Watch Trailer

Lust Stories (2018) Sinhala Subtitles | සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රාගය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂා…

මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් වෙනුවෙන් දැනටම මුදල් සම්මාදම් වෙලා අවසානයි මේ අතරේ බොහොම ජනප්‍රිය වේවි කියලා හිතන්න හැකි නිර්මාණයක් බොහොම ලගදී එන්න තියන බවත් පොඩි ඉගියක් දෙන්න ඕන… 🤨🤨 ඉතින් මේ මුල් පිම්ම සාර්ථක ද? කවුද මේ සාර්ථකත්වය එක්ක ඉන්න පිරිස කියලා පොඩ්ඩක් කතා කරලමු ඉම්මු…

මතකද දන්නේ නැහැ ඈත කාලෙක අපේ දොස්තර මහත්තයා ඔබ වෙත අරගෙන ආවා Bombay Talkies කියල නිර්මාණයක් මේ ඔවුන්ට අනුව නම් එහි දෙවැන්න නමුත් කතා වලවත්, නළු නිළියන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ නැහැ ඉතින්, මේ දෙක යා වෙන්නේ කතාවේ මාතෘකාවෙන් කියල තමයි සඳහන්… තවත් යා වෙන එක නිර්නායකයක් තියනවා එකක් කිව්වට එකක්මත් නෙමෙයි…. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්ධ වෙන්නේ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සිව්දෙනෙක් අතින් ඔවුන් නමින් Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, සහ Karan Johar ඉතින් තවත් මොනවා කියන්න ද? හින්දි පිස්සෙක් නොවෙන මමත් මේ මිනිස්සු ගැන අහලා තියනවා… ඉතින් මේ උදවියම තමයි කලින් වතාවෙත් අධ්‍යක්ෂණය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ… මේ නිර්මාණය තුල ඉන්දියානු සමාජයේ ලිංගිකත්වය සහ කාන්තාව කියන කාරණා කතාබහ වෙන චිත්‍රපට හතරක් තියනවා.. එකිනෙකට වෙනස්, වෙනස් පසුතල තුල ඉදගෙන එක එක සමාජ පන්ති සහ තරාතිරම් එක්ක කාන්තාව සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය සිමාවෙන මායිම ගැන කතා කරන මේ නිර්මාණය වෙනුවෙන් තිරයේ අපි දකින පිරිසත් බොහොම ප්‍රසිද්ධයි…

මුල් කතාව වෙනුවෙන් Anurag Kashyap අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතරේ ඒ වෙනුවෙන් Radhika Apte තමයි ප්‍රධාන චරිතයට පන පොවමින් අපේ සිත් හොරා ගන්නේ. අයගේ කතාව අසම්මත වගේම ටිකක් විනෝදයට බර කතාවක්…. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය තමුන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් එක්ක ගතකරපු රාත්‍රියක් වටා ගෙතෙන මේ කතාන්දරය තුල පිරිමින්ට පමණයි කිව්ව සිමා බිදගෙන යන හැටි වගේම තමුන්ගේම කියල ආත්මාර්ථකාමී කෝණයකින් ඇය ඔහුව අයිති කරගන්න හදන හැටිත්, ඔහු ලං වෙන මොහොතේ ඔහුව දුරස් කරන හැටිත් දැකගත හැකි වේවි… මේ තමයි පුද්ගලිකවම මම දෙවනියට කැමති කතාව…

දෙවැනි කතාන්දරය Zoya Akhtar අතින් තමයි නිර්මාණය වෙන්නේ මේ තුල ඔබට දැකගන්නට ලැබෙයි Bhumi Pednekar සහ Neil Bhoopalam ප්‍රධාන චරිත හැටියට. කතාව මෙහෙමයි සුධා මුම්බායි නගරයේ නිවහනක මෙහෙකාරියක් මේ නිසාවෙ තරුණ පුතා එක්ක ඇයගේ සම්බන්ධයක් තියනවා නමුත් පෙනෙන හැටියට ඔහුට එය තවත් එක දෙයක් පමණයි දෙමව්පියන් මේ නිවහනට එන්නේ ඔහුගේ අනාගත සහකාරිය එක්ක ඔහුගේ විවාහය එකලාසයක් කිරීම වෙනුවෙන්… ඉතින් තමුන් ආදරය කරන මිනිසා, තමුන්ගේ පිරිසිදුකම හොරාගත් මිනිසා වෙනත් ගැහැණියෙකුට අයිති වෙන මොහොතක ඇය මේ සියල්ල දෙස බලා ඉන්න හැටි එහෙම වෙන්න හේතු වෙන දේ ගැන කතා වෙන මේ කතාන්දරයත් බොහොම අපූරුයි…

තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.

සිව්වැනි කතාව තමයි මම කැමතිම කොටස… මෙහි අධ්‍යක්ෂණය විශිෂ්ඨ Karan Johar ගෙන්… තිරයේ දකින මුහුණු වෙන්නේ අති සුරූපි Kiara Advani 😍😍 සහ Vicky Kaushal වගේම සරාගී Neha Dhupia. මෙගා පාසල් ගුරුවරියක් බාලිකා පාසලක කුඩා කල ඉදලම උගත් ඇය පිරිමි ඇසුරක් ගැන හාංකවිසියක් නොදන්නා ලැජ්ජාකාර තරුණියක්… කොහොම නමුත් ඇයට විවාහ වෙන්නට කතා කරගෙන උන් තරුණයාත් පිරිමි පාසලක උගත් ඒ වගේම ලැජ්ජාකාරයෙක්… තරුණ ජිවිතයේ බලාපොරොත්තු පොදියක් එක්ක විවාහ වෙන මේ සුරුපිනියට තමුන් බලාපොරොත්තු දේ නම් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ඇයට සිද්ධ වෙනවා තත්පර 5 කට කොටු වෙන්න… බැලුවොත් ඔබට තේරෙයි මම මේ කියන තත්පර පහේ කතාව… 😂😂😂 ඉතින් මේ නිසා ඇය වෙනත් යමක් වෙන තමුන්ගේ අවදානය යොමු කරන්නේ මහා අකරතැබ්බයක් අවසානය කරමින්…. ඉතින් ඒ මොකක්ද කියන එකත් ඔබට දැකගත හැකි වේවි මේ සිනමා නිර්මාණයට අවස්ථාවක් ලබා දුන්නොත්….

2018 වසරේ ජූනි 15 වැනිදා Netflix මගින් බෙදාහරින ලද මේ නිර්මාණය මිනිත්තු 120 ක කාල සීමාවක් පුරා දිවයන්නක්…. ලබාගන්නට සමත් වෙලා තියන IMDB අගය 6.9 ක්… රෝටන් ටෝමාටෝ අගය 100% වගේ ලොකු අගයක්… මොකක් වෙනුවෙන් නොබැලුවත් කරන් ජොහාර්ගේ අවසාන නිර්මාණය වෙනුවෙන් බලන්න කියලා අරාධනා කරනවා… මොකද ඒ නිර්මාණය තුල විහිළුවෙන් ගලා යන ගතයුත්තක් බොහොම අගේට තියනවා…

ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන සිසිල සහෝට මේක කරන්න උනන්දු කලාට මේ නිර්මාණයේ උපසිරස බලලා හින්දි දෙබස් හරි වැරදි බලලා මට උදව් කලාට… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

ගැහැණියෙකුගේ ආශාව ළමයෙක් විතරක්ම නෙමෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

52,238 downloadsDownload Lust-Stories-2018.zip49 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

52,238 downloadsDownload Subtitles49 KB

87 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata. Padman film ekatath sub demuu..

  2. saduhiru1

    thanks saho sub ekata................

  3. Ayesh Prashan

    Thank You

  4. dsdkavishka

    Elama

  5. Krishan NiShalya

    Ekatath sub eka deela..
    Thank you..
    Good Luck..!✌

  6. Hasith44

    tnx bro..good luck

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

  9. Bandaramudiyansi

    Ammo satutui sameer mallli hindi ekak ganat nobala kohomada .thanks ... udat english sab ekak gatta
    Dakama balnna ona .. thanks

  10. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  11. Emosha kevinzz

    එකනම් පහරක් පහරක් පහරක් ම තමයි ස්තුතිය සහෝ

  12. sisitha samarathunga

    මේ පලවෙනි නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එක නෙවෙයිනේ... Love Per Square Foot එකත් නෙට්ෆ්ලික්ස් මීට කලින් ..ආවේ.බොහොම ස්තූතියි සහෝ සබ් එකට

    1. සිසිල ප්‍රසාද්

      ඔව්, මේක පළවෙනි නෙට්ෆ්ලික්ස් හින්දි ෆිල්ම් එක නෙමෙයි සහෝ. ඒත්, මේක තමයි නෙට්ෆ්ලික්ස් එකෙන් නිෂ්පාදනය කරපු පළවෙනිම හින්දි ෆිල්ම් එක. ඒ කියන්නේ, නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්ම මූවී එකක්. නෙට්ෆ්ලික්ස් නොර්මල් ෆිල්ම් වගේම, උන්ගේම ඔරිජිනල්ම ෆිල්ම් කියලා කොටස් දෙකක් තියෙනවා. කලින් ගියේ නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් මූවී එකක් නෙමෙයි.

  13. kelumchathuranga

    thanks

  14. Kanchaka

    Thanks bro

  15. gihan perera

    නියමයි මචෝ.....මෙහෙම එකක් නොබල කොහොමද.....දැන්ම බානවා...ජය වෙිවා....තවත් හොඳ උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....ආ...pad man film එකටත් උපසිරැසි කරන්න සහෝ....

  16. tishantha

    thank you bro..I think nice film . now we can see with sinhala meaning . because of your hard work . Thank you again ....

  17. විමා

    ඈ.. ඉන්දියන් වරකයක් :P

  18. Tharaka Nuwan Dilhara

    ඉන්දියන් එකක්.. :)
    දැන්ම ගන්නවා...
    ස්තුතියි උපසිරසියට..
    ජයෙන් ජය..

  19. Suranjan

    Thank you bro.....jayawewa......!

  20. Bandara 1976

    තවත් හොඳ උපසිරැසි කරන්න කාලය ලැබෙිවා සහෝ !

  21. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  22. Naween Lakshan

    Thanks

  23. Lahiri

    jaya wewa

  24. Prageethhettipola

    නියමායි.. සුපිරි

  25. jstar

    super brother thanks a lot more

  26. dil_shan

    tnz bro sub ekata

  27. Chanmatara

    Sub එකට thanks සහෝ

  28. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  29. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  30. Lushan Kuruppu

    එළකිරි!

  31. Gandhaka Indrajith

    Thanks for the subtitle

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහො.. වෙන මුකුත් ඕනි නෑ. Netflix කිව්ව ගමන් අනිවා බලනවා ඉතිං...ඇම්සෝන් එකෙන් කරපු හින්දි සීරිස් ටික වගේ ඇති කියලා හිතනවා. ජය වේවා!

  33. Dewadithya

    Thanks for sub

  34. samindhi

    පට්ට බ්‍රෝ

  35. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. dilanga sampath

    link plz

  37. Gayanm66109

    Thanks bro .jaya wewa..

  38. Pramukmili

    thanxx bro...

  39. priyan99

    thanks bro sub ekata

  40. N_R

    thanks

  41. Lahiruseya

    Niyamai saho sub ekat jaya wewa.. film 4k baluwa wage thamai

  42. AsithaDilruwan

    Ela saho thanks

  43. Neranja Senarathne

    සුපිරිම movie එකක්. thanks bro sub එකට

  44. m.c.i.srimal

    thanks bro .................................

  45. wcr

    thank you

  46. Naveen Rangana

    සිංහල උපසිරසිට බොහොම ස්තුතියි.............ජය වේවා........!!!!!!!!!!!!!!!!!!!

  47. ranga1984

    Thanks a lot bro...

  48. Achi

    Thanks bn

  49. Bandaramudiyansi

    තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.) __________________________
    @ මෙ කතාව තමා මට ගොඩක් අල්ලලා ගිය කතාව. අනිතිම එ ගැනි මුකුත් නොවුන ගානට කාර් එකේ ඉදගෙන හොද හිනාවකුත් එක්ක් ගන්න දුරකථන ඇමතුමකින් එ කතාවත් ඉවරයි නෙ... මෙහෙමත් ගෑනු ඇත්තට... මට ගොඩක් හිතට වැදුනෙ... එ යාලුවන්ගෙ බැදිම... තමන්ගේ බිරිද තමන්ගෙ හොදම යාලුවත් එක්ක ,එකට ඉන්නව කියල ඔහු දැනගත්තම... මරාකොටාගන්න තරම් ඔව්න්ගේ එ යාලුකම හරි පුදුමාකාරවිදියට ඒ අද්‍යක්ශක වරයා පෙන්නුම් කරන්න උස්සහ කරල තියෙනව...
    එ ගැනුකෙනා එයගෙ මහත්තයගේ යාලුවට අන්තිම හරියෙ අඩගහල කියනවනෙ එයාගෙ මහත්තයා එයාට වචන එකයි කිව්වෙ කියල ... 1 මෙක නවතින්න ඔනේ. 2 ඔහු දැනගන්න හොද නැ මම දන්නව කියල . එ ත් එ ගැනි එක කියනවනෙ...
    මෙහෙම යාලුවෝ ඉන්නවද.. ඔව් ඇති.
    සමහර දේවල් පව්ල් ආරක්ෂා කරගන්න ඔන නිසා එවගේ වෙදනාවල් විදගන්නත් සිද්ද වෙනව හොද මිනිස්සුන්ට ඔවගේ ගැනු හම්ම්බුනාම.... මට එක විස්තර වලින් කියන්න තෙරෙන් නැ මට දැනුන හොදම කොටස..... තවදෙයක් මල්ලිගේ සබ් එකනම් මාරම ලස්සනට දාල තියෙනව. ගොඩක් ස්තුතියි මල්ලි. ලග පාත උන්න නම් ඔයාට මම ප්‍රසන්ට් එකක් එවනව english දන් නැති අපට මේවගෙ එව රසවිදින්න මේ විදිහට මෙහෙම සලස්වනවට.බොහොම ස්තුතියි .සුපිරි මේ ෆිල්ම් එක නම්
    .කොටස් ඔක්කොම ටික මරු.

    1. Sandun

      මට ඒ ෆිල්ම් සෙට් එකේ නම් ටික දාන්න බැරිද

  50. malith

    Ela ela

Load more comments