Watch Trailer

Dial M for Murder (1954) with sinhala subtitles | මරණයේ ඇමතුම [සිංහල උපසිරසි සමඟ]

1954 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් සිනමා නිර්මාණයක්. ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම මෙයත් රහස් පරීක්ෂක කතාවක්. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ඔබට සිහි කරවන මෙම සිනමා සිත්තම කුතුහලය සිත තුල පුරවාගෙන නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි. රහස් පරීක්ෂක කතා රචක මාර්ක් හැලිඩේ සමග තම බිරිඳ පෙම් සබඳතාවයක් පවත්වන…

Dial M for Murder (1954)

1954 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් සිනමා නිර්මාණයක්. ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම මෙයත් රහස් පරීක්ෂක කතාවක්. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ඔබට සිහි කරවන මෙම සිනමා සිත්තම කුතුහලය සිත තුල පුරවාගෙන නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි.

රහස් පරීක්ෂක කතා රචක මාර්ක් හැලිඩේ සමග තම බිරිඳ පෙම් සබඳතාවයක් පවත්වන බව දැනගන්නා, හිටපු ටෙනිස් ක්‍රීඩයෙක් වන ඇගේ සැමියා ඇයව මරා දැමීමට සැලසුම් කරයි. දිගු කාලයක සිට මෙය සැලසුම් කරන මොහු මේ සඳහා තම පාසල් කාලයේ මිතුරෙකුව තෝරාගනී. ඒ හමුදා සේවයෙන් නෙරපා හරින ලද, නීති විරෝධී ක්‍රියා කිහිපයකට සම්බන්ධ ස්වාන් නැමැත්තායි.

සැලසුම ඉතා සරල වන එකකි. ටෝනි, එනම් සැමියා විසින් ස්වාන්හ් අට නිවසේ යතුර තිබෙන තැන සිට තම බිරිඳගේ හැසිරීම දක්වා සියල්ල ඔහුට පවසා මාර්ක්, එනම් බිරිඳගේ පෙම්වතා සමග රාත්‍රී සාදයකට පිටත් වේ. මෙම සාදය පවා ඔහුගේ සැලසුමේ කොටසකි. නමුත් සිදුවන්නේ අනෙකකි. එනම් මර්ගෝ අතින් ස්වාන් හට මිය යාමට සිදුවීමයි. මෙයින් සැලසුම බිඳවැටුනත් ස්වාන්ව මරා දැමීම නිසා මාර්ගෝ හට මරණ දඩුවම හිමිවේ. නමුත් අවසාන මොහොතේ අනපේක්ෂිතව පොලිසියට ලැබෙන සාක්ෂියක් ඔස්සේ ලුහුබැඳ ගොස් අපරාධයට වගකිවයුතු නියම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වේ.

පිටපත yify torrent අඩවියෙන් ලබා ගත හැකි අතර උපසිරැසිය එම පිටපතට අදාල වේ. තවත් හිච්කොක් සිනමා පටයකින් නැවත හමුවෙමු.

Dial M for Murder (1954) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dial M For Murder.720p.BluRay.x264.YIFY.srt
Dial M For Murder.1080p.BluRay.x264.YIFY.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

372 downloadsDownload Dial-M-For-Murder-1953.zip129 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

372 downloadsDownload Subtitles129 KB

20 comments

  1. අසිත

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
    North by Northwest (1959) (IMDB 250)
    Strangers on a Train (1951) (IMDB 250)
    Rope (1948)
    Rebecca (1940)

  2. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. Maniax

    හත්වලාමේ කොහෙන්ද බන් මේකේ ටොරන්ට් හොයන්නේ , හෙව්වත් සීඩ් හොයන්නේ කූමෙයි

    1. චතුෂ තුෂර කුමාර

      yts ඒකේ ටොරන්ට් එක තියෙනවා ඊයේ රෑ නිදා ගන්න කලින් බාන්න දැම්මා තව ෆිල්ම් අටක් එක්ක... උදේ නැගිටලා බලද්දි ඔය බෑවිලා තිබුනේ බබා වගේ... කිසි අවුලක් නැතිව සීඩර්ස්ලා ඉන්නවා...

  5. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  6. Withanage Priyantha Dayakeerthi

    දුටු ගමන්ම ඩවුන්ලෝඩ් කළා. සුපිරිම, අමරණීය සිනමාපට මාලාවකට ඔබ මේ සබ් ලබාදෙන්නේ. ස්තුති කරන්න වචන මදි කියලා හිතෙනවා. මේවා රසවිඳිය හැකි සියලු දෙනා වෙනුවෙන් මාගේ ප්‍රණාමය ඔබට! මේ සිනමාපට මාලාවම ඔබ ලබාදේවියයි අප බලාපොරොත්තුව සිටිනවා. විශේෂයෙන්ම පහළ කමෙන්ටුව දාලා තිබෙන "අසිත" සොයුරාටත් මාගේ ස්තුතිය හිමිවෙනවා. ඒ මන්ද නිතරම කමෙන්ටුවක් මඟින් ලොකු සහයෝගයක් ලබාදෙන කෙනෙක්.

  7. E

    Ekanayake Feb 21, 2017 at 5:35 pm
    Parana movie walata kamathi nisa download kala. Meya balnnama ona nisa. Thank you for sinhala sub!

  8. Chalana Rukshan

    thnx bro...

  9. Chami.S

    Thanks...

  10. Udara Damith B/K

    මන්නම් මේවා බලන්නේ නෑ'
    කමක් නෑ
    බලන අය ඇතිනේ
    ස්තුතියි

  11. එම්. පී. කමල්

    බුද්ධික නුවන් සොයුර,
    අපි නම් පැරණි කලාත්මක, සිනමාවට තමයි තවමත් කැමති. ඉදිරියටත් එසේමයි. මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම බලනවා. ඉදිරියටත් මෙවැනි එකක් දෙන්න.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. danushka diwarathne

    patta....imdb 8.2/10
    112,858 .

  14. P. Sanath

    ඔබ සබ් දුන්න ඒවා කීපයක් බැලුවා. Rebecca (1940) සිංහල සබ් එක්ක බලන්න කැමතියි.

  15. Gamage

    අද තමයි මේ චිත්‍රපටය උපසිරසි සහිතව බැලුවේ. විශ්මයෙන් බලාසිටිය හැකි ඉතා හොඳ සිනමා නිර්මාණයක්. එමෙන්ම ඔබගෙන් විශිෂ්ට උපසිරසි ගැන්වීමක්. හැකිනම් ජනප්‍රිය නිලියක්වූ “මැරලින් මොන්රෝ” රඟපෑ හොඳ චිත්‍රපටයකටත් ඉදිරියේදී සිංහල උපසිරසි ලබා දෙන්න. ස්තුතියි! අවාසනාවකට අද නවක පරපුරට මෙවැනි සිනමා නිරමාණවල රසය විඳීමේ අවකාශයක් වර්තමාන මාධ්‍ය වලින් ලබා දී නැහැ. ඒ නිසාම ඔවුන් ඇබ්බැහිවී සිටින්නේ අධි තාක්ෂණික පරිගණක මායාවලින් පිරුණු ඒකාකාරී සිනමාපට සඳහාම පමණයි. ඔබ ඉදිරියටත් අප වැනි අය වෙනුවෙන් යමක් කරන්න.

  16. tharanga

    දැනට ලොව හොදම චිත්‍රපටය ලෙස සැලකෙන්නෙ ඇල්ෆඩ් හිච්කොක්ගේ vertigo චිත්‍රපටයයි. නමුත් vertigo එකට baiscope එකෙ තියන subtitle file එක BRrip එකට ඒක වැඩ කරන්නෙ නෑ. බුද්දික නුවන් සහෝ ඔබතුමාට පුලුවන්නම් එක නැවත හරිගස්සන්න. ලොව හොදම සිනමා නිර්මාණ 100 තෝරන්නෙ British Film Institute ආයතනය විසිනි. ලෝක සිනමාවේ පතාක යෝධයන් එකතුකර එය තෝරනු ලබයි. එය වසර දහයකට වරක් අලුත් වනු ඇත.

    http://www.bfi.org.uk/news/50-greatest-films-all-time

  17. Dilan

    Thanks bro meka patta

  18. ricadodamien

    Thank you Buddhika brother & Baiscope team for the sub, All the best to baiscope team.......

  19. akhila upendra

    mama me film eka dan baluwe English subtitle ekka. balala iwara wechcha gaman baiscope eke baluwa sub ekak hadala thiyenawada kiyala.. film eka mage yaluwo tikakata balanna denna hithuna nisa thamay baiscope eka paththe aawe.. santhosai... supiri kiyanne supirima film ekak... bohoma sthuthyi sub ekata.