හිතන්න බොහොම ආගමට දහමට ලැදි සමාජයක ඔබ එතරම්ම ඒ දේවල් විශ්වාස නොකරන කෙනෙක් කියල. එහෙමත් නැත්නම් ඔබේ කිසියම් දෙයක් නිසා ඔබේ සමාජයට ඔබ පිටස්තරයෙක් එහෙමත් නැත්නම් විකෘතිකයෙක් වගේ පේනවා කියල. ඔබේ ඒ වෙනස නීතියට පටහැනි දෙයක් නෙමෙයි නම්… ඉන් කිසිම කෙනෙකුට හානියක් නැති නම්, මෙහෙම සමාජයක මොකද්ද ඔබට තියන නිදහ…

හිතන්න බොහොම ආගමට දහමට ලැදි සමාජයක ඔබ එතරම්ම ඒ දේවල් විශ්වාස නොකරන කෙනෙක් කියල. එහෙමත් නැත්නම් ඔබේ කිසියම් දෙයක් නිසා ඔබේ සමාජයට ඔබ පිටස්තරයෙක් එහෙමත් නැත්නම් විකෘතිකයෙක් වගේ පේනවා කියල. ඔබේ ඒ වෙනස නීතියට පටහැනි දෙයක් නෙමෙයි නම්… ඉන් කිසිම කෙනෙකුට හානියක් නැති නම්, මෙහෙම සමාජයක මොකද්ද ඔබට තියන නිදහස ? ඔබ තනි නම්, ඔබේ හිත බයෙන් වෙලී ගිහින් නම් බොහොම වෙලාවට ඔබේ තීරණය ඔවුන්ට, සමාජයට අවශ්‍ය හැටියට වෙනස් වීම වෙන්න ඇති, ඔබේ ජීවිතය වෙනස් කරගැනීම වෙන්න ඇති… නමුත් ඒ තීරණය කොයිතරම් නම් හරි ද? සමාජයකට මනුෂ්‍ය ජිවිතයට කොයිතරම් නම් බලපෑමක් කරන්න හැකි ද? මේ ඒ වගේ කතාවක්…
අපේ කතා නායිකාව වෙන්නේ රොනීත්, ඇය ජයාරූප ශිල්පිනියක් ජීවත් වෙන්නේ නිව්යෝක් නගරයේ. මෙහෙම නිදහසේ ජීවිතය ගෙවන ඇයට දුරකථන ඇමතුමක් එනවා ඇය අමතක කරන්න හදන අතීතය සිහිකරමින්… ඒ අතීතය තමයි යුධෙව් නීතිරීති, ගුණධර්ම හිස් මුදුනින් පිළිගන්නා සමාජයක්… නමුත් කාරණය ඔය කිසිම එකෙක් නෙමෙයි මේ සමාජයේ ප්‍රධානියෙක් තමයි ඇයගේ පියා.. ඉතින් මේ ලැබෙන ඇමතුමත් එක්ක ඇය දැනුවත් වෙන්නේ ඔහුගේ මරණය පිළිබඳව… සියල්ල අත්හැර දමා එංගලන්තය වෙත ඇය යන්නේ තමුන්ගේ පියාට අවසන් ගෞවර දැක්වීමේ අභිප්‍රායෙන්…
ඇය පිළිගන්නේ කුඩා කාලයේ සිටම ලඟින් ඇසුරු කල, ඇයගේ පියාගේ ලගම ගෝලයා ලෙස සිටි ඩොවිඩ්, ඇය මේ සමාජය හැරදා යාමෙන් පසු වෙනස් වුන ජීවීන තොරතුරු හෙළි කරනා ඔහු හෙලිකල එක දෙයක් නිසාවෙන් දැනටම උඩ මතුවෙමින් තිබූ සිතුවිලි සියල්ල ව්‍යාකූලත්වය පෙරටුකොටගෙන ඇයගේ හිතේ පාලනය අත්පත් කරගන්නේ ඇයටත් නොදැනීමයි… ඒ ඔහුගේ බිරිද… නමින් එස්ටී වන ඇය තමයි රොනීත් සමාජය අත්හැර යාමට පෙර ඇයගේ පෙම්වතිය…. දැඩි ආගමික මතදාරී සමාජයක එක් අයෙක් තමුන්ගේ නිදහස සොයා සියල්ල අතහැර යන මොහොතේ ඒ අත්හැර දැමුණ දෙයක් වුන එස්ටී සමාජයේ බලකිරීම මත තමුන්ටම පිටුපාමින් විරුද්ධ ලිංගික විවාහයක් සිදුකරගෙන…
ඉතින් මේ කතාව තුල ඔබට දකින්නට තියෙන්නේ පැරණි ප්‍රේමය නැවත පැමිණීම එක්ක එස්ටීගේ සහ රොනීත්ගේ ජීවිතය උඩු යටුකුරු වෙන ආකාරයයි…. ඔබට තවමත් වයස අවුරුදු 18 අඩු නම් කොහොමවත් මේ නිර්මාණය බලන්න එපා කියලා ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ….
IMDB 6.8 ක අගයකුත් රෝටන් ටෝමාටෝ 84 % වගේ අගයකුත් හිමිකරගත් මේ නිර්මාණයේ ධාවන කාලය වෙන්නේ පැය 1 කුත් මිනිත්තු 54ක්. පසුගිය වසරේ බොහොම කතාබහ වුන Una Mujer Fantástica හි අධ්‍යක්ෂක Sebastián Lelio ගේ තවත් සුපිරි නිර්මාණයක් වන මෙහි පිටපතත් නිර්මාණය වෙන්නේ ඔහු අතින් සහ Rebecca Lenkiewicz අතින්. තිරයේ දකින මුහුණ වෙන්නේ සුප්‍රසිද්ධ Rachel Weisz සහ Rachel McAdams මේ දෙපලට අමතරව අනික් ප්‍රධානම චරිතය වෙනුවෙන් Alessandro Nivola තමයි එක්කාසු වෙන්නේ.
Drama, Romance කාණ්ඩයන් නියෝජනය කරන 2018 අප්‍රේල් මාසයේ ප්‍රදර්ශනය ආරම්භ වුන මේ නිර්මාණය එහෙනම් ඔබට භාරයි…. අවසාන වශයෙන් කියන්න ඕන අනේ මේක බලෙන් දෙය දෙයක් නම් නෙමෙයි, මොකද සමහර පිරිස් අදහස් දක්වා යන්නේ අපි මේක බැලිය යුතුමයි කියා අවි ආයුධ ඔවුන් වෙත එල්ල කරනා හැටියට… ඉතින් ඔබ ඒකාකාරී සිනමාවෙන් පිට යන්න කැමති කෙනෙක් නම් ඔබට නරඹන්න කියා ආරාධනා කරනවා මේ නිර්මාණය. ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
45 comments
SAjith Anthony
gihan perera
මේක මරු....නියමයි...ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....
dagi1
maru
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nimach273
Thanks sub akta bro......
උදයංග සම්පත් හතරසිංහ
සමීරගෙ ටේස්ට් එක ගැන ආයෙ අහන්න දෙයක් නෑනෙ.. තෑන්ක්ස් ආහ්
Tharindu-jayalal
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sameera alwis
Thank you machan Sub ekata.
Nadeesha rox alahakoon
Tnx bro sub akata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Krishan NiShalya
Thanks bro.
Thawath pattama ewata sub denna
Boda nirmana walata wenath bhasha walaGood Luck..✌
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ
ජයakalankagayan
Thnx....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
100
Sub eakata thanx
anunethu
Thanks .... saho...mewata sub demuda.(.vicky cristina barcelona movie 2008)
cleopatra 1963 , ho's afraid of virginia woolf 1966, to have and have not 1944 ,Emosha kevinzz
පටිට තවත් මෙම එවට දෙන්න
Suranjan
Thank you bro.....jayawewa......!
Bandara 1976
උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Gayanm66109
උපසිරැසියට ස්තුතියි.ජය වෙිවා .
AsithaDilruwan
Ela ela saho thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nipuna456
බොහොම ස්තූතියි
.comDevinda
Sub ekata thanks
malith
ELa ela
Batman
balalama imu ... thx bn sub ekata... karagena yaman .. jaya... elama
Jana
Thank you for sub ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
u.dlahiru
machan...film eka down kala...mpeg2 ekan thami down una...machan eka play wenna ne help me
Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි .
K P
Thanks...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Chulender kasun
බොහොම ස්තුතියි !!
Virajperera
tnx brother
vk_sana
no
pasindu sri
tanx bro
SURANGALAKSHAN
Thanks
Milinda Sadaruwan
thanks broo
Supun shanika
බොහොම ස්තුතියි
amuthu
වෙනස් නිර්මාණයක් ගෙන ආවාට තුති. ජය.
tharidu sagara
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
ජය වේවාsuranuwan
thanks
Supun shanika
ස්තූතියි සබ් එකට ජයවේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!