ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත්…
ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත් බැරි තරමේ ලස්සන ආදර කතාවක් තියෙන්නේ මේකේ,. කොටින්ම ඔය ජනප්‍රියයි කියන කාන් පවුලේ අයගේ කිසිම චිත්‍රපටයක මේකේ තියෙන මට්ටමේ කතාවක් ලඟදි දැක්කේ නැහැ. සරලවම කියනවා නම් අමුතුම ආකාරයේ ආදර කතාවක් තියෙන්නේ මේකේ.
ඒවගේම කියන්න ඕනා මේ චිත්‍රපටයට තවම හරියට ඉංග්‍රීසි උපසිරසියක් වත් නිර්මාණය වෙලා නැහැ. තියෙන්නේ එකම එකයි. එකත් කවුද කෙනෙක් පර්සියන් උපසිරසියක් ගුගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් මම ඔයාට ආදරෙයි කියල තියෙන තැන්වල ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම උඹ මරනවා වගේ අදහසක්. මොකද ගුගල් නේ. කොහොම හරි පර්සියානු උපසිරසියේ ටයිම් ලයින් වලට සම්පුර්නම අසා ලිවීමක් කරලා තමා මේ සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන එන්නේ. මම ඉතින් ආසිරි හෝ මයුර නොවන හින්දා සින්දු වලට පද ගැලපීම නම් ටිකක් අවුල් ඇති. ඒත් කතාවට නම් උපරිම සාදාරනය කරලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.9 තරම් ඉහල අගයක් ගන්නා මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය පළමු වතාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔයාලට ගේනවා. ඒත් ඉතින් දන්නවා මේක දාල පැයක් වත් යන්න කලින් තව ලංකාවේ සයිට් දෙක තුනක වැටේවි කියල. මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ, බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක.
කොහොම හරි ඔන්න සරලවම මේකේ කතාව ආදර කතාවක්. ගහ ගැනිලි මරාගැනිලි වගේ ඒවා නැහැ. යෝජිත විවාහයක් මගින් එකතුවෙන දෙන්නෙක්ගේ කතාවක් තියෙන්නේ. ඒ දෙන්නා අතරේ ඇතිවෙන ආදරය, ඒ ආදරේට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න, වෙන්වීම්, පලිගැනීම්, රැවටීම්, බේරා ගැනීම් වගේ සාමාන්‍ය ආදරයක දක්නට තියෙන සියලුම දේ මේකෙත් දකින්න තියෙනවා. එත් සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව. ඒත් එක්කම ඉන්දියාවේ මුල් බැසගෙන තියෙන කාන්තාවට පුරුෂයාට වඩා අඩු සැලකිලි දැක්වීම සහ දැවැද්ද ගැනත් ගොඩක් කතාවෙනවා. වැඩි විස්තර කියන්න යන්නේ නැත්තේ විස්තර කීමෙන් චිත්‍රපටයේ රස වින්දනයට බාදාවක් වෙන හින්ද. අඩුගානේ මේ චිත්‍රපටයටවත් කතාව විස්තර නොකර ඉන්නවා. මොකද කතාව එච්චරම හොඳයි. නැත්නම් පුද්ගලිකවම මම උනත් ටීවී එකේ ගිය කොටසක් බලල ඇති වෙච්ච කැමැත්ත සිංහල උපසිරැසිය නිර්මාණය කරලා කොනක් දකින්නේ නැහැනේ.
ඉතින් එහෙනම් තවත් චිත්‍රපටයක් එක්ක මුණගැසෙන පොරොන්දුවත් එක්ක සමු ගන්නවා.
බුදු සරණයි…!
පසු සටහන
මේ චිත්‍රපටයේ BR එකක් නම් එනකම් ඉන්න එපා,. එන එකක් නැහැ. අන්තර්ජාලයේ තියෙන BR උනත් වෙබ් කොපි තමා. නම වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම වෙබ් කොපි උනත් එක එක වර්ගවල තියේ. සමහර ඒවගේ ටයිම් ලයින් වෙනස්. ඉතින් මම මේ දීල තියෙන කොපියම ගන්න. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ නිවැරදි පිටපත පලවෙන හින්ද එකෙන් ගන්න. එතකොට අවුලක් නැහැ. නැත්නම් පොඩි වෙනස් කම් ටිකක් වේවි ටයිම්ලයින් වල.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DL පිටපත සඳහා අදාළ වේ.
14,666 downloadsDownload Shaadi-Mein-Zaroor-Aana-2017.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
56 comments
Nirosh C
Pradeep321
hoya hoya hitapu film ekak thaks sub ekata
sadeepaT
Sub ekata thanks...aniwa bamak thama...sub dena ekak na kiyala hithuwe mekata.
MR
Thank you!!! Sub 1 දෙනකල් බලන් හිටියේ. ජය වේවා!!!
Ranga sri
Thank you....sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අසංක අයියේ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය
ඔයාගේ උපසිරැසි ගමන ආරම්භ කරපු Tremors චිත්‍රපට සෙට් එකේ අලුත්ම ෆිලුම Tremors: A Cold Day in Hell (2018) සබ් කරන්න පුලුවන්ද?...amila321
patta machan. padman ekak dapan bro.thnksss
Mayura
අම්මෝ ලොකු දෙයක් මේකවත් අර හූනියමෙන් ගැලවිච්ච එක... එක හුස්මට බැලුමක් තමා. ලෝගන්නයියේ ජයවේවා
CXXXC
{"මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ, බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක."}
ඕව ඔහොම තමයි සහෝ. ගණන් ගන්න එපා. බොහොම ස්තුතියි උපසිරසියට. සුබ පැතුම්!Kulanjana Maduranga
niayamai…sahenna kalekin neda saho...supiri filumak dela thiyenne..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pradeepkumara
Thanx broooo
gihan perera
නියමයි මචෝ මල්ලියේ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මොනවා උනත් උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....ආ...මචෝ පුළුවන් නම් අක්ෂේ කුමාර්ගේ pad man film එකට උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා.....
Ayesh Prashan
Thank You
N_R
Thank You!!
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
gayan215
bohoma sthuthi saho...
Kavinda Athukorala
ලෝගන් බ්‍රෝ ගොඩ කාලෙකින් එල තෑන්ක්ස්
Kanchaka
Thanks bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxx
Chami.S
Thanks..
Good Luck..HDCOPE
thanx sahooo sub ekataaaaaaaaaaaaaaaaaaaaaaa
buddi91
thanx
Kovidu
බොහොමත්ම ස්තූතියි අයියා සබ් එක අපේ රස වින්දනය සඳහාත් ලබා දුන්නට, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජය!!!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Cool_Rock
sub aka sat wanna nato
ishan_priyantha
thnx bokka
Tharaka Nuwan Dilhara
දවස කියන්න..
ලොවෙත් එනවා කසාදෙට..හුඟක් ස්තුතියී උපසිරසියට
ජයෙන් ජය..!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..කාලෙකින් නේද සබක් කලෙ..ඉස්සරනම් මාසෙකට සැරයක්වත් අයියා උපසිරසක් අරන් එනවානේ.
ranfilm
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ....
shiranga
සුපිරිම !!! සුපිරිම!!! සුපිරිම!!! හින්දි ෆිල්ම් එකක් ගොඩ කලෙකට පස්සේ බලපු ,ගොඩක් ස්තුතියි.
ඩොක් අයියා
“ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට මාගේ ස්තූතිය
Pramukmili
thanxx bro...
thuglife
අපි ඔයා එක්ක බ්‍රෝ....බුදු සරනයි
malshika
උපසිරසට බොහොම ස්තූති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalin.kumara0510
Thanks bro good luck
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Ai meke subtitle eka 4n eke mx player ekata support karan natte
nirajsumanadasa
Thank you macho!!
malshika
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ශසිත් සඳරුවන්
බොහොම තුති අයියේ උපසිරැසියට...
ඔන්න බාගත්තා..
ඉක්මනින්ම බලන්න ඕන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!shechin
ela machan tnkz
praveen bagya
wachana nha bun aiyeee
Sachindu thakshila
Maxxxa film ekk bn ....Elma ....Susanna yata congrats mchn.
Sathiranethmal
Baganna link akak kavruhari dannako
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ජය වේවාtharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ජය වේවාbihanads
Behen Hogi Teri Me film ekatath Sub eka danna.Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි අසංක සහෝ.ජයවේවා!