Your Eyes Tell (2020) Sinhala Subtitles හේ කට්ටිය! ඇත්තටම මේ සබ් එක නම් මම සෑහෙන්න කාලෙකට කලින් කරපු එකක්, ඒ දවස් වෙල මේ ෆිල්ම් එක බලන්නම ඕනි නිසා තමයි මම මේ සබ් එක හැදුවේ. අහම්බෙන් වගේ ලැප් එකේ මේ ෆිල්ම් එක තියෙනවා දැකලා මට හිතුනා මේක ලස්සන මූවී එකක් නිසා ඔයාලත් බලන්න කැමති වෙයි කියලා. […]

හේ කට්ටිය! ඇත්තටම මේ සබ් එක නම් මම සෑහෙන්න කාලෙකට කලින් කරපු එකක්, ඒ දවස් වෙල මේ ෆිල්ම් එක බලන්නම ඕනි නිසා තමයි මම මේ සබ් එක හැදුවේ. අහම්බෙන් වගේ ලැප් එකේ මේ ෆිල්ම් එක තියෙනවා දැකලා මට හිතුනා මේක ලස්සන මූවී එකක් නිසා ඔයාලත් බලන්න කැමති වෙයි කියලා. මේකට 7.4 ක IMDB Ratings එහෙමත් තියෙනවා. මම කතාව පොඩියට කියන්නම් ඔයාලට අදහසක් ගන්න පුලුවන් වෙන්න…
Akari කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වුණ කෙල්ලෙක්. ඒත් හදිසි කාර් ඇක්සිඩන්ට් එකකින් එයාගේ ජීවිතේම කණපිට පෙරළෙනවා. ඒ ඇක්සිඩන්ට් එකෙන් Akari ට එයාගේ ඇස් දෙකේ පෙනීම නැති වෙනවා විතරක් නෙවෙයි, එයාගේ අම්මයි තාත්තයි දෙන්නමත් එයාට නැති වෙනවා. ඒත් මේ කෙල්ල හරිම ශක්තිමත් කෙනෙක්. එයා ඒ හැමදේම දරාගෙන අලුත් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙනවා.
දවසක් Akari ට අහම්බෙන් Rui Shinozaki කියලා කොල්ලෙක්ව මුණගැහෙනවා. මෙයා කාර් පාර්ක් එකක වැඩ කරන කොල්ලෙක්. හැබැයි රුයි කියන්නේ නිකන්ම නිකන් කොල්ලෙක් නෙවෙයි, එයා හොඳ හැකියාවක් තියෙන හිටපු කික්බොක්සර් කෙනෙක්. හැබැයි Rui ගේ අතීත ජීවිතේ නම් එච්චර හොඳ නෑ. එයා අපරාධ වැඩවලට සම්බන්ධ වෙලා හිටපු නිසා, සමාජෙන් ටිකක් ඈත් වෙලා තනියම ජීවත් වෙන්න තීරණය කරපු කෙනෙක්.
මේ දෙන්නා හම්බුණාට පස්සේ Rui ආයේ කික්බොක්සින් වලට යන්න තීරණය කරණවා, ට්‍රේනින් කරනවා. ඔය අස්සේ මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් Rui ට එකපාරටම දැනගන්න ලැබෙනවා, Akari ගේ ඇස් පෙනීම නැති වෙන්න හේතු වුණ සිද්ධියට එයාගේ සම්බන්ධයකුත් තියෙනවා කියලා. ඒක දැනගත්තාම Rui ට මාර අවුල්. එයා හිතනවා කොහොමහරි මේකට වන්දි ගෙවන්න ඕනේ කියලා.
Akari ගේ ඇස්වල තත්ත්වේ ටික ටික නරක අතට හැරෙනවා. එයාට සර්ජරි එකක් කරන්න වෙනවා, හැබැයි ඒකට සෑහෙන ගාණක් යනවා. Akari ගාව එච්චර සල්ලි නෑ. මේ සේරම අස්සේ Rui ආයේ එයාගේ පරණ අඳුරු අතීතේ එක්ක පැටලෙනවා. අන්තිමට Rui තීරණය කරනවා Akari සර්ජරි එකට ඕන කරන සල්ලි ටික හොයාගන්න ලොකු මැච් එකකට ෆයිට් කරන්න.
මේ සිද්දිය මේ විදිහට මම කිව්වට මේක ඒ තරම් සරල එකක් නෙවෙයි, ගොඩක් දුක හිතෙන තැන් සහා සතුටු හිතෙන තැන්, ආදරණීය තැන් මේ හැමදේම එකතුවුණු ලස්සන අවසානයක් තියෙන කතාවක්. ඒ නිසා හැමෝටම මේක බලන්න කියලා මම Recommend කරනවා. එහෙනම් අපි ගියා!
Your Eyes Tell (2020) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
493 downloadsDownload Your-Eyes-Tell-2020.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Your Eyes Tell Sinhala Subtitles
Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #Your Eyes Tell (2020) Sinhala Sub
- #Your Eyes Tell (2020) Sinhala Subtitles
- #Your Eyes Tell Sinhala Sub
- #Your Eyes Tell Sinhala Subtitles
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Advertisement
තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට