අම්මේ ඉතින් ඔන්න ආයෙමත් මම ආවා නිකන්ම නෙමෙයි ෆට්ට Horror ෆිලුමක් අරගෙන. ඇත්තම කිව්වොත් ඊයේ සමන් අයියා මට මැසේජ් එකක් දාලා තිබුනා රිප්ලයි මේල් එකක් දැම්මා බලපන් කියලා. ගිහින් බලනකොට මෙන්න මම මාස ගානකට කලින් වෙන්කරගෙන තිබුන ෆිල්ම් එකක හොද කොපි ඇවිල්ලා. ඉතින් ෆිල්ම බාන්න ඩේටා තිබුනෙත් නැහැ කොහොම හරි න…
අම්මේ ඉතින් ඔන්න ආයෙමත් මම ආවා නිකන්ම නෙමෙයි ෆට්ට Horror ෆිලුමක් අරගෙන. ඇත්තම කිව්වොත් ඊයේ සමන් අයියා මට මැසේජ් එකක් දාලා තිබුනා රිප්ලයි මේල් එකක් දැම්මා බලපන් කියලා. ගිහින් බලනකොට මෙන්න මම මාස ගානකට කලින් වෙන්කරගෙන තිබුන ෆිල්ම් එකක හොද කොපි ඇවිල්ලා. ඉතින් ෆිල්ම බාන්න ඩේටා තිබුනෙත් නැහැ කොහොම හරි නයිට් ටයිම් ඩේටා වලින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා මට තියන එකම නිවාඩු දවස සම්පූර්ණයෙන්ම මේකට කැප කරලා එක දවසින් වැඩේ ඉවර කරගත්තා. ඉතින් මට ගොඩක් වැඩ තිබුන නිසා ෆිල්ම් එකට ලිපියක් ලියලා දෙන්න කියලා සිසිල ප්‍රසාද් අයියට කිව්වා… ආයේ ඉතින් නෑ බෑ නොකියා ලස්සනට උදේ වෙද්දි සුපිරිම ලිපියක් ලියලා එවලා තිබුනා. එකට සිසිල අයියට විශේෂයෙන්ම ස්තූති කරන්න ඔනි. මේක ගැන කතියනවනම් 2009 යේ ආව Drag me to Hell චිත්‍රපටියට පස්සේ මම බලපු හොදම Horror චිත්‍රපටිය තමයි මේක. හරි ඉතින් වැඩිය කතා ඔනි නැහැ සිසිල ප්‍රසාද් අයියා ලස්සන ලිපියක් ලියලා තියනවා. හැමෝටම මේක බලන්න ආරාධනා කරන ගමන් මම යනවා.බුදු සරණයි !
සිසිප ප්‍රසාද් සහෝගේ ලිපිය
ක්ලෝයි…මූර්ති ශිල්පය වෘත්තීය කරගත් සිය මවගෙන් ඈත්ව හුදකලාව සිටින්නාවූ, නව යොවුන් තරුණියක්. එක් දිනක්, මෙම යොවුන් තරුණිය සහ ඇයගේ පෙම්වතා වන ඩැනී විසින් කිසිදා නිවැරදි කල නොහැකි ආකාරයේ වරදක් සිදුකරනවා. පැරණි පුරාවෘත්තයන්ට අනුව, යක්දෙස්සියක් වාසය කරන්නේ යැයි සැලකෙන්නාවූ නිවසකට රාත්‍රී කාලයේදී ගොස්, එම නිවසේ දොරට දෙවරක් තට්ටු කරනවා. මෙම සුළු ක්‍රියාව නිසාවෙන් සිය ජීවිත සදහටම වෙනස් වේවි යැයි, ඔවුන් දෙදෙනාම එදා මොහොතකට හෝ නොසිතන්නට ඇති. නමුත්, මා කියන දේ විශ්වාස කරන්න, අඳුරු බලවේගයන් සෑම තැනකම සිටිනවා. ඔබගේ සරල සැහැල්ලු ජීවිත, සදහටම ඝනාන්ධකාරයේ ගිල්වා දැමීමට මෙම අඳුරු බලවේගයන් හට ගතවන්නේ සුළු නිමේශයක් පමණයි. තරුණ යුවලගේ මෙම ක්‍රියාව උදෙසා, වැඩි කල් වෙලා නොගොස්ම ප්‍රතිචාර ලැබුණා. හදිසියේම, යම්කිසි බලවේගයක්ව විසින් ඩැනීව දඩයම් කරනු ලබනවා. මේ හේතුවෙන් භීතියට පත්වන තරුණ ක්ලෝයි, මෙතෙක් කාලයක් පුරාවට ඈත්ව සිටි සිය මවගේ සෙවණට පිටත්ව යනවා. නමුත්, අවාසනාවත්න ආකාරයට, වැඩි කාලයක් නොගොස්ම, මෙම යොවුන් තරුණියවද, යක්ෂ ආත්මයේ ගොදුරක් බවට පත්වෙනවා. මේ සමගින්, ඇයගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු ස්භාවයක් ගන්නවා.
වැඩි කාලයක් නොගොස්ම, සිය දියණියගේ මෙම වෙනස, මවට පසක් වෙනවා. සිය දියණියව ග්‍රහණයට ගෙන සිටින්නාවූ යක්ෂ ආත්මයේ අඳුරු සෙවනැළි පිළිබඳව ඇයට ප්‍රත්‍යක්‍ෂ වෙනවා. සිය දියණිය මෙම යක්ෂ ග්‍රහණයෙන් මුදවාගැනීමට කළහැකි සෑම දෙයක්ම කිරීමට ඇය අදිටන් කරගන්නවා. නමුත්, ඇයට සිය දියණියව නැවතත් ආලෝකය කරා රැගෙන ඒමට හැකියාව ලැබේවිද? බිහිසුණු ආත්මයෙන්, ඇයට කෙබඳු අන්දමේ ප්‍රතිචාරයක් ලැබේවිද?
Horror කාණ්ඩය නියෝජනය කරමින්, 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වෙනි දින ලොව වටා තිරගතවීම ආරම්භ කරමින්, මේ වන විට Imdb දර්ශකයේ 5.3 ක අගයකින් සවිබල ගැන්වී තිබෙන්නාවූ සලරුවක්…ත්‍රාසය, භීතිය වැනි හැඟීම් උච්චතම ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නාවු ප්‍රේක්ෂකයින් සඳහා ඉහළින්ම නිර්දේශ කල හැකි විශ්ෂ්ඨ නිර්මාණයක්…සෙනෙහෙ සිතින් සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත තිළිණ කිරීමට, අවසරයි එසේනම්…
Due to copyright issues, we do not provide any torrent links.
Dont.Knock.Twice.2016.720p.BRRip.XviD.AC3-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,642 downloadsDownload Dont-Knock.Twice-2016.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
30 comments
Kantha_DLA
Sach
සබට තුති සහෝ !!!!!!
mithun
ෆට්ට ෆට්ට උඩ ඩයලොග් එක දකිද්දිම සිසිල සහෝගෙ වැඩක් කියල හිතුව සබ් දැම්මට ස්තුතියි සහෝ හොර් නම් අනීවා ගන්නව
nalin
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි....
තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා...!!!Shani Rasanka
the prince and me sinhala sub denna puluwanda
සංජු
බොහොම ස්තූතියි සහෝ..
ලිපිය දැක්ක ගමන් බලන්න ආස හිතුන. එල.
දිගටම සබ් දෙන්න මචෝ.
උබල දෙන්නටම බුදු සරණයි.Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Sohan jayasooriya
Ela ela sachiyo thanku weva sub ekata.. Sisila aiyage lipiya dakkama pissu hadenawane bn.. :-D ehnam math gannawa.. Thanku weva dennatama..
Ravindu Rukshan
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
අසිත
elama saho thanks
Web-බුවා
පට්ට ෆිලුමක් වගේ. අර කිව්වත් වගේ ලිපියත් තියෙනවා ලෙසටම. ඉතිං සබත් එහෙම ඇති. :P
ඒක නෙමේ සිසිප කියන කෙනා මං නම් දන්නේ නෑ. අලුත් බුවෙක් වෙන් නැති බාගවිට. :) ඒත් පොර කවුරු උනත් මිනිහගේ post style එක සිසිල සහෝ'ගේ වගේමයි. ලෙසටම තියෙනවා. මං ඒ style එකට පට්ට කැමතියි.ජය! :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan madushantha
Thanks sub ekata...
devinda
Ty Malli...Gdk Pin.......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mindika
Thanks !!!!!!!!!!!!!!!
Tharin
patta mcho....mat meka dwnlod karan hititye sub ekak labenakan....
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Udara Cooray
ස්තූතියි සහෝ
nalinda
එකෙන්ම එල මුවි එකක් ස්තුති ඔබට
ashan lankanath
thanks .............................
Amila Mudalige
Thanks saho
Sayuru Tharanga Lakmal
godaak sthuuthii sahoo
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Hashan M. Priyadarshana
Thank you bro sub eka dunnata
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Haritha Sankalpa
ගොඩක් ස්තූතියි උපසිරසට!
Haritha Sankalpa
ගොඩක් ස්තූතයි උපසිරසට!
Shehan kavishka
Sub ekata thanks.♥️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි---