Watch Trailer

Tamasha (2015) with Sinhala Subtitle |ඇයි නිතරම එකම කතාව..? [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බ…

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං කාලෙකින් අන්තර්ජංජාලය පැත්තේ පිවිසියේ නැති නිසා සඳුන්/හේවා මහත්වරු කෝල් කරනකන්ම දැනගෙන හිටියේ නෑ මේක ඇවිත්ද කියලා. පස්සේ බුකියට පිවිසිලා ඉන්බොක්ස් බලද්දී තමයි තේරුම් ගියේ අපේ උන්ට මං උනන්ද මලාද කියලා හොයන්න මතක් වෙන්නේ මං බාරගත්තු ෆිල්ම් එකක හොඳ රිප් ආවම කියලා. 😛 😛 ඉතින් නිවාඩු දවස් ටිකේ ආව එක හොඳට ගියා කියලා හිතාගෙන ඇඟිලි දහයට සැරදේවා කියලා වැඩේ පටන් ගෙන හෙමිහිට හෙමිහිට කොටාගෙන ගිහින් අන්තිමට කොහොමහරි වැඩේ ඉවර කරගත්තා. හරි එහෙනම් පම්පෝරිය නතර කරලා සලරුව ගැන පොඩ්ඩක් බලමු.

2014 ජූලි මාසයේදී ප්‍රංශයේ කොර්සිකා වලදී රූගත කිරීම් ආරම්භ කෙරුණු මේ සලරුවේ නම තමයි Tamasha(තමාෂා)… ඒකෙ තේරුම ගත්තොත් තමශාව, දර්ශනය, නාට්ටිය වගේ තේරුම් රාශියක් එනවා. බොලිවුඩ් සිනමාව ගැන උනන්දු අය නම් දැනටමත් දන්නවා මේකේ ප්‍රධාන චරිත කවුද කියලා. ඔවුන් මේ චිත්‍රපටිය එනතුරු ගොඩ උනන්දුවෙන් තමයි බලාගෙන උන්නේ. මොකද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ කලක් බොලිවුඩයේ ආදරබර කුරුළු ජෝඩුවක් වෙලා සිටි රන්බීර් කපූර් සමගින් දීපිකා පදුකෝන්. බොලිවුඩයට බිහිවුණු තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ඉමිටියාස් අලී තමයි මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ. ඉමිටියාස් අලී කියන්නේ බොලිවුඩයට ගොඩක් ලස්සන සම්මානනීය චිත්‍රපට රැසක් දායාද කල කෙනෙක්. Jab We Met(2007), Love Aaj Kal(2009), Rockstar(2011), Highway(2014), වගේ චිත්‍රපටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටි ලයිස්තුවේ මූලික තැනක් ගන්නවා.

ඒ වගේම දීපිකා පදුකෝන් Love Aaj Kal හිදී සහ රන්බීර් කපූර් Rockstar(2011) හිදී ඉමිටියාස් අලී එක්ක වැඩ කරලා තියෙනවා. මෙහිදී Love Aaj Kal වසරේ හොඳම අධ්‍යක්ෂක සහ වසරේ හොඳම චිත්‍රපටියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා වගේම, Rockstar(2011) චිත්‍රපටිය හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගීත රචනය යන ෆිල්ම් ෆෙයාර් සහ අයිෆා සම්මාන සියල්ලම දිනාගන්න ඒ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඉතින් ඔය දෙකේම වැඩකාරයෝ සෙට් එක එකතු වෙලා තමයි තමාෂා චිත්‍රපටිය සිනමාවට නගන්නේ. සංගීත අධ්‍යක්ෂණයෙන් A.R Rahman, නිෂ්පාදනයෙන් Sajid Nadiadwala, ගීත රචනයෙන් Irshad Kamil සහ ඉමිටියාස් අලීගේම පිටපත් රචනයෙන් මේ සලරුව සිනමාවට නැගෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියන්න ඕනද? එක්කෝ ඕන නෑ. ඔයාලාට කොහොමත් මේක මගහැරලා යන්න බැරි චිත්‍රපටියක් වෙනවා. ඒත් ඉමිටියාස් අලීගෙන් චිත්‍රපටිය තිරගත වෙන්න කලින් චිත්‍රපටියේ කතාව ගැන ඇහුවම මෑන්ස් මෙහෙම කියලා තියෙනවා. ” ඔබට යම් කෙනෙක් හමුවනවා, ඔබ ඔහුට වශී වනවා. ඔහු නිදහසේ ගලාගෙන යන කෙනෙක්. ඔබේ වර්ගයට අනුව ඔබට ඔහුට සම්බන්ධ විය නොහැකියි. නමුත් වසර ගණනාවකට පසු ඔබට ඔහුව මුණ ගැහුණු විට. ඔහු මුළුමනින්ම වෙන කෙනෙක්. “

ඉතින් එහෙනම් මාස දෙකකට විතර පස්සේ උපසිරැසියක් අරගෙන ආවේ බයිස්කෝප් එක වෙනුවෙන් බාරගත්තු වැඩක් කවදාවත් අහක දාන්න බැරි නිසා. දැන් කාර්යබහුල ජීවිතය නිසා අපේ අඩවිය වෙනුවෙන් කාලය කැප කරන්න අපහසු උනාට දවසෙම මේකේ ගතකරපු කාලයක් තිබුනා තවමත් මට මතකයි. අදටත් ජංජාලයට පිවිසෙන සෑම විටෙක බයිස්කෝප් අඩවියට පිවිසිලා යන්න අමතක කරන්නේ නෑ. අදටත් පරණ පෝස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට් බලලා හිත පුරවාගන්නා අවස්ථා බෝමයි. මිල මුදලින් කිසිදු ලාභයක් නොමැති අපට මෙයින් ලැබෙන එකම ලාභය ඔබ මොහොතක් වැය කර අප වෙනුවෙන් දාලා යන කමෙන්ට් එක විතරයි. ඒකෙ වටිනාකම මිල මුදලින් ගණනය කරන්න අමාරුයි. ඒක තේරෙන්නේ ඔබත් උපසිරසියක් නිර්මාණය කරලා මේකේ පළකරපු දවසක. ඉතින් මේ කියූ දේවල් වලට යම් සිත් රිදීමක් එහෙම උනානම් සමාව ඉල්ලන ගමන් තරහක් තියෙනවානම් යන ගමන් බැනලා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කියමින් මා සමුගන්නවා.

අහ්හ් යන්නට කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. හැමෝම හම්බවෙන්නට ආසයි ආයෙත් දවසක. සුන්දර දවසක් ගෙවුනා පහුගිය දවසක ඔයාලා එක්ක, නමුත් හැමෝගෙම මූණු බලාගන්න උනේ නෑ. ආයේ හම්බවෙමුකෝ. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවාසැමටජයෙන් ජය…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD සහ BR පිටපත් සඳහා අදාළ වේ.

43,141 downloadsDownload Tamasha-2015.update.zip205 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

43,141 downloadsDownload Subtitles205 KB

108 comments

  1. ANURADHA

    Ela... macho... tnx

  2. Nishadi Wickrama

    tnx

  3. Mayura

    Niyamai niyamai saho... Thanxx wewaa

  4. Jack

    පට්ටයි මචන්,,
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  5. ashi

    machn dilwale hd rip dala thiyenne machoo subtitle denna ikmanata ,,, thanks thamasha ekata

  6. Kottege Gayan

    thanks bn.good luck

  7. anurA

    godak thanz sahoo...tawat honda film ekak genna ekmnata...jayaweweaa....

  8. prasad

    ela brother, thank u so much

  9. buddhika

    ela ela macho...niyama wedak..hm hm puluwannm telugu film walatath sub demu..ehenm idiri weda okkama sarthaka wewa kiuwa...jaya wewa..

  10. chamika

    Ela. Niyama wadak. me film ekai thawa film kiepayakui sub labenakam hitiye. Dan balanna puluwan. Digatama sub denna. :)

  11. Palitha de Silva

    thank you very much.....

  12. dias

    thanx yalu..story aka tikak kiwwa nam ne hoda..

  13. tharin

    ela mchn...dwn karala balamuko....

  14. Sameera

    thanks...

  15. Kulanjana Maduranga

    niayamai…denakm balan unnu filumak...thanks THARAKA saho..sub ekata..THARAKA saho kalekin sub 1k dunn na ne...ayeth digatama sub denn try 1k demu.jaya wewa……

  16. Gehan Shantha Darshana

    Thanks Sub Ekata....(y)

  17. Kasun Upeksha

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයවේවා සහෝ…

  18. Deshan Rathnayaka

    Thanks for sub...☻

  19. praneeth

    Thanks.. sub akta.. bajiro masthani akth ikmanin denna...

  20. නිරෝෂ්

    ස්තුතියි තාරක සහෝ ! ජයවේවා !

  21. Kasun Andy Doo

    thanks , බන් සබත් එක්ක ෆිල්ම් එක දුන්නාට

  22. dinushan

    sub ekata thanks

  23. silent$

    Thanx bro !!!!!!!! Pattaaaaa !!!!!!!!!

  24. malan madhushan

    good luck Baiscope set ekatama, puluwannam Dilwale(2015) ekath ikkmanatama karanna,,, hamotoma thawa thawath karagena yanna wish karanawa. bs tc

  25. Gayan

    Thanks...

  26. නලින් පෙරේරා

    ස්තුතියි, තාරක මලේ,

    ජය වේවා!

  27. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.

  28. Sameera

    Thanx bro...keep it up..

  29. Thara

    so much appreciations...

  30. Udayanga

    Niyama film ekak saho...
    Good luck
    ..

  31. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට..
    ෴ජය වෙවා෴

  32. darshi

    තෑන්ක්ස්, කාලෙකින් අලුත් හොද හින්දි මූවී එකක් බලන්න අවස්ථාව දුන්නට

  33. umayanga

    ela machan ..... puluwannam vetrimaaran (dhanush ge) tamil film ekata sub ekak daanna

  34. Shanaka

    තෑන්ක්ස් මචං....ජය වේවා...

  35. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    ජය වේවා !!

  36. asan

    බොහෝම ස්තුතියි!!!

  37. indika

    බොහෝම ස්තුතියි ....

  38. Chalana Rukshan

    thnx bro

  39. devin

    dilwale 720p 1k awilla thiyanne sub dennako bro...

  40. indi

    Thank U so............. much bro...., Sub denakam balagenama hitapu film 1k.

  41. sanjeewa

    thanks

  42. viraj

    Thanks machoooo.....

  43. dedunu

    බොහෝම ස්තුතියි ….

  44. thisal

    බොහෝම ස්තුතියි සබ් එකට.

  45. “චූටී මල්ලි”

    patta
    tnx bro

  46. danu

    :) thnk you so much.. best timing xme iwara una witarai...

  47. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි තාරකයෝ
    සුපිරි වැඩක්
    මේක බලාපොරොත්තු උනු දේකට දෙන්න බැරි උනා නේ
    කමක් නෑ
    කොහොම හරි සබ් එක දුන්නු එක වටිනවා
    ලස්සන ෆිලුමක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  48. Rasitha

    බොහොම ස්තූතිය...........................

  49. අවන්ත රෙහාන්

    ඔබට ගොඩාක් ස්තුතියි...... බුදු සරණයි....

  50. kavisha

    mchan sub down wenne na ne bn,loading wewi thyenawa

Load more comments