“සද්ද එපා පුංචි බබා වචනයක් වත් කියන්න එපා අම්මා ඔයාට සිංදු කියන කුරුල්ලෙක් අරං දෙන්න යන්නේ ඒ සිංදු කියන කුරුල්ලා සිංදු කිව්වේ නැත්නම් අම්මා ඔයාට අරං දෙනවා දියමන්ති මුද්දක්” අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරෙයි ද? ඒක කියල නිම කරන්න බෑ. ඒ වගේමයි දරුවනුත් තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි. මේ ආදරය ජීවිතය…

“සද්ද එපා පුංචි බබා
වචනයක් වත් කියන්න එපා
අම්මා ඔයාට සිංදු කියන කුරුල්ලෙක් අරං දෙන්න යන්නේ
ඒ සිංදු කියන කුරුල්ලා සිංදු කිව්වේ නැත්නම්
අම්මා ඔයාට අරං දෙනවා දියමන්ති මුද්දක්”
අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරෙයි ද? ඒක කියල නිම කරන්න බෑ. ඒ වගේමයි දරුවනුත් තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි. මේ ආදරය ජීවිතය පුරාවට තියනවා දකින්නයි හැම අම්මා කෙනෙක්ම, හැම දරුවෙක්ම කැමති. ඒත් ඒ ආදරය පිට දරුවෙක් නිසා දෙදරා ගියොත්? පිට දරුවෙක් නිසා අම්මා කෙනෙකුයි එයාගෙ ළමයයි අතර තියන ආදරය නැති වෙලා ගියොත් ඒක කොහෙන් කෙලවර වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි නේද?
මගේ දහ හත් වන උපසිරැසියට පදනම වැටෙන්නේ මෙන්න මෙතනින්. Shut In චිත්‍රපටය නිකුත් වෙන්නේ 2016 වර්ෂයේ දී ජර්මනියේ. මේකේ උපසිරැසිය බාර අරං සෑහෙන කාලයක් උනා. ඒත් BR පිටපතක් නිකුත් උනේ ටික කාලයකට උඩ දී. ඉතිං I Boy (2017) දුන්නට පස්සේ මේකේ වැඩ මං පටන් ගත්තා.
කතාවේ Trailer එක බැලුවම මට හිතුනේ මේක Horror චිත්‍රපටයක් වෙන්න ඕන කියලා. ඒත් චිත්‍රපටය බලද්දී හිතුණා මේක Crime, Thriller කාණ්ඩයට ගොඩක් ගැලපෙනවා කියලා. හැබැයි අන්තර්ජාලයේ කියන විදිහට මේක Drama කාණ්ඩයට තමයි වැටෙන්නේ. මොන කාණ්ඩයට වැටුනත් එක දෙයක් පැහැදිලිවම කියන්න පුළුවන්. මේ වගේ කතාවක් මං විශ්වාස කරන විදිහට කිසිම චිත්‍රපටයකින් මීට කලින් එලි දැක්විලා නෑ. ඒ තරම්ම විශේෂ, කුතුහලයෙන් පිරුණු කතාවක් විදිහට තමයි මං Shut In චිත්‍රපටය දකින්නේ.
කතාව ගැන වැඩි විස්තර කියන්න කැමති නෑ මොකද කතාව ගැන කියන වචනයක් වචනයක් ගානේ එකේ වටිනාකම අඩු වෙන්න පුළුවන් නිසා. කතාව ගැන අදහසක් මේ ලිපියේ මුල් කොටසින් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Farren Blackburn. ප්‍රධාන චරිත විදිහට මේරි පෝට්මන් (Naomi Watts), ටොම් (Jacob Tremblay), ස්ටීවන් (Charlie Heaton), ඩොක්ටර් විල්සන් (Oliver Platt) සහ ඩෝග් (David Cubitt) හඳුන්වා දෙන්න පුළුවන්. චිත්‍රපටයට ලැබිලා තියන IMDb අගය ගැන නම් (4.5) මං සෑහීමකට පත් වෙන්නේ නෑ. කතාව බලලා ඉවර උනාම ඔයාලටත් එහෙම හිතෙයි.
හරි එහෙනම් තව සතියකින් විතර ආපහු එන්න හිතාගෙන අදට ඔයාලගෙන් සමුගන්නවා. මගේ බයිස්කෝප් ජීවිතයේ පළමු වසරට සුබ පතපු හැමෝටමත්, මාව දිරි ගන්වන, මගේ වැඩ අගය කරන හැමෝටමත් බොහොම ස්තූතියි. මට ලැබෙන FB request වලින්, චිත්‍රපට වැඩ වලට මගෙන් ඉල්ලන සහයෝග වලින් මට හිතා ගන්න පුළුවන් ගොඩක් අය මං වටා එකතු වෙලා ඉන්නවා කියලා. ඒ හැමෝම වෙනුවෙන් පුළුවන් හැමදේම මං කරනවා.
යන්න කලින් දෙයක් කියන්නම් “ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක් තරම් පොඩි පරතරයක්. ඒ පරතරය නැති වෙන්න දෙන්න එපා. ඒකෙන් ජීවිත උනත් අහිමි වෙන්න පුළුවන්”
එහෙනම් ජයින් ජයිම වීවා පුතී.!!!
Due to copyright issues, we do not provide any torrent links.
Shut.In.2016.720p.BRRip.x264.AAC-ETRG
Shut.In.2016.BDRip.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
949 downloadsDownload Shut-In-2016.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
21 comments
Sohan jayasooriya
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----අසිත
elama saho thanks
nalin
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි....
තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා...!!!Web-බුවා
හා..! හා..! ඔය තියෙන්නේ කොල්ලා ආයෙත් ඇවිල්ලා ලෙසට ෆිලුමක් එක්ක. :P
මේකේ සබ් එනවා කිව්ව දවසේ ඉඳන් පිස්සෙක් වගේ... බයිස්කෝප් අඩවියේ පැල් බැඳගෙන හිටියේ මං විතරද?
මේකට comment එක දෙන්න දවල්ට බයිස්කෝප් නොඑන මං අද ආවා. ඉතිං අදත් කියන්න තියෙන්නේ,
උපසිරසියට පට්ට ස්තූතියි ලොක්කා!ඒක නෙමේ සහෝ මේ නිකං ගොන් ආතල් එකට වගේ කියන්නේ, ඔයා කැමතිනම් යන්න gravatar කියන site එකට ගිහිං ඒකෙ register වෙලා upload කරන්න ඔයා කැමති පට්ට picture එකක්. :D එතකොට comment කරද් දී ඒක පේන්න ගන්නවා lol. නිකං කිව්වේ ඉතිං තාම photo එකක් නැති හිංදා. මොකුත් හිතන්න නම් එපා සහෝ එහෙම කිව්වට! සමහරවිට photo එකක් නොදා ඉන්න එක ඔබතුමා'ගේ කැමැත්ත වෙන්න ඇති. දැන් කට්ටිය හිතන්න බැරි නෑ. මේකා මෙතැන මඟුලක් කියවනවා කියලා lol. ඉතිං සහෝ එහෙනම්,
ජය! :)
Chamikara Vidanage
පින්තූරයක් දාන එක ගැන එච්චර හිතුවේ නෑ බොස්. ඒකයි නිකං හිටියේ. ඔයා කැමති නම් මට FB request එකක් දාන්න. මං ඔයාව add කර ගන්නම්. මගේ පින්තූර නැතුවට මොකෝ ඔයාගෙ හරි නම නෑනේ. ලොල් :P
බොහොම ස්තූතියි කමෙන්ට් එකට. මේක ටිකක් පරක්කු උනා කියල හිතෙනවා සහෝ. ඒකට හේතුව දන්නවා ඇතිනේ. අපරාදේ. කමක් නෑ Rings 2017 එක ඉක්මණටම දෙනවා. තාම හොඳ කොපියක් නෑ.
Web-බුවා
ඒක සහතික ඇත්ත bro! නම photo එක ඕවා නිකං ද්වීතියික දේවල් තමයි. මෙහෙම ඉන්න එක කොයිකටත් හොඳයි කියලා හිතෙනවා. ඒවා කතා නොකර ඉමු මොකද අදාළ නෑනේ. ඔය සබ් එක ගේන්න පොඩ්ඩක් පමා වුණාට මොකද, අපි ඉතිං දන්නවනේ චාමිකර ලොක්කා පොල්ල නොතියන පොරක් බව. ඉතිං එනකං කොහොමත් අපි බලං ඉන්නවා. මොකද අනිවා පොඩ්ඩක් පරක්කු වෙලා හරි එන බව දන්නවා. අම්මෝ rings (2017) කරන්නෙත් ඔබතුමා ද? දැන් ඉතිං කියන්න තියෙන්නේ horror ෆිලුමක් නම් ඉතිං චාමිකර තමයි. කියලා. අර කිව්වත් වගේ තාම හොඳ පිටපතක් නෑ තමයි. දන්න තරමින් නම් hdts එකවත් නෑ.
ජය! :)
Chamikara Vidanage
HDTC තියනවා ලොක්කා. ඒක කරන්න පුළුවන්, හැබැයි ඊට පස්සේ කට්ටිය ආපහු BR ඉල්ලනවනේ..
Chamikara Vidanage
සමාවෙන්න HDTS ;)
Web-බුවා
සිරා කතාව සහෝ!
hdts, dvdscr වගේ ඒවාට සබ් කරන එක අවදානම් දෙයක්. අනික කොටන කාලයත් අපරාදී. මොකද ගොඩක් වෙලාවට ඕවා බහුතරයක් එක්ක එන්නේ බොල් ඉංග්‍රීසි උපසිරැසි. hdrip එකෙන්වත් පස්සේ තමා ගොඩක් වෙලාවට ගුණාත්මක ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වෙන්නේ.
ඉතිං එහෙව් එකේ br ආවාම ගුණාත්මක ඉංග්‍රීසි උපසිරසියකින් ගුණාත්මක සිංහල උපසිරසියක් හදන එක මං නම් හිතන්නේ වඩා සුදුසුයි. මං දන්නේ නෑ ඉතිං ඒවා එහෙම කොහොම උනත් උපසිරැසිය හදන්නේ මොන පිටපතටද දෙන්නේ කවද් ද ඒවා ඉතිං ඔබතුමන්ලා'ගේ පරම අයිතීන් නොවැ. lol.
ආ තව දෙයක් පස්සේ එන ඒවායේ run time වැඩි වුණොත් නම් කෙලවෙනවා. මතකනේ ඉසුරු සහෝ Central Intelligence (2016) සබ් එක BR එක එන්න කලින් දීලා කාපූ කට්ට ඒක update කරන්න. පව් ඒ හාදයා. :( දන්න තරමින් නම් ඒ කෙළිය වුණේ ඒ film එකේ BR පිටපත විනාඩි 7ක් හෝ 10ක් වගේ අමතර වැඩි කාලයක් run වෙලා උපසිරැසිය ආයේ මුල ඉඳන්ම හදන්න වෙච්ච හිංදා. ඉතිං ඒ උපසිරැසිය වෙනුවෙන් ආපහු පැය 6ක් 7ක් වෙන් කරන්න වුණොත් ඒක ලොකු පාඩුවක්. මොකද ඒ කාලය තමන්ගේ වටිනා වැඩකට යොදවන්න තිබ්බ කාලයක් වෙන්න තිබ්බා. නැත්නම් ඉතිං ඒක ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත නව උපසිරසියක් කරන්න තිබ්බ කාලයක් වෙන්න පුළුවන්.
ඉතිං මගේ අදහස නම් ඔබ වැනි කාර්යබහුල උපසිරැසි නිර්මාණ කරුවෙකුට වඩා සුදුසු පිටපත BRRip එක කියලයි. මොකද හැදුවා දුන්නා ඉවරයි. මොකද තව දුරටත් සබ් එක සැරින් සැරේ update කරන්න ඕන නෑනේ. මොකෝ ඉතිං BR එකට පස්සේ එන්න එකක් ආයේ නෑනේ. අනාගතේ එයිද කියන්න බෑ lol. ;)
ජය! :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka lakshitha
supiri...
digatama subdanna....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web-බුවා
ඒක නෙමේ මචංලා මට පොඩ්ඩක් හොයා ගන්න ඕන ෆිලුමක් තියෙනවා. මං මතකයි මං මේක ඉස්සර ITN එකේ දෙතුන් සැරයක් පෙන්නුවා. අනිවා ඔයාලත් එක පාරක් හරි බලලා ඇති. මාත් බැලුවා. ඒත් කෙලිය කියන්නේ දැන් ඒකේ copy එකක්වත් net එකේ තියෙද කියලා බලන්න film එකේ නම මතක නෑ කියහංකෝ. ඒක පට්ට film එකක් පරණ වුනත්. :( කතාව මෙහෙමයි,
"ඔන්න අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අයියා ටිකක් පොර. ඒත් මල්ලි හෙන බයගුල්ලෙක්. පස්සේ මට මතක විදිහට අයියාට ඈත රහස් දූපතක තියෙනවා කියන නිධානයක් ගැන සිතියමක් හම්බවෙනවා. :P ඉතිං මේකා පොරගේ මල්ලියි, තව පොඩි team එකකුයි එක්ක ඕක හොයන්න යනවා. ඉතිං තව හොරු කල්ලියකුත් ඕක පස්සේ යනවා. උනුත් ඒ දූපතටම යනවා ඒක හොයාගෙන. ඉතිං එහෙ දී ගොඩක් දේවල් සිද්ධවෙනවා. මෙතන ඒවා ඔක්කොම කියන්න බෑ. අවසාන වශයෙන් කියන්න පුළුවන් දූපතේ දී හෙන පත සුනාමියක් එහෙම ඇවිල්ලා හෙලිකොප්ටරයක් විනාශ වෙන දර්ශනයක් එහෙමත් තියෙනවා."
ඔහොම තමයි සරලව කියන්න පුළුවන්. මටත් දැන් ඔක්කොම හරියට මතක නෑ. ඉතිං කවුරුහරි කෙනෙක් මේ විස්තරයට අදාළ මොකක් හරි film එකක නම දන්නවද? දන්නවා නම් ඉතිං කරුණාකරලා ඒක කියන්න කියලා ඉල්ලනවා.
Web-බුවා
යකෝ බයිස්කෝප් අඩවියට එන එක බුවෙක්වක් දන්නේ නැද්ද මේ විස්තරයට ආදාළ film එක මොකක් ද කියලා.
චාමිකර ලොක්කා ඔයා දන්නෙත් නැද්ද? :P :D :Pමං අද lap එක open කරලා google home page එකට යන්නත් කලින්
ආවේ මෙතනට මොකෙක් හරි ෆිල්ම් ඔස්තාර් කෙනෙක් reply එකක් දාලාද බලන්න. අම්මපා!
මොනා කරන්න ද ඉතිං අහිමි වූ මතකය ගෙනා කඳුලක් කියලා තමයි කියන්න තියෙන්නේ. lol.
හැමෝටම,
ජය! :)Uvais
The Goonies da?
Chamikara Vidanage
සමාවෙන්න බොස් ඇත්තටම මට නම් ඔයා කියන චිත්‍රපටය හිතාගන්න අමාරුයි. ලබන සතියේ රට යන වැඩේට ඉංග්‍රීසි විභාගයක් තියනවා. මේ දවස් ටිකේ ඒකට ලෑස්ති වෙනවා. ආපහු ඒකෙන් පස්සෙ තමා උපසිරැසි දෙන්න හිතන් ඉන්නේ. Ring එකේ හොඳ කොපියක් ඉක්මණට ආවොත් හොඳයි. ඔයා Shut In බලන්න ඇති කියලා හිතනවා.
ජය වේවා.!!!
Web-බුවා
සමාවෙන්න සහෝ! මේ එන ඉරිදා තමා බලන්න වෙන්න. ඒ ගැන කණගාටුයි. මේ දවස් ටිකේ වැඩ ටිකක් වැඩි වුණා ලොක්කා ඒකයි.
අම්මෝ එහෙනම් මේ දවස් ටිකේ වෙන වැඩ මොකුත් නොකර විභාගෙට බර දාලා ඒ වැඩේ ගොඩ දාගන්න. වැඩි වැඩියෙන් ලකුණු ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හා..! හා..! මට දැන් හිතාගන්න පුළුවන් පොර බහින්න යන රට මොකක් ද කියලා. ;) එහෙනම් පස්සේ හම්බවෙමු ලොක්කා. ඔබට,
ජය! :)
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!keshan
thanks bro
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති eth film ekanam melo rahak na. Hoda film ekaka thiyenawa Dream house (2011) mekata puluwannam sub dennako
Advertisement

Thanku weva chamikara saho sub ekata.. Digatama sub denna