Watch Trailer

Dil (1990) |සල්ලි බලෙන් ඇති වූ ආදරේ… [සිංහල උපසිරසි සමඟ]

සල්ලි… සමහරුන්ට කොච්චර තිබුණත් මදි. කොහෙන් හරි හොයන්නයි හදන්නෙ. එහෙම අය බලන්නෙ තමන්ගෙ පවුල විකුණල හරි සල්ලි ගන්න. මේ වගේ සල්ලි පෙරේතයො කොච්චර එකතු කළත් ඒව වියදම් කරන්නෙ නෑ. එයාල හිතන්නෙ සල්ලි වලට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියලයි. අද මම ඔයාලට ගේන්නෙත් ඒ වගේ කතාවක්. හසාරි ප්‍රසාද් කියන්නෙ ඒ වගේ කුණුම ක…

Dil 1990

සල්ලි… සමහරුන්ට කොච්චර තිබුණත් මදි. කොහෙන් හරි හොයන්නයි හදන්නෙ. එහෙම අය බලන්නෙ තමන්ගෙ පවුල විකුණල හරි සල්ලි ගන්න. මේ වගේ සල්ලි පෙරේතයො කොච්චර එකතු කළත් ඒව වියදම් කරන්නෙ නෑ. එයාල හිතන්නෙ සල්ලි වලට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියලයි. අද මම ඔයාලට ගේන්නෙත් ඒ වගේ කතාවක්.

හසාරි ප්‍රසාද් කියන්නෙ ඒ වගේ කුණුම කුණු පෙරේතයෙක්. ලෝබ කුණෙක්. පරණ පත්තර, බෝතල්, කුණු කන්දල් විකුණල හම්බ කරන සල්ලි සේප්පුවෙ දාගෙන ඉන්නවා. වැරදිලාවත් වියදම් කරන්නෙ එහෙම නෑ. මෙයාට ඉන්නෙ එකම පුතයි. ඒ තමයි රාජා. හොඳ ලස්සන කඩවසම් කොල්ලෙක්. ඒ වගේම සෙල්ලක්කාරයෙක්. තාත්තගෙ සල්ලි වියදම් කරල හැමදාම යාළුවන්ට පාර්ටි දෙනවා. හසාරිගෙ වැඩේ තමයි රාජාට මනමාලියො හොයන එක. නිකන්ම මනමාලියොත් නෙවෙයි හොයන්නෙ. හොඳට සල්ලි එහෙම තියෙන, ඒ කියන්නෙ කෝටිපතියන්ගෙ දුවල තමයි එයාට ඕනෙ. හැබැයි මනමාලිට පිස්සු උණත් කමක් නෑ, සල්ලි තියෙනව නම්. ඔය අතරෙ රාජාට කොලේජ් එකේදි කෙල්ලෙක් සෙට් වෙනවා. ඒ තමයි මදූ. මහා ආඩම්බරකාරියක්. හැබැයි කෝටිපතියෙකුගෙ එකම දුව. මේ දෙන්න හම්බ වෙන හැම තැනම වලි. දෙන්නට දෙන්නා පෙන්නන්න බෑ.

දවසක් හසාරි ප්‍රසාද් රාජාව ඇදගෙන යනවා මනමාලියක් බලන්න. ගිහින් බැලින්නම් ඒ මනමාලි මදූ. එතනත් මේ දෙන්න ලොකු වලියක් දාගෙන එනව කසාද බඳින්නත් බෑ කියල. හසාරි ප්‍රසාද් හදන්නෙ කොහොම හරි මේ කසාදෙ කරවන්න. මොකද සල්ලි එන නිසා. මේ හින්ද හසාරිට සිද්ධ වෙනවා කොටිපතියෙක් වගේ රඟ පාන්නත්. මේ අතරෙ කොහොම හරි වැරදීමකින් හරි මදූයි රාජායි ආදරේ කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් ගෙවල් වලිනුත් කැමති වෙලා දෙන්න බඳින්නයි යන්නෙ. මෙතනින් පස්සෙ සිද්ධ වෙන්නෙ වෙන දේවල් කියන්න ගියොත් අන්තිමේදි මුලු කතාවම කියලයි නතර කරන්න වෙන්නෙ. ඒ නිසා මෙතනින් නවත්තන්නම්.

1990 දි තිර ගත වූ මේ චිත්‍රපටිය IMDb අගය 6.9ක් ගන්නා අතරම ඒ වසරේ වැඩිම ආදායම් වාර්තා තැබුවෙත් මේ චිත්‍රපටියයි. Indra Kumar විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ Aamir Khan, Madhuri Dixit, Anupam Kher සහ Saeed Jaffrey. මෙහි රංගනය වෙනුවෙන් Madhuri Dixit හොඳම නිළියට හිමි Filmfare සම්මානයද දිනා ගන්නවා. Anand-Milind ගේ සංගීතයෙන් හැඩවුණු මෙහි Udit Narayan, Anuradha Paudwal, Sadhana Sargam සහ Suresh Wadkar ගේ මියුරු හඬින් හැඩවුණු මියුරු ගීත රැසක්ද අන්තර්ගත වෙනවා. මෙහි නැවත නිර්මාණයක් බිහි වෙනවා 1993 වසරෙදි තෙලිගු භාෂාවෙන් Tholi Muddhu නමින්. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු.

Dil (1990) on IMDb

 

 

696 MB කොපිය මෙතනින් බාගන්න

445f8ed850ebe55897cda139a40ccfe38ab8c83d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,630 downloadsDownload Dil.1990.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,630 downloadsDownload Subtitles44 KB

40 comments

  1. udesh

    tnzzz sis

  2. නලින්

    ස්තුතියි කියලා කිව්වත් මදි අමා නංගි.. මෙක ඒ දවස්වල පිස්සුවෙන් වගේ බලපු ෆිලුමක් තමයි... ඒළස්ස් වෙවා!

    ජය වෙවා!

  3. ශාමල් මනෝජන්

    මේ වගේ ෆිල්ම් වලට ඔයාට කොච්චර ස්තූති කලත් මදි දහරා.

  4. එල්.සී. දමැල්

    ලස්සන අර්ථවත් කථාවක් වගෙයි...
    උපසිරසට තුති...
    ජය වේවා...

  5. කැලුම් ගුණසේකර

    බැලුවා වගේ මකයක් තියනවා. කමක් නෑ. ආයේ බලමු. ස්තුතියි උපසිරැසියට.

  6. Vithanage Priyantha Dayakeerthi

    හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් ඔබ මේ ගෙනත් තියෙන්නෙ. ස්තුතියි!

    ඒ කාලේ උපසිරසි නැතුව බැලුවේ. දැන් ලෙහෙසියෙන්ම තේරුම් අරගෙන කතාව බලන්න පුළුවන්.

    සොයුරියේ, ඔයාගේ මේ නිර්මාණය ගොඩක් වටිනවා, ඒ වගේම දශක ගණනාවක් රසිකයන් අතර මෙය අතිනත යනවා ස්තිරයි.

  7. Sisira Hegoda

    මේකෙ මම ආසම නලුවෙක් ඉන්නවා අනුපම් කෙර්. මේකෙ කොමඩි උනාට ඕන ම චරිතයක් කරන්න හරිම දක්ෂයි.ස්තූතියි. දිගටම මේ වගේ කරන්න ඔබට ධෛර්ය ලැබේවා.

  8. raki

    ~~~thanks muthu~~~~

  9. Darsh

    Thanks

  10. Kulanjana Maduranga

    niayamai…sahaenna watina movie 1k...thanks MUTHU AMA sis..sub ekata..digatama sub demu.jaya wewa.....

  11. pathum

    ස්තුතියි .ලස්සන film එකක්.රාජා හින්දුස්තානි film එකත් පුලුවන්නමි දෙන්න.ස්තුතියි.

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සහෝ...
    සුපිරි බඩ්ඩක් නේ ගෙනත් තියෙන්නේ...
    පුදුමේ කියන්නේ 600+ mb කොපියක් තිබ්බ කිව්වම මේකේ..
    එහෙනම් බලමු නේ...
    තවත් මේ වගේ එව්වා ගෙනෙන් මචෝ..
    ජය වේවා!!

  13. ගයාන් රූකාන්ත

    මමත් ආසම ෆිල්ම් එකක්,පොඩි කොපියකුත් තියන එකේ
    අනිවා බලන්න ඕනේ,සබට බොහොම තුති අක්කේ.ජය!

  14. kanishka

    ලස්සන කතාවක්. ලස්සනම ලස්සන සින්දු ටිකක් තියෙනවා. ස්තූතියි නංගි....

  15. අරුණ

    නියමයි,,,, ස්තුතියි,,,,

  16. ash

    නියමයි අක්කේ

  17. තාරක නුවන් දිල්හාර

    නියමයි..
    බොහොම ස්තුතියි උපසිරසියට
    ලස්සන ෆිල්ම් එකක්නේ ගෙනල්ලා තියෙන්නේ
    වෙලාවක් ලැබුනොත් ආයෙත් අරගෙන බලන්නම්
    ජය වේවා.....!!!!

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. PRASAD

    ආ... පරන උනත් පට්ට කතාවක්. අලුත් ටී වී සීරියස් එකක් තියෙ ග්‍රිම් කියලා
    උපසිරසියක් දාන්න පුලුවන්නම් නියමයි

  20. sandun

    Thanx sis

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  22. nalinda

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Samawenna comment eka copy karata. mata sinhala type karanna beriyooooo

  23. Yenu

    niyama film 1kne deela thiyenne.......digatama sub denna,,thank you,,,,,,,,,,,,..........

  24. kanchana

    ITN eke hindi film pennanna patan gattha mulma dawaswala pennaddi mamath beluwa ammalagen benum aha aha...

    e kale mathak kara kara aye balanna puluwan
    godak sthutiy sub dunnata

  25. “චූටී මල්ලි”

    පරන එකක් නෙහ්..එලස්
    සබට තුති
    ඔබට ජය.......

  26. අමල් අකලංක

    ගොඩක් ස්තූතියි. හුඟක් හොයපු චිත්‍රපටියක්.මගේ ආසම එකක් ඒ දවස්වල.තෑන්ක්ස්

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි අමා :P ජය

  28. sasanka

    patta film ekakne podi kale balala thiyanava lassana sindu tikakuth thiyanava me vage parana fims denna thava.budusaranai.

  29. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Sampath

    Thanks...........

  31. Deex

    thanks

    seeders nan godaak adui

    balamu download wenna dala.

  32. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    පට්ටම ෆිල්ම් එකක් තමයි .
    බොහොම ස්තුතියි සබට !

  33. Chami.S

    Thanks...

  34. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දහරා
    සබට ගොඩක් ස්තූතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  35. nilantha

    charter this movie

  36. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  37. Piyumal Dissanayaka

    thanks for sub

  38. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මේ උපසිරැසියටත් නංගියෝ...ජයෙන් ජයම ලැබේවා !!!

  39. Arawinda Sunimal

    thanks sub ekata jayawewa............

  40. Kaviya

    ඔයල මේ කරන වැඩේටනම් ගොඩක් පින්
    මට පොඩි ඉල්ලීමක් කරන්න තියනව
    Dil tera aashiq (1993) movie එකට උපසිරසි
    හදල දෙන්න පුලුවන්ද
    ලොකු උදව්වක් ❤❤