාලව මේකෙදි හඳුන්වන්නෙ ප්‍රතිහිංසකයො කියල. මේකෙ කතාවේ හැටියට එයාලා අර Avengers 2 : Age of Ultron චිත්‍රපටියෙත් ඉන්න අල්ට්‍රෝන් අතින් මියයනවා. ඒත් ටික දෙනෙක් විතරක් ඉතිරි වෙනවා. ඒ අතර අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාක් එහෙමත් ඉන්නවා.
මේ කතාවේ හැටියට ඇවේන්ජර්ස්ලට දරුවෝ ඉන්නවා. ටෝනි එයාලව බේරගෙන ගිහිං අල්ට්‍රෝන්ට හොයා ගන්න බැරි වෙන්න හංගගෙන රැකබලා ගන්නවා. හොඳ පුහුණුවක් ලබා දෙනවා. එයාල තමයි අල්ට්‍රෝන්ට විරුද්ධව නැඟීහිටින්න තියන එකම බලාපොරොත්තුව. ඒ නිසා ටෝනි ස්ටාක් උපරිම ආරක්ෂාවක් දීලා එයාලව ආරක්ෂා කරනවා. අල්ට්‍රෝන් මෙයාලව හොයාගනීද, තව ඉතිරි වෙලා ඉන්න ඇවේන්ජර්ස්ල කව්ද, එයාල අල්ට්‍රෝන්ගේ ග්‍රහණයෙන් ලෝකය බේරගනීද, කියලා දැනගන්න නම් ෆිලුම බාගෙනම බලන්න වෙනවා. කලින් බලපු අය ඉන්නවා නම් ආයේ සබ් එක්කම බලන්න. යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මට මේ සබ් එක කරන්න උදව් වුණු හැමෝටමත්, මේකට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයටත්, මේක බාගෙන බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන ඔයාල හැමෝටමත් ස්තූතියි. පළමුවෙනි උපසිරැසිය හින්දා වැරදි ඇති. එහෙම තිබුණොත් කියන්න.
එහෙනම් ආයෙත් මතක් කළා බාගෙන බලන්න කියලා. ආයෙත් හමුවෙමු, ජය..!
701 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
15e4a691e4f2871753882e6e299c3b0ed352ab192.19 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න
4a22eef1b4533b7a611b653bee13221cd5ae9d56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,595 downloadsDownload Next_Avengers_Heroes_Of_Tomorrow_2008_baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/දසුන්-හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසුන් හසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසුන් හසන්ත
Subtitles
38 comments
achi
දසුන් හසන්ත
රිප්ලයි කරන්න පරක්කු වුණාට සමාවෙන්න, කමෙන්ටුවලට ස්තූතියි ඔයාලා හැමෝටම
නලින්
ස්තුතියි දසුන් හසන්ත සහෝ!.. අඩවියට සාදරයෙන් සමාදරයෙන් පිළිගන්නවා..
තව තවත් නිර්මාණ අරන් මේ පැත්තට ගොඩ වෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ..
ජය වේවා!
ප්‍රණීත් රණසිංහ ♨PCR〽
පලමු උපසිරැසියට සුබපැතුම් සහෝ.
නියම කාටුන් එකක් නෙව ගෙනල්ලා තියෙන්නේ.
ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
දිගින් දිගටම උපසිරැසි නිර්මාණය කරන්න කාලය, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!මධුකප්‍රිය පෙරේරා
සුපිරි ෆිලුමක් එක්ක අලුත් සහෝ කෙනෙක්..
ඔයාගේ පළමු උපසිරසියට සුබ පතනවා ..
ඒවගේම දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ඊට අවශ්‍ය කාලය හා ශක්තිය ඔබට නොඅඩුව ලැබෙන්න කියලා පතනවා..
බයිස්කෝප් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා ...Mayura
Aniwa mchn sub ekak karama danena sathuta wachanen kynn Ba. Wade digatama karagena yamu saho. Jaya wewa....
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
D.Chamara
niyamai aniwa balanna oni thanks jaya degatama karagena yamoo.
Rasidu
නියමයි....sub එකට තැන්ක්ස්
1 වෙනි sub එකට සුබ පැතුම්...දිගටම sub කරන්න....ලස්සන කොල්ලා
කලින් බැලුවා
ඒත ඒල
සබට තුතිMalinda
ස්තුතියි කිව්වොත් මදි.....
නියම වැඩක්.... දිගටම කරගෙන යන්න.....
මගෙන් උණුසුම් සුභ පැතුම්.....Amalka
සබට තුති සහෝ ඒ වගේම පලමු උපසිරැසියට සුබපැතුම්
Sajith Anthony
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජය වේවා!gamage
පලමු උපසිරැසියට සුබපැතුම් සහෝ.
Nshaminda
Congragulations for your first subtitles.
thisal
සබ් එකට ස්තුති සහෝ!!!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
Sandun Isuru Niraj
නියමයි සහෝ... සාදරයෙන් පිලිගන්නවා...
Jack
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.“චූටී මල්ලි”
tnx
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Djanasanka
සුබ පැතුමි පලමු සබි එකට සහෝ....
එ් වගේම සබට
බොහෝම ස්තුතියි........ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
දිගටම සබ් දෙමු.
ජයවේවා!udara
well donw bro keep it up
අදිත ප්‍රවීන්
ෆිල්ම් එක නම් කලින් බලලා තියනවා සහෝ.
බොහොම ස්තුතියි උපසිරසියට .
ඒ වගේම පළමු උපසිරසියට සුභ පැතුම් !
දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු.
:Dvihanga
Thnx a lot bro......
අනුරුද්ධ(ලියෝ)
පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ.තව තවත් දිගටම වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.මොනා වුනත් Exam එකනම් අවුල් කරගන්න එපා සහෝ.ඒකට මුල් තැනක් දීලා මෙ වැඩෙත් කරගෙන යන්න.All The Best :)
දසුන් හසන්ත
අනේ අයියේ, එහෙමනම් වෙන්න දෙන්නෙ නෑ. විභාගෙ ගොඩ දාගත්තෙ නැත්තං මෙහෙ පස් පාගනවා තියා ගෙදරවත්
ඉන්න වෙන්නෑ! කමෙන්ටුවට ස්තූතියි ඔයාල ඔක්කෝටම! ජය...!
Kasun
701 GB ?
දසුන් හසන්ත
සමාවෙන්න, එතෙන්ට MB කියන එකට GB කියල වැරදිලා වැදිලා.
තිසර නියෝ
උපසිරැසියට තුති…
පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
pasindu bimsara
super!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි දසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
thank you
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Vimukthi2001
හෙන කාලෙකට පස්සෙ මේ ෆිල්ම් එක බලන්නෙ sub එකට ස්තුතියි
කසුන් නුවන්ත
congradulations for the first subtitle!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ස්තුති සහෝ!!!
පළමු නිර්මාණයට සුබ පැතුම්!!!
දිගටම දෙමු!!!
ජය!!!