Watch Trailer

Mandy (2018) Sinhala Subtitles | ආගමික අන්තවාදීන්ගේ ඉරණම විසඳූ පළිගැනීමේ දූතයා…!! [සිංහල උපසිරසි සමඟ] (+18)

Horror කියන නම ඇහුවමත් සමහර අයට නම් එපාවෙනවත් ඇති, බොහොමයක් Horror චිත්‍රපට වල කතාවට මූලික කරගන්න රාත්‍රී කාලයේ පාළු ගෙදරක ඉඳන් බැලුවත් කිසිම බයක් දැනෙන්නෙ නැති විදිහෙ හොල්මන්, එක එක ආයුධ වලින් දරුණු විදිහට මිනිස්සු මරා දමන දර්ශන ඒ චිත්‍රපට හැම එකකම වගේ නොඅඩුව තිබුණත්, මගේ පුද්ගලික මතය අනුව අවුරුද්…

Horror කියන නම ඇහුවමත් සමහර අයට නම් එපාවෙනවත් ඇති, බොහොමයක් Horror චිත්‍රපට වල කතාවට මූලික කරගන්න රාත්‍රී කාලයේ පාළු ගෙදරක ඉඳන් බැලුවත් කිසිම බයක් දැනෙන්නෙ නැති විදිහෙ හොල්මන්, එක එක ආයුධ වලින් දරුණු විදිහට මිනිස්සු මරා දමන දර්ශන ඒ චිත්‍රපට හැම එකකම වගේ නොඅඩුව තිබුණත්, මගේ පුද්ගලික මතය අනුව අවුරුද්දකට නිකුත්වෙන Horror චිත්‍රපට සුළු ප්‍රමාණයක් ඇරෙන්න බොහොමයක් Horror චිත්‍රපට වල කිසිදු හරයක් හෝ නරඹන ප්‍රේක්ෂකයාට සාධාරණයක් ඉටුවන්නෙ නම් නැහැ. ඒ කාරණේ ගැන, මගේ අදහස පිළිබඳව ඔයාලත් මාත් එක්ක එකඟවෙයි කියල හිතනවා. ඉතින් උඩ කියල තියෙන කරුණු කාරණා පදනම් කරගෙන සමහර කට්ටිය Horror චිත්‍රපට නැරඹීමෙන් පවා ඈත්වෙලා තියෙනවා. එහෙනම් සුපුරුදු පරිදි Horror චිත්‍රපට නරඹන අයට වගේම ඒකාකාරී Horror චිත්‍රපට දර්ශන වලින් විඩාවට පත්වෙලා ඉන්න අයටත් මුල් බැසගත් Horror සම්ප්‍රදායෙන් මඳක් ඔබ්බට ගිය වෙනස්ම ආකාරයේ Horror චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම…

අද කතාව ගැන නම ලොකු විස්තරයක් කරන්න අදහසක් නෑ. මොකද මේ කතාව වචනෙන් විස්තර කරනවට වඩා නරඹලාම වටහාගන්න ඕනි විදිහෙ කතාවක්. හරි එහෙනම්, රෙඩ් මිලර් සහ මැන්ඩි බ්ලූම් කියන්නෙ 1980 ගණන් වල ඇමෙරිකාවේ පිටිසර බද ප්‍රදේශයක කාටවත් කරදරයක් හිරිහැරයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වුණු තරුණ ජෝඩුවක්. රෙඩ් මිලර් තමන්ගෙ බිරිඳට ඒ කියන්නෙ මැන්ඩිට ගොඩක් ආදරෙයි. මැන්ඩිත් රෙඩ් මිලර්ට ගොඩක් ආදරෙයි. ඒත් මේ දෙමාල්ලන්ගෙ ආදර කැදැල්ල කැඩිල බිඳිල යන්නෙ කවුරුවත් නොහිතපු මොහොතක. අතරමඟදී පාරෙ ගමන් කරන මැන්ඩිව දකින ක්‍රිස්තියානි අන්තවාදී ආගමික කණ්ඩායමක නායයෙකුට මැන්ඩිව තමන් ගාවට අරගන්න ඕනිවෙනවා. අන්තවාදියෝ කිව්වට මේ යක්කු සම්පූර්ණ මොළේ අවුල්වෙච්චි හාදයෝ ටිකක්.

ඉතින් ලොක්කගේ ආසාව සපුරන්න මේ කණ්ඩායමේ සාමාජිකයො කීපදෙනෙක් ඇවිත් මැන්ඩිවයි, රෙඩ් මිලර්වයි අල්ලගන්නවා. කොහොමින් කොහොම හරි මේ අන්තවාදීන්ගෙ ආසාවන් සංසිදවන්න අහිසක මැන්ඩිට එයාගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. ඉතින් තමන්ගෙ ආදරණීය බිරිඳගේ ජීවිතේ බිල්ලට අරගත්තු ආගමික අන්තවාදීන්ගෙන් පළිගන්න රෙඩ් මිලර් ඒ අන්තවාදීන්ව දඩයම් කරන්න පටන්ගන්නවා. ඉතින් මෙතනින් එහාට නරඹන ඔබට බාරයි… විස්තරේ ටිකක් අපැහැදිලි වගේ වුණත් කිසි සැකයක් හිතන්න එපා කතාව බලද්දි හැම දෙයක්ම බලාගන්න පුළුවන් වෙයි.

Action | Horror | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 සැප්තැම්බර් 16 සිට තිරගත වීම ඇරඹූ මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Beyond the Black Rainbow (2010) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Panos Cosmatos නම් අධ්‍යක්ෂකවරයා විසිනුයි. තිර පිටපත රචනා කර ඇත්තේ Panos Cosmatos සහ Aaron Stewart-Ahn විසිනුයි. චිත්‍රපට ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ජනප්‍රිය හොලිවුඩ් රංගධරයෙක් වන Nicolas Cage විසින් මෙම සලරුවේ ප්‍රධාන චරිතයට දායක වී ඇති අතර සෙසු චරිත සඳහා Andrea Riseborough, Linus Roache, Bill Duke, Richard Brake, Ned Dennehy, Olwen Fouere, Sam Louwyck සහ Hayley Saywell යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. මිනිත්තු 121ක කාලයක් පුරාවට ගලා යන වෙනස්ම ආකාරයේ කතා පුවතක් රැගත් මෙම සලරුවට IMDb දර්ශකයේ 6.9/10ක අගයකුත් Rotten Tomatoes හි 93% මනාප ප්‍රතිශතයක් වගෙම google පරිශීලකයින්ගේ 85% මනාප ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා.

“No One Knows Where They Come From”

~~DESTINY IS ALL~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

6,787 downloadsDownload Mandy-2018-Bluray-update.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,787 downloadsDownload Subtitles36 KB

51 comments

  1. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ ...ජය..

  2. Shansenarathne

    Tnx

  3. AyeshDushmantha

    Thanks

  4. yadakadiasd

    Thanks

  5. THE NEW FOLDER

    thanks broo elaa............

  6. gihan perera

    මේක දානකන් තමයි හිටියේ මචෝ...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata.....

  8. Sajmadu

    Ela. Stay 2005. Puluwanda?

  9. Naveendra_rox

    Thanks

  10. Denis Maneesha

    Thanks sub ekata

  11. Kulanjana Maduranga

    subata thanks....

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Subhash13

    ඇයි මේ 18+ වෙනද Download කරන්න මේම අවුලක් නෑනෙ..

  14. harshani11112

    Wenasak nam balannama ona...thanks malli...

  15. Suranjan

    Thanks machan......jayawewa.....!

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    මේකට නම් සබ් එනකම් බලන් හිටියේ.
    ජයෙන් ජය.

  18. wndpra

    ele

  19. Dilruk

    thanks machan.idiriyatath thawa sub denna puluwan wewa kiyl wish karanawa machan

  20. Theshan077

    Elama

  21. kuma.lk

    Thank you .....!

  22. kamal

    There is no subtitle link

  23. Charuki

    Good job

  24. kodagoda

    tnx bro

  25. Sajithlakshan

    thanks .....................

  26. prageeth chamalka

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි

  27. nish47

    Niyamai machan

  28. vertex89

    Story ekata mata nam aul.boring .Thanks for your effort Bro

  29. AsithaDilruwan

    Ela saho thanks

  30. chinthaka_priyadrshana

    sub ekata thanks....Film eka nam melo rahak na........

  31. MovieMania

    good Thanks

  32. sanjeewakbg

    Thanks bro..

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Dewadithya

    Thanks for Sub!

  35. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සබ් එකට.

  36. Ishan Madusha

    උපසිරැසියට ස්තූතියි

  37. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata...
    Jaya wewa!

  38. Nishantha jayalath

    Thank you. Honda movie ekak wage. Balamu balamu

  39. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  40. Lakshitha

    SUpiei

  41. Rukshan37

    Ela ela

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  43. Kaveen Gayath

    Niyamai

  44. Hiranhiru

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    මං නම් හොල්මන් පිලුම් බලන්නෑ. ඒත් අපේ නෑනා කියනවා දැන් තියෙන ඒවා බැලුවට බයක් හිතෙන්නෑ පුලුවන් නම් එහෙම එකක් හොයා දෙන්න කියලා. මේකවත් දීලා බලමු නේද බය වෙයිද කියලා..
    තෙරුවන් සරණයි...!

  45. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  46. wasanthamax

    thanks!!!!

  47. IsuruF

    thanks

  48. yeshu

    tnx

  49. LimeGreenSoda

    FT FT FT

  50. Oshan

    Patta bro

Load more comments