Salmokji: Whispering Water (2026) Sinhala Subtitles “ජලය කියන්නේ ජීවය වුණත්, සමහර තැන්වලදී ඒ ජලයම මරණයේ දොරටුව වෙන්න පුළුවන්” දකුණු කොරියාවේ ‘යේසන්’ ප්‍රාන්තයේ පිහිටි සැබෑ සල්මොක්ජි ජලාශය ඇසුරින් නිර්මාණය වූ Salmokji: Whispering Water (2026) සිනමා පටය, වසර 23ක් තිස්සේ නොබිඳුණු වාර්තා පවා සුණු විසුණ…

“ජලය කියන්නේ ජීවය වුණත්, සමහර තැන්වලදී ඒ ජලයම මරණයේ දොරටුව වෙන්න පුළුවන්” දකුණු කොරියාවේ ‘යේසන්’ ප්‍රාන්තයේ පිහිටි සැබෑ සල්මොක්ජි ජලාශය ඇසුරින් නිර්මාණය වූ Salmokji: Whispering Water (2026) සිනමා පටය, වසර 23ක් තිස්සේ නොබිඳුණු වාර්තා පවා සුණු විසුණු කරමින් කොරියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ Horror චිත්‍රපටය බවට පත් වෙලා තියෙනවා. ඇසෙන දේට වඩා නොඇසෙන දේත්, පෙනෙන දේට වඩා සැඟවී ඇති දේත් බියකරු බව ඔප්පු කරන මේ අසමසම කොරියානු චිත්‍රපටයට සිංහල උපසිරසි
අද අරගෙන එන්නේ.
චිත්‍රපටයේ පසුබිම සහ වාර්තාගත සාර්ථකත්වය (Movie Overview & Records)
අධ්‍යක්ෂණය: ලී සැන්ග්-මින් (Lee Sang-min)
සත්‍ය පසුබිම: මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ දකුණු කොරියාවේ චුන්ග්චියොන්ග් ප්‍රාන්තයේ යේසන් ප්‍රාන්තයේ (Yesan County) සැබවින්ම පිහිටා ඇති, අද්භූත ජනප්‍රවාද රැසකට ප්‍රසිද්ධ “සල්මොක්ජි ජලාශය” පසුබිම් කරගෙනයි.
එකම සිනමා ඉතිහාසගත වාර්තාව: මෙම සිනමාපටය විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ඇගයීමට ලක් වූ අතර, වසර 23ක් තිස්සේ වෙනස් කිරීමට නොහැකි වූ “A Tale of Two Sisters (2003)” චිත්‍රපටයේ වාර්තාව පවා බිඳ හෙලමින්, කොරියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ Horror චිත්‍රපටය බවට පත්වෙමින් අතිදැවැන්ත වාර්තාවක් තැබීමට සමත් වුණා!.
ප්‍රධාන චරිත (Main Cast)
කොරියානු සිනමාවේ සහ නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ නළු නිළියන් පිරිසක් මෙහි චරිත සඳහා පණ පොවනවා:
හන් සු-ඉන් (Han Su-in) – රංගනය: Kim Hye-yoon
යුන් කි-තේ (Yoon Ki-tae) – රංගනය: Lee Jong-won
වූ ග්යෝ-සිල් (Woo Gyo-sil) – රංගනය: Kim Jun-han
මුන් සේ-ජොන්ග් (Moon Se-jeong) – රංගනය: Jang Da-ah
සල්මොක්ජි දිය දහරේ සැඟවුණු මරණීය රහස (The Story)
තාක්ෂණයෙන් උපරිමයට දියුණු වුණු ලෝකයක, අපි හැමෝම පාවිච්චි කරන ඩිජිටල් සිතියම් පිටුපස ඉන්නේ මහන්සි වෙලා පාරවල් වීඩියෝ කරන කණ්ඩායම්. මෙන්න මේ වගේ “රෝඩ්-වීව්” (Road-View Mapping) කරන විශේෂ තරුණ කණ්ඩායමක් තමන්ගේ “මෑප්-ලැබ් කාර්යාලයේ” ඉඳලා කලින් පටිගත කරපු වීඩියෝ දර්ශන ටිකක් පරික්ෂා කරමින් හිටියා.
හැබැයි, හැමෝම තුෂ්නිම්භූත කරමින් එක කලාපයක වීඩියෝ දර්ශන විතරක් අමුතුම විදියට ගැහෙන්න, විකෘති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, කැමරාවේ එක තැනක මිනිස් රූපයක් වගේ නොපැහැදිලි, අද්භූත සලකුණක් මැවිලා පේනවා. මේ අමුතු දෝෂය සිද්ධ වෙලා තිබුණේ කොරියාවේ අද්භූත කතාවලට ප්‍රසිද්ධ “සල්මොක්ජි ජලාශය”ආශ්‍රිත ප්‍රදේශයේදීයි. මේ සිදුවීම නිසා, කණ්ඩායමේ නායිකාව වෙන හන් සු-ඉන් ඇතුළු පිරිස තීරණය කරනවා නැවත වරක් ඒ දර්ශන නිවැරදිව පටිගත කරන්න සල්මොක්ජි බලා යන්න. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නැහැ ඔවුන් මේ යන්නේ තමන්ගේ ජීවිතයේ අවසාන ගමන වෙන්න පුළුවන් කියලා…
ඔවුන් සල්මොක්ජි සීමාවට ඇතුළු වෙද්දීම මුළු පරිසරයම අමුතුම, ඝන මීදුමකින් වැසිලා යනවා. ඒ එක්කම ඔවුන්ගේ ෆෝන්වල සිග්නල් වගේම GPS සන්නිවේදනයත් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, ඔවුන් බාහිර ලෝකයෙන් හුදකලා වුණු බියකරු “ඩෙඩ් සෝන්” (Dead Zone) එකකට කොටු වෙනවා.
පාර සොයාගන්න බැරුව අසරණ වෙන මේ පිරිස, ජලාශය අවට තියෙන පාළු වුණු “සල්මොක් ගම්මානය” සහ කළු වලාකුළු වලින් වැසුණු “අවට වනාන්තරය”ගවේෂණය කරන්න පටන් ගන්නවා. එතැනදී ඔවුන්ට දකින්න ලැබෙන්නේ කිසිසේත්ම විශ්වාස කරන්න බැරි දෙයක්! මීට කලකට පෙර අභිරහස් විදියට අතුරුදහන් වෙලා හිටපු ඔවුන්ගේම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වෙන වූ ග්යෝ-සිල් ව ඔවුන්ට මුණගැසෙනවා. හැබැයි ඔහු දැන් ඉන්නේ සාමාන්‍ය මිනිසෙක් ඉන්න තත්ත්වයක නෙමෙයි… ඉතාමත් අද්භූත, බියකරු ස්වභාවයකින්.
ඒ කම්පනය මැකෙන්නත් කලින්, ජලාශය දෙසින් ඇහෙන්න ගන්නවා මිනිස් මනස විකෘති කරන, සිහිය විකල් කරන අමුතු කෙඳිරිලි හඬක්… ඒ තමයි “විස්පරින් වෝටර්”. මේ හඬ නිසා කණ්ඩායමේ සාමාජිකයන් එකින් එකා උන්මත්තකයෝ වගේ හැසිරෙන්න පටන් ගනිද්දී, ජලාශයේ ගැඹුරු අඳුරු දිය යට සැඟවිලා ඉන්න පළිගන්නා දිය හොල්මන්, එහෙමත් නැත්නම් “මුල්-ග්විශින්” (Mul-Gwishin) තමන්ගේ දරුණු දඩයම ආරම්භ කරනවා!
කිසිම කෙනෙකුට උදව්වක් ඉල්ලන්න බැරි, පැනලා යන්න පාරක් නැති මේ ශාප ලත් සල්මොක්ජි බිමේදී, මේ තරුණ පිරිසට තමන්ගේ ජීවිත බේරාගන්න මරණයත් එක්ක සටන් කරන්න සිද්ධ වෙන හැටි ඔයාලම උපසිරසියත් එක්ක නරඹලා බලන්න…
විශේෂ ස්තුතිය:කාල රාමු සැකසීම සදහා උපකාර කල කනිෂ්කා පෙරේරා සොයුරියට මගේ ස්තුතිය පලකරනවා.
Salmokji: Whispering Water (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
899 downloadsDownload Salmokji-Whispering-Water-2026.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Salmokji: Whispering Water Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Salmokji: Whispering Water (2026) Sinhala Sub
- #Salmokji: Whispering Water (2026) Sinhala Subtitles
- #Salmokji: Whispering Water Sinhala Sub
- #Salmokji: Whispering Water Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Hendre
Buddhika laKMal
ස්තූතියි දෙන්නටම මේකට සබ් දෙන්න මහන්සිවුනාට
Ravindu Heshan - Admin
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Link dala naneh
Thank you sub ekata