Disappearance (2002) Sinhala Subtitles ආයුබෝවන්, මම කාලෙකට පස්සෙ ටිකක් පරණ English suspense thriller film එකක උපසිරැසියක් ගෙන එන්න හිතුවා.මේක 2002 නිකුත් වුන රූපවාහිණී චිත්‍රපටයක්. මතක හැටියට ඒ කාලෙ ලංකාවෙ රූපවාහිණී සේවයෙත් විකාශය කලා.මේ ආකාරයේ චිත්‍රපට රැසක් මීට කලිනුත් පසුවත් නිකුත් වෙලා තියෙනවා.…

Disappearance
Disappearance (2002) Sinhala Subtitles

ආයුබෝවන්, මම කාලෙකට පස්සෙ ටිකක් පරණ English suspense thriller film එකක උපසිරැසියක් ගෙන එන්න හිතුවා.මේක 2002 නිකුත් වුන රූපවාහිණී චිත්‍රපටයක්. මතක හැටියට ඒ කාලෙ ලංකාවෙ රූපවාහිණී සේවයෙත් විකාශය කලා.මේ ආකාරයේ චිත්‍රපට රැසක් මීට කලිනුත් පසුවත් නිකුත් වෙලා තියෙනවා. මේක බලල හොයල බලන්න මේකෙන් inspire වුන ෆිල්ම් සහ ටී වී සීරීස් කිහිපයක්ම පහු ගිය කාලෙ ආවෙ නැද්ද කියල? ඇත්තෙන්ම මේ වගේම ටී වී සීරීස් එකක තුන් වෙනි සීරීස් එක ළඟදි නිකුත් වෙන්න තියෙන බව දැක්ක නිසා ඒ සීරීස් එකේ මුල් එක බලපුවාම මේ ෆිල්ම් එක මට මතක් උනා. ඉස්සර ඩීවීඩී එකකින් බලපු මේක ආයෙ හොයනකොට හොඳ කොපියක් හම්බ උන නිසා උපසිරැසියක් නිකුත් කරන්න හිතුවා.

මාළිමාව පිස්සු කෙළින,(දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි), ගුවන් යානා කඩා වැටෙන, දුරකථන සංඥා නැති අද්භූත නගරයක්…

මේකෙ තියෙන්නෙ එක පවුලක්. තාත්තා, පුත්, දුව, තාත්තගෙ බිරිඳ සහ පුතාගෙ යාළුවෙක් පැරණි සිතියමක තිබුනු ආකර සහිත නගරයක් හොයාගෙන නෙවාඩා කාන්තාර ප්‍රදේශයේ චාරිකාවක් යනවා.නගරයේ නම ‘වීවර්’ නමුත් ඒ ප්‍රදේශය කිට්ටු වෙන කොට කිසි කෙනෙක් දන්නෙ නෑ එහෙම නගරයක් ගැන.ඒත් අරින්නෙ නෑ කොල්ලන්ගෙ ආශාවනේ , කට්ටිය ඒක හොයා ගෙන යනවා. නගරය හමු වෙනවා.අත හැර ගිය ඒ නගරෙ ගොඩ නැගිලි, ගෘහ භාණ්ඩ ඇතුලු සේරම ඒ විදිහටම තියනවා. හරියට නැවත එන්න හිතාගෙන හදිස්සියෙ පිට උනා වගේ. ඒත් වසර ගණනාවකටම කිසි කෙනෙක් නෑ.පෝන් සිග්නලුත් නැතුව අවට ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් නැති මේ නගරයෙන් පිට වීම මදක් අපහසු වෙන්නේ ඔවුන්ගෙ වාහනය ක්‍රියා විරහිත වීම නිසා.

ආපසු මග සොයා ගෙන පිට වීමට උත්සාහ දරන මේ පිරිසගේ ඉරණම කුමක්ද?

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ජය වේවා!

https://m.imdb.com/title/tt22818604/

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,473 downloadsDownload Disappearance-2002-Sinhala-Subtitles.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Disappearance (2002) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,473 downloadsDownload Subtitles38 KB

8 comments

  1. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  2. Tharindu sudaraka

    Thax bro..awurudu 20 passe mn meka balanine..math meka rupawahiniye baluwa.thax

  3. Samith

    Thank You!

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thilani

    man meka mulinma baluve Ruupavahini channel eke daval varuvaka meka telecast una. et mata full movie ekama balanta bari una. mata eda clz thibba davasak nisa. e davas tikema mata mathak una me movie eke mokakda iita passe une kiyala. ethakota man iscole yana kale. passe avurudu 3,4 ta kalin vage mata me film eka mathak una,. et meke nama man dan na. man google search kara English movie, a desert incident, mystery... e vidihata et hambun na. meke dala thiayana picture eka thamai mulin dakke. ethakotama hituna me ara movie eka neda kiyala. decription eka kiyevve passe.
    harima sathutui. kiyanta vachana na attatama. kalayak thisse hoyapu deyak hambuna vage.... mara happy...
    me website eka patan gatta mula idan vage meke films balala thiyanava me & my huband. ada thamai man hitanne mata vatinama film eka hambune.. bohoma sthuuti oyalata. kiyanta vachana na oyalage me service eka gana.
    thank you so much.
    May The Triple Gem Bless You all !
    Thilani From UAE.

  6. nilanka

    thanks....

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P