Watch Trailer

Dohchay (2015) with Sinhala Subtitle | චන්දු [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ…

Dohchay (2015)

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ නිසා පොඩි කාලේ ඉඳන්ම  ඒ වගකීම කරට අරගෙන නංගිගේ හැම අධ්‍යාපන කටයුත්තකටම වියදම් කරමින් එයාගේ බර කරට ගත්තේ මං.ඇත්තටම ඒක මට කරදරයක් කියලා මං කොයි වෙලාවකවත් හිතුවේ නෑ.ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති හරිහමන් අධ්‍යාපනයක් වත් නැති මූ සල්ලි ගස් වලින් කඩලා නංගිට උගන්වනවාද කියලා.ගස් වලින් කඩන්න, සල්ලි ගස් නෑනේ.ඒ නිසා මං සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොයාගත්තා.ඒ තමයි වංචාව.පොඩි කාලේ ඉඳන්ම එක එක විදියේ වංචනික ක්‍රම පුරුදු පුහුණු වුණ නිසා මං දැන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කිව්වොත් හරි.මිනිස්සුන්ව රවට්ටන්න මං පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් ක්‍රම.මගේ හැකියාවන් කොච්චර දියුණුයිද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්.මගේ වංචාවලට අහුවෙන මිනිහා දුප්පත් මිනිහෙක්ද, පෝසත් මිනිහෙක්ද, මැරයෙක්ද, තේ විකුණන මිනිහද කියලා මට අදාල නෑ 😀 .කොහොමහරි නංගිගේ කොලේජ් එකේදී මට මීරා කියලා ලස්සන ගෑනු ළමයෙකුත් හම්බෙනවා.මං ඉතින් මෙයාගේ පස්සෙනුත් යනවා වැඩේ කොහොමහරි ගොඩදාගන්න කියලා හිතාගෙන.මේ විදියට සරළව ගලාගෙන ගිය මගේ ජීවිතේට දවසක් එක කෝල් එකක් එනවා.ඒ කෝල් එක නිසා මගේ මුළු ජීවිතේම ගමන් මාර්ගය වෙන පැත්තකට හැරුණා කිව්වොත් ඒ බොරුවක් නෙමෙයි.කෝල් එක ආවේ හිරේ ඉන්න තාත්තට සනීප නැතුව ඉස්පිරිතාලෙට ඇතුලත් කළා කියලා.ඩොක්ටර්ස්ලා කියනවා ඉක්මනටම ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඒත් එයා හිරේ ඉන්න කෙනෙක් නිසා ඒකට නීතියෙන් අවසර ගන්න ඕනේ කියලා.කොහොමින් කොහොමහරි ඇමති කෙනෙක්ගේ මාර්ගයෙන් ඉක්මනටම අවසරය ඉක්මනටම ගන්න පුළුවන් වෙනවා.ඒත් ඒ ඇමතිට ලක්ෂ ගානක කප්පමක් ගෙවන්න වෙනවා.ඒ සල්ලි හොයාගන්න මට මොන විදියේ දහං ගැටයක් ගහන්න වුනාද? මගේන් අල්ලස් ඉල්ල ඉල්ල මගේ පස්සෙන් එන පොලිස් කාරයා කවුද? කවුරුත් නැති කාමරෙකින් මගේ අතට ලැබුණු කෝටි දෙක හමාර කාටද අයිති? ඒ සල්ලි පාවිච්චි කරලා ඇමතිගේ මාර්ගයෙන් මට තාත්තව හිරෙන් නිදහස් කරගන්න පුළුවන් වේවිද? මුළු නගරයම හොල්ලගෙන ඉන්න මානික්‍යම් කියන්නේ කවුද? මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුනේ මොකද? මේ හැම ප්‍රශ්නෙකටම මේ චිත්‍රපටය තුලින් පිළිතුරු දෙන්න මං ලෑස්තියි.”

හැමෝටම ආයුබෝවන්.මේ මගේ හතරවෙනි උපසිරැසි ගැන්වීම. පලවෙනි වතාවට තමයි තෙලිඟු සිත්තමක් අරගෙන එන්නෙ.2015 වසරේදී නිකුත් වන මෙම තෙලිඟු සිත්තම, ප්‍රේක්ෂක මනාපයෙන් Imdb දර්ශකයේ 6.1 ක් වැනි ඉහල අගයක් කරා ලඟා වී තිබෙනවා.ප්‍රධාන නළුවා ලෙසින් Naga Chaitanya ද, ප්‍රධාන නිළිය ලෙසින් Kriti Sanon ද, තම රංගන කුසලතාවයෙන් මෙම සිත්තම ඔපවත් කරන අතරතුර, වර්තමාන තෙලිඟු සිනමාවේ විකට රජුන් දේපලක් වන Brahmanandam සමගින් Krishna Murali Posani පුරා හෝරා දෙකකට වැඩි කාලයක් ඔබව සිනා සයුරේ ගිල්වීමට වෙහෙසෙනු ඇත.

මේ අවස්තාව ලබාදීම සම්බන්ධයෙන් බයිස්කෝප් කාර්යමණ්ඩලයේ සොහොයුරන්ට ස්තුති වන්ත වන අතරම, විශේෂයෙන් මතක් කල යුත්තේ, ලබා දී ඇති උපසිරැසිය ගැලපෙන්නේ පහතින් දක්වා ඇති පිටපත සඳහා පමණි.එමෙන්ම එම කොපිය තුල හින්දි සහ තෙලිඟු යන භාෂා 2ම පවතින හෙයින් තමන්ට කැමති භාෂාවක් තෝරාගෙන නැරබිය හැකියි.ප්‍රමාණයෙන් පොඩ්ඩක් වැඩිවුනත්, හැමදෙනාගෙන්ම ඉල්ලාසිටිනවා හැකියාවක් තිබෙනවානම් අරගෙන බලන්න.මන්දයත් මෙම සිත්තම තුල ඉතාමත්ම ආකර්ශනීය අවසානයක් ගැබ් වී තිබෙනවා.එම නිසාම, සෑහෙන කලකින් නිකුත් වූ සුපිරිම ක්‍රියාදාම සහ කුතුහලය පිරි කතාවක් ලෙසට සහතික කරනවා.

එහෙනම් ගිහිල්ලා එන්නම්.තවත් සුපිරිම චිත්‍රපටයකින් හම්බෙමු…..ජයවේවා…!

“හැම වංචාවක් පිටුපසම මිනිසුන් දෙවර්ගයක් ඉන්නවා.වංචාව කරන අය සහ එකෙන් පළ විපාක විඳින අය.ඔයාට දෙවෙනි කෙනා නොවී ඉන්නනම්, අනිවාර්යෙන්ම පලවෙනි කෙනා වෙන්න වෙනවා.”

 

Dohchay (2015) on IMDb

 

 

 

 

Dohchay (2015) 720p UNCUT HDRip x264 Exclusive By -=!Dr.STAR!=

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

11,582 downloadsDownload Dohchay.2015.Baiscopelk.com_.rar50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

11,582 downloadsDownload Subtitles50 KB

37 comments

  1. Nilantha

    Thank for sub good luck

  2. Sisila Prashad

    CF4F9E5A54875694C38724067DA4D152F5F47EBD

    1. Athula

      Thank u..........

    2. janith

      bro mta kiyahanko me film torrent eken download karaganna heti...link ekata giyata mona magulakwath set une nene?

  3. Nilantha

    Puluwan nam zombie hunter 2013 movie ekata sub dennako

  4. nipuna

    ela ela broooo

  5. dhanushka

    sub eka awl set wen ne bro

    1. Sisila Prashad

      hash එකේ තියෙන කොපිය නෙමෙයිද ඔයා ගත්තේ සහෝ..?
      hash එකේ දාලා තියෙන කොපියනම් සබ් එක 100% ගැලපෙනවා කියලා මං සහතික වෙනවා.
      ඔයා ගත්ත කොපියෙ නම දාන්න බලන්න මොකක්ද කියලා...

  6. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. sanduni

    Thank you!

  8. Ishara

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්.

  9. Bobby

    බොහෝම ස්තුතියි සිසිල ඔයාගේ කාලය කැප කිරීම වෙනුවෙන්.

  10. Janaka

    Tika dawasaka idala film eaka download karana link eaka eanne naha ne..ai aaaae

    1. janith

      matath me prasne thiyenaw,eth ko reply ne bn?

    1. Sisila Prashad

      ඒක වෙන්න බැරි දෙයක්නේ සහෝ.මං සබ් එක කලේ ඔය කොපියටම තමයි.ඔයා කියපු නිසා මං ආයෙත් පාරක් චෙක් කරලා බැලුවා.සබ් එකේ කිසිම ටයිමින් අවුලක් නෑ.මට හිතාගන්න බෑ ඔයාගේ කොපියට විතරක් එහෙම වුණේ කොහොමද කියලා.ආයේ පාරක් ප්ලේ කරලා බලන්න සහෝ.

    2. ravindu kuruppu

      meke 700mb copy ekak naddaa.eke direct link ekak dennako

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. Navod

    Krishna Gadi Veera Prema Gaadha (2016) film 1tath sub diyalla machan...

  13. රයන් ද සිල්වා

    ………………………………………………………………………..
    ……………………උපසිරැසට බොහොම ස්තූතියි…………………….
    ……………………………………………………………………..

  14. Witharanage Suranjith

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/dohchay-2015-dual-a…

    [ Direct සහ Torent Download Link ]
    හැමෝටම සුබ දවසක්!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! :D

  17. Chami.S

    Thanks..
    Good Luck...

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි සහෝ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !!!

  20. janith

    meke link ekata gihin film eka download karana heti kiyahallako kauruhari???try kara film eka download karaganna bene? :(

  21. Gayan Darshana

    thanks

  22. Manilka

    ai yako download link ekaka den meke danne neththe

  23. Udaya Fernando

    Thanks

  24. සුරංග ජීවන්ත

    Macho .zip file ekak widihata download karanna beri why?

  25. Tharaka Lahiru

    tnq

  26. Nuwan

    Supiri sub eka. Thank you so much...!

  27. Anushkaudayanga

    thanks saho..

  28. damith_janaranjana

    Thanks bro

  29. Anonymous

    superr

    1. Ish

      E bng kohomada movie eke baluwe movie eke copy eke downlaod kale komada mkkd sub eke , kohomada movie eke bluwe mkkd app eke