Animal (2023) Sinhala Subtitles ආයුබෝවේවා හිතාදර සිනමාලෝලී රසික රසිකාවනි කාලෙකට පස්සේ හොලිවුඩ් සිනමා වලින් බොලිවුඩ් වලට ආවා ආපු පලවෙනි එකෙන්ම මට බොලිවුඩ් එපා වුනා. නිකමට කියන්නේ දවස් දෙකක් නිදිමරාගෙන මේක ඉවරකළේ කිව්වොත් පිලිගන්නවද මගේ යාළුවෝ !!! ප්‍රමාදය උපරිම අවම කළා ඒත් මේකේ දිගත් එක්ක කරගන්න අමා…

ආයුබෝවේවා හිතාදර සිනමාලෝලී රසික රසිකාවනි
කාලෙකට පස්සේ හොලිවුඩ් සිනමා වලින් බොලිවුඩ් වලට ආවා
ආපු පලවෙනි එකෙන්ම මට බොලිවුඩ් එපා වුනා.
නිකමට කියන්නේ දවස් දෙකක් නිදිමරාගෙන මේක ඉවරකළේ
කිව්වොත් පිලිගන්නවද මගේ යාළුවෝ !!!
ප්‍රමාදය උපරිම අවම කළා ඒත් මේකේ දිගත් එක්ක කරගන්න අමාරුයි. සොරී
රවිඳු නවීන්, හිරාන්, තවත් නම හරියට දන්නැති ඇඩ්මින් අයියා කෙනෙකුත්
කොපියක් ආපු වෙලේ ඉඳලා පුදුම හයියක් වුනා මේක ඉවර කරගන්න.
වේලක් වේලක් ගානේ ළඟට ඇවිත් බැන බැහැ කවපු පොවපු අම්මටත් ඔන්න පින්දුන්නා.
අවසානෙට යකෝ මට බලන්න සබ් එක එවපන් කිව්ව බිම්සරවත් මතක් කරනවා.
එච්චරයි!!!
Sandeep Reddy Vanga, නම අහපු ගමන් සිනමා රසිකයෝ අමන්දානන්දයට පත්කරන්න
පුළුවන් මට්ටමේ සිනමා අධ්‍යක්ෂකවරයෙක් කියලා දන්නෝ දනී.
නිකමට එයාගේ කලින් ෆිල්ම් ටිකකුත් මතක් කරන්නම්කෝ, අමතක වෙලා නම්.
Arjun Reddy, Kabhir Singh, Adithya varmaa මේ තුනම එයාගේ අධ්‍යක්ෂණයෙන් හැදුන ඒවා.
2023 වසරේ දෙසැම්බර් මස 1 දින නිකුත් වී IMDb දර්ශකයේ 6.7 ක අගයක් ලබාගෙන තියන
මේ සිනමාපටය කෝටි 100ක වියදමින් නිපදවා සිනමාශාලා වල තිරගත වීමෙන් පමණක්
ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 910 ක් වගේ උපයගන්න සමත්වෙලා තියනවා.
මේකේ ට්‍රේලර් එක බලපු ගමන් අර මැෂින් ගන් සීන් එක
දැකලා මම හිතුවේ මේ පාර නාගෙන තමා කියලා.
හැබැයි මම බලාපොරොත්තු වුනාට වඩා සියගුණයක් සප්‍රායිස් වුනා.
මේකේ හයිප් එක 12th Fail නිසා ලංකාවේ ගොඩක් වැහිලා ගියා.
ඒක නම් භීෂණයක් වුනානේ හැමෝගෙම අතර
ඊටපස්සේ Hi Nanna ෆිල්ම් එකත් හැමෝගෙම සැලකිල්ලට පාත්‍ර වුනා.
දැන් ඇවිත් තියෙන්නේ Animal ගැන කතාකරන සතිය
මේකත් Hi Nanna වගේම හැඟීම් වලින් පිරී ඉතිරී ගියපු කතාවක්
හැබැයි මේකේ ප්‍රචණ්ඩකාරී ගතිය ටිකක් වැඩියි.
මම මේකේ කතාව ගැන මොකුත්ම කියන්නේ නැහැ.
ඒ වෙනුවට මේ ෆිල්ම් එකේ සාර්ථකත්වයට හේතුවුන කාරණා 3ක් ගැන කතාකරන්නම්.
1. සංගීතය සහ ගීත නිර්මාණය
2. නළු නිළියන් සහ ඔවුන්ගේ රඟපෑම
3. අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය
සංගීතය ගැන කියනවා නම් සුපිරි ආයේ Bgm එහෙම සුපිරියටම තියනවා.
ඔයාලා දැනටමත් අහලා තියන jamal jamaaloo කියන සිංදුව
මේකේ හතුරාගේ චරිතයට අමුතුම ලස්සනක් එකතු කරලා තියනවා.
ඉතින් මේකේ සංගීතය සඳහා Harshavardhan Rameshwar කියන අධ්‍යක්ෂකවරයා
ඒවගේම මේකේ ගීත සඳහා Sonu nigam කියන දැවැන්ත ගායකයා
බොලිවුඩයේ සෝනු නිගම්ට පස්සේ ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට
පත් කරන්න පුළුවන් වුන ගායකයෙක් වුන Arjith Singh
බොලිවුඩයේ කාන්තා හඩ පෞර්ෂය වෙන Shreya Ghashal
තවද මගේ ප්‍රියතම ඉන්දීය ගායකයා වෙන B. Praak
මීට අමතරව ගොඩදෙනෙක් ඉන්නවා, ඉතින් ඔය නම් ටික ඇහුවාම ඇති.
ඔළුවේ දැනටම මියුසිකල් එකක් මැවෙනවා වගේ ඇතිනේ.
මේ සිනමාපටය ඇතුලේ හැම හැඟීමකටම එක සින්දුව ගානේ වෙන් කරලා තියනවා ගායිස්
මේවගෙන් Arjan Vailly කියන සිංදුව ටිකක් මතභේදයකට තුඩු දුන්නා.
මේක ලියලා, ගායනය කරලා තියෙන්නේ Bhupinder Babbal සහ Ashim kemson කියන දෙන්නා
මේ සිංදුවේ කියවෙන්නේ 1800 ගණන් වල ඉන්දියාවේ ජීවත් වුන මනුස්සයෙක්ගේ ජීවිත කතාවක්
මෙයා කිණිස්සක් අතේ තියාගෙන කොටියෙක් එක්ක පොරබැඳලා ජයගත්ත රණශූරයෙක්
ඒවගේම බ්‍රිතාන්‍යයන්ගෙන් සීක්වරුන්ව (අර ජටාවක් ඔළුවේ බැඳන් ඉන්නේ) මුදවාගන්නත්
මෙතුමා සෑහෙන දායකත්වයක් දීපු එක්තරා ආකාරය දේශ ප්‍රේමියෙක්
නමුත් ෆිල්ම් එකේ මේක භාවිතා වෙන තැන ජාති දෙකක් අතර වලියක් යන්නේ.
ඉතින් ගොඩක් අය මේක ජාතිවාදය අවුස්සන්න කරපු දෙයක් කියලා බනින්න පටන්ගත්තා.
ඒ ගීතය ඇරුනාම Saari Duniya Jalaa Denge, Satranga, Pehle Bhi main සිංදු තුනම
මගේ එදිනෙදා ප්ලේ ලිස්ට් එකට එකතු කරගන්න තරම් ඇබ්බැහි වුනා.
බොරු නෙමේ මේ ලිපිය ලියන්නෙත් ඕවගෙන් එකක් අහන ගමන්.. හී..හී
සංගීතය ඇති…දැන් රඟපෑමට යමු…
මේකේ රඟපෑම විතරක්ම වෙනම ගන්න බැහැ, මොකද මේ නළුවන්ගේ ජනප්‍රියත්වයත් මේකට වටිනවා,
විශේෂයෙන්ම Ex National crush වුන Tripti Dimri, මොකද 12th Fail ජනප්‍රියත්වයත් එක්ක
Medha Shankar නැත්තන් ශ්‍රද්ධා හැමෝවම ඇද බැඳ තියාගන්න සමත්වුනානේ.
Tripti අළුත් නිලියක් නිසා මම එයා පොඩි විස්තරයක් කරන්නම්.
අළුත් කිව්වට Laila majnu (2018) සිනමාපටයෙනුත් මෙයාව කතාබහකට ලක්වෙනවා.
කොහොමහරි මෙයා ඉන්දියාවේ උත්තරකන්ද් වල Meenakshi Dimri සහ ගුවන් සේවා සමාගමක
රැකියාව කරන Dinesh Prasad Dimri ට දාව 1994 පෙබරවාරි 23 වෙනිදා උපත ලබනවා.
දිල්ලි රජයේ පාසලෙන් ඉගෙනීම ආරම්භ කරන ඇය Sri Aurobindo College එකෙන්
මනෝවිද්‍යාව පිළිබඳ උපාධියකටද හිමිකම් කියන්නියක්.
2017 දී Poster Boys කියන සිනමාපටයෙන් සිනමා දිවිය අරඹපු ඇයට වැඩිකල් නොයා
2018 දී Laila Majnu කියන චිත්‍රපටයෙන් යම්තරමක ජනප්‍රියත්වයක් ලැබෙනවා.
ඒවගේම 2020 Filmfair සම්මාන උළෙලේදී Horror කාණ්ඩයේ සිනමාපටයක
හොඳම නිලියට හිමි සම්මානය Bulbbul කියන සිනමාපටය නිසා ලැබෙනවා.
අනිත් නළුනිළියෝ ගැන කියනවා නම් Ex Ex National Crush එක අපේ රශ්මිකා මන් දන්නෑ අක්කා.
රශ්මිකා ඇත්තටම මේකේ කරපු චරිතය නිසා ගොඩක් රසිකයින්ගෙන් විරෝධය ලැබුවා.
මොකද මේකේ හතුරට වඩා හොඳට හතුරගේ චරිතය රඟපානවා එයා.
ඒත් ඇත්තටම රශ්මිකා අපි දැකලා තියන චරිතයට එහා ගිය හොඳ රඟපෑමක් කරලා තියනවා.
Nepotism එහෙමත් නැත්තන් පවුල් ජාලයක් එකතුවෙලා රඟන මේ බොලිවුඩයේ
මෙහෙම රඟන පවුලකින්ම ඇවිත් ඉස්සරහට SRK, Salman Khan පස්සේ හොලිවුඩය ඇදගෙන
යන්න පුළුවන් මට්ටමට ආපු නළුවෙක් වුන බොලිවුඩයේ තරුණ ආදරවන්තයා
Ranbhir Kapoor, Ae Dil hai Mushkhil සිනමාපටයෙන් පස්සේ අමතක නොවෙන මට්ටමේ
අතිවිශිෂ්ඨ රංගනයක නිරත වීමට මෙතනදි සමත් වෙලා තියනවා.
අවසාන නළුවා හැටියට පෙරළිකාර සතුරාගේ චරිතය රඟ දක්වන Abrar නොහොත්
Bobby Deol, බොබී නම් පුංචි කාල රාමුවක් ඇතුලේ කිසිම දෙබසක් නැතුව අපිව
වශී කරගන්න සමත් වෙනවා, ඒකට මම කලින් කිව්වා වගේම අර සිංදුවත් එක හේතුවක්
තවත් ගොඩක් මෙ ලිපිය දික්කරන්න යන්නේ නෑ, කියවන ඔයාල සහ මේක පබ්ලිශ් කරන කෙනාත් පවුනේ.
අවසාන වශයෙන් අධ්‍යක්ෂණය ගැන පොඩ්ඩක් කියන්නම්, නොකියා බැරිකමට
ගුරුත්වය අඩු ෆයිට් සීන් දාපු නැති එකට මුලින්ම උත්තමාචාරයක් පුදකරනවා.
නැත්තෙමත් නෑ හැබැයි, ගොඩාක් ෆයිට් සීන් තාත්ත්වික විදිහට හදලා තියනවා.
විශේෂයෙන්ම අන්තිමට අපිට බලාගන්න පුළුවන් බොබීගෙයි රන්බීර්ගෙයි ෆයිට් එක
මේ කාලේ ඉතින් ෆිල්ම් හදන්නෙම පාට් 1, පාට් 2 විකුණන් කන්නම තමා.
කොහොමත් මේකේ ධාවන කාලය එක්ක බලනකොට පාට් 2 එකක් ඕනේ.
ඒවගේම මෙච්චර ප්‍රචණ්ඩත්වය තියන සිනමාපටයේ තේමාව බලහල්ලකෝ.
පුතෙක් තමන්ගේ තාත්තට තියන ආදරය, ආදරයක් නෙමේ ඒක ආදරයෙත් උච්ඡම එක
ඒ කියන්නේ උමතුවක්, පිස්සුවක්, විකාරයක්,ඒක අවසානයේ අපිට ලැබෙනවා මෘගයෙක්
සඳුන් පෙරේරා උඹ වැරදියි ආදරය ආගමක් නෙමේ, උමතුවක් බන්.
නෑ ඇත්තටම මේ පිය පුතු ආදර අන්දරය ගලාගෙන යනහැටි හරිම අමුතුයි.
බලන් ඉන්නකොට අපේ තාත්තලා අපිට කොච්චර කැපකිරීම කරනවද කියන එකත්
අමතක නොකර මතක් කරන්න ඕනේ, මොකද අපි හැමෝම තැනක ඉන්නේ ගොඩක්ම එයා නිසා
අම්මට තියන තැන පහත් කරනවා නෙමේ පිය සෙනෙහේ ලේසියකට කතාබහකට ලක්වෙන්නේ
නැතිනිසයි ඒක ටිකක් උලුප්පලා පෙන්නුවේ..
ඉතින් මේකේ ගීත වලින් ඒක මනාව පිළිබිඹු කරලා තියනවා.
නිකමට Dean Lewis කියන ගායකයගේ How Do I Say Goodbye කියලා සිංදුවක් තියනවා.
ඒකත් අහලා, තේරුම, සිංදුව ලියවුනු හේතුව හොයලා බලන්නකෝ.
මේ සිනමාපටයට තවත් අමුතුම ෆීල් එකක් එකතු වෙනවා ඒකෙන්.
ඉහත සියලුම කරුණු මගේ දෘෂ්ටිකෝණයෙන් පෙනුනු දෑ පමණි,
ඕනෑම කෙනෙකුට ඒවාට විරුද්ධ වෙන්න, අකැමති වෙන්න අයිතිය තියනවා
මේක මගේ ජනප්‍රිය හින්දි උපසිරසිය, උපරිම ගුණාත්මක භාවයෙන් දෙන්න උත්සාහ කළා.
මගේ හින්දි දැනුමේ මදිකම නිසා සමහර තැන වැරදීම් තියෙන්න පුළුවන්.
මම තව සමහර තැන්වල පොඩ්ඩක් විහිළු සහගත දෙබස් දාලා තියනවා.
ඒ එතන නියම අර්ථය නොවුනත් එතන ඇතිවෙන ෆීලිං එකට ගැලපෙන නිසයි දැම්මේ.
ඒ ගැන හොඳ නරක කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න.
අදට සමුගන්නවා!! නැවත හමුවෙමු!!
” ඊලඟ ආත්මෙදි, ඔයා තාත්තා වෙන්න. “
” එතකොට මම ඔයාගේ පුතා වෙන්නම්. “
” මම කරපු වැරදි නම් ඔයා කරන්න එපා. “
” එතකොට ඊටත්පස්සේ ආත්මෙදි, “
” මම ආපහු තාත්තා,ඔයා ආපහු පුතා වෙන්න. “
” එතකොට බලාගන්න මම,ඔයාට කොච්චර ආදරේද කියලා. “
එතකොට ඔයාට ආඩම්බරයෙන් කියන්න පුළුවන්…
“මගේ තාත්තා තමා ලෝකේ ඉන්න හොඳම තාත්තා” කියලා.
Animal (2023) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
47,898 downloadsDownload Animal-2023-Sinhala-Subtitles.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Animal (2023) Sinhala SubtitlesSubtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #Anil Kapoor
- #Animal
- #Animal (2023)
- #Animal (2023) Sinhala Sub
- #Animal (2023) Sinhala Subtitles
- #Bobby Deol
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Must Watch
- #Ranbir Kapoor
- #Rashmika Mandanna
- #Sandeep Vanga
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Tripti Dimri
- #You Decide
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
27 comments
රුක්ෂාන් ඛාන් (රුකා)
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Anonymous
1st downloard
නුවන් අසේල
සිංහල උපසිරැසියට ගොඩක් තැන්ක්ස්
සුපිරිම ෆිල්ම් ඒකSandun
WebRip Update karanna meka. PSA eke Webrip awe
sachin
nidimaragena karate supei sub ekata bohoma pin bro
Naveen Mbr
වෙහෙස මහන්සිවෙලා කාලය වැය කරගෙන කරපු කැප කිරීමට බොහොම ස්තූතියි සහෝදරයා!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Thilina Weerasinghe
සබ්ටයිටල් එකට බොහොම ස්තූතියි.....
Anonymous
Ai yaluwa salaar ekat sub natte ?
Bimsara Yashan(ඔලිව)
උදෙන්ම සබ් එක එවල තිබ්බ නිසා ඔන්න ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දාන්න ආව. සබ් එක නම් මහන්සි වෙලා හොඳටම කරල තියෙනවා. ෆිල්ම් එකත් හිතුවට වඩා හොඳට සෙට් වුණා. එහෙනම් සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නිර්මාල් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
සෑහෙන මහන්සි වෙලා හදපු සබට බොහෝම ස්තූතියි සහෝ...
ඒ වගේම ලිපියටත් ඒ තොරතුරු වලටත් තෑන්ක්ස් බ්‍රෝ....
පරක්කුවෙලා හරි කොලිටි සබක් ගෙනාපු එකට තෑන්ක්ස් මචෝ.....sachintha
thanks for sub
Mano
Godak sthuthi..Jaya wewa
Asanga kb
Thank you wewaaa..
Ushan
Thak you brother ❤❤
Sahan Gayantha
thanks a lot Nirmal saho sub ekata
senadi sehansa
Good film
Hashan
Thanx for the sub...❤️
විමා
සබට බොහොම ස්තුතියි මලේ
නියමෙටම කරලා තිබුනා සබ් එක.ක්‍රිශාන්ත හැරිස්
ස්තුතියි සබ් එකට....
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Malith samarawickrama
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha Abeysinghe
Thnak you
Sayu
මේක YTS එකේ සබ් එකට update කරන්නකො ඒකෙ ටොරන්ට් best
Advertisement

උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ❤️ ජයවේවා!