1946 වසරේ තිරගත උන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් මා ඔබ වෙත අරෙගෙන ආවා. දෙවන ලෝක යුධ සමයේ විශාල ලෙස කෙරුන ඔත්තු බැලීම් ඇසුරින් නිමවුන රහස් පරීක්ෂක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ සුරූපී ඉන්ග්‍රිඩ් බර්ග්මාන් සමග කඩවසම් කැරී ග්‍රාන්ට්. ඇලීෂියාගෙ පියා එක්සත් ජනපදයට වි…

1946 වසරේ තිරගත උන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් මා ඔබ වෙත අරෙගෙන ආවා. දෙවන ලෝක යුධ සමයේ විශාල ලෙස කෙරුන ඔත්තු බැලීම් ඇසුරින් නිමවුන රහස් පරීක්ෂක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ සුරූපී ඉන්ග්‍රිඩ් බර්ග්මාන් සමග කඩවසම් කැරී ග්‍රාන්ට්.
ඇලීෂියාගෙ පියා එක්සත් ජනපදයට විරුද්ධව නාසි ඔත්තු සේවයක නිරත වීම නිසා අත් අඩංගුවට පත් වී වසර 20 කට සිර දඬුවම් ලබනවා. නමුත් සිර මැදිරිය තුලම දිවිනසාගන්නවා. මේ අතර රජයේ නිළධාරියෙකු වන ටී ආර් ඩෙව්ලින් ඇලීෂියා ඇන පරීක්ෂාවෙන් පසුවෙනවා. ඩෙව්ලින්ට මේ අතර අවසර ලැබෙනවා ඇලීෂියාව තම මීලඟ රාජකාරියට සම්බන්ධ කර ගැනීමට. ඒ ඇය තම පියාට කිසිම අයුරකින් සහයෝගයක් නොදී දේශානුරාගයෙන් කටයුතු කිරීම නිසා. ඇගේ පියා නාසින්ට පක්ෂව කටයුතු කලත් මැය එසේ නොවන බවට බුද්ධි අංශ ප්‍රධානියාට විශ්වාසයි.
අවසානයේ බ්‍රසීලයේ රියෝ නගරයට පැමිණෙන ඇලීෂියා ඉන් පෙර වොෂින්ට හිදී ඇගේ අත පතා පැමිණි ඇලෙක්ස් සෙබස්තියන් හා නැවත එකතුවෙනවා. ඇගේ මෙහෙයුම තමා සෙබස්තියන් ඇතුලු විද්‍යාඥයන් පිරිස රියෝ වලට වී කරනු ලබන කුමන්ත්‍රණය කුමක්ද යන්න දැනගැනීම. මේ අතරෙදි සෙබස්තියන්ගෙන් ඇයට විවාහ යෝජනාවක් එනවා. මේ ලැබුණ අවස්ථාව පරීක්ෂණවලට මහඟු පිටුවහලක් නිසා ප්‍රධානියා විසින් විවාහය අවසර ලබා දෙනවා. නමුත් මේ වනවිට ඇය ඩෙව්ලින් සමග පෙමින් බැඳී අවසානයි. නමුත් ඩෙව්ලින්ගේ ඇල්මැරුණ ස්භාවය නිසා ඇය රාජකාරියට මුල්තැන ලබා දෙනවා.
අවාසනාවකට අවසානයේ සෙබස්තියන් කෙසේ හෝ තමා විවාහ කරගත්තේ ඇමරිකානු රහස් නියෝජිතවරියක් බව පසක් කරගනු ලබනවා. මේ වනවිට ඇගේ රාජකාරී කොටස බොහෝදුරට අවසන්, නමුත් සම්පූර්ණයෙන්ම නෙමේ. ඇගේ මෙහෙයුම සම්පූර්ණ කරගත හැකිවේද, ජීවිතයත් මරණයත් අතර සටනක් ගෙනයන ඇයට දිවි ගලවා ගත හැකිවේද? ඩෙව්ලින් තම ප්‍රේමය දිනාගනීවිද? ඔබත් සිනමාපටය රසවිඳින්න. තවත් මෙවම් සිනමා සළරුවකින් හමුවෙමු. Dial M for Murder එක තමා තියෙන්නෙ. දැනමම එකත් ඔතනින්ම බාගන්න.
torrent පිටපත yify torrent අඩවියෙන් ලබාගත හැක. උපසිරැසි ගොනුව එම පිටපටත අදාල වේ.
Due to copyright issues, we do not provide any torrent links.
Notorious (1946) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
199 downloadsDownload Notorious.1946.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
13 comments
Udara Damith B/K
Udara Damith B/K
ස්තූතියි....
Udara Damith B/K
8E421EB42B07DB5570109C399EF7B0F9AE298F4B
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එම්. පී. කමල්
බුද්ධික නුවන් සොයුර,
ඔබ මීට පෙර උපසිරසි ලබාදුන් මහා සිනමාකරු ඇල්ෆඩ් හිච්කොක්ගේ 1972 වර්ෂයේ තිරගත වූ "Frenzy"සිනමාපටය ඉතාම කුතුහලයෙන් නැරඹුවා. එය ලොව අති විශිෂ්ට සිනමා නිර්මාණයක්. ඔබ වෙහෙසවී නිර්මාණය කළ උපසිරසි භාවිතා කර පහසුවෙන් එය නැරඹීමට අවස්ථාවක් සැලසීම වෙනුවෙන් මේ අවස්ථාවේ දී මා ඉමහත් ස්තුතිය පුද කර සිටිනවා! එතැන් සිට ඔබේ උපසිරසියක් තිබේද කියා මේ වෙබ් එකට ආ විගස මා බලනවා. ඉතිං ඔබ අදත් එතුමාගේ තවත් සිනමා නිර්මාණයකට උපසිරසි සපයලා. දුටු විගස Download කළා. මීට පෙර දැන සිටි සිනමා නිර්මාණයක්, එහෙත් නරඹා තිබුණේ නැහැ. මෙය නරඹලාම අදහස් දැක්වීමක් කරන්නම්. මෙම වෙබ් එකේ පරිපුර්ණත්වයට ඇල්ෆඩ් හිච්කොක් කලාකරුවාණන්ගේ සිනමා නිර්මාණ පෙළ ඉතාමත් වැදගත් බව, කලාත්මක සිනමාපට ප්‍රියකරනා සියලු දෙනාගේම අදහස වේවි. ඔබට ජය!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Withanage Priyantha Dayakeerthi
සබ් එකට අවංක ස්තුතිය! මෙවන් වටිනා ඒවා සබ් කිරීමට කෙනෙක් සිටීම ගැන ඇත්තෙන්ම ගොඩක් සතුටුයි. අලුත් ඒවාටම සබ් දෙන්නට කැපවී සිටින සියගණනක් පිරිස අතර ඔබ වැනි කෙනෙක් අපට ඉතාමත් වටිනවා. මමත් පැරණි චිත්‍රපට ලෝලියෙක්. ඒ නිසා මේවායේ වටිනාකම හොඳින්ම දන්නවා. තවත් මෙවැනි ඒවා ඉදිරියේ දීත් අපට ලබා දෙන්න.
Ekanayake
Parana movie walata kamathi nisa download kala. Meya balnnama ona nisa. Thank you for sinhala sub!
Kasun Samaraweera
මම දැනුවත්ව baiscopelk එකෙන් Alfred Hitchcockගේ films 11ක සිංහල subtitles දැනට දීලා තියෙනවා. පුලුවන් නම්, Rope (1948) / Lady Vanishes (1938) / Rebecca (1940) වගේ තව films කිහිපයකත් සිංහල subtitles දෙන්න පුලුවන් නම් හොදයි.
thanks :)Kasun Samaraweera
මම දැනුවත්ව baiscopelk එකෙන් Alfred Hitchcockගේ films 11ක සිංහල subtitles දැනට දීලා තියෙනවා. පුලුවන් නම්, Rope (1948) / Lady Vanishes (1938) / Rebecca (1940) වගේ තව films කිහිපයකත් සිංහල subtitles දෙන්න පුලුවන් නම් හොදයි.
thankssasanka
thanks.for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම....