ලෝකය පුරා බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පීඩාවට ලක් කල වර්ණභේදවාදී ප්‍රතිපත්තිමය ගැටලුව මෑත කාලයේ ලොව කැලඹූ දැවැන්ත ප්‍රශ්නයක් වුනා. ලෝකයේ කට්ට කෛරාටික උපායශීලී රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්න රටක් තමයි ඇමෙරිකාව කියලා කියන්නේ. ඇමෙරිකාවේ එදා මෙදා තුර ඉතිහාසය අරන් බලද්දී ඒක බොහෝම පැහැදිලිව…
ලෝකය පුරා බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පීඩාවට ලක් කල වර්ණභේදවාදී ප්‍රතිපත්තිමය ගැටලුව මෑත කාලයේ ලොව කැලඹූ දැවැන්ත ප්‍රශ්නයක් වුනා. ලෝකයේ කට්ට කෛරාටික උපායශීලී රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්න රටක් තමයි ඇමෙරිකාව කියලා කියන්නේ. ඇමෙරිකාවේ එදා මෙදා තුර ඉතිහාසය අරන් බලද්දී ඒක බොහෝම පැහැදිලිව ගම්‍ය වන කාරණයක්. මෑත කාලයේ කළු ජාතිකයෙක් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා විදිහට පත් වුණත් අදටත් වර්ණභේදවාදය හිස් මුදුනින්ම තියාගෙන ජීවත්වෙන ඇමෙරිකානුවන් ඇමෙරිකාවේ නැතිවමත් නෙවෙයි. ඇමෙරිකාව කියන්නේ ස්වදේශිකත්වයක් තියෙන රටක් නෙවෙයි. ඒ කියන්නේ එකම ජාතියක් ජීවත්වෙන රටක් නෙවෙයි. සංක්‍රමණික ජනතාවගෙන් සැදුම්ලත් ජනපදවල එකමුතුවක් තමයි ඇමෙරිකාව කියන්නේ.
වර්ෂ 1866දී ඇමෙරිකාවේ පුංචි සිවිල් යුද්ධයක් ඇති වෙනවා. ඔය කිව්ව ස්වදේශීකත්වය කියන කාරණය මුල් කරගෙන. මේ ගැටුම බරපතළ විදියට විහිදෙන්න නොදී ඇමෙරිකාව ඇතුළෙන්ම විසඳගන්න තරම් ඇමෙරිකානුවෝ සමත් වෙනවා. නමුත් කියන්න ඕනේ ඇමෙරිකාවට මේ ගැටුම අවසන් කර ගන්නට උදවු වෙන්නේ අප්‍රිකානු – ඇමෙරිකානු කුලී හමුදාවක්. ඇමෙරිකාව කියන්නේ විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් රටක් නිසා කළු ජාතිකයන්, ලතින් රතු ඉන්දියානුවන් වැනි අයත් මිශ්‍ර වශයෙන් ජීවත් වෙන්න ඇති. නමුත් ඒ අතර බහුතරයක් සුදු ජාතිකයෝ වෙන්න ඇති. ඇමෙරිකාවේ එකම ස්වජාතිකයන් විය යුත්තේ අපි කියන ආත්මභාෂණය ඔවුන්ගේ හිත්වල උපදින්න ගත්ත නිසා ඇමෙරිකාවේ හිටිය අනෙක් ජාතිකයන් එළවා දමන්නට ඔවුන්ට අවශ්‍ය වෙන්න ඇති. ඇමෙරිකාවේ ස්වජාතිකත්ව අරගලය විසඳන්න දකුණු අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිතව තියෙන කැරිබියන් කියන දූපතේ වාසය කරපු බොහෝම සවි ශක්තියකින් යුක්ත ජන කොට්ඨාසයක් තමයි ඔවුන් අරන් ආවේ. කොහොම නමුත් ඒ පිරිස ඇමෙරිකාවට ආවේ ඒ අවස්ථාවේ ඇමෙරිකාව තුළ හටගෙන තිබූ ස්වජාතිකත්වය පිළිබඳ අරගලය විසඳලා දෙන්න නිසා ඇමෙරිකානුවන් පවරපු කුලී වැඩ සාර්ථකව අවසන් කරලා තියෙනවා. ඔන්න එතැන ඉඳන් තමයි මේ වර්ණභේදවාදය ආරම්භ වෙන්නේ. 1860 ගණන්වල අගභාගයේ දී ඇමෙරිකානු සිවිල් යුද්ධය නිමා වුනා. කළු ජාතිකයන්, ලතින් රතු ඉන්දියානුවන් අප්‍රිකානු-ඇමෙරිකානු සහ ස්වදේශීය ඇමෙරිකානු ආදී වශයෙන් ජන කොට්ඨාශ කිහිපයක් බෙදෙන්නේ ඉන් පසුවයි. වහල් නීතිය, කලු ජාතික සුදු ජාතික මිශ්‍ර විවාහ තහනම් වීම සිදුවෙන්නේත් මේ සිවිල් යුද්ධයෙන් අනතුරුව එලඹුනු කාල වකවානුවේදීයි.
අද අපි කතා කරන චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙත් කලු-සුදු දෙන්නෙකුගේ විවාහයක්. අයර්ලන්ත-ඉංග්‍රීසි සම්භවයක් සහිත සුදු ජාතික රිචඩ් ලවිං, අප්රිුකානු-ඇමෙරිකානු සහ ස්වදේශීය ඇමෙරිකානු මිශ්‍ර පෙළපතකින් පැවත එන කළු ජාතික මිල්රඩ් ජේටර් සමග වොෂිංටන්, ඩී. සී. අගනුවර දී විවාහ වෙනවා. ඔවුන්ට තමන්ගේ ගම් පලාත වන වර්ජිනියාවේදී විවාහ වෙන්න අවස්ථාවක් නෑ. මොකද වර්ජිනියාවේ එවැනි විවාහවීම් තහනම් නිසා. ඉතින් වොෂින්ටන්වලදී විවාහ වෙලා වර්ජිනියාවල තමන්ගේ ගමට එන ඔවුන් දෙදෙනා, නාඳුනන අයෙකුගෙන් ලද පණිවිඩයක් මත 1958 ජූලි 11 වැනි දින පෙරවරු 2 ට පමණ ආර්. ගානෙට් නම් ෂෙරිෆ්වරයා විසින් අත්අඩංගුවට ගන්නවා. එවකට වර්ජිනියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ වූ අන්තර්වාර්ගික සම්බන්ධතා සහ විවාහ තහනම් කිරීම සඳහා පනවන ලද වාර්ගික සදාචාර පනත (Racial Integrity Act) කඩකිරීම සඳහා වැරදිකරුවන් වූ ලවිං යුවළ, ෂෙරිෆ් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ව ඔවුන්ගේ විරෝධය නොතකා බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. සම්පූර්ණ දිනයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ රිචඩ් ව ඩොලර් 1,000ක ඇප බැඳුම්කරයක් මත නිදහස් වුනත්, කළු ජාතික තරුණියක් වූ බැවින් මිල්ඩ්රඩ්ට ඇප ලබා ගැනීමට හැකි වුණේ නැහැ. පසු දින සිට දින තුනක කාලයක් කුඩා සිර කුටියක් තුළ ගත කළ මිල්ඩ්රඩ්ව අවසානයේ දී ඇගේ පියාගේ භාරයට මුදාහැර තිබෙනවා. වර්ජිනියා ප්‍රාන්ත නීතිය කඩ කළ රිචඩ් සහ මිල්ඩ්රඩ් ලවිං යුවළට එරෙහිව පවරන ලද නඩු විභාගයේ දී ඔවුන් විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව විනිසුරු ලියොන් එම්. බැසිල් විසින් ඔවුන්ට වසර 25ක කාලයක් වර්ජිනියා ප්‍රාන්තයෙන් පිටුවහල් කිරීම හෝ බන්ධනාගාර ගත වීම යන දඬුවම් ද්විත්වයෙන් කැමති දඬුවමක් තෝරාගන්නැයි කියනවා. එයින් ඔවුන් තෝරාගන්නේ වර්ජිනියා ප්‍රාන්තයෙන් පිටවීමයි.

වර්ජිනියා ප්‍රාන්තයේ සෙන්ට්රවල් පොයින්ට් හි වාසය කළ ලවිං යුවළ ප්‍රථම වරට මුණ ගැසෙන විට මිල්ඩ්රිඩ් 11 වැනි වියේ ද රිචඩ් 17 වැනි වියේ ද පසු වී තිබෙනවා. අනෙක් නගරවලට සාපේක්ෂ ව මිශ්‍ර ප්‍රජාවක් වාසය කළ පෙදෙසක විසූ සෙන්ට්රිල් පොයින්ට් හි වැසියන්, නිරන්තරයෙන් ම සංගීත සංදර්ශන සහ සැණකෙළි වැනි විනෝද උත්සව සංවිධානය කර ඇති අතර මිල්රඩ් සහ රිචඩ් හැදී වැඩී ඇත්තේ වර්ණ භේදයකින් තොර ව සෑම දෙනෙක් ම පාහේ සාමකාමී ව වාසය කළ පසුබිමක් තුළ යි. දිගු කලක් මිතුරන් ලෙස ඇසුරු කළ ඔවුන්ගේ මිතුදම ක්‍රමයෙන් ප්‍රේමයක් බවට පෙරළී ඇති අතර මිල්ඩ්‍රඩ් වයස අවුරුදු 18ක් ව තිබිය දී ඔවුන් විවාහ වීමට තීරණය කරනවා. වර්ජිනියා ප්‍රාන්තය තුළ අන්තර්වාර්ගික විවාහ තහනම් වූ බැවින් අන්තර්වාර්ගික විවාහ නිත්‍යානුකුල වූ වොෂිංටන්, ඩී. සී. අගනුවර දී 1958 ජූලි 02 වැනි දින විවාහ වන ඔවුන් යළිත් වර්ජිනියා ප්‍රාන්තය බලා පැමිණ කෙටි කලකින් ම පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. නමුත් නීතිය ඉදිරියේ වරදකරුවන් වන ලවිං යුවළට නැවතත් වොෂිංටන්, ඩී. සී. බලා යාමට සිදුවන්නේ බන්ධනාගාරය මඟහැරීම සඳහා යි. ඥාති හිතමිතුරන් නොමැති ව දරුවන් තිදෙනෙකු සමග අගනුවර තනි වන ලවිං යුවළ, අධිකරණය විසින් දෙන ලද තීන්දුව නොසලකා යළිත් වර්ජිනියා ප්‍රාන්තය කරා පැමිණීමට තීරණය කරන්නේ ඔවුන්ගේ දරුවෙකු රිය අනතුරකට භාජනය වීම හේතුවෙන්. ඉතින් ඔවුන්ට තමන්ගේ ගම් පලාත වන වර්ජිනියා ප්‍රාන්තයේ වාසය කරන්නට හැකි වේවිද?


වර්ණභේදවාදය ගැන හොඳ කියවීමක් ලබා ගන්න පුලුවන් චිත්‍රපට විදිහට 12 Years a Slave (2013), Django Unchained (2012), The Help (2011), Men of Honor (2000), Selma (2014) වැනි චිත්‍රපට හඳුන්වන්න පුලුවන්. Nancy Buirski විසින් රචිත The Loving Story නම් නවකතාව පදනම් කරගෙන නිමැවුනු Loving (2016) චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.3ක් වෙනවා. Warrior (2011), Exodus: Gods and Kings (2014), The Great Gatsby (2013), Gringo (2018), Felony (2013) වැනි චිත්‍රපට ගණනාවක් හැඩ කල Joel Edgerton විසින් ප්‍රධාන චරිතය රඟපාන, සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වුනු මෙම චිත්‍රපටය නම් මඟ නොහැර බැලිය යුතුම චිත්‍රපටයක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,165 downloadsDownload Loving-2016.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමිත් තරංග
Subtitles
19 comments
Nirosh C
Bandaramudiyansi
ලස්සන ලිපියක්. ෆිල්ම් එක ගන්නව තැන්ක්ස් ලොට්
Bandaramudiyansi
මේ චිත්‍රපටයට සබ් කරාට බොහොම ස්තුතියි .ලිපියෙන්ම තෙරුම් ගන්න පුලුවන් මෙක ගොඩක් උනන්දුවෙන් තමන්ටම හිතිල කරපු එකක් කියල ❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Wicki
Thanks
AsithaDilruwan
Ela saho thanks
ricadodamien
A beautiful movie, Thank u Damith brother & baiscope team for the sub, all the best to baiscope tem.........
Nirosh C
දමිත් සහෝ,පුළුවන්නම් ටෙරන්ස් මලික්ගෙ “ට්‍රී ඔෆ් ලයිෆ්“ චිත්‍රපටියට සබ්දෙන්න !
Menaka Herath
මේ වගේ චිත්‍රපටියකට උපසිරැසියක් ගෙන ඒම සම්බන්ධයෙන් ඔබට ස්තූතිවන්ත වෙනවා සහෝ. ඉතාම වටිනා සලරුවක් මේක. උසස් රසවින්දනයක් උදෙසා ඔබ ගන්නා ලද උත්සාහයට මගේ උපහාරය. තවත් මෙවැනිම වටිනා නිර්මාණ අප වෙත ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේවා.....
ජයවේවා.....!!!!!!Sajmadu
Ela stay 2005 karanna puluwanda
Kulanjana Maduranga
subata thanks.....
sampath n perera
meweni gunathmaka bawin usas film walata sub
dena eka ithamath agaya karanawa thanksSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!indika75
Thank you.
ඉසුරු සම්පත් සිරිසේන
වටිනා සවිස්තරාත්මක ලිපියක්..
උපසිරසියට ස්තුතියි.
~~ඔබට ජය~~nish47
Ela machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suchroxx
Thanks Bro
MAALnath
Thanks .............good luck ...................
Advertisement
![Loving (2016) Sinhala Subtitles | ඇමෙරිකානු වර්ණභේදවාදය ජයගත් ආදරණීය යුවල [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Loving-2016.jpg)

බොහොම ස්තුතියි දමිත් සහෝ.සබ් දෙනතුරු බලන් හිටපු චිත්‍රපටියක්.
ජයෙන් ජය !