ඔන්න අද මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු වැඩක් කරගත්ත.හැමදාම ෆිල්ම් බැලුවට තාම එක subtitle එකක් වත් කරන්න බැරි වුණ ඒක ගැන මම අවුලෙන් හිටියේ කාලයක්. අද ඔයා මෙතනට ඇවිත් තියෙන්නේ මේ subtitle එකම හොයාගෙන නම් ඔයා ගොඩක්ම hollywood ෆිල්ම්ස් බලල imdb ලිස්ට් එකේ, තව ප්‍රසිද්ධ List ඔක්කොම වගේ බලල. හොයාගන්න තියෙ…

ඔන්න අද මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු වැඩක් කරගත්ත.හැමදාම ෆිල්ම් බැලුවට තාම එක subtitle එකක් වත් කරන්න බැරි වුණ ඒක ගැන මම අවුලෙන් හිටියේ කාලයක්. අද ඔයා මෙතනට ඇවිත් තියෙන්නේ මේ subtitle එකම හොයාගෙන නම් ඔයා ගොඩක්ම hollywood ෆිල්ම්ස් බලල imdb ලිස්ට් එකේ, තව ප්‍රසිද්ධ List ඔක්කොම වගේ බලල. හොයාගන්න තියෙන හොද ෆිල්ම් ඔක්කොම බලල. අන්තිමට විදේශීය වෙනත් භාෂා වල ෆිල්ම් හොය හොය බලන කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහටම තමයි මටත් මේකේ අධ්‍යක්ෂකවරයා දැනගන්න ලැබුනේ. ඒ අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට කීපයක්ම මම බැලුවා. ඒවා වල අනෙත් හොදම අධ්‍යක්ෂකවරයන්ගේ චිත්‍රපට වලට වඩා සෑහෙන්න වෙනස් දෙයක් තිබ්බ නිසා මට හිතුනා මේ වගේ එකකට sub එකක් කරන්න. අනිත් එක මේ site එකේ අතලොස්සක් වගේ තමයි තියෙන්නේ විදේශීය භාෂා චිත්‍රපට. ඔයාලත් ඊලග පාර sub එකක් කරද්දී ලෝකේ වෙනත් රටක ෆිල්ම් එකක් කරන්න. එතකොට තේරෙයි තව කොච්චර හොදම ෆිල්ම්ස් ඉතුරු වෙලා තියෙනවා ද කියල ඇහැ ගැටුනේ නැති. Academy award for best foreign language movie – nominees කියන්නේ ඒ සිංහල sub දාන අයගේ ඇස නොගැටුණු සුපිරිම ෆිල්ම් ලිස්ට් එකක්. අනිත් ඒක IMDB ලිස්ට් එකේම වගේ හැම සහ හැම ප්‍රසිද්ධ ෆිල්ම් එකකම වගේ දැන් සිංහල sub දීලා ඉවරයි. Hollywood කියන්නේ එක රටක ෆිල්ම් විතරයි. Mexican, Colombian , Eygyptan, Turkish, Serbian, Russian වගේ ඉතාමත් හොද ෆිල්ම් නිෂ්පාදනය වෙනවා. ඒවාට sub කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේ විවිධ නිර්මාණ වලින් අපිට ඒ රටවල් ගැන සංස්කෘතීන් ගැන වත් බලාගන්න පුළුවන්නේ! ගොඩක් අය hollywood ෆිල්ම්ස් උඩ තියන් හිටියට ලෝකේ හොදම ෆිල්ම් තමයි Lathin American / Mexican වගේ ඒවා. Hollywood හොදම ඒවා වලත් දන්නවනේ අඩුම ගානේ ප්‍රධාන නළුවා වත් මෙක්සිකන්! LOL
Ulrich Seidl කියන්නේ ඔස්ට්‍රියානු අධ්‍යක්ෂකවරයෙක්.මෙයාගේ නිර්මාණ ගොඩක් කතාබහට ලක් වුනේ මෙයා ඒවා පෙන්නන්නේ වෙනස්ම විදිහකට.ඒ කියන්නේ සත්‍ය සිදුවෙමක් සිද්ධ වෙන විදිහටම තමයි ඒවා ෆිල්ම් එකෙත් පෙන්නන්නේ.ඒ කියන්නේ අමු යථාර්ථවාදී කාචයකින් පෙන්නනවා සිදුවීම්. ගොඩක්ම මෙයාගේ ෆිල්ම් වල තියෙන්නේ මිනිස් ජිවිත වල සැගවුණු යතාර්ථය ගැන අතහදා බැලීම් වගේ ඒවා. .ගොඩක්ම ඒවා බලන්න කොහෙත්ම බෑ පවුලේ අය එක්ක නම් බලන්න තියා හිතන්න වත් එපා!. දැන් හැරෙමු කතාව දිහාවට. මේ කතාවෙන් පෙන්නන්නේ නගරබද ජීවිතවල තියෙන හිස් නීරස බව හා ඒකාකාරී නොසන්සුන් බව.ඔස්ට්‍රියාවේ ගොඩක් රස්නේ දවස් වල 6ක් දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. නගරයේ වැන්දඹු මනුස්සයෙක් වැඩකාර ගෑණු කෙනා සමග සිදුවීමක්, කටකාර නොමිලේ වාහන වල නැග යන ගැහැනියක් (hitchhiker) . දික් කසාද වුණු නමුත් එක ගෙදරක ජීවත්වන ගැහැනියක් හා මිනිසෙක් එකිනෙකාට එපා කරව ගැනීම, ගෘහස්ථ හිංසනයට ලක්වන ගුරුවරියක් මේ පිරිසගේ නගරාබද අතෘප්තකර කාංසා සහිත ජීවිතවල හිස් බව. මේක imdb 7.1 ක් අරන් තියෙනවා ඔස්ට්‍රියන් ජර්මන් භාෂා එකක් උනාට. තව මේ ෆිල්ම් ඒක Venice Film Festival එකේ Grand Jury Prize එක දිනාගෙන තියෙනව. මේකේ නම හරි නම් එන්න ඕනේ ‘ග්‍රීස්ම දවස් (Dog days/Hundstage)’ කියලා.එත් මම ‘ග්‍රීස්ම බලු දවස්’ කියලා ‘බලු’ කෑල්ලකුත් එකතු කළා මොකද මේ කතාවට නියමෙට යනවා ඒ කෑල්ල. පළමු උපසිරැසිය නිසා comment එකක් දාලා යන්න හැමෝම පුළුවන් නම්.බොහොම ස්තුතියි!
ප.ලි:
මම මිට අවුරුදු ගානකට කලින් ෆිල්ම් එකකට sub එකක් දාන්න හිතලා මම කැමතිම නළුවාගේ ෆිල්ම් එකක් බැලුවා බාරගන්න. යන්තම් එකම එකක් ඉතුරු වෙලා තිබ්බ ඒ නළුවාගේ ප්‍රසිද්ධම ෆිල්ම් එකක්.ඔන්න ඕක භාර අරගෙන කරද්දී තමා තේරුනේ මේක මහා කරුම sub එකක් කියලා.මොකද පොර ඒකෙ කියෝනවා වැඩයි හෝ ගාල. අනිත් එක ගොඩක්ම native English වල phrases , idioms වගේ ඒවා වැඩියි . ඉතින් මට වැඩේ එපා උනා.එත් ඒකෙ භාගයක් කරලා තියෙන්නේ, ඉතුරු ටික කරලා ඉක්මනටම දෙනවා කොහොමහරි. ඔයාල හැමෝම බලන් ඉන්න ප්‍රසිද්ධම එකකක්. *******o ගේ . ගුවන් යානා වලට සම්බන්ධ ෆිල්ම් එකක්,පුලුවන්නම් comment කරන්න ? 😀 . ..
Viel Glück එහෙනම් හැමෝටම !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2,125 downloadsDownload Dog-Days-2001.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසී එරත්න (Hasi Erathna)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසී එරත්න (Hasi Erathna)
Subtitles
46 comments
කවීෂල් රසින්ත
Hassy
tnx :) !
Nuwan Manage
Ela
Hassy
tnx :) !
Howdy
Al Pacino
Hassy
මම guess කරන්න කියපු එකට නේද?.නෑ Al Pachino ගේ ෆිල්ම් එකක් නෙවෙයි ඒක. :D *******o ගේ.. ප්‍රසිද්ධම එකක් bro..
AsithaDilruwan
Ela saho thanks
Hassy
tnx :) !
බොබී
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා, සහෝ. දැනට මේකේ සබ් කරන හැමෝම එකතු වෙලා සබ් දුන්නත්, හදන්න බැරිතරම් ෆිල්ම්, ටීවී සීරීස් ගොඩක් තියෙනවා. තව තවත් ඒවා අළුතින් එනවා මිස අඩුවෙන්නේ නෑනේ. බයිස්කෝප් අඩවියේ සාමාජිකයෙක් වෙලා ඒවා සම්පූර්ණ කරන්න පටන් ගත්තට ස්තූතියි. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ඔබට ජය!
Hassy
tnx bro :) !
Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
Hassy
tnx :) !
chamankc
Good Job ........Elazzzz
Hassy
tnx :) !
Kulanjana Maduranga
g'luck for the 1st attempt...subata thanks...keep it up...
Hassy
tnx :) !
Hassy
Comments ටික දැක්කහම හරිම සතුටුයි, තවත් subs කරන්න හිතෙනවා.Thanks හැමෝටම!
bhasu92
casino 1995...
robert de niroge film ekak
IMDB TOP 250 eke flm ekak..
tama sub na..
puluwannam dipan machan..dmnd nirmal
කට්ටිය ලෑස්තිද... ඔන්න සුපිරියක් එනවා ඉක්මනට සබ් එක ඔනේ..... mill 22......... ට්‍රේල එක බලලම ඉන්නෝ
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....නියම වෙනස් ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව වෙන් කරගන්න බලන්න සහෝ...දෙවි පිහිටයි....ගොඩක් ස්තුතියි....ජය වෙිවා....
Hassy
ස්තුතියි අදහසට :)
Suranjan
Thanks machan......jayawewa......!
Hassy
ස්තුතියි :)
jagannatha
බොහොම ස්තූති මෙවන් සලරුවක් හඳුන්වා දුන්නාටත් උපසිරැසි ලබා දුන්නාටත්. අපගේ අවධානයට යොමු නොවන චිත්‍රපට තවතවත් හඳුන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබගේ සියලු කටයුතු සඵල වේවා !
Hassy
ඉස්සරට තවත් ඒවා ලැබෙයි වෙනත් භාෂා වල. ස්තුතියි :)
Achi
තැන්ක්ස් බන් ඒක තමා වෙන්න ඕනි...වෙනත් අරට වල එවා තමා බන් බලන්න ඕනී...වෙනස්ම ඒවා දියන් ආදරෙයි
Hassy
ස්තුතියි අදහසට :)
Achi
පොඩි කොපියක් නැ කියපන්කෝ හොයා ගන්න..ෆට්ට ෆිල්ම් එක බන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hassy
Thanku රොයිලි අයියේ! :)
Nidi
ෆිල්ම් එක හොයාගන්නත් කලින් මේ සුබ පතන්නේ!
Hassy
ෆිල්ම් එක නම් හොයාගන්න ටිකක් අමාරුයි තමා. එත් මම දැක්ක thepiratebay එකේ torrent එකක් දාලා තියෙනවා.ස්තුතියි! :)
Udara Damith Dissanayaka
ලිපිය නියමයි\
එක කියෙවුවට පස්සේ බලන්දම හිතුනා
තව මේ වගේ ඒවාට සබ් කරන්ඩkaimora
thanks machan
Bandara 1976
ෆට්ට ෆිල්ම් එක....කොච්චර හොදම ෆිල්ම්ස් ඉතුරු වෙලා තියෙනවා ද කියල ඇහැ ගැටුනේ නැති
Hassy
ස්තුතියි :)
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hassy
ස්තුතියි :)
namal kumara
ලිපිය හොඳට ලියල තියෙනවා.
අනේ download link එකක් දෙන්නකෝ....plzzjagath55
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Hassy
බොහොම ස්තුතියි!
Hassy
මේකෙ (Hundstage) torrent එක Torrentz2.eu site එකේ ඇති.
Su
thanks saho sub ekata.. :)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
පුලුවන්නම් දිගටම Best foreign language film nominees වලට සබ් දෙන්න.
කමෙන්ට් කරන්න ඩවුන්ලෝඩ් කරන්න එන පිරිස ඉලක්කමෙන් අඩු උනත් ඔය කැටගරියෙ ෆිල්ම් බලන අයගෙන් ඔයාටම කියලා ෆෑන් බේස් එකක් හදා ගන්න පුලුවන් වෙයි.Bandara
what a wonderful choice Good Luck Hssy
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි... Tnxs සබට.
දිගටම සබ් දෙමු.
Gd luck...