මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍රපටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍රපටිය බලද්දි විජය් සේදුපති කියන්නේ මොන තරම් අසහාය නළුවෙක්ද කියලා පැහැදිළි වෙනවා. පළවෙනි වතාවට සේදුපතිගේ සීරි…
මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍රපටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍රපටිය බලද්දි විජය් සේදුපති කියන්නේ මොන තරම් අසහාය නළුවෙක්ද කියලා පැහැදිළි වෙනවා. පළවෙනි වතාවට සේදුපතිගේ සීරියස් රඟපෑමක් දැක්කේ සේදුපති චිත්‍රපටයෙන්. ඊට පස්සේ ධර්මදුරෙයි. 2016 අවුරුද්දේ ධර්මදුරෙයි තිරගත වෙනවා. හැමෝම ආසාවෙන් බලන් හිටපු චිත්‍රපටියක් වුණාට හොඳ කොපියක් එන්න අවුරුද්දක්ම ගියා. ඉතින් සුපුරුදු පරිදි සේදුපතිගේ ධර්මදුරෙයි චිත්‍රපටියටත් මගේ නමින්ම උපසිරැසිය ලියන්න අවස්ථාවක් ලැබුණා. කතාව පොඩ්ඩක් කියන්නම්.
ධර්මදුරෙයි කියන්නේ බේබද්දෙක් සහ ඔල්මාද කාරයෙක්. හද්ද පිටිසර ගමක ඉන්න ධර්මදුරෙයිගේ පවුලේ අම්මා, අක්කා, සහ අයියලා-මල්ලිලා පිරිසක් ඉන්නවා. මේ අයට දුරෙයිව අල්ලන්නේ නැති පාටයි. මොකද දුරෙයි ගෙදරින් එළියට ගිහිල්ලා අරක්කු ටිකක් බීලා ආපහු ගෙදර එන ටිකට මුළු පවුලටම අවනම්බු කරලා, අයියලා මල්ලිලාගේ ව්‍යාපාර පාවාදීලා තමයි එන්නේ. අරක්කු බොන්න යන්නෙත් මහත්තයෙක් වගේ, මල්ලිගේ කමිසේ කලිසම ඇඳලා යට කරලා එහෙම තමයි යන්නේ. ගම වටේට තමුන්ගේ සහෝදරවරු ගැන අවලං කතා කිය කිය ඉඳලා හැන්දෑවේ ගෙදරට ඇවිත් කාලා බුදියගන්නවා. මේ හේතුව නිසා අයියලා මල්ලිලා සෙට් එක ඉන්නේ ධර්මදුරෙයි ගැන හරිම කේන්තියෙන්. අවසානේ එයාලා තීරණය කරනවා දුරෙයිව මරලා දාන්න. ඒක දැනගත්තු දුරෙයිගේ අම්මා දුරෙයිව රහසේම ගෙදරන් පිටමං කරනවා. දුරෙයි හදිස්සියට ඇඳුම් ටික දාගත්තු බෑග් එකේ එයාගේ අයියලා මල්ලිලා සීට්ටුවකට එකතු කරපු ලක්ෂ ගාණක සල්ලි තිබුණා. නමුත් දුරෙයි ඒක දන්නෙ නෑ. ධර්ම දුරෙයි ගෙදරින් ගියාට පස්සේ මොකද වුණේ?
ඊට පස්සේ තමයි ඇත්තම ධර්මදුරෙයි කවුද කියලා අපට දැනගන්න ලැබෙන්නේ. එයා ලේසි පාසු කෙනෙක් නෙවෙයි. මදුරෙයි මෙඩිකල් කොලේජ් එකෙන් ඉගෙන ගත්තු වෛද්‍යවරයෙක්. ඊට පස්සේ එයාගේ සම්පූර්ණ ඉතිහාස කතාවම අපිට බලන්න සිද්ධ වෙනවා. එච්චරටම උගත් බුද්ධිමත් වැදගත් කෙනෙක් බේබද්දෙක් ඔල්මාදකාරයෙක් බවට පත් වෙන්න නම් එයාගේ ජීවිතේ ලොකු ලොකු දේවල් සිදුවෙලා තියෙන්න ඕන නේද. එයාට වෙච්චි දේවල් මේ අපට එහෙම වුණා නම් අද අපි මොන මොන අපරාධ කරයිද අපිවත් දන්නෙ නෑ. ඩොක්ටර් ධර්ම දුරෙයි ඒවාට මුහුණ දුන්නේ කොහොමද..? ඒ සිදුවීම් සියල්ලම සහ කතාවේ අවසානය නැරඹීම ඔබට බාරයි. මේ කතාව ගම සහ නගරය යන දෙකම පසුබිම් කරගත් එකක්. ගැමි දර්ශන බොහොම අපූරුවට තිබුණා. සේදුපතිගේ චිත්‍රපටියක් බලලා ඇඬුණේ පළවෙනි වතාවට නම් ඒ ධර්මදුරෙයි. හරියට මලයාලම් චිත්‍රපටියක් නැරඹුවා වගේ අන්තිම වෙලාවේ ඇස් දෙකට කඳුලු ඉණුවා. ඒ තරමට සේදුපති සහ අනෙකුත් සියළුම නළු නිළි කැළ විශිෂ්ට රංගනයක නිරත වුණා. ප්‍රේමම් මලයාලම් චිත්‍රපටයේ වගේ මේ කතාවෙත් ස්ටෙලා (සෘස්ති), අන්බු-සෙල්වි (අයිශ්වර්යා) සහ සුභාෂිනී (තමන්නා) කියලා යුවතියන් තුන් දෙනෙක් කරළියට එනවා. ඒ අතරින් අන්බු-සෙල්වි කියන්නේ බොහොම සුන්දර චරිතයක්.
හැමදාම වගේ මේ පාරත් අයිශ්වර්යා මනාවට ඒ චරිතය නිරූපණය කරලා තියනවා. ඒ වගේමයි රාධිකා සරත්කුමාර්. ධර්මදුරෙයිගේ අම්මා. එයයි සේදුපතියි එකතු වෙලා තමයි මාව ඇඬෙව්වේ. විෂිශ්ටයි අධ්‍යක්ෂක සීනු රාමසාමි ! ඒවගේම යුවන් ෂංකර්ගේ සංගීතයත්. මාර ලස්සන ගැමි සිංදුවක් තියනවා මැද හරියෙදි.
සාරාංශයක් ලෙස කීවොත්, ලස්සන කතාවක්, සංවේදී කතාවක්, හොඳ අවසානයක් වගේම හොඳ පාඩමක් කියාදුන් චිත්‍රපටියක්. පවුලේ අයත් එක්ක එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. අනිවාර්යෙන් ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා. විශේෂ ස්තුතියක් කළ යුතුයි අරුණ්යා මෙනෙවියට, මෙම චිත්‍රපටයේ එන ගැමි දමිළ ව්‍යවහාරය මනා කොට පැහැදිළි කර දුන් නිසා. තවත් උපසිරසියකින් හමුවන තුරු..
ඔබ සැමට ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent links.
TamilMV.mx-Dharma Durai (2016) Tamil HDRip – x264 – 700MB – MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,474 downloadsDownload Dharma-Durai-2016.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
36 comments
කෞෂාන් පියුමන්ත
crazykid
1st comment....aniwa blnawa
Dilanda Rukshan
thnx bro...
silent$
Thnxxxxxxxxxxxxxx
Mithun
Supiri saho thx you..
Mara satutui balam mai unne danakam
Ekat oyama thx bro GodakMithun
Mcn umba tama tamil move nam sab nm sirama saho
Film eka avidin e ekkama eka dana ekata nm godak stuthi saho issarahatat hodama ewa damu jaya wawa onna apit gannawa film ekaIndrajith Udaya Kumāra
:-)
Mayura
මෙහෙම ලිපි ලියන්න එපා යකෝ. දැන් කොහොමද මේක නොබලා ඉන්නේ කියහන් මේ ඩේටා නැති අස්සේ
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Nejai Nayanajith
මේ දවස් වල exam යකූ.....දැන් කෝමද කියහං නොබලා ඉන්නේ ,,...?
කෞෂාන් පියුමන්ත
සුපිරි පහරක් නේ බන්.ඇඬෙනවා ඈ.ඊළඟ පාරත් මේ වගේ එකක් ඕනේ ආ.
Chalana
thnx bro...
yasitha
kawan film ekath niyamai...mekath e wagema supiriyak kiyala hithanawa..thanku saho sub ekata...
Zeal
____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
$______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
__________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$_______$$$$$¦$$$$
_$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
_$$$$|$_____________$$$¦¦E¦¦$$
_$$_$|$______________$$$¦¦A¦¦$$
___$$$_______________$$$¦¦L¦¦$$
_$$$$________________$$$$¦$$$$
__$$$________________$$$$$$$$$
$_____________________$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
Shehan prathapasinghe
supiri bro keep it up
Nimesh
Motta shiva ketta shiva sub eka dennoo
"චූටී මල්ලී"
සුපිරි
Machan
ThanksChami.S
Thanks...
Kalu Ajith
thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Rajitha Abeysinghe
ela saho
විමා
උපසිරසට බොහොම ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ :D
chamika
Thanx sub akata fillme aka downlowd karla godak kall hitiya *
chamika
Thanx sub akata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
niyamai bro
SPD
උපසිරසට බොහොම ස්තුතියි සහෝ...!
ආසිරි ප්‍රියන්ත (හේවා)
මේකනම් සුපිරියක් කියලා ගොඩක් අය කතාවෙනව දැක්කා,
මේකනම් කාගෙන්වත් හම්බෙන්න කලින් ගන්න ඕනේ වගේ.
ඔව්, 12 න පස්සේ බාන්න දානවා.
බලමුකෝ මේක ඔය කියනතරම් විසේසත්වේ මොකද්ද කියලා.
සබට තැන්ක්ස් ඉන්දරේ.
ඉන්දරේ ගේන්නෙම මේ වගේ සුපිරි එව්වලු නේ.
බලමුකෝ එහෙනම් අපිත්.
ජය වේවා!janith
suppama film ekak bro kiyala wedak ne sabata pin
jacobandrews
මේ film එක නම් දෙතුන් පාරක්ම බලල තියෙනවා. sub දාලම අයෙත් බලන්න කියල තමා sub eka download කරේ. නියමෙටම තියෙනවා. මන් 70% ක් විතර දෙමල දන්නවා. sinhala sub දාල බලනකොට ගොඩක් වෙලවට එකේ රසය නැති වෙනවා. මොකද ගොඩක් sub ලියලා තියෙන්නේ බාගෙටනේ. sinhala sub හොයනකොට මුලින්ම එන site එකේ sub නම් බලනකොට මටම එකක් ලියගන්න හිතෙනවා. එකයි මන් කිව්වේ මේක නියමෙට තියෙනවා කියලා. කවුරු ලිව්වත් අඩුපාඩු නැතුව ලියලා තියෙනවා. පොඩි පොඩි වචන, විහිළු මෙ හැම එකක්ම ලස්සනට කම්මැලි නැතුව දාල තියෙනවා. කරන මොන වැඩක් උනත් උවමනාවෙන් කළාම කවුරුත් එකට කැමතියි.
LakshanD
තෑන්ස් බ්රද ❤️
neelanethra
ස්තූතියි
muditha gayan
Thankzzzzzzzz
Sushmi
Jackson durai kiyala tamil horror comedy film ekak thiyenawa. Puluwan nam eke subtitles add karanna.
Anonymous
thank you.good work
ranindu lakmina
File eka damaged kiyl enavane :(
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හම්මේ ඉතින් සේදුපති අයියගේ තවත් එකක්.සබට රොම්බ තෑන්ක්ස්