හැමදෙනාටම ආයුබෝවන්..! මමනං මේ පේජ් එකේට අළුත් සාමාජිකයෙක්. මම ගොඩක් කල් ඉඳලා Baiscopelk එකෙන් ෆිල්ම්ස්, සබ්ටයිට්ල්ස් බාගන්නෙ. ඉතිං මම මේ පේජ් එකේ යාව ජීව FAN කෙනෙක් කිව්වොත් නිවැරදි යි. මම හැමදා ම කෙළේ මේකෙන් ෆිල්ම්ස් බාගෙන බලපු එකනෙ. ඉතිං මටත් ඔහොම ඉන්නකොට හිතුණා ෆිල්ම් එකකට සබ්ටයිට්ල්ස් දාල අනිත්…

හැමදෙනාටම ආයුබෝවන්..! මමනං මේ පේජ් එකේට අළුත් සාමාජිකයෙක්. මම ගොඩක් කල් ඉඳලා Baiscopelk එකෙන් ෆිල්ම්ස්, සබ්ටයිට්ල්ස් බාගන්නෙ. ඉතිං මම මේ පේජ් එකේ යාව ජීව FAN කෙනෙක් කිව්වොත් නිවැරදි යි. මම හැමදා ම කෙළේ මේකෙන් ෆිල්ම්ස් බාගෙන බලපු එකනෙ. ඉතිං මටත් ඔහොම ඉන්නකොට හිතුණා ෆිල්ම් එකකට සබ්ටයිට්ල්ස් දාල අනිත් අයට රසවිඳින්න දෙන්න.
ඉතිං ඔන්න ගිය සතියෙ තමා මම [email protected] එකට මේල් එකක් දාල මේ ෆිල්ම් එක ගැන ඇහැව්වෙ. අපේ වාසල සහෝ තමා මට මේ ෆිල්ම් එක ඕකේ කියල කිව්වෙ. ඕං ඉතිං මම නමෝ විත්තියෙන් මගේ කුළුඳුල් උපසිරැසිය දාන වැඩේට බැස්සා. ඉතිං මට මේ වටිනා අවස්ථාව ලබාදීම ගැන Baiscopelk ටීම් එකටයි විශේෂයෙන් ම මට මේ ෆිල්ම් එක ඕකේ කරපු වාසල සහෝටයි ගොඩක් ස්තූතිවන්ත වෙනවා. හරි..ඒ ඇති මගෙ ගැන.. 🙂
අපි මේ ෆිල්ම් එක් ගැන පොඩ්ඩක් කථා කරමුකො එහෙනං. මේක හරි ම සුවිශේෂ ෆිල්ම් එකක්. ඒ වගේ ම මේක Box office වාර්තා තියාපු ෆිල්ම් එකක්. මම එහෙම කියන්නෙ, මේ ෆිල්ම් එක හදල තියන්නෙ Dolphin Tale කියන ඒ නම ම ඇති පොතකින්. ඒ පොත ලියවිලා තියන්නෙ සත්‍ය සිදුවීමක් මුල් කරගෙනයි. මේ ෆිල්ම් එක ලස්සන ම ලස්සන පොඩි dolphin කෙනෙක් ගැන කියවෙන කතාවක්. හොඳ ම වැඩේ කියන්නෙ, ෆිල්ම් එකේ ඉන්න dolphin ම තමා සත්‍ය සිදුවීමටත් මුහුණ දීල තියන්නෙ. මේ ෆිල්ම් එක ලියන්නෙ Karen Janzen සහ Noam Dromi යන දෙන්නෙක්. අධ්‍යක්ෂණය කරන්නෙ Charles MArtin Smith. මේ සඳහා රංගනයෙන් දායක වෙනවා මේකෙ එන ප්‍රධාන චරිත්යක වන Sawyer Nelson ගේ චරිතය රඟ පාන සම්මාන ලාභී ළමා නළු Nathan Gemble. ඊට අමතර ව Hazel ගේ චරිතයෙන් Cozi Zuehlsdroff, තවත් අපි දන්න කියන කෙනෙක් වන Dr.McCathy ගේ චරිතයෙන් Morgan Freeman, ඒත් එක්ක ම Austin Stowel, Richard Libertini, Harry Connik Jr saha Ashley Judd යන අය සහභාගී වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 37 ක වියදමකින් හදාපු මේ ෆිල්ම් එක මේ වන විට ඇමරිකානු ඩොලර් 97 ක ආදායමක් හොයලා තියනවා.
සිද්ධිය කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. 2005 දෙසැම්බර් මාසයේ 5 වෙනිදා ෆ්ලොරිඩාහි එකතරා කලපුවක වෙරළක ලස්සන ඩොල්ෆින් කෙනෙක් එයාගෙ වලිගෙ දරුණු තුවාලෙකුත් එක්ක ගොඩගහලා ඉන්නවා කෙනෙක්ට හමුවෙලා තියනවා. බලනකොට ඩොල්ෆින්ව කලපුවේ අටවපු කකුළු උගුලකට හිරවෙලා තමා මෙහෙම වෙලා තියන්නෙ. ඉතිං මේ පුද්ගලයා මේ ගැන ෆ්ලොරිඩාහි තියන Cleanwater Marine Aquarium කියන මුහුදු සත්ත්වයින්ට සාත්තු කරන රෝහලට දැනුම් දීල තියනවා. එයාල ඇවිත් මේ ඩොල්ෆින්ව අරගෙන ගිහින් සාත්තු කරනවා. එහෙදි මෙයාට වින්ටර් කියලා නම තියනවා. ඉතිං එහෙදි වින්ටර්ගෙ වලිගෙ ඉවත් කරන්න සිද්ධ වෙනවා අර තුවාලෙ ආසාදනය වීම නිසා. වලිගෙ නැතුව ජීවත් වෙන්න බෑනෙ එයාට. ඉතිං එයාට කෘත්‍රිම වලිගයක් දාන්න රෝහලේ අය කටයුතු කරනවා. ඒ වගේ ම මේ ඩොල්ෆින් හරි ම හුරතල්. හරි ම ශක්තිමත්. මරණය පෙනි පෙනීත් එයා ධෛර්යමත් ව ඉන්නවා. නමුත් වින්ටර්ව කෘත්‍රිම වලිගයකට හුරු කරන්න එතරම් ලේසි වෙන්නේ නෑ. ඒ වගේ ම එහෙම කෘත්‍රිම වලිගයක් ඇති ව ජීවත් වෙන එක ම මාළුවාත් වින්ටර්, මොක ද ඒක අසාමාන්‍ය සිද්ධියක් නිසා. ඇලුත් වලිගෙත් එක්ක වින්ටර් හිටියටත් වවා හුරතල් වෙනවා, හරි හරියට සෙල්ලම් කරනවා. ඒ වගේ ම ලෝකෙ පුරා ඉන්න ආබාධිත අය වෙනුවෙන් මේ පුන්චි වින්ටර් හොඳ ආදර්ශයක් දෙනවා.
අදටත් මේ ඩොල්ෆින්, වින්ටර් නමින් ම Clearwater Marine Aquarium එකේ ඔයාලට දැකබලාගන්න පුළුවං එහෙ ගියොතින්. වින්ටර් කොච්චර ප්‍රසිද්ධ උනාද කියනවනම් එයා වෙනුවෙන් වෙබ් පේජ් එකකුත් නිර්මාණය කරලා තියනවා. මේ ඒ පේජ් එක www.seewinter.com. ඔයාලත් ඒකට ගිහින් බලන්න. මේ ෆිල්ම් එකේ වින්ටර් කොහොමද ලෝකෙ ප්‍රසිද්ධ වෙන්නෙ, හැමෝගෙ ම ආදරය දිනාගන්නෙ කියන එක හරි ම ලස්සනට තියනවා. ඉතිං ඒ සිද්ධි කොයි වගේ ද කියලා දැං කිව්වොත් ෆිල්ම් එකේ කික් එක නැතිවෙනවනෙ 😉 😛 ඒ හිංදා ඔයාලා ඒක බලලම හිතාගන්නකෝ. මට ඒකාන්තයෙන් ම ෂුවර් ඔයාල මේ ෆිල්ම් එක දෙපාරක් බලනවා අනිවා. ආ තව එකක්..ඔයාල මේ ෆිල්ම් එක බලන්න කලින් විකිපීඩියා එකේ පොඩක් බලන්නකො මේ ෆිල්ම් එක ගැන විස්තර..ඔයාලට තේර්යි එතකොට මම කියන්න දැඟලුවෙ මොකක් ද කියලා.ඉතිං ඔයාල මේක බලල ඔයාලගෙ අදහස් උදහස් ටිකත් මේකෙ පහළ පොඩ්ඩක් කමෙන්ට් කොරල ම යන්න.හොඳේ..!..මොකද ඕවනෙ ඉතිං අපි අහිංසක විදිහට බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙන්.. අනික ඒක තමා අපෙ ආතල් එක නැතහොත් තෘප්තිය… හා නැද්ද?..මේකේ දෙවනි ෆිල්ම් එකත් ගිය මාසෙදි Donphin Tale 2 (2014) නමින් රිලීස් උණා කියලා මේ දැං ආරංචි උණා.ඒකත් ළඟදි ම ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙන් එහෙනං හැමෝටම ජයවේවා…. TC, JP, BS, SN, … 🙂 🙂 😛 😀
7d23366865a1ae4c8a00fc3c1fe729d62a2a737a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,443 downloadsDownload Dolphin.Tale_.2011.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශම්මි ප්‍රශාන් -UWU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශම්මි ප්‍රශාන්
Subtitles
35 comments
De Mobile Zone
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සජීවි
ස්තූතියි.
ඩොල්පින් ගැන නම් මං අනිවාර්යෙන් බලනවා.
දෙවන කොටසත් ඕන.SaDuN dAnUsHkA
සුභ පැතුම් ඔයාට ගොඩක් දුර
යන්න ලැබේවා කියා මම පාර්ථනා කරනවාGlobal
Thanks Bro..!
sanjeewa
thanks balana hitapu ekak dunata thanks
me
Thanks
නලින්
නියමයි ශම්මි සහෝ! ඇත්තටම බලන්න වටින ෆිලුමක්. මෙක ගැන දැනං හිටියත් මෙහෙම කථාවක් ඇති කියලා දන්නේ නැහැ..
ලිපියත් නියෙමෙට තියෙනවා! මෙ පළමු නිර්මාණයද කියලත් හිතෙනවා. ඇත්තටම හොද පුරුදු කාරයෙක් වගේ ලිපියත් නියමෙට දලා තියෙනවා!
දිගටම අඩවිය එක්ක රැදෙන්න.. පළමු නිර්මාණයට හදවතින්ම සුභ පතනවා!
ජය වේවා!
niluka
Ela
bamiindika
thnq :)
Tharindu
Shammi aiya ela ela...:-)
Plaweni sub elat suba pathum digatama karagena yanna..
Tharindu-UWUlokka
http://www.baiscopelk.com/snatch-2000-දියමන්තියක්-වටා/ mekata sub denna puluwannam niyamai
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHAMME saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
ශම්මි ප්‍රශාන්-UWU
හප්පේ.... කමෙන්ට්ස් එක දෙක වැටෙනකොට නම් මාර කික් එකක් එන්නෙ.... සිරාවට ම.... අනිවා අනිවා ඊළඟ එකත් දානවා ඉක්මණට ම... එක සහෝ කෙනෙක් කිව්වා Snatch (2000) එකට සබ් දාන්න බලන්න කියලා... බලමු බලන්ට ඒකට පුළුවං ද කියලා... සෙට් උණොතින් නම් අනිවා දානවා ඕං.... හැමෝටම බොහෝත් ශුකඩියා......!!!!! :) :) :) :) (Y) (Y)
දමිත්
නියමයි සහෝ..
මම ගොඩක් කැමතියි මේ වගේ පරිසරය සහ සත්තු එක්ක යන ෆිල්ම්ස බලන්න.
තවත් මේ වගේ එකකට සබ් එකක් දෙමු.
නියම වැඩක්.
ජයෙන් ජය ඔබට...Prasanna De Silva
bohoma sthuthi
Max
Ape kolla wadeta bessa ehenam aaaa..... honda movies 2 ,3kma thiyenawa,mn call 1k dennamko,mt sub dala denna. Great work man
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nelson
Good Work Friend, Thanks!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
පළවෙනි වැඩේට සුභපැතුම්.
සුභපැතුම්.. ජයවේවා...!$රොයිලි
බොහොම ස්තූතියි ප්‍රශාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
ඔව් ස්නැච් එකටත් දෙන්නකො
මන් ලගත් තියෙ සබ් දෙනකම් ඉන්නෙ
එල තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.............Jack
පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
බොහෝම ස්තුතියි යාලු සබ් එකටත්.
ඒ වගේම ඉදිරියටත් මේ වගේ හොද එව්වට සබ් දෙන්න.
ජයවේවා.Ranil srimal
බොහොම ස්තූතියි සහෝ, සිංහල උපසිරැසියට.
මට නම් පේන්නේ ඔයා, විහිළුවට බර,
විවෘතව අදහස් ප්‍රකාශ කරන සහෝ කෙනෙක් වගේ. :) :)
සාදරයෙන් පිළිගන්නවා, අපේ අඩවියට.
ලස්සනට ලිපියත් දාලා තියෙනවා.
නියමයි ආ..
දිගටම සබ් දෙමු.
අපි බලන් ඉන්නවා, ඔයා ඊලග සබ් එක ගේනකම්.
ජය...!ඉසු ඩිපි (Isu DP)
නියමයි ශම්මි සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
මේ වගේ ඒවට ආසයි..
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!prabhath
ela thanks niyama wadak good luck
අදිත ප්‍රවීන්
පළවෙනි වැඩේට සුභ පැතුම් සහෝ !
දිගටම උපසිරැසි දෙන්න .
:DChamindu
පලමු වැඩේට සුබ පැතුම්
බොහෝම ස්තුතියි සබ් එකට
ජයවේවා.mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
එල්.සී.දමැල්
බොහොම ස්තුති...
ජය...nidi
Thanks Sammi.palamu weyama athi sarthakai, kiyanna wadan nehe. hondatama hondai. digu kalayak thisse, films godakin me site ekedi yali oba hamu wewa!
Ravindu
Thanks.
Keep it up.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Ah :D