Wonka (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම! ඔන්න මේ ලෑස්ති වෙන්නේ කෙල බේරෙන චිත්‍රපටියක් බලන්නයි. මුලින්ම උපසිරසිය ගේන්න පරක්කු වුණාට සමාව ඉල්ලනවා. පහුගිය 20 වෙනිදා තමා වොන්කා චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් වුණේ. කෝකටත් කියලා මම චිත්‍රපටියේ පසුබිම ගැන පොඩි විස්තරයක් කරන්නම්. විලී වොන්කගේ අරුම ප…
Wonka (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම! ඔන්න මේ ලෑස්ති වෙන්නේ කෙල බේරෙන චිත්‍රපටියක් බලන්නයි. මුලින්ම උපසිරසිය ගේන්න පරක්කු වුණාට සමාව ඉල්ලනවා. පහුගිය 20 වෙනිදා තමා වොන්කා චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් වුණේ. කෝකටත් කියලා මම චිත්‍රපටියේ පසුබිම ගැන පොඩි විස්තරයක් කරන්නම්.
විලී වොන්කගේ අරුම පුදුම චොක්ලට් කම්හල ගැන මුලින්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1971 වර්ශයෙදී. ඒ Willy Wonka And The Chocolate Factory නමින්. කතාවෙ ප්‍රධාන චරිතය විලී වොන්කා උනත් වැඩි අවදානයක් දීලා තිබුණේ චාලි බකට් කියන දරුවට. Mel Stuartගේ අධ්‍යක්ෂණයෙන් යුක්ත වෙච්ච ඒ චිත්‍රපටියේ Gene Wilder, Peter Ostrum, Paris Themmen කියන නළු නිලියෝ රංඟනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම ඩොලර් මිලියන 4ක BOX OFFICE ආදායමක් ලබාගෙන තියෙනවා. සම්මාන අතින් ගත්තොත් හොඳම සංගීතකරණය වෙනුවෙන් සහ හොඳම ප්‍රහසන, සංගීතමය නළුවාට හිමි සම්මානයත් මෙම චිත්‍රපටය ලබාගෙන තියෙනවා. ඒ නිසාම අතිශය ජනප්‍රියත්වයක් චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

එතනින් අවුරුදු 35කට විතර පස්සේ Charlie and the Chocolate Factory නමින් ජොනී ඩෙප් රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් 2005දී නිකුත් වෙනවා. ඒක අපි හැමෝම බලලා තියෙන මතකයේ රැඳුණු සුන්දර චිත්‍රපටියක්. Helena Bonham, Freddie Highmore, AnnaSophia Robb වගේ තවත් නළු නිලියන් රංගනයෙන් දායක උන මේ චිත්‍රපටියත් BOX OFFICE ආදායම අතින් ඩොලර් මිලියන 475ක ලොකු ප්‍රමාණයක් ලබන්න සමත් වුණා. සම්මාන අතින් ගත්තොත් 25කට වැඩි ගාණක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.

මේ විදියට විලී වොන්කා සහ චොක්ලට් ෆැක්ටරියේ මතකය වියැකී යන්න නොදී බේරගැනීමේ උත්සාහයක් Paul King අධ්‍යක්ෂකවරයා විසින් අරගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ වොන්කා චිත්‍රපටිය. විලී වොන්කගේ චරිතය පාදක කරගෙන නිර්මාණය උන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Timothée Chalamet විසින් රඟදක්වනවා. ඒ වගේම අපි කවුරුත් ආදරය කරන මිස්ටර් බීන්ගේ චරිතයට පණ පොවපු Rowan Atkinson මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy/Musical ගණයටයි.

ඉහළ දකුණු පසේ ඉඳන් වමට පිළිවෙලින් 1971, 2005 සහ 2023 වර්ශයන් වල වොන්කා චරිතය දැක්වෙනවා. කාලයක් තිස්සේ විලී වොන්කා කියන මාතෘකාව ගැන හුඟක් ෆෑන් තියරීස් එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ මත ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ අතරින් එක මතයක් වුණේ විලී වොන්කා කියන්නේ ළමා දාම ඝාතකයෙක් කියන කතන්දරය. හැබැයි ඒක අමූලික බොරුවක් බව මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරලා තියෙනවා. චිත්‍රපටියේ කතාව ගත්තොත්: කතාව පටන් ගන්නේ වොන්කගේ චොක්ලට් කම්හල ආරම්භ වෙන්න කලින් සිද්ධ වෙන සිදුවීම් දාමයෙනුයි. විලී වොන්කා කියන තරුණයා තමන්ගේ පුංචි හීනය වෙන චොක්ලට් කඩයක් විවෘත කරගන්න ගැලරීස් ගෝමට් වලට පිය නගනවා. හැබැයි එහෙදි එයාට නොහිතපු විදියෙ සිදුවීම් සිද්ධ වෙනවා. එයාට ප්‍රතිවාදියෝ මුණගැහෙනවා. පරක්කු වෙලා තියෙන අඩස්සියේ කතාව ගැන මෙතනින් එහාට මොකුත් කියන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
27,750 downloadsDownload Wonka-2023.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Wonka , Wonka 2023, Wonka sinhala sub,
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #BAFTA Nominated
- #BAFTA Winner
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Wonka
- #Wonka (2023)
- #Wonka (2023) Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Buddhika Lakmal
kavinda gamage
බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක්
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දැං ඉතින් බැලිල්ලක් තමා. ජයවේවා!
Geeth
Society of the Snow sub dennako bro please
Sahan Rajapaksha
Thank you brother.
Ravindra
Thanks
baiscopelk ishu
sub ekata thx
Anonymous
thank you
Lakshika Jayakody
Charlie and the Chocolate Factory ගැන විශේෂම දෙය අමතක වෙලා. මේක බ්‍රිතාන්‍ය රචක Roald Dahl ගේ ජනප්‍රියම ළමා නවකතා වලින් එකක්. එතනින් තමයි කතාව පටන්ගන්නේ. ඒ ගැන විස්තරයකුත් මෙතනට එකතු වුනානම් තමයි සම්පූර්ණ වෙන්නේ. පොඩි මතක් කිරිඉමක් විතරයි හොඳේ. සබ් එකට ගොඩක් ස්තූතියි!
sachintha
thanks for sub
Thilinda Randeera
ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න
viraj
thanks..........
thisan
thans
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
විමා
සබ් එකට බොහොම ස්තුතියි මලේ.
නියමෙටම කරලා තිබුනා.Amila Heshan
උපසිරැසියට thank you සහෝ. ✌️
Anonymous
thank sahoo
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thanks bro
Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MaSDi
tanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Wonka (2023) Sinhala Subtitles | විලී වොන්කා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Wonka-2023-b.jpg)
Thanks Brother.. Good job.... ♥♥