Watch Trailer

Don’t Click (2012) Sinhala Subtitles | ශාපලත් වීඩියෝව [සිංහල උපසිරැසි]

Don’t Click (2012) Sinhala Subtitles මේ වතාවෙ ගෙනාවෙ පරණ චිත්‍රපටියක්. ඒක තමයි Don’t Click.. ඇත්තටම මේක ටිකක් පරණ horror movie එකක්. ඒ කාලේ ජනප්‍රිය වුණු The Ring වගේ “cursed video” සංකල්පය කොරියානු විදිහට ඉදිරිපත් කරපු චිත්‍රපටයක් කියලා හඳුන්වන්නත් පුළුවන්. 2012 වසරේ නිකුත් වුණු මේකෙ ප්‍රධාන චරිත…

Don’t Click (2012) Sinhala Subtitles

මේ වතාවෙ ගෙනාවෙ පරණ චිත්‍රපටියක්. ඒක තමයි Don’t Click..

ඇත්තටම මේක ටිකක් පරණ horror movie එකක්. ඒ කාලේ ජනප්‍රිය වුණු The Ring වගේ “cursed video” සංකල්පය කොරියානු විදිහට ඉදිරිපත් කරපු චිත්‍රපටයක් කියලා හඳුන්වන්නත් පුළුවන්.

2012 වසරේ නිකුත් වුණු මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ Park Bo-young, Joo Won වගේම Kang Byul . අන්තර්ජාලය, වෛරල් වීඩියෝ සහ ඒවා නිසා ඇතිවන අනතුරුදායක බලපෑම් ගැනත් මේ චිත්‍රපටය කතා කරනවා.

කතාව ගැන කියනව නම්,

ජන්ග්-මි කියන්නේ අන්තර්ජාලයේ ජනප්‍රිය වෙන්න කැමති තරුණියක්. දවසක් එයා “බැලුවොත් ශාපයක් වැදෙනවා” කියලා කතාබහට ලක්වුණු අභිරහස් වීඩියෝවක් ගැන දැනගන්නවා. කුතුහලය නිසා එයා ඒ වීඩියෝව නරඹනවා වගේම ඊට පස්සෙ එයාගෙ ජීවිතේ වටා අමුතු වගේම බය හිතෙන සිදුවීම් සිදුවෙන්න පටන් ගන්නවා. ජන්ග්-මිගේ අක්කා වගේම ඇයගේ පෙම්වතා මේ සිදුවීම් පිටිපස්සෙ තියෙන රහස හොයාගෙන යන්න තීරණය කරන්නෙ තමන්ගෙ නංගි වුන ජන්ග් මි වෙනුවෙන්.. ඉතිං එයාලට පුලුවන් වෙයිද එයාලගෙ පුංචි නංගිව බේර ගන්න…

භීතිය, අභිරහස වගේම ත්‍රාසජනක සිදුවීම් එකට එකතු කරපු මේ චිත්‍රපටයෙන්, අන්තර්ජාලයේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් කොයිතරම් අනතුරුදායක වෙන්න පුළුවන් ද කියන පණිවිඩේකුත් දෙනවා. Horror චිත්‍රපට බලන්න කැමති අයට නම් මේක හොඳ කතාවක්.

Don’t Click (2012) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

210 downloadsDownload Dont-Click-2012.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Don’t Click Sinhala Subtitles

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

210 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් සබ්එකට