Watch Trailer

Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | වීර චාරිකාවක ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවො හැමෝටම. මේක තමා මගේ මුල්ම උපසිරැසිය. මගේ මුල්ම උපසිරැසිය විදිහට මම ගෙනාවේ ලොකු පොඩි හැමෝටම එකට රසවිඳින්න පුළුවන් ජර්මානු චිත්‍රපටියක්. චිත්‍රපටියක් කිව්වට මේක චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි.ජර්මානු නවකතා රචකයෙකු වන “මයිකල් එන්ඩ් (Michael Ende)” මහතා විසින් 1960 දී…

කොහොමද යාළුවො හැමෝටම. මේක තමා මගේ මුල්ම උපසිරැසිය. මගේ මුල්ම උපසිරැසිය විදිහට මම ගෙනාවේ ලොකු පොඩි හැමෝටම එකට රසවිඳින්න පුළුවන් ජර්මානු චිත්‍රපටියක්. චිත්‍රපටියක් කිව්වට මේක චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි.ජර්මානු නවකතා රචකයෙකු වන “මයිකල් එන්ඩ් (Michael Ende)” මහතා විසින් 1960 දී රචිත “Jim Button and Luke the Engine Driver” කෘතිය ඇසුරින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ජර්මානු භාෂාවෙන් “Jim Knopf und Lukas der Lokomotivführer” ලෙසත් සිංහල භාෂාවෙන් “බොත්තම් ජිම් සහ එන්ජින් රියදුරු ලූක් ” ලෙසත් හඳුන්වනවා. මෙම චිත්‍රපටිය 2018 මාර්තු 29 වෙනිදා ජර්මනියෙ දි තමයි ⁣මුලින්ම එළිදක්වලා තියෙන්නෙ. මේක පිළිබඳව වැඩි විස්තර කියනවනම්…

*චිත්‍රපට මාලාවේ නම = Jim Button (German -Jim knof)
*අධ්‍යක්ෂනය = Dennis Gansel
*IMDB අගය = 6.3
*ගූගල් පරිශීලක ලකුණු = 86%
*ප්‍රධාන චරිත = Henning Baum (ලූක්),
Gordon Solomon (ජිම්)

කතාව ගැන කිව්වොත්….

කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නෙ ලුමර්ලන්තය කියන පුංචි දූපත. මේක හරි විශ්මිත දූපතක්, මේ දූපත ගැන චිත්‍රපටිය දර්ශන මගින් හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා.මේ දූපතේ ඉන්නවා ලූක් කියලා එන්ජින් රියදුරෙක්,ඒ වගේම ඔහුගේ බිරිඳත්, මේ ලූක් ට තියෙනවා “එමා” කියලා පුදුම හිතෙන විදිහෙ දුම්රිය එන්ජිමක් …දවසක් තැපැල්කරුවෙක් මේ ලුමර්ලන්තයට එනවා පාර්සලයෙකුත් අරගෙන.. ඔව් එතනින් තමයි අපේ මේ කතාව පටන් ගන්නෙ.. මෙතනින් එහාට කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම රසවින්දනයට බාධාවක් ,ඒ නිසා මේ පොඩ්ඩ තමයි කියන්න වෙන්නෙ. කතාව පුරා තියෙන්නෙ අරුම පුදුම වීර චාරිකාවක්.. පුරාවෘත රාජධානි,මකරු,යෝධයන් මෙන්න අඟුටුමිට්ටන් වගේ තවත් Fantasy චිත්‍රපටියක දකින්න පුළුවන් පුදුම දේවල් මේ චිත්‍රපටිය තුලින් ද දැකගන්න පුළුවන්…එහෙනම් ඉතිං.. උඩදි කිව්ව තැපැල්කරුගේ ඒ පාර්සලයෙ තියෙන්නෙ මොකක්ද?, ලූක්ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොම ද?, වීර චාරිකාව පටන් ගන්නේ කොහොමද?, කියලා ඔයාලම මේ චිත්‍රපටිය බලල දැනගන්න..

මේකත් අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ…

*මේ චිත්‍රපටිය ජර්මානු භාෂාවෙන් තියෙන නිසා මෙහි එන සමහර නම් ගම් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නෙ වෙනත් නම් වලින්. ඉතිං මම රසවින්දනයේ පහසුව සඳහා ජර්මානු නමට ආසන්නතම සිංහල නම උපසිරැසියට ඇතුළත් කරලා තියෙන්නෙ.

උදා – ENGLISH = MORROWLAND,
GERMAN = LUMMERLAND
මේක උපසිරැසි තුල “ලුමර්ලන්තය” විදිහටයි හඳුන්වලා තියෙන්නෙ.

තවද .. ENGLISH =SORROWLAND,
GERMAN = KUMMERLAND
මේක උපසිරැසි තුළ “කුමර්ලන්තය” විදිහටයි හඳුන්වලා තියෙන්නෙ.

ඒ වගේම තමයි Fantasy , Adventure ගණයට අයත් වෙන The lord of the ring , The hobbit ⁣වගේ චිත්‍රපටි මෙන්ම Merlin වගේ කතා මාලාවන් බලන්න අපි හැමෝම ගොඩක් ආසයිනෙ. මේකත් අන්න ඒ වගේ එකක් තමා.ඒ නිසා මඟහැරගන්නෙ නැතුව අනිවාර්යයෙන්ම බලන්න.නිෂ්පාදකයින් දැනට පවසා තිබෙන්නේ මූලිකව Jim button හි චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කර අවසන් බවයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තවත් Jim button චිත්‍රපට දැකගන්න ලැබෙයි කියලා මම අනුමාන කරනවා.

අමතරව…

මම කිව්වනෙ මේක චිත්‍රපටි මාලාවක පළමු චිත්‍රපටිය කියලා. ඉතිං මේ චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටියක් දැන් ඇවිල්ලා තියෙන්නෙ.

*ඉංග්‍රීසි භාෂාවෙන්
Jim Button and the Dragon of Wisdom (2020) හෝ Jim Button and the Wild 13 (2020) ලෙසත්

*ජර්මානු භාෂාවෙන්
Jim Knopf und die Wilde 13 (2020)ලෙසත් හඳුන්වනවා.

එහෙනම් ඉතිං ලිපිය මෙතනින් අවසන්.

ජයවේවා….!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,288 downloadsDownload Jim-Button-and-Luke-the-Engine-Driver-2018-1.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත නිලක්ෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-12-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින්ත නිලක්ෂණ

Subtitles

7,288 downloadsDownload Subtitles41 KB

35 comments

  1. geeganagamage

    ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා කියන්න වචන නෑ නියම වැඩක් .

  2. Anonymous

    Thank you !!!!!!!!

  3. Anonymous

    Thank you malli. Aluth eketh sub eka damu

  4. Anonymous

    Theweni ekath demu saho
    Jaya wewa

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා. පළමු ලිපියත් හොඳින්ම ලියල තියෙනව. දිගටම උපසිරස කරමු.
    ජය. ✌

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

    Requests...

    The Goonies - 1985
    Flight of the Navigator - 1986

  9. niduk

    ai me sub km ekata weda nethth

  10. Udara Damith Dissanayaka

    dekath denda ela

  11. Anonymous

    gadak kal sub ekak enakan edala giya sathiye baluwa .eth sub ekata thanks

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  13. Pasindu

    Bro dekath ikamanatama oni plz... jaya

  14. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  15. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  16. සංජන චමෝද්

    පළමු උපසිරැසියට සුභ පැතුම්සචින්ත නිලක්ෂණ සහෝ.... ♨️♨️

  17. නිර්මාල්

    niyamayi malliyo digatama karagena yamu...

  18. jagath55

    Thanks

  19. Shaggy

    Thank you very much

  20. mindika

    THANKS !!!!!!!!!!

  21. indika75

    පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

  22. ඩොක් අයියා

    පළවෙනි එක නම් බාගත්තා
    දැන් කවද්ද දෙවෙනි කොටස දෙන්නේ

    1. Anonymous

      දෙවන චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ සැනින් උපසිරැසි ලබා දෙන්නම්

  23. Punchi.kavi

    දෙවෙන කොටස ලගඳීම දෙනවද?

    1. Anonymous

      චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ සැනින් උපසිරැසි ලබාදෙන්නම්

  24. Ruchira

    Thanks for the sub!!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Dewadithya

    Thanks for sub!

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. Anonymous

    Dewani fime ek denna

  29. Bandula

    Thanks, Part 2 ikmanata denna

  30. MAALNATH

    Thanks ...........good luck .............

  31. Malith Samarawickrama

    Thanks sub ekata saho.

  32. Anonymous

    Thanks bro

  33. Thivanka

    ස්තුතියි ❤️