දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස…

දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව බුරුම භාෂාවෙන් කරපු උපසිරසියකුත් ලබා දුන්නට. කබාලිට පස්සේ මගේ උපසිරසි ඉතිහාසේ වැඩිම කට්ටක් කාපු උපසිරසිය මේක. කමන්නෑ පණහානේ. මේකට මම කොහොමද උපසිරසිය කලේ කියලා ඉදිරියේදි කියන්නම්. දැන් කතාව.
තනිකම..තනිකමට හුරුවුණොත් ඒක පට්ටයිලු. ඒ විදියට තනියම තමන්ගේ ලෝක දෙකක හිරවෙලා හිටපු දෙදෙනෙක්ගේ ඝට්ටනයක් තමයි මේ කතාව. දෘවා සහ සිද්ධාර්ත් අභිමන්යූ (ටිකක් අහලා පුරුදුයි වගේ නේද ) දෙන්නාගේ අරමුණු දෙකක්..නමුත් පරස්පරයි..ඒත් සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය තමයි මුදල්. මුදල් වැඩිපුර තියන තැන අපරාධ වැඩියි. දෘවා කියන්නේ අපරාධම හඹාගෙන යන පොලිස් නිළධාරියෙක්. සිද්ධාර්ත් කියන්නේ මුදල් සොයන්න අපරාධ කරන වයිට් කොලර් ගණයේ අපරාධකරුවෙක්. ඉතින් මේ දෙන්නගෙම දිශානතිය එක නිසා අනිවාර්යෙන්ම මේ දෙන්නා හමු වෙනවා. ඒ හමුවීම කොයි විදියට ඉවර වුණාද කියලා කතාව බැලුවාම දැනගන්න පුළුවන්.
චිත්‍රපටයේ කතාව ගැන කතා කරන්න දෙයක් නෑ මොකද මේක දමිළ සිනමාවේ හුඟාක්ම ජනප්‍රිය වුණු චිත්‍රපටයක රී-මේක් එකක්. ඒ චිත්‍රපටය අනුසාරයෙන් තමයි මම උපසිරසි පවා දැමුවේ. නැතුව තෙළිඟු දැනගෙන එහෙම නෙවෙයි. අතරින් පතර හිස් තැන් කීපයක් තියෙනවා ඒකට සමාවක් දෙන්න. ඒ දමිළ චිත්‍රපටිය මොකද්ද කියලා මම කියන්නෙ නෑ ඔයාලම හොයාගන්න. රී-මේක් එක සුපිරියටම කරලා තියනවා කියලා IMDB රේටින් එක 8.4 ක් තියෙන එකෙන් තහවුරු කරගන්න පුළුවන්. මොකද මේකේ රඟපාන නළුවා දැනට තෙළිඟු සිනමාවේ සුපිරිම තරුවක් වන රාම් චරන්, ඒ වගේම පට්ටම පට්ටම නළුවෙක් වන අරවින්ද් සාමි සිද්ධාර්ත්ගේ චරිතය කරනවා. එයාම තමයි දමිළ ෆිලුමෙත් ඒ චරිතේ කළේ. ඉතින් උපසිරසිය ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.

අවුරුදු ගාණක් වෙනවා බයිස්කෝප් එකට උපසිරසි කරන්න ඇවිත්. මුලින්ම කලේ බලු කතාවක්, පස්සේ දිගටම දමිළ චිත්‍රපටි කරන්න පෙළඹුණා. ඒකෙනුත් මම වැඩියෙන්ම සතුටු වුණේ සේදුපතිගේ චිත්‍රපටි කරලා. ඒවාට ඔබෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඒ ගැන හුඟක් සතුටුයි. ඒ අවස්ථාව මට ලබා දුන්නේ බයිස්කෝප් එක තමයි. ඒ ගැන බයිස්කෝප් කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා. මේ මගේ පණස් වෙනි උපසිරසියත් එක්ක බොහෝ දුරට මගේ උපසිරසි කෙරුවාව නවතියි, එහෙම නැත්නම් සීමා වෙයි කියලා කියන්න පුළුවන්..බයිස්කෝප් ලෝකයෙන් බාහිර ජීවිතයේ විවිධාකාර කඩයිම් වලට අඩිය තියාගෙන ඉන්න කාලයක්. හැබැයි නිවාඩුවක් ලැබුණ ගමන් ආයෙමත් කැරකිලා බයිස්කෝප් එක හොයාගෙන එනවා ඒක සත්තයි. මේ තාක් කල් මා සමඟ සිටි ඔබ සැමටම මගේ ස්තුතිය.. ඔබ සැමට ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent links.
Dhruva (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
50,169 downloadsDownload Dhruva-2016.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
136 comments
Ishan
Ishan
1st.. Gud luck machn... maath baiscoplk ekata sub dena kenek nisa dannwa eke thiyena amaaruwa. sub 50k kiynne supiri wedak. Digatama sub denna shakthiya lebewa kiyala paarthanaa karanawa.
Pasindu Bhashitha Wimalasooriya
thanks machn..tamil eka mn asama film ekak..awulak naa mekath blnoooo
සංජීව
මම තමයි පලවැනියා... සබට බොහෝම ස්තුතී...
Dilip
Thanx ban balala thibbeth naa elaaaaa.
ruwan
godaak isthuthi sahoo. thank you
RAWANA
ade meke Knight Rider karana kenek naneda? man wede patan gannada? kohomada kaagenda ahanne?admin kohomada contact karaganne? habey 1982 apu eka. :D …balanna asa aya ehema innawada aye?
කැලුම්
sub ekata thanx macho...
"චූටී මල්ලී"
Thanx and congratz
Tawa sub demu haki widihataSPD
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
නවතින්න එපා දිගටම සබ් කරන්න බලන්න සහෝ.
ඔබට ජය...!!!හසන්ත
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් ඉන්ද්‍රජිත් මල්ලි !!! සබ කරන එක නතර නොකර පුළුවන් විදිහට කරගෙන යමු. මොකද ඔයාට ලොකු ඉල්ලුමක් තියෙනවා දෙමල චිත්‍රපට වලට. ජය !!!
Pradeep Anuruddha Dissanayake
Best of luck
Mahesh
Sub ekata thanx
prabash
අමිමො.....තැන්කු සෝ මචි සහෝ.පිලුම බාාගන මාසයක් විතර තියන් හිටියා බලන්නැතුව.අද බලනෝ......තව තව සබි කරන්න හිත දේවා.........
Thilanga
suppa bro, Thanx sub eakata. Best of luck
sudarshana fernando
pattama thanks sinhala sube ekata thavath supiri filumakata sube danna jayaveva..
charli
Thanks bro
congrats....prabodha
Thank u brother balagema hitapu sub ekak...
kavindu mihiranga
Thnx mchn.nize work
sanjaya
අම්මේ කියන්න වචන නෑ සහෝ.. බොහොම පින්..... තෙලිගුනම් ඉතින් පට්ට,
මග බලාගෙන හිටපු ෆිල්මක් තමා ඉත්න් මේ..
ගොඩක් ස්තූතිය සබ් එකට..
ජය වේවා..!!Kasun Widusha
elane tnx aa....50 ta suba pethum
S.K.Ruchiranga
Ft bkkk thz
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා...
50 න් නොනැවතී ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා...එහෙනම් මේවගේම පට්ටම ෆිලුමකින් ආයෙම හමු වෙමු....
රයන් ද සිල්වා
සබ් එකට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
100 ත් ගින්දර වගේ ගහමු....සුදේශ් මදුසංක
මේක දෙනකං කොයි ෆිලුමට කොමෙන්ට් එකක් දාන්න ගියත්
දෙතුන් දෙනෙක් මේකේ දෙන්න කියල ඉල්ලනවා. දැන් දුන්නම ඩවුන්ලෝඩ්
1116 වෙනකොට කොමෙන්ට් 22යි තියෙන්නේ. මොනවා කරන්නද සහෝ
මම හිතන්නේ මේකට තවම ඉංග්‍රීසි සබක්වත් නැති නිසා ටයිම් ලයින් ගහගන තමයි සබ
කරන්න ඇත්තේ. ඒකෙ අමාරුව දන්න එකෙක් නං කවදාවත් කමෙන්ට් එකක් නොදා
යන්නේ නෑ. සේදුපතිගේ ෆිලුම් බලන්න පුරුදු වුනේ උඹ නිසා තමයි මචන්.
උඹ කරපු සේවයට බොහොම ස්තුතියි මචං. ඉදිරිගමන සාර්ථක වෙන්න කියල
ප්‍රාර්ථනා කරනවා.
ජයම වේවා සහෝ....!!!ඩිලාන් හසිත
හ්ම්මේ ඉතින් පට්ට ෆිලුමකින්නේ 50 ගහලා තියෙන්නේ
සබ් එකට ස්තූතියි සහෝ
නිවාඩුවක් ලැබෙන විදිහට සබ් එකක් කරලා දාන්න
ගෝඩාක්ම අය ඉංග්‍රීසි චිත්‍රපට වලට උපසිරැසි කරන නිසා සහෝලාගේ වටිනාකම ගෝඩාක් වැඩී ඒක නිසා මේ වැඩේ නවත්තන්නේ නැතිව පුලුවන් විදියට උපසිරැසි ලබා දෙන්න....Mithun
හම්මෙ උදෙම මෙක දකිද්දි පිස්සු වගෙ දන්නෙත් නැ සබ් දෙනකල් ,කියන්න වචන නැ ගොඩක් ගොඩක් ස්තුතියි සහෝ සුපිරියක් වගේ
Samitha
Thankzzz bro
තරිඳු රසාංග
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ඒ වගේම 50 කඩඉමටත් හදවතින්ම සුභ පතනවා!
Shanaka
Supiri ayiye ela wadak.denakan balan hitiye..
Udaya Fernando
Thanks bro
paranormal
super bro
Sadeepa
Film aka thibbath sub aka anakan hitiye
Sub akata thanks.Sajeevi
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…
janitha
thanks!!!!
dana
thanks Broo..
shasith sandaruwan
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් අයියේ උපසිරැසියට...
පළමු කඩඉමට සුභපතනවා
ඔයාගේ සබ් එක්ක ෆිලුම් සෑහෙන්න බලලා තියෙනවා.
ඔය කිව්වට සබ් කරන එක නවත්වන්නේ නැති වෙයි නෙහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Eranda
Godaaaaaaaaaaaaak Pin sidda wenawa saho sub eka dunnata. film eka arana masa ganak wenawa sub natiwa.
tawa me wage sub danna shaktiya labewa,,,,,,Gathsara Umesh Kumara
Mmm..50 ghlnee..niymyi....ayyeee...
Bohoom sthuthiy upadirsyt...
100n hmuwemo...Waruna
Thanks
Waruna
Thawath Telugu movie Sinhala sub awanna
Roshan
thanks for sub.....
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!---50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…---
Milan
movie eka download karanne kohomada
පැතුම් චතුරංග
50 වෙනි උපසිරසියට සුබපැතුම් සහෝ..
සුපිරි ෆිලුමකටනේ සබ දීලා තියෙන්නේ.
එනකම්මයි බලාන හිටියේ..50 වගේම 100 ත් ඉක්මනට ගහමු..
ජයවේවා!!!සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°°හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරැසි කඩයිමට°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..සචින් කෙවින්
ඔහොමම 100 200 300 400 ගිහින් බයිස්කෝප් ලෙජන්ඩ් එකක් වෙන එක දකින එකයි අපේ එකම ප්‍රාර්ථනය.
Sanindu Lakkitha
::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
50 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ..ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::hashan buddhika
හම්මේ ඉතින්.. 50*ට ථැක්ඛූ බන්... පට්ට ෆිල්ම් එක.. එනකම් බලාගෙන හිටියේ.. Thani Oruwan එක වගේම ඇති කියලා හිතෙනවා Rating දැක්කට පස්සෙනම්
Pasindu
උපසිරැසියට බොහෝම ස්තුතියි.
පුළුවන්නම් Tubelight (2017) Tamil movie එකටත් සබ් දෙන්න.malinga
watinwa, patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx machn