හායි යාලුවනේ, මම පුර්ණිමා මධුභාෂි. හැමදාම මම බයිස්කෝප් එකෙන් සබ් ගත්තා විතරනේ. ඔන්න අද මං සබ් එකක් දානවා. මේක මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් ඒක මං ගොඩක් ආසා කරන ෆිල්ම් එකක්. ඒක දැන් ටිකක් පරණයි. 2002 සැප්තැම්බර් 6 වෙනිදා තමයි මේක රිලීස් කරලා තියෙන්නේ.. ප්‍රීති සින්ටා (ශාලු) ,අර්ජුන් රාම්පාල් (දේ…

හායි යාලුවනේ, මම පුර්ණිමා මධුභාෂි. හැමදාම මම බයිස්කෝප් එකෙන් සබ් ගත්තා විතරනේ. ඔන්න අද මං සබ් එකක් දානවා. මේක මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් ඒක මං ගොඩක් ආසා කරන ෆිල්ම් එකක්. ඒක දැන් ටිකක් පරණයි. 2002 සැප්තැම්බර් 6 වෙනිදා තමයි මේක රිලීස් කරලා තියෙන්නේ.. ප්‍රීති සින්ටා (ශාලු) ,අර්ජුන් රාම්පාල් (දේව් ඛන්නා), මහිමා චෞද්රි (නිම්මි), ජිමී ශ්‍ර්ගිල් (සමීර්), රේඛා (සරීතා ජී) තමයි මේකේ ප්‍රධාන චරිත .ගොඩ දෙනෙක් මේක බලලත් ඇති.
ශාලු කියන්නේ නිම්මිගේ තාත්තගේ අනියම් සම්බන්දයකින් ඉපදුන දරුවෙක්.පොඩි කාලෙම ශාලුගේ අම්මයි නිම්මිගෙයි ශාලුගෙයි තාත්තයි අනතුරකින් නැති උනා. එතන ඉදන් ශාලුව ලොකු මහත් කරන්න උනෙත් නිම්මිගේ අම්මා සරීතා නෝනට. මේ දෙන්නා එකටමයි හැදුනේ වැඩුනේ. ශාලුගේ ඇත්ත ගැන දැන් දන්නේ සරීතා නෝනා විතරයි. සරීතා නෝනා අතින් ශාලුට පොඩි පොඩි වෙනස්කම් වුනා. එත් නිම්මියි ශාලුයි දෙන්නා ගොඩාක් එකිනෙකාට සමීපයි හිටියේ. ශාලුගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවා උනේ සමීර්. එයා පොඩි කාලේ ඉදන්ම ශාලුට ආදරේ කළා. ඒත් ශාලු ඒ ගැන දන්නේ නෑ.
මේ අතරේ තමයි දේව් එන්නේ. දේව්යි ශාලුයි එකිනෙකාට ආදරේ කරන්න ගන්නවා . නිම්මිත් දේව් ට ආදරේ කරන්න ගන්නවා. ඒ ගැන දැනගත්තහම ශාලු දේව්ව මග අරින්න ගන්නවා. දේව්ව කාට අයිතිවෙයිද? සමීර්ට ශාලුව හිමිවෙයිද? ශාලුගේ ඇත්ත එළිවෙයිද? ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න. මේ මගේ පළමුවෙනි උපසිරැසිය නිසා සුළු සුළු අඩුපාඩු ඇති. ඒවට සමාවෙලා ඔයාලගේ අදහස් කියල කමෙන්ට් එකක් දාල යන්න. ජය වේවා හැමෝටම!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
504af66472a1930801c759caa0664e85e2b069e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,312 downloadsDownload Dil.Hai_.Tumhara.2002.baiscopelk.com_.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/පුර්ණිමා-මධුභාෂි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
48 comments
නලින්
Purnima
Thanx frnd :)
suminda
“පුර්ණිමා මධුභාෂි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය
Rakith
Wow purnima sahodari, mama asama salaruwak. digatama me wage apiwa pinawanna. :P
Purnima
Thanx Mayura :D :D
Sandu
purnima akki, niyamai hode. may triple gem blz u :)
Purnima
Thanx nanga :D
අදිත ප්‍රවීන්
සාදරයෙන් පිළිගන්නවා අක්කේ !
දිගටම බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා සබ් දෙමු .
සුභ පතනවා ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා .
:DPurnima
Thanx malliyo :)
mahesh
asama film ekak dan sub ekkama balanna puluwan tnx
වරුණ රංගජිත් (වරූ)
නියමයි පූර්ණිමා නියමයි....
මේක බාගෙන තියෙන්නේ මම...
ඕක ඔයා කලේ නැත්නම් අනිවා මම කරන්නේ...
මොකද මම බාගත්තේ කරන්න කියලා...
ඒත් දැන් නියමයි... මට දැන් ෆිල්ම් එක නැවුම් විදියට බලන්න පුළුවන්...
ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට...
පළවෙනි එකට සුබපැතුම්..
ඉදිරියටම යමු..
ජයම වේවා...!!!thisal
tnxxx දිගටම සබ් කරමු
මයුර
අහ් පුර්නි වැඩේ එල ආහ්හ්... කාලෙකට කලින් ජාතික රූපවාහිනියේ ආසාවෙන් බලපු එකක්. මොහබ්බත් කියලා ආස කරන සින්දුවකුත් තියේ. දිගටම සබ් ඕනා හරී. ජය වේවා!
sandu (real)
good luck purni akki..digatama karagena ynna :D btw nice work :)
Kulanjana Maduranga
G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks PURNIMA Sis. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa.........
chamal
Great work. Keep it up! Good luck!! :-)
භාග්‍ය වික්‍රමසිංහ
දිගු ගමනක් යන්න සුභ පතනවා
Dilshan
ela ela, issarahatath honda sub danna dairyaya shakthiya labewa
Hasi
Thnx nango sub ekata. digatama kragena yanna. but seeds thama natthe. banna bari wei wage..
PANDA
ගොඩක් පින් මගේ වයිෆරේ මේකට ගොඩක් අසයි , මට මෙක පෙන්න්න පුලුවන් එයාට එ ඔක්කොමත් හරි වැලන්ටයින් දවසේ අපි දෙන්නට බලන්න පුලුවන් තැක් මචි
Thilina
Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැමරාවක්!
13B (2009) |බය වේවා!
Rocket Singh (2009) | සිරා බුලට් එකක්..
Billu Barbar (2009)කියන films ගැන articles, baiscopelk එකේ තිබුනට සිංහල සබ් නැහැනෙ ඒවයෙ. පුලුවන්නම් ඒවටත් සිංහල සබ් දෙන්නකො. :)
Yenu
sha......oyanam niyamai...me film 1 ekale mama sahena wathawak baluwa.baiscope 1ta kawru deido kiyala balan hitiye.mama dawasak me film 1 illala comment 1kuth damma.kohoma unath hagaaaaaaaaaaak sthuthiy sub 1ta..digatama me wage sub denna..........
chathura
niyamai nagiyo. oyata subapathum
sandaru
wow nice work i proud of my bunny
Jack
නියමයි අක්කියෝ.
මේක මම ආසම හින්දි එකක්.
දිගටම වැඩේ කරගෙන යන්න.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා.kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි පුර්ණි :P ජය
UD Shanka
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා.kanchana
mama me film eka balala tiyenawa tv eken.. e nisa ganne ne eth oya hindi ekaka sub dunna eka nam watinawa .. mama asma hindi ewata...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chathura
plz me torrent eka dwl wenne nahene
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝදරී...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:DUdara
niyamaiiii jaya wewaa
බ්ලැක් පැන්තර්
පළමු වැඩේට සුභ පතනවා සහෝදරී...
ඒ වගේම බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...
සබට තුති.
ජය...!!!Amalka
සුබ පැතුම් පලමු සබට දිගටම කරගෙන යන්න
ඒ වගේම ස්තූතියි සබටරොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Tharu
Plz Can't download this torrent..help :(
TharinDu
Na Tum Jaano Na Hum (2002) film ekat dennako
එල්.සී. දමැල්
පළමු වැඩේට සුභ පතනවා සහෝදරී…
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා…
තුති.
ජය…!!!Tharu
Meke Torrent Link Eka weda karanne nene. Kohomada oyala film eka download karagaththe..
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Amal
meka download karaganna bahane :-( seeds nh
Shashika
me film eka download karanna bane.seeds leads aththema na.mokada karanne ekata?kohomada download karanne
maikee
thakyou. sub eka dila tibbata. mta sinduwak matak wela google eke search karaddi sub tiyenawa dekka. film ekath balanna hituna a nisa. baiscopelk. thaks ah site ekata. sub dunna kenatath thankyou
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි පූර්නි සහෝදරි උපසිරැසියට...ජයවේවා !!
Isanka
Appa bohoma amaruwen dvd rip file eka hoyagatta
***kavinda rumesh
kohomada bn hoyagatte
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
සාදරයෙන් පිලිගන්නවා පුර්ණිමා මධුභාෂි සහෝදරියව. තව තවත් මනරම් නිර්මාණවලින්
අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.
ස්තුතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!