Watch Trailer

Dilwale (2015) with Sinhala Subtitle | අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි සමඟ]

හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වු…

Dilwale (2015)

හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච  කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි ගම් සිනමාපටයට පස්සෙ වසර 9 ක නිහැඬියාවකින් පසු ශාරුක්-කාජල් ආදර අන්දරයක් අපිට ආයෙමත් දැකගන්න ලැබුනේ 2010 වසරේ නිකුත් වෙච්ච මයි නේම් ඉස් ඛාන් සිනමාපටයත් එක්කයි. ඉන් පසු නැවතත් වසර 5 කට පසුව 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ගෝල්මාල්, සිංගම්, බෝල් බච්චන් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ රෝහිත් ශෙට්ටි මේ දෙන්නව රිදී තිරයට ගේනවා. ඒ මේ දිල්වාලේ (Dilwale) සිනමාපටයෙන්.

2013 වසරේ නිකුත් වෙච්ච චෙන්නයි එක්ස්ප්‍රස් සිනමාපටයෙන් පසුව රෝහිත් ශෙට්ටි අතින් නැවතත් ශාරුක්ව යොදාගෙන අධ්‍යක්ෂණය වෙන සිනමාපටය වන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. මොහු අතින් අධ්‍යක්ෂණය වුන චෙන්නයි එක්ස්ප්‍රස් සිනමාපටයට ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර හම්බුණ නිසා ප්‍රේක්ෂකයින් බොහොමයක් මේ සිනමාපටය ගැනත් හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා.කොහොම නමුත් හින්දි සිනමාලෝලීන් බොහෝ දෙනෙක් කියන්නෙ මේ කතාව මෙතෙක් නිපදවුණු ශාරුක්-කාජල් ආදර අන්දර වලට වඩා හුඟක් සරලයි කියලා.  තවත් කට්ටියක් කියනවා නෑ නෑ ඉස්සර වගේම මේ සිනමාපටයෙත් දෙන්නගෙ ආදරේ හරිම ලස්සනට ගලාගෙන යනවා කියලා. කියන විදිහට සරල නෑ කියල. නමුත් දැන් වයස 50ක් වෙන ශාරුක් සහ 41ක් වෙන කාජල් අතර මේ ආදර අන්දරය මටත් හිතෙන විදිහට ලස්සනට ගලාගෙන යනවා. හැබැයි ඒක මගේ මතය. ඔයාලා මේක ගැන බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බලන ඔයාලටම ඒක තීරණය කරන්න කියලා  මම කියනවා.

Student of the Year, Main Tera Hero, ABCD 2 වගේ සිනමාපටවලින් අපි හඳුනගත්ත වරුන් ධවාන් ශාරුක් සමග ප්‍රථම වරට සිනමාපටයකට සම්බන්ධ වෙන අවස්තාව මේකයි. ඒ වගේම හීරෝපාන්ති සිනමාපටය හරහා හින්දි සිනමාවට ප්‍රවේශ වෙච්ච ක්‍රිටි සැනොන්ගෙ දෙවන හින්දි සිනමාපටය වෙන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. IMDb අගය 5.7. එහෙනම් අද කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.

බල්ගේරියාවේ සිටින සතුරු මැර කල්ලි දෙකක් මත තමයි මේ කතාව පදනම් වෙන්නේ. මලික් සහ රන්ධීර් තමයි කල්ලි නායකයන්. රන්ධීර් විසින් හදා ගත්තු පුත්‍රයා තමයි රාජ්, නැත්නම් කාලි කියන්නේ. රාජ්ගේ මතුපිට පෙනුම හරිම සන්සුන් උනාට  දරුණු චරිතයක්. රාජ් ට මීරා ව මුණගැසෙන  සිදුවීම අහම්බයක් උණාට ඔවුන් දෙදෙනා ඉතා ඉක්මණින් සමීප වෙනවා, ආදරය කරනවා. නමුත් මීරා කියන්නේ ඇත්තටම කවුද කියලා රාජ් දැනගන්නේ ටිකක් පරක්කු වෙලා. දෙදෙනා අතර ජවනිකා ගණනාවක් සිදු වෙලා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවෙන නිසා ඔවුන් දුරස් වෙනවා, වසර 15 ක් ගතවන තුරුත් රාජ් ගේ මල්ලි වීර්ට මේ කිසිම දෙයක් දැනගන්න රාජ් ඉඩ තියන්නේ නැහැ, වීර් කියන්නේ හරිම දගකාර චරිතයක්, ඇහැට කනට පේන ගැටිස්සියක් පෙන්නම බැහැ, මොන දේ කලත් අයියට නම් පට්ට බයයි. මේ දෙන්නා එකතු වෙලා වාහන හදන ගරාජ් එකක් කරගෙන යනවා.

මේ අතරේ තමයි වීර්ට ඉෂිතා මුණගැහෙන්නේ. ලස්සන සුන්දර තරුණියක්. පස්සේ තමයි දැනගන්නේ ඉෂිතා කියන්නේ මීරාගේ නැගෙණිය බව. දැන් මොකෝ වෙන්නේ? වසර 15 ක් පැරණි පිවිතුරු ආදරය නැවත පන ලබාවිද? ඉෂිතා ගේ සහ වීර් ගේ ආදරය කෙසේ ඉදිරියට ගලා යාවිද? මීරා සහ රාජ් ඔවුන්ගේ අතීත මතකය වළලාවිද? මීරා සහ රාජ් මේ තරම් කාලයක් දුරස් වෙන්න ඇත්තටම මොකද උනේ? උත්තර හොයා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

අවසාන වශයෙන් කියන්න වෙනවා, මම මේ උපසිරැසියක් අරගෙන එන්නේ මාස ගණනාවකට පසුව. කාර්‍යබහුල ජීවිතයත් එක්ක දැන් නම් උපසිරැසික් කරන්න නිදහස් කාලයක් හොයා ගන්න හරිම අපහසුයි. ෂාරුක් ගේ ෆිල්ම් එකකට සබ් කළා වගේම, මේ සිංහල උපසිරැසිකරණයේ තව එක් බලාපොරොත්තුවත් තියෙනවා, බලමු නෙහ් ඉදිරියේදී ඒකත් සැබෑ කරගන්න. එහෙනම් ඒ බලාපොරොත්තුවත් එක්ක ඔයාලගෙන් මම සමු ගන්නවා. හැමදාම බයිස්කෝප් එක්ක හිටියා වගේම ඉදිරියටත් අපිත් එක්කම ඉන්න, අපි ඔබට හොඳම දේ දෙන්න සැමදා සුදානමින් ඉන්නවා. සැමට ජය!!! බුදුසරණයි !!!!!

Dilwale (2015) on IMDb

 

 

999 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

7F46C825F8E8DAE56773D0034D82D4D37D1FF5AF

1.45 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

B8E241D475FF7D22B3F85B72460844E2B421E765

704 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

ECF00F9A5D9E1F4302D9988D95E7DB601590CFD3

2.1 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

C3A23B2295FC3F0422C6CB7D8B759DBCD238BD31

3.00 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

C458174152844CBB1525C6E4013D8CC18D08FABF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

54,058 downloadsDownload Dilwale-2015-BR-UPDATE.zip520 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/FB_IMG_1454217066693-e1454260420262.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

54,058 downloadsDownload Subtitles520 KB

141 comments

  1. #ChalinduDeshan (කිනා)

    ඊයේ රෑ ඉදං බලාන හිටියේ යකෝ.
    බෝම පිං.
    ඩේටා ඉවරවෙන දවසෙම දුන්න එකනං ලොකු දෙයක් අම්මපා.
    ජයවේවා බං!

    1. sanjaya

      Hodai machan

    2. imeshmadhusahank

      Tnq

  2. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    මෙක කවදා දේවිදො කියලා බල බල හිටියෙ...
    ජය වෙවා...

  3. Saman Prasad

    හින්දි ෆිල්ම් නොබැලුවට වැඩිය කට්ටිය මේක ගැන හුඟක් කතා කරපු නිසා මාත් බලන්න බලාගෙන තමා උන්නේ...
    එහෙනම් අද බාන්න දාන්න පුළුවන්...
    කාර්යබහුල වුණාට ඔන්න ඔහේ පුළුවන් වෙලාවක සබ් එකක් කරමුකො... :D
    මොකද්ද අප්පේ ඒ අනික් බලාපොරොත්තුව...
    DC ෆිලුමකට අත ගහන්න එහෙම නෙවේනෙ...??? :3
    සබට තුති සමීර අයියා...
    ජය වේවා...!!!

  4. Achi

    ඔන්න ෆිල්ම් එක බාන ගමන් මේ කොමෙන්ට් කරන්නෙ...
    ගොඩක් ස්තූතියි සබට...
    බලාපොරොත්තුව මොකක්ද කියල බලමුකො අපි....
    ජය වේවා!!!

  5. Sadun Danushka

    හම්මේ දෙයියෝ දැක්කා වගේනේ
    සමීරයා ගොඩ කාලෙකින් සුපිරි පහරක් ගෙනල්ලා තියෙන්නේ
    උපසිරැසි ඩවුන්ලෝඩ් වාර්ථාව බිදින්නද හදන්නේ ආ...

    1. shamal

      Wt is the Record ? Bro

  6. devin

    thank you broo iye bawa sub enankan balan hitiye

  7. sk

    elama bn thanks bro

  8. Dharshana....

    thanks...

  9. Rachitha Isanka

    Thanks bro sub ekata.

  10. Chämàrá Sâmpáth

    හම්මේ මේක එන්නේ කවද්ද කිය කියා බලන් හිටියේ, නිමයි සමිර අයියේ ඔයා ඉතිං දුන්නොත් පට්ටම එකක් තමයි...
    DVD කොපිය කවදා එයිද දන්නේ නැහැ, ඉවසන් ඉන්නත් බැහැ මේ කොපියක් අරන් බලනො...
    සබට ගොඩක් ස්තුතියි.....
    කාර්යබහුල උනාට කමක් නැහැ මේ වගේ සුපිරි ඒවා ඉදලා හිටලා දෙන එකත් සැහෙන්න වටිනවා...
    මක්කයි ඔය කරන්න ඉන්නවා කියන දේ... බලමුකෝ මොකද්ද ඒ ගමන කරන්න යන්නේ කියලා.....
    ජය.!!!!

  11. dedunu

    ෆිල්ම් එක බාන ගමන් මේ කොමෙන්ට් කරන්නෙ…
    ගොඩක් ස්තූතියි සබට…

  12. tharindu

    gf ekka balanna yanna hitiye heta. welawata sameera bro. mama mwa wla qualitiya gena wedi awabodayak na. itin mata kwru hari kyanwada 720p.-.WEB.HD.-.x264.-.AC3.5.1 kyanne hoda ekakda kiyala? sub ekata thanx sammera aiya. Ride along 2 enkam balan inne

  13. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ මග බලාන ඉදපු ෆිලුමක් නොවෑ ගෙනත් තියෙන්නේ.
    හින්දි සිනමාවේ මගේ කැමතිම නළුවනේ ඉන්නේ.
    ඉතින් සහෝ මොකක්ද මේ ඉදිරියේදී සැබෑ කරගන්න කියලා
    හිතාන ඉන්න ආසාව?? ඒක ගැනත් ලාවට හරි කිව්වනම් නේද හොද.
    මාසෙකට දවසක්වත් මේ වගේ උපසිරසියක් දෙන්න සහෝ..
    එහෙනම් උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  14. thisal

    හම්මේ මේක එන්නේ කවද්ද කිය කියා බලන් හිටියේ tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  15. කැලුම් ගුණසේකර

    සමීර කොල්ලා දීලා තියෙන්නේ? බොහොම ස්තුතියි උපසිරැසියට.

  16. නලින්

    එලස්ස්!! සැමියෝ... ඔන්න ඉතින් HD කියලා බැලුවේ නැහැ.. බාලා දානවා...

    ජය වේවා!

  17. Madusanka Jayasooriya

    එලම සමීර අයියා. බොහොමයක් වැඩ රාජකාරී කටයුතු මැද ලබා දුන් මේ උපසිරසය සම්බන්ධයෙන් අපගේ ස්තූතිය. ජය වේවා.

  18. Lakmal Jayasuriya

    මමත් මග බලන් හිටියේ .... තැන්ක්ස් ....යාලු ...

  19. Ranil Srimal

    බොහොමත්ම ස්තූතියි සමීර සහෝ සිංහල උප සි‍රැසියට.

  20. Sanindu Lakkitha

    Thnx bn... Meka enakam balagena hitiye... Dennage wayasa wedi unata ragapem patta bn... Good luck macho...

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මාත් බාගන්නව දැන්ම

  22. Kulanjana Maduranga

    niayamai…meka denne kawadada kyla baln unne...aniwa bamak....thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. sanka

    ude idan 50parak withara awilla baluwa meka hari prem ratan dhan payo hari dala athi kiyala thanks kollo

  24. තාරක නුවන් දිල්හාර

    බොහොම ස්තුතියි උපසිරසියට...
    එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්
    ඒ වගේම ගොඩක් සතුටුයි වචනයකින් හරි සහයෝගයක් දෙන්න හැකිවීම පිළිබඳව
    තව තවත් නිර්මාණ ඉදිරියේදී අරගෙන එමු
    ජයෙන් ජය..!!!

  25. Pradeep Anuruddha Dissanayake

    ශාරුක් -කාජල් ඉන්නවා කියන්නේ අය ෆිල්ම් එක ගැන කතා කරන්න දෙයක් නෑ.අනිවා සුපිරි එකක් තමා.ඇත්තෙන්ම මේකට සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ.බොහොම ස්තුතියි උපසිරස නිපැයුමට.තව තවත් මේවගේ වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.

  26. dinushan

    thanks

  27. Sajeevi

    Thanks

  28. NC Kegalla

    Thanks sub ekata yaalu...

  29. “චූටී මල්ලි”

    patta mcho
    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  30. ORD

    enakam balagena hitiye sub akata tnx saho... Ela ela digatama yamu

  31. indika

    බොහොම ස්තුතියි.....

  32. Sameera

    Thanks..

  33. Lahiru Madumadawa

    sub ekata thnkz

  34. Jack

    පට්ටයි මචන්....
    මේක එනකම්මයි හිටියේ..
    උණූ උණූවෙම දුන්නු එකනම් වටිනවා මචෝ.
    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    ජය.....

  35. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සමීර අයියේ
    සුපිරි වැඩක්
    අනිවා බලන්න හිටිය ෆිලුමක්
    ගොඩා කාලෙකට පස්සේ නේ සබ් එකක් ගෙනල්ලා තියෙන්නේ
    ඒකත් සුපිරි එකක් ගෙනල්ලා තියෙන්නේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අයියේ ...
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  36. Rasitha

    බොහොම ස්තූතිය...........................

  37. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
    ජයවේවා ඉදිරියටම යමු

    Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  38. janith

    thanks machan

  39. Sam

    thnkss sahoo...elzz..

  40. Sanath Indika

    thx sahoo

  41. Kasun Upeksha

    බොහොම ස්තුතියි උපසිරසියට…
    එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්

  42. Udeesha bandara

    mchn uba nam patta bn..meke thiyena copy ekath hodai bn..sub ekath para bn..thnx

  43. shiran

    තැන්ක්ස් ස‍හො

    ඒනකන් බලන් හිටි්‍ෙය,
    තැන්ක්ස්

  44. Sadeesh Mendis

    එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්.දාපු ගමන් කට්ටිය download කරලනේ පැය ගානට .,බර කට්ටියක් තැන්ක්ස් සමීර

  45. sandun tharaka

    thnx bro.

  46. ප්‍රදීප් ඉරේෂ්

    එළ එල මමත් බා න ගමන් මේ කොමෙන්ටුව දාන්නේ..තැන්කු වෙච්චාවෙ සබ ඉක්මනටම දුන්නට..තව එකක් X Files S10 එකේ කොටස් දෙකක් ඇවිල්ලා..ඒත් සබ් දෙන එකෙක් නැහැනේ ඒකට...උඹවත් කරපන්කෝ ඒක

    1. සමිර චතුරංග

      මුල් සීසන් දීලා නැති නිසා දෙන්න විදියක් නැ සහෝ දැන්ම නම්. බලමු මුල ඉදලාම දෙන්න. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...

  47. nalin

    direct link dennako fatta slow ne mewa

  48. Denuthu Kawinda

    Ela ela thanks machan..........

  49. Hemantha Wsr

    niyama wadak anakam agili gana gana hitiye bro...soo thanx...issarahatat me wage suppa fillm tikak danna hodada

  50. Ruchira Lakshitha

    thankxxxxx bro

Load more comments