Watch Trailer

Mustang (2015) with Sinhala Subtitles | නිදහස සොයා යන කිරිල්ලියන්… [සිංහල උපසිරැසි සමඟ]

මේ උපසිරැස නම් කතාවක් එකක් කරන්න පටන් ගන්නේ. මම කරන්න උන්නේ මේක නෙමෙයි… El abrazo de la serpiente නමුත් ඕක ඩොකා මට දුන්නට මේල් එකක් දාන්න අපි දෙන්නටම අමතක වුනා, උදේ නැගිටලා බලනකොට අපරාධාකාරයා මේක වෙනත් කෙනෙක්ට වෙන් කරලා. මොනවා කරන්නද ඉතින් මටමයි වෙන්නේ කියලා දවසක් දෙකක් නිවාඩු එහෙම දාලා ඉන්නකොට තමය…

Mustang 2015

මේ උපසිරැස නම් කතාවක් එකක් කරන්න පටන් ගන්නේ. මම කරන්න උන්නේ මේක නෙමෙයි… El abrazo de la serpiente නමුත් ඕක ඩොකා මට දුන්නට මේල් එකක් දාන්න අපි දෙන්නටම අමතක වුනා, උදේ නැගිටලා බලනකොට අපරාධාකාරයා මේක වෙනත් කෙනෙක්ට වෙන් කරලා. මොනවා කරන්නද ඉතින් මටමයි වෙන්නේ කියලා දවසක් දෙකක් නිවාඩු එහෙම දාලා ඉන්නකොට තමයි කරුමෙට වගේ මේක දැක්කේ… අම්මාපා මම හෙව්වේ අලුත් Mustang අහම්බෙන් මේක දැක්කේ, කොහොම හරි බලා බාපු ගමන් මේක කරනවා කියලා මේල් එකක් දැම්මා නැත්නම් අරූ මේකත් කාට හරි දෙනවා නෙව. මුලින්ම බොහොම ස්තුතියි විමෝ… මොකෝ මේක මට පුදුම හිතට වැදුන කතාවක්….

මේක 2016 ඔස්කා සමාන උළෙලේ හොඳම විදේශීය සිනමා නිර්මාණ කිහිපය අතරට නිර්දේශ වුන චිත්‍රපටයක්, මේක නියෝජනය කලේ ප්‍රංශය… නමුත් මුළු කතාවම දිව යන්නේ තුර්කි භාෂාවෙන්…. මේක Deniz Gamze Ergüven මුල්ම චිත්‍රපටය වගේම මේකේ පිටපත නිර්මාණය වෙනුවෙනුත් ඇය සහය වෙලා තියනවා ඒ  ඇයගේ ජිවන අත්දැකීම් තුලින්…. ප්‍රධාන චරිත වන සහෝදරියන් 5 දෙනා හැටියට Günes Sensoy, Doga Zeynep Doguslu, Tugba Sunguroglu, Elit Iscan, Ilayda Akdogan මේ පස් දෙනා බොහොම අගේ ඇති රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා. ඊට අමතරව තවත් ලොකු පිරිසක් මේක වෙනුවෙන් තමුන්ගේ දායකත්වය ලබා දෙනවා.

2015 කාන් සිනමා උළෙලේ මුල්ම ප්‍රදර්ශය වුන මේ සිනමා නිර්මාණය, ඒ වගේම ටොරන්ටෝ සිනමා උළෙලෙත් විශේෂ සංදර්ශන වාරයක් පවත් වුනා. ඔස්කා සමානය වගේම, ගෝල්ඩන් ග්ලෝබ් සමානය වෙනුවෙනුත් මේක නිර්දේශ වුනා. ඒ එකක්ම ප්‍රංශ චිත්‍රපට වෙනුවෙන් වෙන් වුන ඔවුන්ගේ ඔස්කා සමාන උළෙල වන César සම්මාන උළෙලේ දී මේ සිනමා නිර්මාණය සම්මාන 9 ක් සඳහා නාම යෝජනා ලද අතර ඉන් හොඳම අධ්‍යක්ෂකවරයාගේ මුල්ම නිර්මාණය, හොඳම තිර පිටපත, හොඳම සංගීතය වගේම හොඳම සංස්කරණය වෙනුවෙනුත් සම්මාන ලබාගන්න සමත් වුනා.

IMDB මීටරයේ 7.6 ක් වගේ අගයක් ලබාගෙන ඇති මේ කතාව, රෝටන් ටෝමාටෝ හි 97% වගේ අති විශාල විචාරක පැසසුමක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. ධාවන කාලය පැය 1 මිනිත්තු 37 යි.

කතාව මෙහෙමයි වෙන්නේ, තුර්කියේ ටිකක් ගම්බද පැත්තකට වෙන්න යමක් කමක් තියන පවුලක මව් පියන් නැති සහෝදරියන් 5 දෙනෙක් කාන්තාවන් සිතින්, ගතින් සිරකරගෙන සිටිනා සමාජයක නව ලෝකය එකක් ඔට්ටු වෙන්න මේ තරුණියන් දරනා උත්සාහයක් ගැන තමයි මේ කතාව දිව යන්නේ. මෙයාලා බලාගන්නේ ආච්චි අම්මා හා මාමා කෙනෙක් නමුත් සමාජ චාරිත එකක් පාසල් නිවාඩු දෙන දවසේ කල කාර්යයක් නිසාවෙන් මෙයාලා නිවාස අඩස්සියට නතු වෙනවා. ඉතින් මේ හිරවුන කිරිල්ලියන් 5 දෙනා තමුන්ගේ එකිනෙකට වෙනස් ජිවිත කොහොම ගෙවයි ද? මොවුන් මේ අපායෙන් නිදහස් වෙයි ද? මේ සියල්ල දැනගන්න ඔබට භාරයි.

එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙන්තුරු ඔබ සැමට ජය වේවා !      

Mustang (2015) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.

1,048 downloadsDownload Mustang-2015.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,048 downloadsDownload Subtitles108 KB

21 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Praveen Mahesh

    torren link eka thiyena kenek comment karannako.

  3. මලින්ද

    හෑෂ් ටැග් නම් හොයාගන්න බැරි උනා
    http://kickasstorrentsam.com/mustang-2015-720p-brrip-850mb-…
    මෙතනින් ගන්න පුලුවන්
    සබ් එකට බොහොම ස්තුතියි සහෝ......

    1. Sadeesh Mendis

      0521C575867D2A2245EBA9DFFE9A8CECE92CCBEA

  4. me

    Thanks

  5. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  6. udara

    meke sub play wen nane

  7. Rajitha

    Thank you saho.......jayawewa......!

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. Ras

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  10. Tharaka

    සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!!!!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්නොත් ආයේ දෙපාරක් ජය෴෴ :P :P

  12. chameen

    super

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. janith

    Kohomada machan android 4nn eken imdb film download karaganne..

  15. mithun

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි.
    තවත් හොද නිර්මාණයක් බලන්න කියල මෙ සුදානම.
    ස්තුතියි බොහොම සමිර බ්‍රො .

  16. ChanakaSandaruwanKumarasiri

    මේකෙ torrent ෆයිල් එක ගන්න ලින්ක් එක දාන්න පුලුවන්ද

    1. විමා

      baiscopedownloads වලින් ඉල්ලන්න සහෝ

  17. Emi

    Thanks

  18. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා