හායි යාලුවනේ, කොහොමද? ගොඩ කාලයකින් නේද? සමහර අය නම් මාව දන්නවත් ඇතියි, නමුත් සමහර අය බලනවා ඇති මම කවුද කියලා. මම මීට අවුරුද්දකට කලින් විතර තමයි අවසාන වතාවට සබ් එකක් කෙරුවේ. (අවුරුද්දකටත් වැඩිද මන්දා). කෙසේ නමුත් මේක මාගේ 37 වන උපසිරැසි නිර්මානයයි. ඉතින් අද මම අරගෙන ආවේ පොඩ්ඩක් පරන ගොඩාක් අපූරු කතාව…

හායි යාලුවනේ, කොහොමද? ගොඩ කාලයකින් නේද? සමහර අය නම් මාව දන්නවත් ඇතියි, නමුත් සමහර අය බලනවා ඇති මම කවුද කියලා. මම මීට අවුරුද්දකට කලින් විතර තමයි අවසාන වතාවට සබ් එකක් කෙරුවේ. (අවුරුද්දකටත් වැඩිද මන්දා). කෙසේ නමුත් මේක මාගේ 37 වන උපසිරැසි නිර්මානයයි. ඉතින් අද මම අරගෙන ආවේ පොඩ්ඩක් පරන ගොඩාක් අපූරු කතාවක්. ඒ තමයි දැනට ඉන්දියාවේ කාටත් හොල්ලන්න බැරි අපි කවුරුත් ආසාවෙන් ඔහුගේ චිත්‍රපටයක් එන්නේ කවදද කියලා දින ගැන ගැන ගැන ඉන්න ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන දනුශ්ව සිනමා ලොවට ගෙනාපු ඔහුගේ පලවෙනි චිත්‍රපටය අරගෙනයි.
ඉතින් මේ චිත්‍රපටය පොඩ්ඩක් පරන වුනාට ගොඩාක් ආදර්ශමත් කතාවක් තමා මේක. මම නම් අනුමත කරන්නේ මේ චිත්‍රපටය දෙමාපියන්ට අනිවාර්යෙන් බලන්න කියලා තමා, මොකද මේ ලෝකේ ඉන්න දෙමාපියන්ගෙන් හරි අඩක් දෙනා ලමයින්ව හරියට හදන්න දන්නේ නැති පිරිසක් තමා ඉන්නේ. ලමයාව හදපු පලියට කවුරුත් දෙමාපියන් වෙන්නේ නැහැ, වැදුවා නම් ඒ විදියට හදන්නත් දැන ගන්න ඕනේ නේද? සමහර දෙමාපියන්ට වෙන අයගේ ගැටලු ප්‍රශ්න විසඳුම් අහන්න කියන්න වේලාව තියෙනවා නමුත් තමන්ගේ ලමයා සමඟ දවසට පැයක් දෙකක් ගත කරන්න ඔහුන්ට වෙලාව මදියි. පොඩි කාලේ ලමයින්ට අවශ්‍යයි මව් සෙනෙහස පිය සෙනෙහස. මම නම් දන්නා විදියට ඔය දෙකම අද කාලේ ලමයෙකුට ලැබෙන්නේ නැහැ කියන එක තමා ඇත්ත. අවසානයේදී ඒ ලමයා දවසක අවලමේ ගියාම එහෙමත් නැති නම් දූශිකයෙක්, වංචාකාරයෙක් (තව තියෙනවා, ඔයාලම හිතාගන්නකෝ, ඒ මොනවද කියලා) වුන දවසට දෙමාපියන් කියන්නේ මම හරියට තමයි හැදුවේ එයා මෙහෙම එකෙක් වුනානේ කියලා තමන් ශේප් වෙන්න තමයි බලන්නේ. මේ ලෝකේ ඉන්න සෑම මනුස්සයෙක්ම හරිම ආත්මාර්තකාමියි. සෑම කෙනෙකුටම වෙන කෙනෙකුගෙන් ලැබෙන ආදරය සෙනෙහසට වඩා දෙයක් තමන්ගේ දෙමාපියන්ගෙන් තරම් ලැබෙන්නේ නැහැ. කෙනෙක් රෑ දවල් මහන්සි වන්නේ තමන්ගේ පවුල රැකබලා ගන්නවා නේද… නමුත් ඔහු රැකියාව කරන තැන කුමක් හෝ ප්‍රශ්නයක් නම් ඒවා සේරම තමන්ගේ පවුල පිටින් නේද යවන්නේ, තමන්ගේ බිරිඳට බනිනවා, ලමයින්ට ගහනවා, ඒවා සේරම කරලා අන්තිමේදී තරහා නිවුනම ගිහිං සමාව ගන්නවා. කෙනෙකුට ඇයි බැරි කේන්ති යන විදියට කවුරු හරි තමන්ට බැන්නම කේන්තිය ඔහුන් පිටින් යවන්න බැරි. මොක්ද එතන ඔයාගේ බොස් ඉන්නවා වෙන්න පුලුවන්, එයාට කේන්ති ගන්න බැරි වෙන්න පුලුවන්, එහෙම බැන්නොත් රස්සාවෙන් අයින් කරන්න පුලුවන් කියලා සිතෙන්න පුලුවන්. නමුත් එකක් මතක තියාගන්න, තමුන් දහඩිය මහන්සියෙන් හම්බකරන්නේ තමන්ගේ පවුල තමාගේ ලමයින්ව ආදරයෙන් බලාගන්න. නමුත් එයාලා අසතුටෙන් නම් ඔයා මාසෙට ලක්ශ ගානක් ඉපවූවත් වැඩක් තියෙනවාද..(ඒක මම කියන්නේ නැහැ, ඒක ඔබ ඔබගෙන්ම අසා දැන ගන්න.) තමන්ගේ පලවෙනි රාජකාරිය තම පවුල කරගන්න.
සැර වැඩිද මන්දා ලිපිය. නමුත් මේක තමයි යථාර්තය. සමහර අය කියයි මේ මොනවද මේ බහුබූත කියලා. එහෙම හිතන කෙනාට කාලයා විසින් ඔහුන්ට පිලිතුරක් ලබා දේවි. නමුත් මේකේ මම කියපු සේරම චිත්‍රපටයට සම්බන්ධ දේවලුත් තියෙනවා. මම අතින් දාපු ඒවත් තියෙනවා.
මම කතාව ගැන නම් කියන්නේ නැහැ. ඔයාලම බලාගන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Dhanush Tamil Movies Mega Collection [25 DVDRips – 700MB & 1.4GB Rips][27GB – Dhanush 25th Special]
මෙම ලබා දී ඇති උපසිරැසි Tamilrockers DVDRip පිටපත සඳහා අදාළ වේ.
2,225 downloadsDownload Thulluvadho-Ilamai-2002.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduSandeepa1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-05-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
12 comments
Kantha_DLA
Lalani Maduwanthi
Godaak lassanai film eka,,thank you
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි
පුළුවන් නම් suriya ඉන්න මේ පරණ film එකටත් sub එකක් දෙන්නකො.....
Mounam Pesiyadhe (2002)ජයවේවා .......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sisitha samarathunga
වෙල්කම් බැක් රවිඳු ... කව්රුත් දෙන්න අදි මදි කරන හරවත් දමිළ නිර්මාණ බොහොමයක් දුන්නා මට මතකයි... ආයේ ඒ වගේම හොඳ නිර්මාණ අරගෙන එමු...
Smash™
trailer eka waradi bro
Bandara 1976
උපසිරැසියට බොහෝම ස්තුතියි ජයවේවා …….
jstar
super brother thanks a lot more
kasun sudangama
thank you aiye
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට ගොඩක් ස්තුතියි (BrsRavindu) …
බුදු සරණයි - දෙවි පිහිටයි..!