Watch Trailer

Diana (2013) Sinhala Subtitles | රහස් පෙම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට ‍මම මේ පාර සිංහලෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවේ, වේල්ස් හි කුමාරිකාව නමින් විරුදාවලිය ලත් ඩයනා කුමාරියගෙ අවසාන වසර දෙක තුල ඇය ඇති කරගත් ඇගේ රහසිගත ප්‍රේමය පදනම් කරගෙන නිර්මාණය කල අපූරු සලරුවක් ලෙසින් නිකුත් උන ඇගේ චරිතාපදානයයි. IMDb වෙබ් අඩවියේ 5.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ…

Diana (2013)
ඔන්න යාළුවනේ ඔයාලට ‍මම මේ පාර සිංහලෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවේ, වේල්ස් හි කුමාරිකාව නමින් විරුදාවලිය ලත් ඩයනා කුමාරියගෙ අවසාන වසර දෙක තුල ඇය ඇති කරගත් ඇගේ රහසිගත ප්‍රේමය පදනම් කරගෙන නිර්මාණය කල අපූරු සලරුවක් ලෙසින් නිකුත් උන ඇගේ චරිතාපදානයයි. IMDb වෙබ් අඩවියේ 5.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සංවේදී සලරුව 2013 ඔක්තෝම්බර් මස 4 වෙනිදා ඉන්දි‍යාවේ මුලින්ම ප්‍රදර්ශනය උනා. මෙම චිත්‍රපටියේ ඩයනා කුමරියගේ චරිතය රඟපෑමට නියමිතව සිටියේ Jessica Chastain උනත් වෙලාවන් වෙන් කර ගැනීමේ ගැටළුවක් පැන නැගුන නිසා ඇය වෙනු‍වට එම චරිතය රඟ දැක්වීමේ භාග්‍යය හිමි කරගැනීමට සුපිරි නිලි Naomi Watts සමත් උනා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 295‍ වෙනි තැන රඳවගෙන තියෙන මේ සලරුව මගින් ඩයනා කුමරියගේ ජීවිතේ තිබුන සුන්දරම සහ අසුන්දරම තැන් හොඳින් දක්වා තියෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන පෝස්ටරයට පසුබිම් ඡායාරූපය ලෙස මුලදී යොදාගෙන තිබුනේ 1997 වසරේදි ඇය අනතුරට ලක් වූ පැරිසියේ උමග අසල ඡායාරූපයකුයි. නමුත් ඒ සඳහා මතු වූ දැවැන්ත විරෝධය හමුවේ එම ඡායාරූපය ඉවත් කිරීමට මෙහි ප්‍රංශ බෙදාහරින්නා විසින් කටයුතු කරනු ලැබුවා.

මේ කතාවේ ආරම්භය වෙන කොට ඩයනා කුමරිය චාර්ල්ස් කුමරාගෙන් දික්කසාද වෙන්න තීරණය කරලා වෙනම ජීවත් වෙනවා. එහෙම ඉන්න අතරේ ඩයනා දිනක් රෝහලකට යනවා ඇගේ මිතුරියකගෙ අසනීපෙන් සිටින සැමියව බලන්න. එතනදි ඇයට අපූරු ශල්‍යවෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා. ඔහු නමින් හැස්නට් කාන්. හැස්නට් කාන් පකිස්තානු ජාතිකයෙක්. මුලු රෝහලම ඩයනා කුමරියට සුවිශේෂි විදිහට සලකද්දී හැස්නට් කාන් ඇයට සලකන්නේ අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට සලකන ආකාරයටමයි. මේ දේ ඩයනා කුමරියගේ හිතට තදින් කා වදිනවා. එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඇය හැස්නට් කාන් සමග ප්‍රේමයෙන් වෙලීමයි.

ඉතින් යාළුවනේ.. ඩයනා ඇත්තටම ප්‍රේමයෙන් වෙලෙන්නේ හැස්නට් කාන් සමග නම් ඇය මියයන විට ඩොඩී අල් ෆයිඩ් නැමති ධන කුවේරයා සමග සිටින්නේ ඇයි? ඩයනා කුමරිය ශල්‍ය වෛද්‍යවරයාට පෙම් බැන්දට ශල්‍ය වෛද්‍ය වරයා ඇයට පෙරලා පෙම් බඳීවිද? ඩොඩී අල් ෆයිඩ් කියන්නේ ඩයනා කුමරියගේ පෙම්වතුන්ගෙන් එක්කෙනෙක් විතරයිද? ඩයනා කුමරිය තම ජීවිතයේ අවසාන අවුරුදු දෙකේදි මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? සතුට වගේම දුක් කම්කටොලු හමුවේ ඩයනා කුමරිය තම ජීවිතය ගෙවන්නේ කොහොමද? කියලා මේ චිත්‍රපටිය බලලම දැනගන්න …හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,571 downloadsDownload Diana-2013.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,571 downloadsDownload Subtitles85 KB

45 comments

  1. chami

    thanks saho

  2. vee

    maxxa film akak :D

  3. was

    බොහොම තුති!

  4. එරංග

    ජය වේවා!!! එලස්

  5. isuru

    thanks bro

  6. rusuru | රුසිරු

    බොහොම තුති

  7. Hasitha prasad

    නියමයි සහෝ දිගටම සබ් දාමු

  8. Chathura Madusanka

    සහෝ නියමම් ඒවනේ ගේන්නේ.සන්තෝෂයි,.සන්තෝෂයි...ඔන්න එහෙනම් ගත්තා

  9. kalana

    tQ

  10. wow

    wow,, maru :D

  11. chamath cafe

    එලස් :)

  12. ccnp

    Thanks

  13. නලින්

    අප්පට සිරි කිව්වලු! මෙන්න මෙක දිලාත් එක්ක..

    දන්නේ ම එනකං.

    ස්තුතියි දිනුදු අයියා!

    ජය වේවා!

  14. venura

    thanks u macho

  15. zumo man

    elazzz thnxzzz

  16. mudiya / මුදියා

    අප්පටසිරි දිනිඳුව එකළඟ බස්සනවනෙ සුපිරි පහරවල්.
    100ටත් දැන් ළඟයි මං හිතන්නෙ නේද.
    නියමයි මචං.
    සත්‍ය කතා නම් අතඅරින්නෙ නෑ.
    බාන්න දැම්ම එකෙන්ම.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

    1. mudiya / මුදියා

      Free Birds එකේ බ්ලූරේ ඇවිත් නේද.
      අප්ඩේට් පාරක් දාමුද???

    2. විකියා

      BR කොපියට තමා දීලා තියෙන්නේ සහෝ

    3. mudiya / මුදියා

      හුටා මං බාල තියෙන්නෙ පොඩි කොපියනෙ.
      එල එල තැන්කූ හොඳේ

  17. Hiruni

    thanxxx.........

  18. අසංක වලව්වත්ත

    නියමයි. ..... නියමයි.... ඔබට ජය,,,,,

  19. Chami

    Thank you very much...

  20. ලසික

    balanna hitiya film ekak.. thanks sahoo...

  21. tharindu

    Fatta film ekak vageee....dayana kumariya gana nodath deval dana ganna puluvannn....thankss sahoo sub ekatahh...

  22. Siraj

    ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි........

  23. me

    Thanks

  24. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  25. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....ජය​! :P :P :P

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේක බලන්නම ඕනි කතාවක්,බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho..
    pattai..

  28. “චූටී මල්ලි”

    වටිනා කතාවක් වගෙ
    එලස් දිනිදු සහෝ
    සබට තුති
    ඔබට ජය.............

  29. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. එනකම් බලාගෙන උන්නු එකක්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  30. ගමයා

    පට්ට film එක
    ඕන්න මමත් බාන්න දෑම්මා
    සබට තුති!

  31. Uraj Deemantha

    එලස්..... ස්තූති.... :)

  32. Asheka

    thnks

  33. Thanuja Deema

    Machanla me film eka hodada bn????

  34. වරුණ රංගජිත්

    නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ස‍හෝ.ජය දිගටම සබ් දෙමු...

  35. ශාන් විමුක්ති [විමා]

    මුලු රෝහලම ඩයනා කුමරියට සුවිශේෂි විදිහට සලකද්දී හැස්නට් කාන් ඇයට සලකන්නේ අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට සලකන ආකාරයටමයි. මේ දේ ඩයනා කුමරියගේ හිතට තදින් කා වදිනවා. එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඇය හැස්නට් කාන් සමග ප්‍රේමයෙන් වෙලීමයි
    ඔන්න කොල්ලනේ කෙල්ලෙක් දැලේ දාගන්නවනම් කොමේ හෙහ් හේ රජ කුමරියක් උනත් දැලේ වැටෙනවා :P
    සබට බොහොම ස්තුතියි දිනිදුවෝ
    ජය!

  36. Deshan

    thanks machan

  37. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  38. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  39. Naween

    එළ.King kong කෙල්ල නිසා කොහොමත් බලනවා.උපසාරැසායට බොහොම ස්තූතියි දිනිඳු සහෝ...

  40. Anonymous

    අනේ මට film 1 blnna be...Ain karalada....