හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක කරන්න ව…

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක කරන්න වෙන්නෙත් නෑ. ඒ නිසා මෙදා පාර ශීල්ඩ් කතාව නිර්මාණී අක්කා ඔයාලට දේවි. බලමුකෝ. මේ සීසන් එක ඉවරයක් වුනොත් 5 වෙනි සීසන් එකේ ඉඳන් නිර්මාණි අක්කටම ඒක බාරදෙන්න පුළුවන් වේවි. 😉 හොඳයි එහෙනං, ඕක තමා පූර්විකාව හෙවත් මගේ අඬෝවැඩියාව.
ලිපි ලියලා ලියලා දැන් ගොඩක් වෙලාවට ලියන්න කරුණු හිඟතාවයකින් තමයි පෙලෙන්නේ. මුලින්ම 50 ගහද්දී මම දන්නෙත් නෑ 50 වැදුනද කියලා. මමත් ගනන් කරන්නේ නැති උපසිරැසි බලන්න එන එවුන් තමා ගනන් කලේ. කමෙන්ට් කියවලා බලද්දී තමා 50 කියලා මීටර් වුනේ. ඊට පස්සේ ලියන්න කරුණු වැඩි වෙලා හිටියේ. ඒ වගේම තමයි අඩවියේ දන්න අඳුනන අයත් බොහෝම පොඩ්ඩයි හිටියේ. ඒ වගේම ඒ කාලේ ගොඩක් කමෙන්ට් පවා වැටුනා. දැන් ඒ කාලේ ගොඩක් වෙනස් වෙලා කියලා දැනෙනවා. එහෙම තමයි ඉතිං. කාලයත් එක්ක දේවල් වෙනස් වෙන්න ඕනේ නේ. කලින් සතියකට ලිපියක් දෙකක් පමණක් දාපු බ්ලොග් අඩවිය දැනට ආපු දුර දැක්කාම උපසිරැසි කරුවෙක් විදියට හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ වුනත් උපසිරැසි කරුවෙක් විදියට අපෙත් කියලා පරම ආයුශක් තියෙනවා නේ. මුල් කාලේ බොහෝම ඉක්මනින් උපසිරැසි ලබා දුන්නත්, පහු පහු වෙන්න ගාට ගාට තමා උපසිරැසි ලබා දෙන්න වෙන්නේ. මොකක්වත් නිසා නෙමෙයි, අපෙත් ළමා කාලේ ඉන්න එන්න නැතිවෙලා යනවා. ඉතිං කතාවට බහින්න කලින් පොදුවේ අපි හැමෝගේම ප්‍රාර්ථනාව තමයි අපටත් වඩා කල් ටීවි සීරියස් ජීවත් වේවා කියන එක. හැබැයි මැරෙන්න කලින් MCU එක ඉවරයක් වේවා. සැනසිල්ලේ මැරෙන්න. 😀 ඉතිං එන්න එන්න කාලයත් එක්ක අලුතෙන් වීරයෝ එකතු වෙලා බයිස්කෝප් එක වගේම MCU එකත් එන්න එන්න පුලුල් වෙනවා. ඒ වගේම තව තවත් සංකීර්ණ වෙනවා. ඒත් ඔය හැම වීරයෙක්ම අතරේ වැඩි බරක් කරට අරන් වැඩ කරන්නත් කවුරුහරි වීරයෙක් අනිවාර්යෙන්ම ඉන්නවානේ. ඉතිං අපේ බයිස්කෝප් විශ්වයෙත් එහෙම කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ සමන් ප්‍රසාද් සොහොයුරා. නැතහොත් අන්වර්ථ නාම අනුව පූසා, බ්ලැක් පැන්තර්. අපේ විමා කියන විදියට දැන් බයිස්කෝප් එක තනිකරම දුවන්නේ මිනිහා පිට තමා. අපේ ජේශ්ඨ ඇඩ්මින් මඩුල්ල වුනත් මේකට එකඟ වේවි කියලා හිතනවා. පරණ සර්වර් එකෙන් විඳපු දුක උපසිරැසියක් බාගන්න ආපු ඔයාලට තේරෙන්න ඇති. ඒත් ඒ කාලේ ඊට වඩා දුකක් වින්දේ ඇඩ්මින් මඩුල්ල. ඔයාලා දෙන උපසිරැසි කොහොම හරි පල කරලා ඔයාලගේ උත්සාහයට වටිනාකමක් දෙන්න එයාලා ලොකු ප්‍රයත්නයක් දරනවා. මගේ මේ උපසිරැසයක් එන්න මගේ 350 කඩයිම සම්පූර්ණ වුනත් අද මම මේ උපසිරැසිය වෙන් කරන්නේ මම වෙනුවෙන් නෙමෙයි. ලොකු වැඩ කොටසක් කරන ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන්. සයිට් එක ආරම්භ කරපු ඉසිර ගුණතිලක සොහොයුරා, පලමු උපසිරැසියෙන් මුල්ගල් පිහිටවූ රොයිලි අයියා, සයිට් එකේ සංකීර්ණ භාරදූර කටයුතු වලින් කැපවෙන හසා අයියා, අපිටත් කලින් ඉඳන් ලොකු කට්ටක් කාපු සමීර අයියලා දෙන්නා වගේම වාසල අයියා, සයිට් එකට අවශ්‍ය පිංතූර වලින් සයිට් එක හැඩ කරපු නලින් අයියා ඒ අතරින් බොහෝමයක් කැපවුනු සහ කැපවෙන යශෝධ, විමා, හේවා, නිමා, සමන් සහ අලුත් සිත්තරා වුනු ඉමේෂ් කුමාර. ඒ වගේම විදෙස් ගතවුනු, දුර ඈත මගුල් බෙර සද්ධේ ඇහෙන බයිස්කෝප් මංසලේ තිසර. 😛 මේ කට්ටිය නිසා තමයි සයිට් එක දිව්වේ සහ දුවන්නේ. ඉතිං කලින් කිව්වා වගේ මම මගේ මේ විශේෂ අවස්ථාව වෙන් කරගන්නවා එයාලට ස්තුති කරන්න. ඒ වගේම උපසිරැසි ගන්න අඩවියට ගොඩ වදින ඔයාලත් උපසිරැසි දෙන අයට වගේම මේ අයටත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ විදියට ලාබයක් නොලබා කරන මේ කර්තව්‍ය වෙනුවෙන්..
ඒ වගේම එදා මෙදා තුර අපිත් එක්ක එකට එකතු වෙලා ලොකු සහෝදර සහෝදරියන් පිරිසක් වෙනදාටත් වඩා වැඩි වශයෙන් ඉන්නවා. මුලින් හිටපු අතලොස්සක් දෙනා දැන් ලොකු පිරිසක් බවට පත්වෙලා. මුලදී නම් ගම් සඳහන් කරන්න පුළුවන් කමක් තිබුණත්, ඒ අයගේ නම් ගම් සඳහන් නොකර සිටීම ගැන මාත් එක්ක අමනාප වෙන්න එපා. එහෙම ගියොත් මේ ලිපියේ අවසානයේ උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 5ක් විතර පහලට යන්න වේවි. වැදගත් කාරණාවක් විදියට සඳහන් කරන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. දැන් ඇඩ් දාන නිසා ගොඩක් දෙනා හිතනවා ඇති අපි අනුන්ගේ උපසිරැසි වලින් ලාබයක් ලබනවා ඇති කියලා. කවුරු එහෙම කිව්වත් අවධාරණයෙන් යුතුව ඒක බොරු කතාවක් වග බය නැතුව අපට කියන්න පුළුවන්. මොකද කිව්වොත් මේ සයිට් එක වෙනුවෙන් මෙතෙක් කාලයක් ඇඩ් නොමැතිව අතින් මුදල් ගෙවාගෙන තමයි පවත්වාගෙන ගියේ. මේ නිසා මේ ගාන හොයාගැනීමට තමයි අපි මේ විදියට ඇඩ් දාන්නේ. ඒ වගේම මේ සම්බන්ධව අපේ කැපවුනු උපසිරැසි කරුවන් හට සම්පූර්ණ අය වැය වාර්ථාවන් ලැබෙන බවත් කියන්න ඕනේ. මේ නිසා මේ සම්බන්ධව කවුරු මොනවා කිව්වත් ඒ හිස් වචන බව නැවත වතාවත් බය නැතිව කියන්න පුළුවන්.. 🙂

ඒ තමයි මගේ 350 කතාව. දැන් අපි ආපු වැඩේට බහිමු. ඒ තමයි ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රෙන්ජ්. මාවල් විශ්වයේ කැපී පෙනෙන චරිතයක් ලෙස මෙම චරිතය දක්වන්න පුළුවන්. ඒකට හේතුව මේ කතාව විද්‍යාවෙන් ඔබ්බට හිතන්නට යමක් රසිකයාගේ හිතේ ඇති කල නිසාවෙන්. පුරාතන සෘශිවරුන්ගෙන් බ්‍රාහ්මනයින්ගේ පටන් පැවත එන ක්‍රමයක් තමා භාවනාව කියලා කියන්නේ. ඉතිං මේ භාවනා ක්‍රම වලින් දියුණු කරපු සිත් නිසාවෙන් දැනට නූතන විද්‍යාවෙන් පිලිගන්නවා පුද්ගලයෙක් කියන්නේ නිකංම ලේ මස් ඇට වලින් හැදුනු පුද්ගලයෙක් නොව, ඊටත් එහා ගිය සංකීර්ණ සංස්තිථියක් වග. ඊට හේතුව වෙන්නේ නූතන ලෝකයේ මේ කතාවේ දැක්වෙන ආකාරයේ Astral Body හෙවත් මනෝ කාය හරහා ශරීරයෙන් පිටතට ගමන් කරන්න පුළුවන් වග ඔප්පු කරලා පෙන්වන අවස්ථා තිබෙනවා. නමුත් යම් යම් මතවාද හේතුවෙන් මේ දේවල් ලෝකයට වැඩමනක් ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ වගේම විවිධ මානයන් පිලිබඳවත් මේ කතාවේ සඳහන් වෙනවා. එතැනදී මනෝ කායට පමණක් විසිය හැකි මානයකට ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රෙන්ජ් ගමන් කරනවා. මානයන් පිලිබඳව මෙතෙක් ඇති නූතන සහ පුරාතන සංකල්පයන් කතා හරය පෝශණය කරන්න යොදාගෙන තිබෙන බවක් හොඳින්ම දකින්න ලැබෙනවා. එමෙන්ම ආධ්‍යාත්මයත් සමග කියැවෙන විශ්වීය බලයන්. අධ්‍යාත්මය සමග නැතත් මෙවැනි බලයන් විශ්වාස කරන, එමෙන්ම ඒවා සත්‍ය බවට ඔප්පු කරන්නට චිත්‍රපට පවා නිපදවා තිබෙනවා. The Secret (2006), What the BLEEP Do We Know (2004), The Spirit space (2008), The Quantum Activist, The Living Matrix (2009), The Moses Code (2008) කියන්නේ මේ වගේ වාර්ථාමය චිත්‍රපටයන් වලින් කිහිපයක්. මෙවැනි අදෘශ්‍යමාන නමුත් සංකීර්ණ යතාර්ථයත් ප්‍රබන්ධයක් එකට කැටි කරගත් කතාවක් විදියට තමයි Doctor Strange කතාව ගලාගෙන යන්නේ.
ආත්මරාගයෙන්, මාන්නයෙන්, උද්දච්ඡ කමින් වෙලුනු පුද්ගලයෙක් විදියට තමයි ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රෙන්ජ් චරිතය ආරම්භයේදීම අපට කතාව තුලින් පෙන්වා දෙන්නේ. ඔහුගේ ශල්‍ය නියුරෝන විද්‍යාව පිලිබඳව ඇති දක්ශතාවය නිසාවෙන් ඔහු තමා ගැන මහත් ආඩම්බරට පත් වී සිටින්නේ. තමුන් ගැන යන්තමින් හෝ පුද්ගලයෙක් පහත් විදියට සලකනවා යැයි හිතීමත් ඔහුට ඉවසුම් නොදෙන කරුණක්. සියුම් අනුකම්පාවකටවත් ලක් වීමට ඔහු අකමැති බව මේ කතාවේදී පෙන්නුම් කරනවා. අනතුරක් නිසා තමුන්ගේ දෑත් අහිමි වීමක් සමග මේ තත්වයන් ඉස්මතු වෙන්නේ හිතේ ඇති ලොකු තරහක් සමග. ශල්‍ය වෛද්‍ය වරයෙකුට වටිනාම වස්තුව වනුයේ තමුන්ගේ දෑතයි. මේ වටිනා වස්තුවේ අහිමි වීමත් සමග ඔහුට කරකියා ගන්නට දෙයක් නොමැතිව පසුතැවෙනවා. නමුත් ඔහු තමුන්ගේ දෑත ප්‍රකෘතිමත් කරගැනීමට නොකරන දෙයක් නැති තරම්. මේ නිසාවෙන් ඔහු තමුන්ගේ දෑත සුවපත් කිරීමට ක්‍රමයක් සොයාගෙන යනවා. මේ ගවේශණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට Ancient One නමින් පුද්ගලයෙක් හමුවෙනවා. මැය විසින් ඩොක්ටර් ස්ටීවන් ස්ට්‍රෙන්ජ් හට දෑත සුවපත් කිරීම පසෙකලා ගුප්ත කලාවන් ගැන පුහුණු කිරීම් සිදු කරනවා. මේත් සමගින් ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ගේ කතාව බිහි වෙනවා.
මේකයි කතාවේ පූර්විකාව. කතාව පිලිබඳව සම්පූර්ණයෙන්ම දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා. මෙහිදී කතාවේ සමහරක් වචන පිලිබඳ ගැටලු ඇතිවෙන්න පුළුවන්.
Ancient One කියන එකේදී පෞරාණික තැනැත්තා, පෞරාණික කෙනා කියලා නම් කරන්න තිබුනා. ඒත් ඒ විදියට නම් යෙදුවොත් දෙබස ඇති කෙටි වෙලාව ඇතුලත ඔයාලට කියවන්න ලැබෙන වාක්‍යයේ දිග වැඩිවෙන නිසා ඒ වෙනුවෙන් ආදේශ කෙටි වචනයක් විදියට “පෞරාණිකයා” කියන නම යොදන්නට යෙදුනා.
ඒ වගේම Time Loop කියද්දී කාල චක්‍රය, කාල ලූපය කියන වචන තමයි සිංහලයේ බාවිතා වෙන්නේ. නමුත් පෙර හේතුව නිසා වගේම, ගොඩක් වෙලාවට කතාවේ ඇති දෙබස් වල කතා ශෛලය රැකගත යුතු නිසා, පෞරාණික බවත් ගුප්ත බවත් නවීන බවත් යන තුනෙහිම සාරය සහ රටාව වාක්‍යන් වල තිබිය යුතු නිසාම Time Loop යන්න “ටයිම් ලූප්” වශයෙන්ම යොදන්නට යෙදුනා. ටයිම් ලූප් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා බලන අය දන්නවා ඇති කියලා හිතන නිසා මම ඒ ගැන මෙතැන පැහැදිලි කරන්නට සූදානමක් නෑ. 🙂
එහෙනම් මම අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ටයිම් ලයින් පිළිබඳ ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකකින් දන්වන්න.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
Doctor.Strange.2016.720p.BluRay.x264-[YTS.AG]
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
80,037 downloadsDownload Doctor.Strange.2016.zip164 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
188 comments
Nirodha uthpala
chalana
thank you <3
Janith sandhakelum
Sabata තුති සහෝ 350 වැනි උපසිරසට සුබ පැතුමි
Thili
brother gd work.film eka ada ude gatte.ohoma yan tawa aluth ewa onooooooo.ouala hinda tama api film balanne brther.gd luck.500 th ikamatama gahamu.
sunimal
kohenda film eka gattw net eke tyena file eka gb 5 k ne
Sajith Anthony
350 වැනි උපසිරසට සුභ පැතුම් සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!දමිත්
නියමයි සහෝ.
කලින් බැලුවා. ඒත් උපසිරැසි එක්ක ආයෙත් බලනවා.
ස්තුතියි අපි වෙනුවෙන් ඉන්නවට...දමිත්
ඒ වගේම 350ට සුබ පැතුම්...
ජයෙන් ජය.
Kasun Widusha
Subapethum sahoo bokkenma 350 ta .400 t gahamu neh ithin
නිර්මාණි විජේසිංහ
350 ට සුභ පැතුම් මල්ලි. ඉදිරියටත් උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මනින් සුව වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. එක පාරක් බැලුවා සබ් දෙනකන් ඉන්න බැරුව. ආය පාරක් බලන්න ඕන දැන් සබ් එක්කම. බොහොම ස්තූතියි උපසිරසියට. ජය...
ashan lankanath
thanks ...............good luck .................
සමන් ප්‍රසාද්
සුභ පැතුම් මචං 350 වෙනි උපසිරසියට.
එහෙනම් ඊළඟට 400. පස්සෙ 500.
ඒ කඩයිම් වලටත් ඉක්මණටම ලඟා වෙන්න පුළුවන් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ලිපියෙ මාවත් මතක් කලාට ස්තූතියි.
ජය වේවා...!!!Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
හිතුවෙම කට්ටියට මේක අමතක වෙලා කියලා..
350 උපසිරැසට සුභ පැතුම් සහෝ..Sisila Prasad
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
ඒ වගේම, 350 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මෙතනින් නොනැවතී, ඉදිරියටම යෑමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා !!!දිල්ශාන් සචින්ත
ම්ෙහ්ෙඑහ්ෙබ්ල් බ්ල්ල්ා ම්ෙහ්ෙ බ්ල්න්ක්ොට් 3ර්50ය්ට්ත් ග්හ්ල්ා ක්ිය්හ්හ්න්ක්ොෝ...හ්ඩ්ද්ව්ට්ත්ින්ම් ස්ුබ්ප්ට්ත්න්ව්ා...
ලහිරු චානක
350 සුබ පැතුම් පැනියෝ... තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා. ජය වේවා...!!!
මධුකප්‍රිය පෙරේරා
හම්මට මග බලාන ඉදපු ෆිලුමක්නේ බස්සලා තියෙන්නේ..
350ට දෙන්න කියාපු ෆිලුමක් තමා තෝරාගෙන තියෙන්නෙත්..
350 කඩයිම පන්නපු බයිස්කෝප් අඩවියේ 2වැනි උපසිරසිකරුවා(මං හිතන්නේ) වීම ගැන හදවතින්ම සුබ පතනවා.
කලින් පාරත් කිව්වා වගේ මේ පාරත් කියන්න තියෙන්නේ උබේ සබ්නම් සුපිරිම සුපිරි.
ආයේ කියන්න වදන් නෑ. එහෙනම් ඉතින් කලින් වගේ බැරි වුනත් උපසිරසි නිර්මාණය
කිරීමට තිත තියන්නේ නැතුව හෙමින් හෙමින් හරි 400 වැනි කඩයිමටත් යන්න ලැබේවා
කියලා ප්‍රාර්ථනය කරනවා එකසිතින්ම.
උපසිරසි කිරීමට අවශ්‍ය කාලය,ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!
ඔබට ජයෙන් ජය.Rakitha
Good job and Congratulations bro
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Duraka Basnayake
congratz bro..keep it up & thnx for sub
sherlock galle
Thanka very much
widuranga
350ta jaya wewa 500th gahamuuuu.
thanx bro sub ekataTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න ඔයාට මගෙනුත් 350 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්!
ඉදිරියටත් හැකි තරම් කාලයක් බයිස්කෝප් වෙබ් අඩවිය හා රැඳෙමින් අප වෙනුවෙන් තව තවත් හොඳ සිනමා නිර්මාණ වලට උපසිරැසි ලබා දීමට හැකි වේවා කියා මම පතනවා. ඒ වගේම ඔබගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
ජයෙන් ජයම වේවා!
බුදු සරණයි!සජීවි
350 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම්!!!
Rakitha Ranathunga
අප්පට සිරි...
සබ දෙනකන්මයි හිටියේ...
ඒ අස්සේ 350 ගහල....
සුභ පැතුම් අයියේ...
දිගටම සබ් කොටන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
ඉක්මනට 400ට යමු නේද???Niky
Thanks bro & all the best..!!
කලණ
එනකම් බලන් හිටපු ෆිලුමක් බ්‍රෝ .. තැන්ක්ස් වේවා. 350 ට සුබ පැතුම්.
chin
ela ela ..........350.....wagema issarahatath sub denna.......good luck mac
Devaka Sadaruwan
350 ගහලා ඇති කියලා නවත්වන්න හිතාන ඉන්න කතාවක් ආරන්චි උනා. එහෙම නම් කරන්න එපා සහෝ.වැඩිය කතාකරලා නොතිබුනත් මට උපසිරසි කරන්න ආසාව ඇතිවුන එක උපසිරසි කරැවෙක් තමා උබ.
ජය වේවා 400 පුලුවන් ඉක්මනට අරන් එන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා
Ravindu Rukshan
350 උපසිරැසට සුභ පැතුම් සහෝ.....
තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා.ජය වේවා…!!!අසිත
එලම 350 ට ජය.
මේක දෙනකම් කොච්ච්ච්ර ඇඟිලි ගැන්නද?
ජය වේවා!!!!SACHIN DILHARA
niyamay bro. 350ta all the best.
Rithesh
ගොඩක් ස්තුතියි සහෝ, ඔයාල මේ කරන දේ අපිට ගොඩක් වටිනව. ඒ වගේම 350 වෙනි උපසිරැස ට සුබපැතුම්.
හසිත
350 ට සුභ පැතුම්.
ජය වේවා...Kasun
බොහොම ස්තූතියි සහෝ......
pasan
enakan balagena hitapu filumak.thanks saho sub 1kata.jaya wewa thawa wadi wadiyen sub karanna puluwan wewa
Gathsara Umesh Kumara
මම ලිපිය එහෙම්ම කියෙව්ව අයියේ..මම කැමතිම කෑල්ල තමා "තවත් උපසිරැසියකින් හමුවෙමු"කියන කතාව එතන ව්‍යංගාර්තයෙන් කියන්න් දැම්ම මේ වුර්ත්තියට සමුදෙන්නෙ නෑ කියන එකනේ...ඒක තමා තුටුම එ.ක.ගොඩක් දෙනෙක් මොකක්හරි කඩයිමක් ගහපු ගමන් කියනේ සමගන්න්වා කියන කනෑ..ඒකට මමන්ම් කැමතිම් නෑ අයියේ..මම මේ සයිට් එකේ සබ් වලින් කැමතිම නිර්මණ කරුවෙක් තමා අයියා..මමන්ම් කියනේ පුලුවන් තාක් කල් සබ් කරන්න kකියල.බාගද 1000+ වෙන්න බැරි කම්ක් නෑ...එහෙනම් 350ට හදවතින්ම සුබපතවා අයියේ...1000+ කඩයිම පන්න ලැබේවා කියල හදවතින්ම පතවා ......ඉක්මනිම් ඊලග උපසිරැසියෙන් හමුවෙමු ..සදා ජය අයියා...!!!!
Dilip Prasanna
මුලින්ම කියන්න ඕන "අම්බෝ 350ක් කලාද?" කියල. ඒව වෙනුවෙන් ගොඩක් ස්තුතියි. හිතපන් පොඩ්ඩකට උබ පට්ට කට්ටක් කාගෙන හදපු සබ් වලින් කී ලක්ෂයක් නම් වින්දනයක් ලබන්න ඇතිද. මුළු ලන්කාවම ෆිල්ම් බලන්න සබ් ගන්නෙ බයිස්කෝප් එකෙන්. අපි වෙනුවෙන් දුන්න මේ රසවින්දනයට උබට ගොඩක් පින්.. කවද හරි දවසක් මේව මතක් කරල සතුටු වෙයන්... පිනක් කලා කියල (Hats off saho)
JR
"හිතපන් පොඩ්ඩකට උබ පට්ට කට්ටක් කාගෙන හදපු සබ් වලින් කී ලක්ෂයක් නම් වින්දනයක් ලබන්න ඇතිද."
අනිවා..!
nisala udara
ගොඩක් ස්තූතියි සහෝ ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ සබ් එක දෙනකන් අපිත් මුල ඉඳම්ම ඔයාලත් එක්ක තමා ඉන්නෙ. මේකෙන් ඉවර කරන්න එපා. ඔයාල නිසා තමා අපි ෆිලුමක් වත් තේරෙන්න බලන්නෙ 350 සුබ පතුම් "ඒත් මේ ෆිලුම් පරක්ක්කු වෙච්ච එකටනන් පොඩ්ඩක් වත් සමාව දෙන්න බෑ"
JR
350ට සුබ පැතුම්! 400ට තව 50යි :D
ජය වේවා…!!!Ajith Priyantha
මුලින්ම ඔයාගේ 350 උනුසුම් සුබ පැතුම්.
Heshara
Thaks bro ada ude film eka dwnld kra. Oya dn sub eka dila ada Raata balanna film ekak thynwa elama. Digtana kramu bro
KAVINDA GAMAGE
350 උපසිරැසට සුභ පැතුම් සහෝ…
menaka
thankas broooooo...........
lahiru
350 උප සිරැසට සුබ පැතුම් ... තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
Amila Ruwan
Ela mchn
Chämàrá Sâmpáth
350'වැනි උපසිරැසියට සුභපැතුම් පැනියෝ.
ශීල්ඩ් එකෙන් ගැලවිලා ගියත් ලාස්ට් ෂිප් ඇදගෙන යමං කියලා මං නම් කියන්නේ. මොකද ලාස්ට් ෂිප් නම් පැණියා තමයි. මේක අපි අපි අතරේ කතා වෙච්ච දෙයක් විතරක් නෙවෙයි. මොකද මට මේක පිටතටදීත් ඇහිලා තියෙනවා ඒ උපසිරැසිවල තියෙන රසය ගැන මිනිස්සු කතා වෙනවා.
ඉස්සර පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ සබ් කරපු මැෂිමක් නේද දැන් ඉතින් මෙහෙම හිටියට.
ඉක්මණින් සනීප වෙයන්... .
ඒවගේම උපසිරැසියට හුගක් ස්තුතියි.
මෙතනින් නොනැවතී ඊලග කඩයිම් වලට අමාරුවෙන් හරි යන්න ශක්තිය, ධෛර්යය, කාලය ලැබේවා.
ජය!චින්තක
ප්‍රනීත් ලොක්කා සුපිරි බඩ්ඩක් නේ ගෙනල්ලා තියෙන්නේ , කොල්ලෝ සුබපතනවා උබට 400 ටත් යන්න ලැබෙන්න කියල ,,,,ජයවේවා
madusara manawasinghe
350 න් නවතින්නානම් එපා...ඇ!!!!
බොහොම ස්තුතියි!ඉක්මනට සනිපවෙන්න කියලා ප්‍රර්තනා කරනවා...අනුෂ්ක දිල්ශාන්
බලන් හිටපු sub එකක් .350 සුබ පැතුම්.ඉක්මනින් සනීප වෙන්න .
ස්තුතියි .Shehan Madhusanka
දෙනකල් බලන් හිටියේ 350ට සුබ පැතුම්
Udara Damith B/K
350 න් නතර උනොත් එහෙම මන් තරහම තරහම තරහම තරහයි හොදේ
සයිට් එක ආරම්භ කරපු ඉසිර ගුණතිලක සොහොයුරා ගේ පොටෝ කෑල්ලක් වත් පැත්තකින් දාලා තියන්ඩ
මොකද එය නිසා තමයි අපි මේකේ න් ගත්ත උපසිරස එක්ක ෆිල්ම් බලන්නේ
ඒ වගේම බයිස්කෝප් එකට උපසිරස කරන හැමොටම මේවගේ කඩයිම් ගොඩක් පහු කරන්ඩ වාසනාව ලබෙන්ඩ කියලා පතනවා
ලාස්ට් ශිප් එකනම් කොහොම හරි කරන්ඩ ඕනි හොදද
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mama meka download karanava gatta apu gamanama mokada man dannava aniva meka denavaa keyala praneet saho 350 ta magen congratulations and ideriyatama yanna labeva keya hadavatinma partana karanava