Dhurandhar: The Revenge (2026) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන ආවේ සිනමාශාලා දෙවනත් කරලා, හැමෝම නොඉවසිල්ලෙන් මඟබලන් හිටපු සුපිරිම Action, Espionage, Thriller ගණයට අයිති වෙන හිංදි චිත්‍රපටයක්. 2025 අවුරුද්දේ මුළු ලෝකෙම පිස්සු වට්ටපු ‘Dhurandhar’ පළමු කොටසේ දැවැන්තම සහ අවසාන දිගහැරුම ත…

ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන ආවේ සිනමාශාලා දෙවනත් කරලා, හැමෝම නොඉවසිල්ලෙන් මඟබලන් හිටපු සුපිරිම Action, Espionage, Thriller ගණයට අයිති වෙන හිංදි චිත්‍රපටයක්. 2025 අවුරුද්දේ මුළු ලෝකෙම පිස්සු වට්ටපු ‘Dhurandhar’ පළමු කොටසේ දැවැන්තම සහ අවසාන දිගහැරුම තමයි මේ “Dhurandhar: The Revenge” (2026) විදිහට අද මේ අරගෙන ආවේ. මෑත කාලයේ ආපු විශිෂ්ටතම දේශප්‍රේමී සිනමා නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. මේ වෙද්දි 8.5/10 ක වගේ ඉහළම IMDB අගයකුත් ලැබිලා තියෙනවා. ආදායම් වාර්තා ගැන කතා කළොත්, බොලිවුඩ් සිනමා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළපු නිර්මාණයක්. Jio Studios සහ B62 Studios එකතුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 300ක විතර දැවැන්ත පිරිවැයකින් මෙය නිෂ්පාදනය කරනවා. තිරගත කල පළවෙනි සතිය ඇතුළතම කෝටි 500 සීමාව පහු කළා. ලෝකේ පුරාම තිරගත වෙලා මේ වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 1,847 වඩා හොයලා බොක්ස් ඔෆිස් වාර්තා ඔක්කොම කුඩුපට්ටම් කරලා දාන්න මේ ෆිල්ම් එකට පුළුවන් වුණා. ඉතින් සිනමාශාලාවල වාර්තා බිඳපු මේ චිත්‍රපටයේ අනෙකුත් විස්තර මොනවද කියලා බලමු.
මේ සුපිරි නිර්මාණයේ පිටුපස ඉන්න දැවැන්තයින් ගැන කතා කරනවා නම්, අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ සම්මානනීය සිනමා අධ්‍යක්‍ෂක Aditya Dhar විසින් ඔහුගේ මීට පෙර නිර්මාණයක් වගේම බ්ලොක්බස්ටර් වුණු ‘Uri: The Surgical Strike’ එක, වගේම සුපිරිම විදියට මේකත් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රධාන නළු නිළියන් ගැන කතා කළොත්, ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Ranveer Singh. Akshaye Khanna, Sanjay Dutt, R. Madhavan වගේම බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වන Arjun Rampal ත් මේකට රංගනයෙන් දායක වෙනවා. මේ දැවැන්ත නළු කැල දැක්කම චිත්‍රපටයේ ප්‍රමිතිය ගැන අමුතුවෙන් කතා කලයුතු නෑ.
“ඔබේ යුතුකම ධර්මය රැකිමයි, කිසිවිටෙකත් එයින් ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකරන්න.
ජයග්‍රහණයේ බලාපොරොත්තුවට ඔබට මඟ පෙන්වීමට ඉඩ නොදෙන්න.
යුද බිම ඔබව කැඳවයි, සටනේදි පසුබට නොවන්න.”
භගවත් ගීතාවේ දෙවන පරිච්ඡේදයේ, 47 ශ්ලෝකය
භගවත් ගීතාවේ තිබෙන ඒ උතුම් කියමන තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ජස්කිරත්ගේ මුළු ජීවිතේම පදනම වෙන්නේ. මේක නිකම්ම නිකං පොප්කෝන් එකක් කකා බලලා අමතක කරලා දාන තවත් එක සාමාන්‍ය ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි. මේක ඇතුළේ දිගහැරෙන්නේ පත්තරේක ප්‍රධාන පිටුවේ පවා ලොකුවට පළවෙන්න ඕනේ විදියේ, නමුත් කවදාවත් එළියට නොආපු, අහනකොටත් හොල්මන් වෙලා යන ජාතියක ලේ වලින් ලියවුණු ඇත්ත කතාවක්. කතාව පටන්ගන්නේ ජස්කිරත් කියන හමුදාවට බැඳෙන්න පුහුණු වෙන තරුණයාගේ ජීවිතයෙන්. ඔහුගේ පවුලේ අයට සිදුවන අමානුෂික ක්‍රියා රැසක් වෙනුවෙන් ඔහු ගත්ත පළිගැනීම නිසා මුළු ජීවිතේම කණපිට පෙරළෙනවා. ඊට පස්සේ ඔහුට සිද්ධ වෙනවා “හම්සා අලි මසාරි” කියන නමින් පකිස්ථානයට ගිහින් රහස් ඔත්තුකාරයෙක් විදිහට අතිශය භයානක මෙහෙයුමකට සම්බන්ධ වෙන්න.
චිත්‍රපටයට පාදක වුණු සත්‍ය සිදුවීම් පෙළගැස්ම:
මේ මුළු කතාවම ගෙතෙන්නේ ඉන්දියාවට අමතක කරන්න බැරි කටුක අතීතයක් වගේම, ඒකෙන් පස්සේ සිද්ධ වුණු රහසිගත මෙහෙයුම් මාලාවක් මතයි. ඒ සිදුවීම් ටික පිළිවෙළට:
- 1999 දෙසැම්බර් – IC-814 ගුවන් යානා කොල්ලය: නේපාලයේ ඉඳන් දිල්ලි බලා ආපු ඉන්දියන් එයාර්ලයින්ස් යානය ත්‍රස්තවාදීන් විසින් හයිජැක් කරලා ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් වලට අරන් ගියා. මේ සිදුවීමෙන් තමයි ඉන්දියාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ දරුණුකම තදින්ම දැනෙන්න ගත්තේ.
- 2001 දෙසැම්බර් – ඉන්දීය පාර්ලිමේන්තු ප්‍රහාරය: ලෂ්කාර්-ඊ-තයිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් කියන ත්‍රස්ත සංවිධාන දෙකේ සාමාජිකයින් ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කරපු අතිශය දරුණු ප්‍රහාරය. මේකෙන් පස්සේ ඉන්දියාවයි පකිස්ථානයයි යුද්ධෙකට යන තැනටම ආවා.
- 2008 නොවැම්බර් – මුම්බායි 26/11 ප්‍රහාරය: පකිස්ථානයේ ඉඳන් මුහුදු මාර්ගයෙන් ආපු ත්‍රස්තවාදීන් 10 දෙනෙක් මුම්බායි නගරයේ තැන් කිහිපයකටම එල්ල කරපු සාහසික ප්‍රහාරය. දවස් ගාණක් ඇදුණු මේ ප්‍රහාරයෙන් අහිංසක මිනිස්සු 160කට වඩා මිය ගියා.
මේ රහස් මෙහෙයුම ඇතුළේ ඉන්දීය බුද්ධි අංශවල අතිදක්ෂ රහස් ඔත්තුකරුවන් තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම මකාගෙන පකිස්ථානයේ කරච්චි වල තියෙන ‘ලයාරි‘ (Lyari) නඟරයේ අතිශය භයානක පාතාල ගුහාවට රිංගනවා. තත්පරෙන් තත්පරේ මරණයත් එක්ක කරන අතිශය දරුණු සෙල්ලමක් අපිට චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් සෙමින් මනුස්සයෙක්ව මරන්න පුළුවන් අතිශය භයානක වස වර්ග, දේශපාලන කුමන්ත්‍රණ වගේම හැමෝම රවට්ටගෙන කරන ත්‍රාසජනක ඔත්තු බැලීමේ මෙහෙයුමක්. ජීව විද්‍යාත්මක අවි (Biological weapons) පවා මේ රහස් යුද්ධයට පාවිච්චි කළා කියලා අහද්දිත් ඇඟ හිරිවැටෙනවා. තමන්ගේ සැබෑ අනන්‍යතාවය හංගගෙන, ඉන්දියානු ඔත්තුකරුවෙක් ලෙස හතුරන්ගේ ගුහාවෙම ඉඳන් ජස්කිරත් කොහොමද මේ අභියෝග වලට මුහුණ දෙන්නේ කියන එක තමයි කතාව පුරාවටම තියෙන කුතුහලය.
ඉතින් කිසිම පදක්කමක්, ගෞරව ප්‍රදානයක් නැතුව, ඉතිහාසයේ කොහේවත් නමක් සටහන් වෙන්නේ නැති මේ අදෘශ්‍යමාන වීරයින්ගේ නිහඬ කැපවීම පෙන්වන මේ වගේ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් නම් කිසිම වෙලාවක මඟහැරගන්න එපා. සිංහල උපසිරැසියත් එක්කම බලලා රසවිඳින්න කියලා ඔබටත් ආරාධනා කරනවා. පත්තරය පවා කියවන්න ආස හිතෙන මේ ත්‍රාසජනක සත්‍ය කතාව ගැන ඔයාලගේ අදහස හරි පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Dhurandhar: The Revenge (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
22,217 downloadsDownload Dhurandhar-The-Revenge-2026.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dhurandhar: The Revenge (2026) Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Dhurandhar: The Revenge (2026) Sinhala Sub
- #Dhurandhar: The Revenge (2026) Sinhala Subtitles
- #Dhurandhar: The Revenge Sinhala Sub
- #Dhurandhar: The Revenge Sinhala Subtitles
- #Indian Box Office Hits
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
damith niwanthaka
චාමර අතපත්තු
නියමයි ස්තූති සහෝ, සබ් එකට
Buddhika laKMal
ස්තූතියි සබ්එකට තරිදු අයියේ
Sahan Gayantha
thanks a lot Tharindu saho sub ekata
සුවහස් දර්ශන
පට්ට ෆිල්ම් එකක්, ස්තූති තරිදු සහො
Harshana Atapattu
Thanks for sub brother. Keep it up
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dhurandhar: The Revenge (2026) Sinhala Subtitles | ලේවලින් ලියැවුණු පළිගැනීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Dhurandhar_-The-Revenge-2026-2.jpg)
Thanks bro. Jaya wewa......!!!