ඔන්න මම තවත් එක ෆිල්ම් එකක් ගෙනාව බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. 1952 අගෝස්තු වල තිරගත වෙච්ච මේ ෆිල්ම් එක රෝයි වර්ඩ් බේකර්ගෙ අදියුරුවක්. ඩැනියෙල් ට්‍රඩාශ් ගෙ තිර පිටපතට රංගනයෙන් දායක වෙනව රිචර්ඩ් විඩ්මාර්ක්, මැරලින් මොන්රෝ, ඈන් බ්‍රැන්කොෆ්ට්, ඩෝනා කොරෝනා, ජී කැග්නි ඇතුලු තවත් පිරිසක්. ජෙඩ් කියන ගුවන් නිය…
ඔන්න මම තවත් එක ෆිල්ම් එකක් ගෙනාව බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. 1952 අගෝස්තු වල තිරගත වෙච්ච මේ ෆිල්ම් එක රෝයි වර්ඩ් බේකර්ගෙ අදියුරුවක්. ඩැනියෙල් ට්‍රඩාශ් ගෙ තිර පිටපතට රංගනයෙන් දායක වෙනව රිචර්ඩ් විඩ්මාර්ක්, මැරලින් මොන්රෝ, ඈන් බ්‍රැන්කොෆ්ට්, ඩෝනා කොරෝනා, ජී කැග්නි ඇතුලු තවත් පිරිසක්.
ජෙඩ් කියන ගුවන් නියමුවා තම ගුවන් ගමන නිමාකරල නිව්යෝක් වල හෝටලයට එන්නෙ තම පෙම්වතිය හමුවීමට. ඇය එම හෝටලයේම ගායිකාවක් විදියට සේවය කරනව. මේ අතරෙ නවාතැන්ගෙන ඉන්න යුවලකට තම දියනිය බලාගැනීම සඳහා සේවිකාවක් අවශ්‍ය වෙනව. මේ බව දැනගන්න හෝටලයේම විදුලි සෝපාන ක්‍රියාකරු තම ලේලියව මේ සඳහා යෝජනා කරනව.
තම පෙම්වතිය සමග හිත් අමනාපකරගත් ජෙඩ් ආපසු තම කාමරයට එන්නේ සිත් වේදනාවෙන්. කාමරයේදි ජෙඩ් දකිනව ජනේලයෙන් නෙල් නම් සේවිකාව අනිත් කාමරයේ සිටිනව. කෙටි දුරකත ඇමතුමකින්ම ඇය සිටින කාමරයට යාමට තරම් ජෙඩ් අපරීක්ෂාකාරී වෙනව. ඔහු සිතන්නේ ඇයත් එම හෝටලයේ නවාතැන් ගත් අමුත්තියක් බවයි.
නමුත් කාමරයේදී අසාමාන්‍ය හැසිරීම ගැන සැක පහලකලද, ඇගේ මාමා එහි පැමිණෙන තුරු ඔහුට අවබෝධ වන්නේ නේ මේ සිටින්නේ මෙහි සේවිකාව බව. මානසික රෝහලක ප්‍රතිකාර ලබා පැමිණි ඇයට වරින් වර නැවතත් රෝගී තත්වය ඉස්මතු වීමෙන් ඇය උමතු බාවයට පත් වෙනව. තමන්ගේ පාඩුවේ නොසිට ආගන්තුක යුවතියක හා ඇසුරට යන ජෙඩ් ප්‍රශ්න කීපයකට මුහුන පානව. නමුත් අවසානයේ සියල්ල නිමාවන්නෙ නැවතත් නෙල් අ මානසික රෝහලට යැවීමෙන්. ඔබේ රස වින්දනයට තවත් සලරුවකින් හමුවෙමු. එතෙක් සමුගනිමු.
හිච්කොක් ශ්‍රීමතානන්ගේ ලේඩි වැනිශස් ෆිල්ම් එකයි මිස්ටර් ඇන්ස් මිසිස් ස්මිත් ෆිල්ම් එකයි තියෙනවා. ටික දවසක් යයි ඒකට හැබැයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
779 downloadsDownload Dont-Bother-To-Knock-1952.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
15 comments
Priyantha Dayakeerthi
malindaxcd
mathat okama una machan
පැතුම් ඉෂාර
සබට තුති සහෝ!!!
AsithaDilruwan
Ela saho thanks
Priyantha Dayakeerthi
ඉහත සිනමාපටයේ, බයිස්කෝප් ඩවුන්ලොඩ්ස් වෙබ් අඩවියේ දක්වා තිබූ පැය එකයි මිනිත්තු දාසයයි. තත්පර එකොළහක් කාලය සහිත වීඩියෝව බාගත කරගෙන නරඹන්නට හැදුවත් එහි අඩංගු කාලය සමඟ වීඩියෝව ගැළපෙන්නේ නැහැ. ඔබ සබ් කළ වීඩියෝවේ මෙගා බයිට් ගණන සහ කාලය කමෙන්ට් එකෙක් ලෙස දාන්න පුලුවන්ද? සබ් එකේ කාලය එඩිට් කරමින් බලන්නට බොහෝ අය දන්නේ නැහැ. ස්තුතියි!
Priyantha Dayakeerthi
හැකිනම් ඔබ මීට පෙර සබ් කළ Love Happy සහ River of no return යන සිනමාපට දෙකේත් එම විස්තර දාන්න.
Sajmadu
Ela
Stay 2005. Puluwanda?Kulanjana Maduranga
subata thanks....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බුද්ධික සහෝ.
පරණ වුනත් හොඳ IMDB අගයක් තියෙන එකක්.
පරණ ඒවට සබ් දෙනවට ගොඩක් ස්තුතියි.
ජයෙන් ජය.Udara Damith Dissanayaka
එල එල
kavinuweerakkody
thankq aiye!!
Kasun Samaraweera
හිච්කොක් ගේ ෆිල්ම්ස් 16ක් බැලුවා. Lady Vanishes සහ Mr. and Mrs.Smith ෆිල්ම්ස් දෙකත් එනකල් මග බලන් ඉන්නේ සහෝ්දරයා. ජය!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බුද්ධික නුවන් සොයුර,
ඔබ පැය ගණනක් වැය කර සබ් නිර්මාණය කළත් ඔබට ලැබෙන කමෙන්ට් බලන්නේ නැද්ද කියා මට සිතෙනවා. ඒ මන්ද ඔබ මේ දින කීපය තුළ සබ් ලබාදුන් සිනමාපට තුනේම එයට ගැළපෙන වීඩියෝ ලින්ක් අන්තර් ජාලය තුළ සොයාගන්නට අපහසුයි. post එකේ දක්වා ඇති ලින්ක් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. Niagara (1952) එකේ නම් සබ් එක එඩිට් කරමින් කෙසේ හෝ බැලුවා. ඒ නිසා ඔබ ඒ සඳහා භාවිතා වීඩියෝවල ධාවන කාලය, මෙගා බයිට් ගණන කමෙන්ට් එකක සඳහන් කරනවානම් වීඩියෝ කීපයක් බාගත කරගෙන හෝ නිවැරදි එක සොයාගන්නට පුළුවන්. හැකිනම් මෙහි සහ මීට පෙර සබ් ලබාදුන් දෙකේ ඉහත විස්තර ලබාදෙන්න. මෙවැනි වටිනා ෆිල්ම් වලට සබ් ලබාදෙන එකම සොයුරා ඔබ පමණයි. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න කියා කාරුණිකවම ඉල්ලා සිටිනවා. මේ සබ් එකටත් ඔබට ස්තුතිවන්ත වෙමි!!!