ළඟදි සබ් කීපයක්ම දුන්නත්, මේ Horror එකක් අරං එන්නෙ සෑහෙන්න කාලෙකින්. ඉතින් මේක G-Hey Kim කියන අධ්‍යක්ෂකවරියගේ නිර්මාණයක්. Valter Skarsgård, Mark Koufos, Catherine Howard එහෙම තමයි රඟපාන්නේ. මේ දෙසැම්බර් 11 නිකුත්වුණු මේකට, මේ දවස් දෙක තුළ ලැබිල තියන IMDB අගය 3.3 ක්. අන්තර්ජාලයේ තියන දේවල් වලින් අපි…

ළඟදි සබ් කීපයක්ම දුන්නත්, මේ Horror එකක් අරං එන්නෙ සෑහෙන්න කාලෙකින්. ඉතින් මේක G-Hey Kim කියන අධ්‍යක්ෂකවරියගේ නිර්මාණයක්. Valter Skarsgård, Mark Koufos, Catherine Howard එහෙම තමයි රඟපාන්නේ. මේ දෙසැම්බර් 11 නිකුත්වුණු මේකට, මේ දවස් දෙක තුළ ලැබිල තියන IMDB අගය 3.3 ක්.
අන්තර්ජාලයේ තියන දේවල් වලින් අපිට එළිපිට පේන්න තියෙන්නෙ බොහොම ටිකයි. අපි surface web කියන්නේ ඒකට. අපි දන්න baiscopelk, google, facebook වගේ ඒවා ඇතුළු අපිට සර්ච් කරන්න, ලින්ක් හරහා ප්‍රවේශ වෙන්න හැකියාව තියන වෙබ් පිටු සිය දහස් ගණනකින් තමයි මේක හැදිලා තියෙන්නේ.
එහෙම නොපෙනෙන කොටසට, ඒ කියන්නේ search engine වල index නොකරපු, වෙනත් තැන් වලට ලින්ක් නොකරපු, resources සිය දහස් ගණනකින් හැදුණු, වඩාත් විශාල කොටසට අපි කියනවා deep web කියල. ඒවට යන්න නම් අපි හරියටම අදාළ URL එකම දැනගන්න ඕන. උදාහරණෙකට අපි යම් සමාගමක වෙබ් අඩවියට ගියාම අපිට පෙන්නන්නේ අපිට බලන්න දීපු ටික විතරයි. හැබැයි එයාලගෙ රහස්‍ය වාර්තා, ගිවිසුම්, සැලසුම් වගේ අපිට නොපෙනෙන ඒවත් ගොඩක් තියනවා නේ. අන්න ඒවා කෙනෙකුට සර්ච් කරලා හොයාගන්න බෑ. සමාගමේ බලය ඇති කෙනෙකුට url එකෙන් යන්න පුළුවන්. ඒවගේ ඒවා තමයි මේකෙ බහුතරය.
තව තියනවා dark web කියල එකක්. ගොඩක් අය deep web හා dark web පටලවගන්නවා. dark web කියන්නෙත් deep web කොටසක් තමයි. හැබැයි මේකෙ තියන දේවල් නිසා ඒ නම වැටිලා තියනවා. මත්ද්‍රව්‍ය, අවි ජාවාරම් වල ඉඳල ගොඩක් භයානක දේවල් මේ හරහා වෙනවා.
හැබැයි මතක තියාගන්න, deep web කිව්වට ඒකෙ ඔක්කොම නරක දේවල් හෝ භයානක දේවල් නෙවෙයි. ඒ භයානක කොටස තමයි dark web කියන්නේ. ඒ දෙක දෙකක්. ඒ බොහොම කෙටි පැහැදිලි කිරීමක් කලේ.
සමහර මිනිස්සු ඉන්නවා විකෘති ආසාවල් තියන. ඒ කියන්නේ එක් එක් විදියෙ මානසික රෝගීන්. ඒ අතරින් කොටසක් ඉන්නවා, ඔවුන්ට සාමාන්‍ය විදියට ලිංගික හැසිරීමකින් හෝ, සාමාන්‍යයෙන් තියන ලිංගික දර්ශන අඩංගු අසභ්‍ය වීඩියෝ පටයක් බැලුවට හෝ ලිංගික හැඟීම් පහලවෙන්නේ වත්, ආශ්වාදයක් ලැබෙන්නේ වත් නෑ. ඔවුන්ට ඒ හැඟීම් පහල වෙන්නේ තව කෙනෙකුට දරුණු විදියට වධ දීමෙන් හෝ එහෙම වධ දෙන ආකාරය නැරඹීමෙන්. ඉතින් අන්න එහෙම අයට සේවය සපයන වෙබ් අඩවි එහෙමත් dark web එකේ තියනවා. කවුරුහරි කෙනෙක් කපන කොටන දිහා සජීවීව බලන් ඉඳල විනෝද වෙන්න කැමති මනෝ ව්‍යාධිකයෝ ඒවාට මුදල් ගෙවනවා. මුදල් ගෙවන අය කියන විදියට වධ දෙන්න, අන්තිමට මරල දාන්න කවුරුහරි පැහැරගත්ත අසරණ තරුණියක් යොදාගන්නවා. ඒ තරම් අප්‍රසන්න දේවල් මේ ලෝකෙ වෙනවා.
මේ කතාවෙ ඉන්න සේන් කියන්නෙත් එහෙම විකෘති ආසාවක් තියන කෙනෙක්. මිනිහ අන්තර්ජාලය හරහා ඒ වගේ සජීවී දර්ශන බලන්න පුරුදු වෙලා ඉන්නවා. නැවතිලා ඉන්නේ ජෝෂ් එක්ක. ජෝෂ් දවසක් රෑ පාටියකට ගිහින් එද්දි සේන් ගෙ ලැප්ටොප් එක තිබුණට මිනිහ පේන්න නෑ. ලැප්ටොප් එකේ තිරය එක පාරට ගැස්සෙන්න අරං සේන් බල බල හිටිය වීඩියෝ එක වැඩ කරන්න ගන්නවා. ඒක දිහා බලන් ඉද්දි ජෝෂ්ට භූත බලවේගයක් ආවේශ වුණා වගේ දෙයක් වෙලා, සිහි නැති වෙනවා. ඇහැරෙද්දි එයා ඉන්නෙ හැම පැත්තෙන්ම බිත්ති වලින් වටවුණු දොරක් නැති කාමරයක් වගේ එකක. හැබැයි තනියම නම් නෙවෙයි….
එහෙනම් වෙන්නෙ මොකක්ද කියල ෆිල්ම් එක අරං බලන්න. තියන දර්ශන නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. අවවාදයක් විදියට කෑම කන ගමන් බලන්නෙපා.
එහෙම නම් ඉඩක් ලැබුණාම තව සබ් එකක් අරං එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. එතකන් හැමෝම නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා ආරක්ෂා වෙලා ඉන්න. බයිස්කෝප් කණ්ඩායම ඇතුළු හැමෝටම ජය වේවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,854 downloadsDownload Dont-Click-2020.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
19 comments
Shaggy
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request ...
Dracula 2000 - 2000
Dracula II: Ascension - 2003
Dracula III: Legacy - 2005හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
තෑන්ක්ස් බන්
RVMENDIS85
සිංහල උපසිරැසි වලට ස්තූතියි සහෝ....
Suranjan
Thanks jayawewa......!
Janani
Wow
Leo
Thanks Brother ,I Really Like Like this films
indika75
thanks..
Shamal manojan
Request...
.................The Lost boys - 1987
Vampire's Kiss - 1987
Cape Fear - 1991
Interview with the Vampire: The Vampire Chronicles - 1994
Vampire in Brooklyn - 1995
Bringing Out the Dead - 1999
Dracula 3000 - 2004Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Anonymous
me mona mala jarawakda bn
ublage sub goda wadi wenna me wage melo rahak nathi film walata sub denna epa bn
...........
aluthin aapu korean,spain,hindi series ona tharam thynow ewata deepanko sub me wage kasikabal fil walata sub nodi
aduma tharame sub deepu ubatawath thrupthiyak thyeda me wage ewata sub deela????
awrudu gaanak no 1 sub site eka wechcha baiscope eke e thana me weddi na wage mata hithenneරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!කවිඳු ජයවර්ධන
තව තවත් horror ෆිලුම් වලට උපසිරැසි ලබා දෙන්න .ලබා දුන් සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.!ඔබට ජය!
Dewadithya
Thanks for sub!
hasiru nimneth
Dont click 2012 එකේ සබ් එක නැද්ද කොරියන් movie එකේ
විමා
නැහැ සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Don’t Click (2020) Sinhala Subtitles | අන්තර්ජාලයෙන් අපායට [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/dont-click-movie-2020.jpg)
Thank you very much