මේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම මිතුරකු මෙන්ම සොහොයුරකුද වෙන දසන් බුද්ධික මල්ලි සමඟින්! ඉතින් චිත්‍රපටය ගැන විස්තර කරන්නට කලින් කියන්නම ඕන දෙයක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා ද…

මේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම මිතුරකු මෙන්ම සොහොයුරකුද වෙන දසන් බුද්ධික මල්ලි සමඟින්! ඉතින් චිත්‍රපටය ගැන විස්තර කරන්නට කලින් කියන්නම ඕන දෙයක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා දිහා බලලා නම් චිත්‍රපටයේ ගුණාත්මක භාවය මනින්න එපායි කියන කාරණය. එහෙම උනොත් දකුණු ඉන්දීය සිනමා රසිකයෙකු වශයෙන් තම සිනමා රසවින්ඳනයේ කරගන්නා ලොකුම මඟහැර ගැනීමක් වෙන එක නම් ඒකාන්තයි.! වෙනදා වගේම චිත්‍රපටයේ අඩංගු කතාව විස්තර කරනනට යන්නේ නෑ. හැබැයි ඒ වෙනුවට පොඩියට දේවල් ටිකක් කියන්නම්. ඔයා මුලින් හිතාගෙන යන දේ නෙමේ චිත්‍රපටියේ තියෙන්නේ. චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකයන් ලෙසින් සහ චිත්‍රපටයේ තොරතුරු කිහිපයක් ඒකරාශි කොට ඔබ හමුවට ගෙන එන උපිසරැසිකරුවන් ලෙස තොරතුරු ස්වල්පයක් බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.
චිත්‍රපටයේ තොරතුරු බිඳක්…….!
මේ වසරේ ජනවාරි මස 21 දින තිරගත කරන්නට ආරම්භ කල මේ සිනමා පටයේ කතාව සහ අධ්‍යක්ෂණය Vi Anand විසින් S. Thaman ගෙ මියුරු සංගීතයෙන් හැඩ ගැන්වුන මෙහි ප්‍රධාන චරිතය ජනප්‍රිය තෙලඟු නළු Ravi Teja විසින් නිරූපනය කරනවා. සෙසු චරිතයන් Payal Rajput,Nabha Natesh,Tanya Hope විසින් රඟදක්වන අතර චිත්‍රපටයේ නිෂ්පාදනය SRT Entertainments සමාඟම වෙනුවෙන් Ram Talluri විසින් සිදුකර තිබෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණක් නම් මෙම චිත්‍රපටයේ අයිස් මත සිදුකරන ක්‍රියාදාම දර්ශණයක් රූගත කිරිම සඳහා අයිස්ලන්තයට ගොස් ඇති අතර එම දර්ශණයෙ කාලය මිනිත්තු 04 කි.! ඒ මිනිත්තු 04 ක ක්‍රියාදාම දර්ශණය නිර්මාණය කිරිම සඳහා හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘Fast & Furious 07‘ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයා ඇතුලු එම කණ්ඩායම සම්බන්ධ කරගෙන තිබෙනවා. අයිස් මත සිදුකර ඇති විනාඩි හතරේ දර්ශණය සඳහා ඉන්දීය රුපියල් කෝටි 04 ක් 05 ක් අතර මුදල් ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා.
Disco Raja 2020 රෑගත කිරීම් අතරතුර….!

විශේෂිත ප්‍රේක්ෂකයින්ගෙ සහ විචාරක අදහස් කීපයක්..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
13,950 downloadsDownload Disco-Raja-2020.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට සහ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
22 comments
-චානක ඉඳුනිල්-
Isirajanith
Supiri thanks sub ekata pluwanman red shoes 7 dwarfs cartoon movie sub dennko please thx
Jeewantha
It's rally helped to enjoyed the movie..Thanks for the sub..
Samewra
Balanne na...kiyla hithan hitiye lipoya kiywewwata passe balannath hithenawa........ thanks machanla sub 1 ta
BoBee
mata meke direct link eka hoyaganna bane. baiscopedownload walata uplod karala nadda ?
isuru srinath sjs
දාලා තියෙන්නෙ මචං.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
arawindasunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..... දෙනකන් බලන් හිටපු ෆිලුමක් මේ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා..,.. දෙවි පිහිටයි.....
Anonymous
thanks bros
indika75
thanks..
deshan
mn nm gattema ravi teja nisa mai
thanks manරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
My favourite
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා!!
Anonymous
Thanks bro
Nicky SL
බොහෝම ස්තූතියි
Anonymous
thanks dennatama..onna bagaththaa
Arawinda Sunimal
thanks sub ekata jayawewa..............
ශසිත් සඳරුවන්
සබට තුති වේවා දෙන්නටම...
මූව දැක්ක ගමන් අපෝ රවී තේජා කියලා තමයි හිතෙන්නේ... :P
කියන නිසා බලමු එහෙනම්.
දිගටම සබ් දෙමු ආ... ජය!Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Disco Raja (2020) Sinhala Subtitles | සැගවුණු සතුරා![සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Disco-Raja-2020.jpg)
superb