ජැකී චෑන්ව කවුරුත් දන්නවානේ. ආත්මාරක්ෂක සටන් පිරි ක්‍රියාදාම චිත්‍රපටි බලන කවුරුත් ජැකී චෑන්ව දන්නවා. මේ ජැකී චෑන් රඟපෑ 1985 තිරගත වුන චිත්‍රපටියක්. The Protector මෙය හොංකොං-ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයකි. ජැකී චෑන් ඇමරිකානු සිනමාවට පිවිසීමට ගත් පළමු උත්සහය 1980 තිරගත වුන The Big Brawl චිත්‍රපටයයි…

ජැකී චෑන්ව කවුරුත් දන්නවානේ. ආත්මාරක්ෂක සටන් පිරි ක්‍රියාදාම චිත්‍රපටි බලන කවුරුත් ජැකී චෑන්ව දන්නවා. මේ ජැකී චෑන් රඟපෑ 1985 තිරගත වුන චිත්‍රපටියක්.
The Protector
මෙය හොංකොං-ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයකි. ජැකී චෑන් ඇමරිකානු සිනමාවට පිවිසීමට ගත් පළමු උත්සහය 1980 තිරගත වුන The Big Brawl චිත්‍රපටයයි. එය ආදායම් අතින් බලාපොරොත්තු සුන් වූ චිත්‍රපටයකි. ජැකී චෑන් දෙවන වරටත් ඇමරිකානු සිනමාවට පිවිසෙන්න ගත් උත්සහය තමයි The Protector.
කාන්තාවක් පැහැරගෙන යෑමත් සමඟ ඒ පසුපස හඹා යන වොන්ග් හොංකොං සහ නිව් යෝර්ක් අතර සිද්දවෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළිකරගෙන එය නතරකිරීමට ගන්න උත්සහය ගැන චිත්‍රපටයෙන් දිගහැරෙනවා.
චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අතරතුර අධ්‍යක්ෂක හා ජැකී චෑන් අතර සිදුවන මත ගැටුමක් හේතුවෙන් චිත්‍රපටය අනුවාද දෙකකට හැදෙනවා. ඒ අනුව ඇමරිකානු ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මුල් පිටපත නිර්මාණය වන අතර ජැකී චෑන් නැවතත් සංස්කරණය කල පිටපතක් හොංකොං අනුවාදය ලෙස නිර්මාණය වෙනවා. පසු කලෙක ජැකී චෑන් විසින්ම මේ චිත්‍රපටයට ප්‍රතිචාරයක් ලෙස Police Story චිත්‍රපටය නිපදවන අතර පසුව එය චිත්‍රපට මාලාවක් වී නිෂ්පාදනය විය. මේ උපසිරසිය ඇමරිකානු මුල් පිටපත සඳහාය.
(ඇමරිකානු චිත්‍රපටයේ පෝස්ටරය)
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය James Glickenhaus වන අතර නිෂ්පාදනය David Chan, Shek Hong-chan, Raymond Chow සහ Leonard Ho විසිනි. රංගණයෙන් Jackie Chan සමඟ Danny Aiello, Roy Chiao, Moon Lee සහ Peter Yang ප්‍රධාන චරිත අතරට එක්වෙනවා.
චිත්‍රපටය මුලින්ම තිරගත වෙන්නේ හොංකොං වලයි. ඒ 1985 ජූලි 11ය. පසුව එක්සත් ජනපදයේ ඒ වසරේම අගෝස්තු 23 වන දා තිරගත විය. චිත්‍රපටය කැන්ටොනිස් සහ ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම තිරගත වී ඇත. කැන්ටොනිස් / කැන්ටන් නැත්නම් ගුවැන්ෂු ලෙස හඳුන්වන මෙම භාෂාව චීන භාෂා පවුල තුල ඇති භාෂාවක් වන අතර එය චීනයේ ගිණිකොන දෙසින් අවට ප්‍රදේශයෙන් ආරම්භ වී ඇත.
විනාඩි 91ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය එවකට හොංකොං තුල ඩොලර් 13,917,600 ක පමණ ආදායමක් ලබා ඇති අතර එක්සත් ජනපදයේ ඇ. ඩොලර් 981,800 ක පමණ ආදායමක් ලබා ඇත. The Protector චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.8ක්, Rotten Tomatoes 20% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 90%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,787 downloadsDownload The-Protector-1985.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
19 comments
Shamal manojan
Shamal manojan
ඉදිරියේදි කාල වේලා ඇති අයුරින් මේ චිත්‍රපට කිහිපයට ද සබ් දෙන්න බලන්න.
Murder! - 1930
M - 1931
Cleopatra - 1963
Romeo and Juliet - 1968
Antony and Cleopatra - 1972
Clash of the Titans - 1981
Romeo + Juliet - 1996PCVENOM
sthuthi anith jackie change film tikatah danna
Udaya Fdo
Thank you
maduka
''gorgeous 1999'' . Machan Jackie Change mekatath sub ona. Sub ekata thanks machan
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට... මේවගේ ඒවට සබ් දෙනවට බොහෝම ස්තූතියි මචං...
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා තියන් හිටියා බැලුවේ නෑ සබ් නැති නිසා
අද බලනවා සබ් එක්ක.
Rob-B-Hood 2006 ekata Blurry අප්ඩේට් කරන්නකෝ පුලුවන්නම්Anonymous
thanks bro !'
Anonymous
thanks bro !
Suranjan
Thanks jayawewa....!
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
ඔබ මීට පෙර සබ් දුන් බොහෝ ඒවා නැරඹුවා, මෙයත් අහලා තිබෙන සිනමාපටයක්.
සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි, හැකිනම් IMDb ඉහළ අගයක් ඇති ඒවාට සබ් කරන ලෙස
යෝජනා කරමි. ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය පුද කරමි, ඔබට ජය!niduk
thank you mcn .podi illimak thiyenawa puluwannam the blacklist s7 ekata sub denna
Suranjan
Thanks jayawewa......!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
podda
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
Thank you!
Good Luck !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Protector (1985) Sinhala Subtitles | ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/the-protector-1985.jpg)

උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් බයිස්කෝප් වෙබ් අඩවියෙන් මින් පෙර උපසිරැසි දුන් The Silence of the Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය සදහා ඇති page එක හා Trailer එක නරඹා හොද නම් එහි ඉතිරි චිත්‍රපට කිහිපය සදහා උපසිරැසි ලබාදීම පිළිබඳව සලකා බලන මෙන් ඉල්ලා සිටිමි.
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007
එසේ නොමැතිනම් ජෙට් ලී රගපෑ මේ චිත්‍රපට කිහිපය පිළිබඳව උපසිරැසි ඉල්ලමි.
Once Upon a Time in China - 1991
Once Upon a Time in China 2 - 1992
Once Upon a Time in China 3 - 1992
Once Upon a Time in China and America - 1997