ආයුබොවන් මිත්‍රවරුනි..! ඉතිං ඔන්න මට විශේෂ දවසක විශේෂ විදියෙ බයිස්කෝප් එකක අරගෙන තමයි මේ එන්නෙ. ඔක්කොටම කලින් මම බොහොම ගෞරවයෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ ජංගම විශ්වකෝෂය මතක් කරන්න ඕනෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ සමීර කරුණාරත්න සහෝ තමයි. ඕනම සීරීස් එකක් ඕනම ෆිල්ම් එකක් ගැන අහන්න. සමීර නොදන්න ඒව නං හොයාගන්න…

ආයුබොවන් මිත්‍රවරුනි..! ඉතිං ඔන්න මට විශේෂ දවසක විශේෂ විදියෙ බයිස්කෝප් එකක අරගෙන තමයි මේ එන්නෙ. ඔක්කොටම කලින් මම බොහොම ගෞරවයෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ ජංගම විශ්වකෝෂය මතක් කරන්න ඕනෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ සමීර කරුණාරත්න සහෝ තමයි. ඕනම සීරීස් එකක් ඕනම ෆිල්ම් එකක් ගැන අහන්න. සමීර නොදන්න ඒව නං හොයාගන්න බෑ ඉතිං. අන්න ඒ විදියට තමයි සමීර සහෝදරයා උපසිරැසි ගන්වන්න හිටපු මේ සුවිශේෂී සිනමා කෘතිය මගේ අතට පත් වෙන්නෙ. සමීර සහෝදරයට මම මගේ ස්තූතියි මේ වෙලාවෙ පිරිනමනව කිසිම පැකිලීමකින් තොරව මට මේක බාරදුන්නට. මම කිව්වනෙ මේක මට විශේෂයි කියල. ඔව්. මම මේ උපසිරැසිය කරන්නෙ බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා හරියටම අවුරුද්දක් ගතවෙන තැන. ඉතිං අන්න ඒ වැදගත් දවස නිසා මම ඔයාලට අරගෙන ආව හිතාගන්න අමාරු විදියෙ වෙනස්ම කතාවක් තියෙන අමුතුම ෆිල්ම් එකක්..
හරි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ලෝරෙන්.. ලෝරෙන් කියන්නෙ සාමාන්‍ය ගැහැණියක්.. හැබැයි ඇයට හිටි අඩියේ එක එක රූප, පේන්න ශබ්ද ඇහෙන්න ගන්නව. ඒ මොනවද? කොහෙන්ද මේව එන්නෙ? කොහොමහරි මේ සිදුවීම් නිසා ලෝරෙන් තම සැමිය රසෙල් එක්ක වෙනම හෝටලයකට යනව නවතින්න. එතනදි මේ තත්වය තවත් උග්‍ර වෙනව. මේ අතරෙ ලෝරෙන්ට යම් පුද්ගලයෙක් මුණ ගැහෙනව. ඔහු ලෝරෙන්ගෙ ජීවිතයට කොහොම බලපෑමක් කරයිද? ඒ වගේම ලෝරෙන්ට අතීතයේ ලොකු අහිමිවීමක් සිදුවෙලා තියෙනව. ඒ අහිමිවීම අඳුරු තාක්ෂණය යොදාගෙන ආයුධයක් බවට පත් කරන්න යම් පිරිසක් උත්සාහ කරනව.. ඒ කොහොමද? ලෝරන් ඒකෙ ගොදුරක් බවට පත් වේවිද? මුළු කතාව පුරාම තියෙන්නෙ ප්‍රශ්න විතරයි.මේ කිසි දෙයක් නෙවෙයි ඇත්තටම වැදගත්ම කාරණාව. මේ කතාව ඇතුළෙ කුතුහලය පුපුරවල යන සුපිරි ගේමක් තියෙන්නේ. අන්තිම විනාඩිය වෙනකම් මේක තේරුනා කියල හිතන්න වත්, තේරුනේ නැහැ කියල හිතන්නවත් එපා. මොකද තේරෙන්නෙ නෑ. හැබැයි ඉවසීමෙන් ඉන්න කෙනෙකුට රසම ටික අවසාන පොඩ්ඩෙදි හමු වෙනව. ඔබට තේරුම් ගන්න අවශ්‍ය දත්ත ටික ලබා දෙන්නේ අවසානයේ. වැඩේ තේරුම් ගන්න එතකම් හදිසි නොවී පැය 1 කුත් විනාඩි 26ක් චිත්‍රපයට ඉඩ ලබා දෙන්න. මේක බලන්න ඔයාට අමුතු රසයක් තියෙන්නම ඕනෙ. එහෙම නැති කෙනෙක් නම් ඔයා අනිවාරෙන් මේ මොන බූත මගුලක්ද කියල මගදි අතෑරල දාවි. හැබැයි පුතා රසම ටික ලැබෙන්නෙ වැඩියෙන්ම ඉවසන කෙනාට විතරයි.
මේක තනිකරම මනස එක්ක කරන සෙල්ලමක්. ඒ සෙල්ලමේ ප්‍රතිසන්ධි(අගමුල) ගැලපෙන්නෙ අවසාන තීරණාත්මක විනාඩි කීපයේ. Weatworld බලපු රසිකයො ඉන්නව නම්, එයාල දන්නව මේකෙ රස. මොකද Westworld වලත් අවසාන එපිය වෙනකං දන්නෙ නෑ මොකද්ද වෙන්නෙ කියල. හැබැයි අවසානෙට ආවම ඔක්කොම සක්සුදක් වගේ පැහැදිලි වෙනව. ඔන්න වගේ ඒ රසිකයන්ට තමයි මේක ගේන්නෙ. අනික තමයි මේක Action (ක්‍රියාදාම), Mystery, Thriller, Sifi ගණයට වර්ග කරල තියෙන්නෙ. මේක මුලින් බලනකොට රේටින් 5 ගණනක් තිබිලා ඊගාවට 4 දක්වා අඩු වුනා. නමුත් ඉතින් ආයේ බලනකොට මෙන්න IMDb අගය 6.9 ක් වෙලා දැන් මනාප ගණනත් 3500+ තියෙනව.. මෙහෙම වෙන්න හේතුවක් තියෙන්න එපාය. ඉතින් ෆිල්ම් එක බලනකොට තමයි මටත් වැඩේ තේරුනේ ඇයි එකපාර මෙච්චර ලොකු අගයකට මිනිස්සු මේක රේට්න් කරන්නෙ කියල. මම කියන්නෙ බොරු කියල හිතෙනවනම්, IMDb වල ප්‍රේක්ෂක ප්‍රතිචාර කියවල බලන්න. මුල් විනාඩි 90 ඔයාගෙ ඔළුව විකාර වෙලා යාවි.. හැබැයි අවසාන විනාඩි කීපය..? මොකද වෙන්නෙ කියල හරියටම ඔයාටත් දනගන්න ඕන නම්, ඔන්න දැන් සිංහල සබ තියෙනව, ෆිලුම බාගෙන බලන්න.! එහෙනම් ඉතිං රස දන්නෝ මෙය බලත්වා..! කියල මම සමුගෙන යනව. අලුත් සීරීස් එකක් එක්ක ඉක්මනට එන්නම්.ජය වේවා. !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ
3,475 downloadsDownload Distorted.2018.HD_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
35 comments
Prabodha Madhusankha Hettiarachchi
malith
Ela ela
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!praneeth01
THANKS SUB EKATA
sasinduweerasinghe
thanks bro..........
Udara Damith Dissanayaka
ස්තුතියි
එල
මේ වගේ හොල්මන් වෙලා යන ඒවා නියමයි
මේකේ view t railer කියන thaනේ තියෙන්නේ කාටුන් එකක එකක්
එක මෙවුව කරන්ඩ
හෝ හෝlahiru1991
thanks bro
shashi26
Supiri broo sub. Eka full qlty,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Randi
උපසිරැසියට ස්තූතියි
kharis
trailer 1 wrong link1
SANATH RANGA ABEYWEERA
akanee
Shashmith 1
ඇයි sci - fi කැටගරි කරලා නැත්තේ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!A Mune Munasinghe
thankuuuuuuuuuuu very much sahooooooooooo
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
බුදු සරණයි!දිලා
Thanks machoo
.comDevinda
උපසිරැසියට උපසිරැසියට ගොඩක් ස්තුතියි ගොඩක් ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි සම්පත් …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Himantha
Wenasma kathawak wage thanx machan sub ekata.lipiyanam hodata liyala thiyrnawa.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wathilak
වෙනස් තේමාවක එකක් වගේ....ස්තුතියි උපසිරසියට
AsithaDilruwan
Ela saho thanks
harshani11112
ස්තුති උදයංග සහො ....
Athula
Thanks ..
aks
Thanks...
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!DhanushkaAASL
THANKS SUB AKATA
shehan weerasinghe
Thanks sahooo
Jaya wewa !රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Tharindu.srimal
Thanks bro...
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank bro aub ekata...