ඔන්න අද මම පැරණි හින්දි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් 80 දශකය තුළ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයකටයි මේ සිංහල උපසිරැසිය රැගෙන ආවේ. ඒ තමා “ඩිස්කෝ ඩාන්සර්”. බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ගෙන එන මාගේ හතරවන සිංහල උපසිරැසිය මෙයයි. Action, Romance, Musical ගණයට වැටෙන මෙම චිත්‍රපටයට 6.4 ක හොඳ IMDb අගයක්ද ලැබී ති…
ඔන්න අද මම පැරණි හින්දි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් 80 දශකය තුළ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයකටයි මේ සිංහල උපසිරැසිය රැගෙන ආවේ. ඒ තමා “ඩිස්කෝ ඩාන්සර්”. බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ගෙන එන මාගේ හතරවන සිංහල උපසිරැසිය මෙයයි. Action, Romance, Musical ගණයට වැටෙන මෙම චිත්‍රපටයට 6.4 ක හොඳ IMDb අගයක්ද ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි සපයන ලෙස මට ආරාධනා කළ බයිස්කෝප් පාලක මඬුල්ලේ අසංක ප්‍රදීප් රණතුංග සොයුරාවත්, සුපුරුදු පරිදි උපසිරැසි වල අඩුපාඩු පෙන්වා දෙමින්, නිබඳවම මා හට බොහෝ ගුරුහරුකම් ලබාදෙන විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොයුරාවත් මේ අවස්ථාවේදී ගෞරව පූර්වකව සිහිපත් කරනවා.
මිතුන් චක්‍රබ්‍රෝර්ති, කිම් යශ්පාල්, රාජේශ් ඛන්නා, ඕම් පුරි ඇතුළු එම යුගය තුළ ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසකගේ දායකත්වයෙන් හැඩ වැඩ වූ මෙම චිත්‍රපටය මියුරු ගීත රැසකින්ම සමන්විතයි. එසේම මෙහි ඇතැම් ගී තනු ආශ්‍රයෙන් ජනප්‍රිය සිංහල ගීතද නිර්මාණය වී තිබෙනවා. මෙහි සංගීතය ඉතාමත්ම සුවිශේෂියි. දක්ෂ සංගීත නිර්මාණකරුවෙකු සහ ගායකයෙකුද වන බප්පි ලහිරි විසින් මෙම චිත්‍රපටය වෙනුවෙන් සිය නිර්මාණ දායකත්වය සපයන අතරම චිත්‍රපටයේ ඇතැම් ගීත සඳහා සිය ගායනයෙන්ද දායක වී තිබෙනවා. සුරේෂ් වඩ්කාර්, ඌෂා මංගේෂ්කාර් ඇතුළු තවත් ගායක ගායිකාවන් කිහිපදෙනෙකුගේම හඬ දායකත්වය මෙම ජනප්‍රිය චිත්‍රපටයට ආලෝකයක් එක් කොට තිබෙනවා. අන්තර්ජාතික වශයෙන්ද සාර්ථකත්වයට පත්වූ මෙම “ඩිස්කෝ ඩාන්සර්” සිනමාපටය එකළ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වූවකි.
චිත්‍රපටයෙහි අන්තර්ගතය ගැන අවධානය යොමුකරන විට මෙහි ප්‍රධාන චරිතය ලෙස අපට මුණගැසෙන්නේ ජිමීය. පියා නොමැති කුඩා දරුවෙකු වන ජිමී සිය මව සමඟ කුඩා නිවසක දිවි ගෙවන අතර ඔහු බොම්බාය නගරයේ වීදිවල ගායන, වාදන සහ නර්තන ඉදිරිපත් කරමින් මිනිසුන් සතුටු කරමින් සුළු මුදලක් උපයා ගනී. මේ සඳහා ඇතැම් විටෙක ඔහුගේ මාමා වන රාජුද, ඇතැම් විට ජිමීගේ මවද ජිමී සමග එකතුවේ. දිනක් මෙසේ මහමඟ ගී ගයමින් සිටින ජිමීව සහ ජිමීගේ මව දකින, ජිමීගේ හඬට ඇළුම් කළ, ජිමීගේ වයසේම එහෙත් ධනවත් පවුලක කුඩා දැරියක්, ජිමීට තමා සමඟද ගී ගයන ලෙසට ආරාධනා කරයි. එය පිළිගනිමින් ඇගේ නිවසේදී ඇයත් සමග ගී ගයමින් සිටින ජිමීගේ හඬ ඇසී එතනට පැමිණෙන දැරියගේ පියා එම දැරියටද, ජිමීටද, ජිමීගේ මවටද පහර දී පොලීසිය කැඳවයි. එහිදී ජිමීට බොරු චෝදනාවක් එල්ල කරමින් ජිමීව සිරභාරයට ගන්නා ලෙස දැරියගේ පියා පැවසුවද එම බොරු චෝදනාව තමන් වෙත පවරාගනිමින් ජිමීගේ මව ස්වේච්ඡාවෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙයි. මෙතැන් සිට ජිමී සහ ඔහුගේ මව “සොරුන්” ලෙස සමාජය තුළ නිකරුණේ හංවඩු ගැසීම නිසා ඔවුන් බොම්බාය නගරයේ වාසය අතහැර දුර පළාතක පදිංචියට යයි. මුල් සිදුවීම හේතුවෙන් දැඩි කනස්සල්ලට මෙන්ම දැඩි කෝපයට පත්ව සිටි කුඩා ජිමී තමන් ලොකු මිනිසෙකු වූ දිනෙක දක්ෂ කලාකාරයෙකු වී මුළු රටේම ප්‍රසිද්ධියට පත්ව එකී දැරියගේ ධනවත් නපුරු පියාගෙන් පළිගතයුතු බවට අදිටන් කර ගනී. ඉන්පසුව ජිමීගේ ජීවිතයට කුමක් සිදුවේද? ජිමීට එම අදහස ඉටු කරගත හැකි වූයේද? දුප්පත් ජිමීට සමාජයෙන් මෙම ගමනේදී එල්ල වූ බාධා මොනවාද? මේ සියල්ලටම පිළිතුරු ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටය නරඹා ඔබට දැනගත හැකියි. එසේ නම් නැටුම්, ගැයුම්, වැයුම් සපිරි මෙම අපූරු ජනප්‍රිය සිනමා සිත්තම රසවිඳින ලෙසට ආරාධනය කරමින්, තවත් මෙවන් වූ අපූරු පැරණි හින්දි සිනමාපටයක උපසිරැසියකින් හමුවනතුරු ඔබ සැමගෙන් සමුගන්නම්.
මෙය මා විසින් ගූගල් වෙත අප්ලෝඩ් කළ වීඩියෝවකි. එම නිසා මා දක්වා ඇති මෙම https://drive.google.com/file/d/0B1VBKnUoZJ6GcXBsSFd1THdrb2s ලින්ක් එක කොපිකර ගූගල් සර්ච් බාර් එකේ පේස්ට්කර සර්ච් කිරීමෙන් මෙම සිංහල උපසිරසියට අදාළ වීඩියෝව පහසුවෙන් බාගත කිරීම සිදුකර ගත හැකිය.
එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම ඉදිරියේ දී ද 1960, 1970 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඉදිරියේ දී හැකියාවක් ලැබෙන අවස්ථාවල දී ඒවා ලබා දෙන්නම්. ඒ වගේම බාගත කරගන්නා ඔයාලා මේ උපසිරසිය වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කරනවා නම් එය මට ලොකු ශක්තියක් වේවි ඉදිරි ගමනට. ස්තූතියි!
නැවත මෙවන් උපසිරසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
2,722 downloadsDownload Disco-Dancer-1982.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/kasun-Harshana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හර්ෂණ අත්තනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් හර්ෂණ අත්තනායක
Subtitles
23 comments
samee
Udara Damith B/K
ELA
Mithun
මන් වැඩි හින්දි මුවි බලන කෙනෙක් නම් නෙවෙ එත් ,බලන් නැතුවමත් නෙවෙ හොදම එකක් සෙට් උනොත්, මෙ චිත්‍රපට සබ් දාල දැක්කම ලිපිය බලන්න හිතුන වටිනව එක
මෙකටත් පුළුවන් නම් සබ් එකක් කරන්න වෙලාවක් තිබුනොත් බලන්න අසයි ඩව්න්ලොර්ඩින් කරල සබ් තිබුන් නැ එත් Gupt
1997 ‧ imdb 7.4Mithun
Godak stuthi sho sab karanna hituwa ekata digatama
Pasindu
good work maachan...bt meke link eka nene
කසුන් හර්ෂණ
baisecope download අඩවියේ ඇති. එහි සොයා ගැනීම අපහසු නම් youtube හි පැය 2 විනාඩි 14 තත්පර 27 ක ධාවන කාලයක් සහිත 498mb ක පිටපත බාගන්න.
Pasindu
bohoma sthuthiyi sahodaraya....me wahema honda arthaanwitha films karanna...jayawewa....malli GUPT 1997 movie ekath puluwan nm karanna..lassanai..SRK and kajol inna thriller ekak
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Withanage Priyantha Dayakeerthi
කසුන් හර්ෂණ සොයුර,
ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කළ කාලයේ තරුණ පරපුර මේකට පිස්සු වැටිලා හිටියා කිව්වොත් නිවැරදි. මේ සිනමාපටයේ ගීත තරම් ලංකාවේ ජනප්‍රිය වූ ගීත එකතුවක් මා මෙතෙක් දැක නැහැ. මා මෙසේ කීවත් ලංකාවේ වර්තමාන නව රසවින්දන තත්වය නම් හාත්පසින්ම වෙනස්. ඒ කෙසේ වුවත් මේ සිනමාපටයට ආදරය කළ අයට සිංහල අර්ථය සමඟින් නැවත නරඹන්නට ඔබ හොඳ අවස්ථාවක් මේ උදාකරලා දීලා තියෙන්නේ. එමෙන්ම නව පරපුරටත් මෙහි රස විඳගන්නට හැකිවේවී කියා මා සිතනවා. ඉතිං ඔබගේ මෙම කැපවීමට මාගේ අවංක ස්තුතිය පුද කරන අතරතුර,අප වෙනුවෙන් නැවතත් අගනා සිනමාපටයක් සඳහා උපසිරසි ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නෙමි.කසුන් හර්ෂණ
හැමදාමත් හෙවණැල්ල මෙන් මා ලඟින් හිඳිමින් මට උපකාර කරන ප්‍රියන්ත දයාකීර්ති සොයුර, ඔබට මාගේ හදපිරි ස්තූතිය. ඇත්තෙන්ම මෙවැනි චිත්‍රපට සඳහා උපසිරැසි සැපයීමට ඔබ මට ආරාධනා නොකලානම් මා වැනි උපසිරැසි කරුවෙකු කිසිදා බිහිනොවන්නට ඉඩ තිබුණා. උපසිරැසි නිර්මාණය සහ භාෂා භාවිතය ගැන හසල දැනුමක් මා සතු නොවුණත් ඔබව අධ්‍යයනය කිරීමෙන් සහ මගේ රසවින්දන ශක්තිය තුළින් ඒ හැකියාවන් මා වර්ධනය කර ගත්තා.ඔබ දැනටමත් දන්නවා මගේ ඊළඟ නිර්මාණය ගැන. එම නිර්මාණයත් සමඟින් එහෙනම් යළිත් එකතුවෙමු.
කසුන් හර්ෂණ
අදහස් දැක්වූ ඔබ සැමටම මාගේ හද පිරි ප්‍රණාමය. මන්ද යත් ඔබගේ අදහස් උදහස් මගින් මා නිර්මාණකරුවෙකු ලෙසින් විශාල පන්නරයක් ලබනව. මා උපසිරැසි ගැන්වූ අනෙක් උපසිරැසි වලට වඩා දැනටම මෙය සඳහා වටිනා ප්‍රතිචාර ලැබී තිබෙනවා. එසේ විය යුතුයි. මන්දයත් 80 දශකයෙහි තරුණ පරපුරේ උමතුවක් බවට Disco Dancer පත්ව තිබුණා. මෙම චිත්‍රපටය තුළ සංගීතය, ආදරය, වගේම සටන් ජවනිකාත් බොහොම සමබරව තිබෙනවා. ඒ කාලෙ නම් මේ වගේ චිත්‍රපටයක් සිනමා ශාලාවේ තිරගත වන විට තරුණ, තරුණයින් විසිල් ගගහ තමා නැරඹුවේ. මේ චිත්‍රපටයෙන් පසුව එකල තරුණියන්ගේ සිහින කුමරෙකු බවට මිතුන් චක්‍රබ්‍රෝර්ති පත්වුණා. කෙනෙකුට මෙහි පිටපත සොයා ගැනීමට අපහසු නම් Youtube හි Disco Dancer ලෙසින් Search කළ විට ලැබෙන පැය 02 යි විනාඩි 14 යි තත්පර 27 ක ධාවන කාලයකින් යුතු 498mb ක් බරැති පිටපත බාගත කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Amila
Thanks aain bro
ithin puluwan nam
Shola aur shubnum Film ekatath sub dennakoDeex
good work
thanks
please continueChalana
thnx bro...
Dinuka Sudara
subata thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipun
niyam wade bro
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Lasantharathnasirirox
බොහෝම ස්තුතියි කසුන් සහෝදරයා උපසිරැසියට...බලන්න ආස හිතුන..baiscope true එක නිසයි අපි film එකක් හරි බලන්නෙ...සියළුම දෙනාට ස්තුතියි.ජයවේවා !!
Advertisement

wade patta bro.mitunge tawa sattunge ekak dennko bro sub eka