Watch Trailer

The Roommate (2011) with Sinhala Subtitles| කාමරේ මිතුදම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ ටික කාලයකට මට ඔයාල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එක ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා. වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසා මේ ෆිල්ම් එක බාර ගත්තට සබ් එක හදන්න ටිකක් (ඇත්තටම ගොඩක්) පරක්කු උනා. එත් අන්තිමේදී කොහොම හරි ඉවර කරගන්න ලැබිච්ච් එක ගැන නම් ගොඩක් සතුටුයි. මේ ෆිල්ම් එක…

The Roommate (2011)

බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ ටික කාලයකට මට ඔයාල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එක ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා. වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසා මේ ෆිල්ම් එක බාර ගත්තට සබ් එක හදන්න ටිකක් (ඇත්තටම ගොඩක්) පරක්කු උනා. එත් අන්තිමේදී කොහොම හරි ඉවර කරගන්න ලැබිච්ච් එක ගැන නම් ගොඩක් සතුටුයි. මේ ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් මම ඔයාටල ස්තූතිවන්ත වෙනවා මගේ පළවෙනි සබ් එකට (Intruders 2016) ලබා දුන්න ප්‍රතිචාර වලට. ඒකට 16000 කට වඩා වැඩි views ප්‍රමාණයකුත් 4000 කට ආසන්න download ප්‍රමාණයකුත් වාර්තා වෙලා තිබ්බා. ඊළඟට සමන් සහෝයි මායි එකතු වෙලා කරපු ස්ටීව් ජොබ්ස් (2015) සබ් එකත් ගොඩක් දෙනා අතරට ගියා. ඒ හැමදෙයක් ගැනම හිතද්දී සල්ලි වලට ගන්න බැරි සතුටක් දැනෙනවා. හරි දැන් අපි මේ ෆිල්ම් එකට යමුකෝ.

මේක ටිකක් විතර පරණ ෆිල්ම් එකක්. ඇත්තටම මාත් මේක බලලා ටික කාලයක් වෙනවා. එත් මේකට සබ් එකක් තිබ්බ නැති නිසා මට හිතුන සබ් එකක් හදල දාන්න. මොකද ෆිල්ම් එක එච්චරටම ලස්සනයි, ඒ වගේම ගොඩක් වෙනස්. ෆිල්ම් එක ජනප්‍රිය Sony සමාගම 2011 දී තමයි හැදුවේ. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ ඩෙන්මාර්ක් ජාතික Christian E Christiansen. එයාගේ ෆිල්ම් වල කොහොමත් වෙනසක් දකින්න පුළුවන්. ෆිල්ම් එකේ IMDb අගය 4.8/10 ක් උනත් මං නම් ඇත්තටම ඊට වඩා දෙන්න කැමතී. Thriller වර්ගයේ ෆිල්ම් එකක් වෙන මේකේ ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ සේරා සහ රෙබෙකා කියල ලස්සන කෙල්ලෝ දෙන්නෙක්. ඊට අමතරව ස්ටීවන්, ට්‍රේසි, මහාචාර්ය රොබර්ට්ස්, අයරින්, ජේසන් කියල චරිතත් දකින්න පුළුවන්. මහාචාර්ය රොබර්ට්ස් ට ඉන්නේ Titanic ෆිල්ම් එකේ රෝස් බඳින්න හිටපු කෙනයි. මිනිහට මේ ෆිල්ම් එකෙත් ගෑනු ප්‍රශ්න. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

රෙබෙකා කියන්නේ මානසික ලෙඩෙක්. ගෙදර ඉඳල ලොස්ඇන්ජලීස් කැම්පස් එකට එන්න පුළුවන් උනත් අම්මයි තාත්තයි එක්ක වලි දාගන්න නිසා එයා කැම්පස් එකේ බෝඩ් වෙලා ඉන්නේ. කොච්චර ලස්සන උනත් එයත් එක්ක කවුරුවත් යාළු වෙන්න කැමති නෑ එයාට පිස්සු නිසා. අපේ වගේ නෙමෙයි ඇමරිකාවේ කැම්පස් බෝඩිම් වල ගොඩක් වෙලාවට එක කාමරයක ඉන්නේ දෙන්නයි . ඉතිං රෙබෙකා එක්ක කාමරය බෙදා ගන්න එන්නේ මම අර කලින් කිව්ව අනිත් ලස්සන කෙල්ල සේරා. සේරා මෝස්‌තර නිර්මාණශිල්පය ඉගෙන ගන්න කෙනෙකේ. සේරා යි රෙබෙකා යි  ඇත්තටම ගොඩක් හොඳ යාළුවො වෙනවා. මේ යාළුකම කොච්චර දුර යනවද කිව්වොත් රෙබෙකා ට සේරා නැතුවම බැරි වෙනවා. එයාට ඕන සේරා ව අනිත් අයගෙන් ඈත් කරලා එයා ගාවම තියා ගන්න එයාට කවුරුත් නැති නිසා. ඒ වෙනුවෙන් රෙබෙකා කරන දේවල් හිතා ගන්නත් අමාරුයි. රෙබෙකා ට පිස්සු කියල සේරා දැනගද්දී ගොඩක් දේවල් වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි දෙන්නගේ යාළුකම අනිත් පැත්තට කැරකෙන්නේ. ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියනවනේ. ඉතිං යාළුකම් උනත් සමහරවිට කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. ඒක ඔයාලට මේ කතාවෙන්ම බලා ගන්න පුළුවන්. අන්තිමට ඉතුරු වෙන්නේ සේරා ද නැත්නම් රෙබෙකා ද කියලා ඔයාලම බලන්නකෝ. එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් මං පුළුවන් ඉක්මනට එන්නම්. මගේ කලින් ෆිල්ම් වලට ලැබුණු ප්‍රතිචාරම මේකටත් ලැබෙයි කියල මං විශ්වාස කරනවා.

එහෙනම් හැමෝටම ජය වේවා!

 

The Roommate (2011) on IMDb

 

 

 

 

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,012 downloadsDownload The.Roommate.2011.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

1,012 downloadsDownload Subtitles31 KB

26 comments

  1. Wayantha Sandaruwan

    එල කිරි සුපිරි වැඩක්,
    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    ජය වේවා ! තෙරුවන් සරණයි

  2. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. :-)

  3. chamith

    me sub ganna bane ban kohomada ganne issara wage banna ba

  4. Witharanage Suranjith

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-roommate-201172…

    [ Direct සහ Torent Download Link ]
    හැමෝටම සුබ දවසක්!

  5. Sandeep Chandimal

    Ai dan site eke torrent file eka attached karan naththe..............

    1. [email protected]

      torrentz.com site එකට ගිහින් movie එක search කරම torrent link එක තියෙන site ග‍ොඩක් එනවා..ඒ site එකකට ගිහින් කැමති කා‍ෙලිටියක film torrent එක බාගන්න bro...

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  7. Nilantha

    Thank you sub ekata

  8. Asitha

    ela thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. cawbaiscopelk

    ටොරන්ට් ලින්ක් හෑෂ් දෙන්නෙ නැත්නම් අඩුම ගණනෙ චිත්‍රපටයේ නළු නිළියන්ගේ නම් වත් ලිපියේ දාන්න. මේ චිත්‍රපටයේ නම The Perfect Roommate ද?

    1. චාමිකර

      නෑ සහෝ The Perfect Roommate නෙමෙයි. The Roommate.
      ටොරන්ට් ලින්ක් එක සුරන්ජිත් සහෝ උඩින් දාල තියනවා.
      නැත්නම් පහල ලින්ක් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්
      https://thepiratebay.org/torrent/7435656/The_Roommate_(2011…

      රඟපාන්නේ : Minka Kelly, Leighton Meester, Cam Gigandet

  11. dinu

    thanQ bro... good luck

  12. indika

    Thn Q...  

  13. රොයිලි

    බොහොම ස්තූතියි චාමිකර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Chami.S

    Thanks...
    Good Luck...

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. mithun

    සෑහෙන කාලෙකින් දැක්කෙ මම නම්.. ලිපිය කියොගෙන පතට එනකොටයි දැක්කෙ ,, පලවෙනි මුවී එකම එලම horror එකක් දුන්න මතකයි.. මෙක බාගත්ත උනාට සබ් එක ගත්තෙ දැන්.. බොහොම ස්තුතියි බ්‍රො උපසිරැසි ගැන්නුවට. කොහොම හරි ඔන්න මගෙ ඇහැ ගැනුට මෙකට..

  17. mithun

    හෙන ලොකු බොරු කාරයෙක් හැබැයි ආඅ,, මෙක දෙනව qwa කොයි කාලෙද හැබැට,,, පලමු මුවී එකෙ 2011 ෆිලුමකට මත පල කලෙ මෙක වෙන්න ඔනෙ , කොහොම හරි තුති සහො..
    දිගටම වැඩෙ කරමු..

    1. චාමිකර

      ස්තූතියි මිතුන් සහෝ. තව අලුත් එකක වැඩ පටන් අරං ඉන්නේ :)

    2. mithun

      හම්මො ,එක කොයි කාලෙ දෙයිද කියල හිතාගන්න පුලුවනී. මම මෙක බැලුව . සුපිරියි සහෝ. රෙටින් අඩු උනත් නියම ස්ටොරි එක. බලන්න අසයි. ඇත්තටම නියම රස වින්දනයක් තිබුන. මෙවගෙ එලම ස්ටොරිම හොයල දෙමු බ්‍රො ... නියමයි .

    3. චාමිකර

      ස්තූතියි. ඔන්න අලුත් ෆිල්ම් එකක් දැම්ම යාළුවා :) Miracles from heaven

  18. ashan alnkanath

    thanks.......................good

  19. ashan lankanath

    Thanks .............good luck

  20. MnO

    Thanks bro

  21. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤