Watch Trailer

Assassin’s Creed (2016) with Sinhala Subtitles | මරණයේ සෙවනැල්ල! [සිංහල උපසිරැසි සමඟ]

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් ඉතින්…

Assassin's Creed (2016)

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් ඉතින් මාත් බ්ලුරේ කොපියක් එනකන් ඉදලා මේක බලන්නයි හිටියේ. කතාවේ වෙන්න මොකක්ද කියලා නම් කියන්න යන්නෙම නැහැ. නමුත් කතාවට පදනම් වෙන තොරතුරු හැමදේම කෙටියෙන් ඔක්කොම කියලා දාන්නම්. පහුගිය සීතල නත්තල් සමයේදී සුපිරි හොලිවුඩයට ප්‍රේක්ෂකයා වෙතට තිළිණ කරපු නත්තල් තෑග්ගක් කියලා කිව්වොත් හොදාකාරවම නිවැරදියි.පරිඝණක ක්‍රීඩා මෙන්ම මෑතකදී ජංගම දුරකථන වළට හදුන්වා දුන් සුපිරි ක්‍රීඩාවක් තමයි “Assassin’s Creed” කියලා කියන්නේ. දැන් ඉතින් මෙහෙම සබක් කරලා මොනවාහරි බලාගෙන හිටියට මගේ නම් ඉස්ස‍ර ප්‍රධාන විනෝදාංශේ වුණේ ගේම් ගැහිල්ල තමයි. කාලයත් එකකම ඒ දේවල් නිකන්ම නතර වෙලා ගියා. පැණියා කිව්වත් වගේ මේ අපේ නැති වෙන්නේ ළමා කාලේ අවසන් සමය. මෙහි පරිඝණක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවෙක් නම්, මේ අනුසාරයෙන් නිර්මාණය කරපු මේ චිත්‍රපටය එනකන් අනිවාර්යෙන්ම පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලා ඉන්න ඇති. ඒ විතරක් නෙවෙයි මේක රිදී තිරයට එන්න කලින් කුඩා රූපවාහිනී කතාමාලාවක් හැටියට Assassin’s Creed: Lineage (2009) අපිට දැකගන්න ලැබුණා. ඇතැම් අය විවේචනයට ලක් කලාට මේක තවත් සුපිරි චිත්‍රපටයක් කියලා ඔයාලට හිතෙන්න ගනීවි මේකේ පසුබිම ගැන විනාඩි කිහිපයක් වැය කරලා කියවලා බැලුවට පස්සේ. කතාපොතෙන් ක්‍රීඩාවට පැමිණි ඇසසින් ක්‍රීඩ් සදහා පළමු අඩිතාලම ගොඩක් දෙනෙක් නම් මේ වෙද්දී “Assassin’s Creed” පරිඝණක ක්‍රීඩා පෙල හෝ දුරකථන සදහා නිකුත් වූ ක්‍රීඩා පෙල ගැන නම් අහලා ඇති. නමුත් සමහරක් අය පුදුමයට පත් වෙයිද දන්නේ නෑ මං කිව්වොත් මේ ඔක්කොම පදනම් වුණේ පොත් මාලාවකින් කියලා. ඔව්. මේකත් හරියට කොමික් වගේ. මුල්ම පදනම වෙන්නේ “Anton Gill” විසින් තනිවම රචිත පොත් මාලාවකින්. හරියටම කොටස් හතයි. නමුත් පළමු පරිඝණක ක්‍රීඩාව පමණක් ආරම්භයක් හැටියට පොත නිකුත් වෙන්න අවුරූදු දෙකකට ඒ කියන්නේ හරියටම 2007දී තමයි නිකුත් වීමක් වුණේ. “Renaissance (2009), Brotherhood (2010), The Secret Crusade (2011), Revelations, Forsaken (2012), Black Flag (2013), Unity (2014), Underworld (2015)” ඔන්න ඔහොම තමයි ඇසසින් ක්‍රීඩ් සදහා මුල් පොත් ටික නිකුත් වුණේ. මේ ටික නිකුත් වෙනවත් එක්කම තමයි අපිට මේවා පදනම් කරගෙන ක්‍රීඩා මාලාවක් දැකගන්න ලැබුණේ. ඔය පොත් ටික පදනම් කරගෙන මෙත් එක්කම ක්‍රීඩාපෙල නිකුත් වුණේ. • Assassin’s Creed (2007) • Assassin’s Creed II (2009) •Assassin’s Creed Brotherhood (2010) • Assassin’s Creed Revelations (2011) • Assassin’s Creed III (2012) • Assassin’s Creed IV: Black Flag (2013) • Assassin’s Creed Rogue (2014) • Assassin’s Creed Unity (2014) • Assassin’s Creed Syndicate (2015) • Assassin’s Creed Chronicles: India (2016) මීට අමතරව වෙනස්කම් සහිත වූ නොයෙක් සංස්කරණ නිකුත් වෙලාතියනවා. මෙහි ක්‍රීඩා සියල්ල්යෙහිම නිර්මාතෘවරුන් හැටියට ගෞරවය හිමිවෙන්නේ “Ubisoft” සමාගටමයි. මේ පරිගණක ක්‍රීඩා මාලාවේ 2014 වසරේ වාර්තා වලට අනුව පිටපත් මිලියන 77 කට අදික වශයෙන් විකිණිලා තියනවා. නිකමට ඉතින් හිතලා බලන්න මොන තරම් ලොකු ජනප්‍රියතාවයක් ලැබිලා තියෙනවද කියලා. මේ සියල්ල ඇසුරින් නිකුත් වූ චිත්‍රපටය මේ සලරුවේ අධ්‍යක්ෂණය කරලා අපිට ගෙන එන්නේ ” Justin Kurzel.” මේකේ රංගනයෙන් දායක වන නළු නිලියන් ගැන කතා කලොත්, Shame (2011), The Light Between Oceans (2016), Prometheus (2012), X-Men: First Class (2011), X-Men: Apocalypse (2016) තව තියෙනවා… ඔය වගේ සුපිරි සිනමාපට වලට රංගනයෙන් දායක වූ “Michael Fassbender.” The Dark Knight Rises (2012), Inception (2010), Allied (2016) වැනි සුපිරිම සිනමාපට වලට රංගනයෙන් දායක වුනු “Marion Cotillard.” ඒවගේම පසුගිය අවුරුද්දේ විකාශය වූ සුපිරිම DC සලරුව Batman v Superman: Dawn of Justice (2016) සදහා රංගනයෙන් දායක වූ “Jeremy Irons.” ජෙරමි තමයි ඇසසින් ක්‍රීඩ්හී ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට දායක වෙලා තියෙන්නේ. තව “Brendan Gleeson” වගේ සුපිරිම රංගධර පිරිසක් මේකට දායක වෙනවා. සුප්‍රසිද්ධ IMDb ශ්‍රේණිගත කිරීමට දර්ශකයේ 6.4/10 ක අගයක් ලබාගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. සමහර දේවල් පටන් ගැම්මෙන් කවදාවත් තීරණය කරන්න බැහැ මේක හොද දෙයක්ද නැත්තම් නරක දෙයක්ද කියලා. එහෙව් එකේ කුණු තක්කාලි කාරයො මේ චිත්‍රපටය විවේචනයට ලක් කරලා තියෙනවා. මහජන ප්‍රදර්ශනය ආරම්භ කලේ 2016 දෙසැම්බර් 21 දින. මේක නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 125,000,000 ක මුදලක් වැය වෙලා තියෙනවා. එහෙමයි කියලා පාඩුවක් වුණේ නෑ. 2017 ජනවාරි 25’වැනි දිනට ඇමරිකානු ඩොලර් 53,913,004ක මුදලක් වගේම ලොව පුරා ප්‍රදර්ශනය කිරීම මගින් ඇමරිකානු ඩොලර් 202,945,341 ක සම්පුර්ණ මුදලක් උපයාගෙන තියෙනවා. ඉදා මෙන්න හදපන් කියලා Ubisoft ආයතනය මේකේ අයිතිය පැවරීමක් කලේ නෑ. Ubisoft ආයතනය විසින්ම පිහිටුවාගත් “Ubisoft Motion Pictures” සමාගම තමයි මෙහෙ නිර්මාණකරන කටයුතු සිදු කලේ. මේ නිසාම තමයි ඇසසින් ක්‍රීඩ් චිත්‍රපටය විශේෂ වෙන්න ලොකුම හේතුව. පැය 1, විනාඩි 55ක් පුරාවටම දිවෙන මෙම චිත්‍රපටය Action, Adventure, Fantasy මේ කැටගරි වලට තමයි අයත් වෙන්නේ. මොකක්ද මේ Apples of Eden කියන්නේ? Apple_of_Eden මේක ඇවිල්ලා හරියට ඇපල් ගෙඩියක් වගේ. ඊඩන්ගේ කොටස් වලින් පළමු මිනිස් ශිෂ්ටාචාරය විසින් තමයි හදලා තියෙන්නේ. ටෙම්ප්ලර්වරුන්වගේම ඇසිසන්ලා මේක අරගන්න පොර කන්නේ ගොඩක් හේතු නිසා. ඒවායින් කිහිපයක් චිත්රපටියෙක් දැකගන්න ලැබේවි. මේක ඇත්තටම ඉතින් ඇපල් ගෙඩියක් වගේ වුනාට උපකරණයක්. මේකට තියෙන හැකියාවන් ගැන කතා කරනවනම්, මුලාවට පත්කරන ප්‍රක්ෂේපණ (ඒ කිව්වේ ඇත්තටම නැති වුනත් ඇත්තයි කියලා හිතෙන දර්ශන), මනස පාලනය, භෞතික වශයෙන් මෙහෙයවීම, දැනුම, ගණනය කිරීම් දකින්න හෝ නිර්මාණය කරන්න ඇති හැකියාව වගේ හැකියාවන් තියෙනවා. හැබැයි මේ හැමදේම නැහැ. එක් චිත්‍රපටයකින් මේ හැමදේම දෙන්න බැහැනේ ඉතින්. මේ Apples of Eden කියන වචනේ වගේම Apple කියන වචනේ තියෙන තැන් වල මං “ඇපල් ඔෆ් ඊඩන්, ඇපල්, ඇපල් ගෙඩිය” වචන භාවිතා කරන්න වුණා. මොකද ඉංග්‍රීසියේ සදහන් වෙන හැම වචනෙම සිංහලට හරවන්න බැහැ. හැරේව්වත් සමහර වචන හෙන කැත අර්ථයක් ලැබෙන්නේ. “ඇසිසන් ක්‍රිඩ්” වගේම “ඇසිසන්” එකටත් එහෙම්ම තමයි හොදේ. මොකද හැම තැනම ඝාතකයො කියලා කියන්න බැහැ. කැතයි. ඒවා ගැන වැඩිය හිතන්න එපා බලන කෙනාට කිසිම බාධාවක් නොවෙන්න තමයි දාලා ඇත්තේ. ක්‍රීඩාවයි චිත්‍රපටියයි එකිනෙකාට (අ)සමාන වෙන තැන් හා වෙනත් තතු • ක්‍රීඩා අනුසාරයමද චිත්‍රපටිය තුලත් තියෙන්නේ? මේ වෙද්දීත් ගොඩදෙනෙක් දන්න කියන පළමු දේ තමයි මේ චිත්‍රපටය පාදක වුණේ මෙතෙක් නිර්මාණය වූ ක්‍රීඩා අනුසාරයෙන් කියන එක. හැබැයි තාමත් හිතාගන්න බැහැ මේක කොයි ක්‍රීඩාවට අනුබද්ධ කරලා නිර්මාණය කරන ලද්දක්ද කියන එක. ඇත්තටම එහෙම කියන්න අමාරුයි. මොකද චිත්‍රපටය Assassin’s Creed: Brotherhood ක්‍රීඩාවට සමානකමක් දක්වනවා. ඒ මොකද කියලා පස්සේ කියන්නම්. • Eagle Dive/Vision – ක්‍රීඩාවේදී වගේම චිත්‍රපටයේදී “Eagle Dive”(ඒ කිව්වේ රාජාවලියෙකු මෙන් උස් ස්ථානයක ඉදන් පොලවට පතිත වෙන විදිහ.) එක දැකගන්න පුළුවන්. ඒත් මං නම් දන්නේ නෑ Eagle Vision එක තියද කියලා. නමුත් ඉතින් Assassin’s Creed පෝස්ටර් අතරේ රාජාවලියෙකුගේ පෝස්ටර් එකක් වෙනම හදලා තිබුනා. • Abstergo – ගේම් එකේදී දකින්න ලැබුණා Abstergo කියන ගොඩනැගිල්ල. ඒකෙ තිබුණු ලෝගෝ එක මතක ඇතිනේ. අන්න ඒ ලෝගෝ එකම අරගෙන තමයි චිත්‍රපටයෙත් Abstergo එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම Animus (Animus කිව්වේ BVS වල සුපර්මෑන් එක පාරට පොලවට එද්දී දණහිසක් නවලා එක අතක් පොලවට තියන ලෑන්ඩින් එක තියන උපකරණෙ) එකත් දැකගන්න ලැබුණා. හැබැයි ටිකක් යාන්ත්‍රික බව නම් වැඩියි. සුපර්හීරෝ ගැන කියපු නිසා මේකත් කියන්නම්. මේක සුපර්හීරෝ සලරුවක් නම් නෙවෙයි. හොර රහසේ ඉලක්ක වෙතට ගිහින් යුක්තිය වෙනුවෙන් සටන් වැදිලා සාධාරණය ඉෂ්ට කිරීමක් විතරයි. උදාහරණයක් හැටියට ඇරෝ හා ඩෙයාඩෙවිල් මුල් කාලයේ වගේ. කොහොමනමුත් චිත්‍රපටයේ තිබුණු Animus එකේ ලොකු වෙනස්කමක් කරලා තිබුණා ක්‍රීඩා වල තිබුණු එකට වඩා ඔබ්බට ගිය විදිහට.මේ නිසාම ඉදිරියට නිකුත් වෙන ක්‍රීඩාවල Animus එකේ වෙනස්කමක් වෙන්න ඉඩකඩක් තියෙනවා. • සටන් ක්‍රම හා සැබෑ පතිත වීම් අනුසාරයෙ – Michael Fassbender ගැන කලින් සදහන් කරපු චිත්‍රපට අතරින් මොහුගේ උපරිම සටහන් ක්‍රම මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්. කොටින්ම “Eagle Dive” එක පවා සැබෑවටම රූගත කිරීමක් සිදු කලා.උස අඩි 125 ක් උස නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලක ඉදන් ශක්ති ඝට්ටනය – ජුල 30243, තප්පර 2.79 ක කාලයකින් පොලවට පතිත වීමක් හා ශක්ති වේගය – පැයට සැතපුම් 61.1 ක වේගයකින් මුදනේ ඉදන් පොලවට පතිත වීමක් සැබෑවටම රූපගත කලා. Michael Fassbender මේ පිම්ම අති සාර්ථක විදිහට නිම කලා.මේ වගේ හේතු නිසා තමයි නිෂ්පාදන අංශයට ලොකු පිරිවැයක් දරන්න වුණේ. • Spanish Assassin’s Brotherhood කණ්ඩායම – ගේම් එකේදී දැකගන්න ලැබුණා Spanish Assassin’s Brotherhood කණ්ඩායම. ඒවගේම තමයි චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ 15 සියවසේ ස්පාඥ්ඥය ගැනයි. මේ නිසා චිත්‍රපටිය තුළදීත් අපිට Brotherhood කණ්ඩායම දැකගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

• මයිකල් ෆෑස් බෙන්ඩර් තමයි Ubisoft සමාගම විසින් තෝරාගනු ලැබූ එකම නළුවා. නමුත් මයිකල් මෙහි රංගනයෙන් දායක වෙන්න ගත්තට එයා කිසිම ක්‍රීඩාවක් සෙල්ලම් කරලවත්, පොතක් කියලවත් තිබිලා නෑ.රුගත කිරීම් කරන අතරවාරේ ලැබුණු විවේකයක් ලැබුණු වෙලාවට තමයි මයිකල් මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්න අරගෙන තියෙන්නේ. කියන්න ඕනේ කරන, දන්නා කියන හැමදේම මුෂ්ටියක් නැතුව කියලා දැම්මා. දෙන්න ඕනේ ඉගි ඔක්කොම දුන්නා. ස්පොයිල් උනේ නෑ කියලා විශ්වාස කරනවා. මෙච්චර දවසක් ඉවසන් උන්නු එකේ ඉතින් කතාව කියන්න යන්නේ නැහැ.මොකද උපසිරැසිය දීලා තියෙද්දී වෙන්නේ මොකක්ද කියලා කියන එක කිසිම තේරුමක් නැති වැඩක්. සම්පුර්ණ ස්ථිර කිරීමක් නොතිබ්බත් චිත්‍රපට පෙලෙහි දෙවැන්නක් එන බවට පුංචි බලාපොරොත්තුවකුත් මට නම් තියෙනවා. ඒ ගැන බලාගන්න වෙන්නේ නුදුරේදීම තමයි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

Warcraft (2016) on IMDb 

 

Due to copyright issues, we do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip/WEB/DVD/BR පිටපත් සඳහා ගැලපේ.

24,407 downloadsDownload Assassins.Creed_.2016.All_.Up_.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

 

Subtitles

24,407 downloadsDownload Subtitles102 KB

157 comments

  1. Gibbs

    Thanks...

  2. ishan

    ELA SAHO....JAYA WEWA!!!!!!!

  3. Kasun Widusha

    Chamara owanammm ela bnn .tnx kolla

  4. madushan

    thanks machan sub akta...mama asma pc game aka...

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ
    පට්ට ෆිලුමකටනේ සබ කරලා තියෙන්නේ
    එලම...
    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    #ජය

  6. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. Chamal Perera

    Thanks chamara ayya

  8. KAVINDA GAMAGE

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු

  9. Malinda

    Hammee thankuuu bn meka danakan maga balagena hitiyeeee thank youuuuuu

  10. kaviya

    Patta pattaa tq✌✌✌

  11. චින්තක

    සුපිරිම සුපිරි ෆිලුමක් නේ ගෙනත් තියෙන්නේ ,,, එනකම් මගබලන් හිටියේ බන් ,,, සුභපැතුම්ජයවේවා ..

  12. #ChalinduDeshan (කිනා)

    ඕ යේ....

  13. Kàvindu Yàsàs

    Thnx saho sub akeata...puluwennm force 2 akath sub denna

  14. Mahesh

    Sub ekatai lipiyatai thanx bro

  15. charith

    tnx bn.hugak kal balan hitiye sub eka denakan.sub 1k dunnata tnx ahhhh...

  16. Web-බුවා

    BR ආවාම පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ බලන්න බැරියෑ ගොයියෝ! :D

    ඔය මයිකල් කියන හාදයා, විවේකයක් ලැබුණු හැම වෙලාවෙම මිනිහ'ගේ ගෙදර තියෙන අඟල් 75' TV එකට ඔය ගේම් එක දාලා පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ ඕක ගැහුවේ. ඔය හාදයව ubisoft එකෙන් ප්‍රතික්ෂේප කළා නම්, ඕකා ඔය ගේම් එක ගහන් නෑ. ;) ;) ;)

    ජය! :)

  17. Chamath

    tnanx broooooo

  18. Chinthaka

    Hoya ganda bene ban.link ekak dapanko..ekek

  19. Viraj

    sub 1tai lipiyatai thanks saho....

  20. srimantha

    sword master 2016 me movie ekatat sinhala subtitles puluwannam hadanna.

  21. Nadeeka

    Thanks yako ummma

  22. Bhagya Madushan

    thanks

  23. Chamith Ranreka Nilaweera

    ammo suba deela thanku thanku XD

  24. Nüwäñthå Dúlån

    හම්මා එලම හොඳේ,
    සබට තැන්කූ වේවා චාමර :)

  25. sherlock galle

    Thanks

  26. අසිත

    bluray awama balmu.
    thanks saho

  27. Dimuthu

    Thank you!

  28. sudarshana fdo

    ela supiri thanks..................

  29. සචින් අකලංක.

    පට්ට. BR ආවම බලනවා.තැන්ක්ස් සබට.

  30. dilan

    godaak godaak sthuthi yaluwa.

  31. nalin

    Thanks For the Sub..
    පුළුවන් නම් Snatch (2000) එකට sub දෙන්නකෝ

  32. ISuru

    tnx machan...waiting for this so long...cheers

  33. lahiru

    meka enakan pisseka wa pissek wage balan hitiye..ela thanx aaaa

  34. tharindu

    meka kiyawala iwara wenakota film eka download wela tiyeyi

  35. Melan

    සබට ගොඩාක් තැන්ක්ස්.දිගටම සබ් කරන්න ලැබේවා.bluray copy ය අපුහාම බලනවා

  36. කෞෂාන් පියුමන්ත

    හම්මේ ඉතින්, දෙනකන් බලාගෙන හිටියේ,පට්ට ඈ

  37. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය වේවා...!!

  38. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  39. Dilanda Rukshan

    thanks bro sub 1ta...

  40. Dilip Prasanna

    Thnq mchn

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. Prasad Randunu

    බොහෝම පින්... කැපවීමට ස්තූතියි යාළුවා . නැවත හමුවෙමු . ජය වේවා .!

  43. praneeth madu

    බොහෝම ස්තුතියි සාමරයෝ

  44. Janitha

    thanks brother. good luck

  45. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  46. ගලේගෙදර

    සබ්ටයිටල් rar file විදියට නැතුව zip file විදියට දාන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්....අන්ඩ්‍රොයිඩ් 4n වල mx player එකේ rar file වැඩ කරන්නේ නෑ...........

    1. Sasanka Madhumal

      Ithin extract krpnko

  47. rakitha ranathunga

    Thanks aiye...
    Denakan hitiye sub eka...

  48. Chamara Asanka

    Hamme pissu hedenwa galapim tika dekkma kiyeuwama!!!!!chamaraya kepavima agaya krnwa hadawthinma jain jayama weva umbata thnx

  49. Udara Damith B/K

    Assassin’s Creed (2007) • Assassin’s Creed II (2009) •Assassin’s Creed Brotherhood
    මන් නම් මේ තුන විතරයි ගහලා තියෙන්නේ
    බ්ලු රේ ආවම අප්ඩේට් එකක් දෙනවනේ

  50. Susith

    Sub ekata thx. Jaya wawa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.