හැමදාම බයිස්කෝප් එකට ඇවිල්ලා උපසිරැසි අරන් යන එකේ මටත් හිතුණා කොහොම හරි උපසිරැසියක් කරන්න ඕනි කියලා. මම මේ එක කලින් බලලා තිබුණත් බයිස්කෝප් අඩවියේ මේකේ සිංහල උපසිරැසිය තිබුණෙ නෑ. ඉතින් මට හිතුණා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේකේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න. ඉස්සෙල්ලම මම තිසර නියෝ අයියාට ස්තූතිවන්ත වෙ…

හැමදාම බයිස්කෝප් එකට ඇවිල්ලා උපසිරැසි අරන් යන එකේ මටත් හිතුණා කොහොම හරි උපසිරැසියක් කරන්න ඕනි කියලා. මම මේ එක කලින් බලලා තිබුණත් බයිස්කෝප් අඩවියේ මේකේ සිංහල උපසිරැසිය තිබුණෙ නෑ. ඉතින් මට හිතුණා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේකේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න. ඉස්සෙල්ලම මම තිසර නියෝ අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනි මට මේ අවස්තාව ලබා දුන්නට. ඔක්කොටම කලින් කියන්න ඕනි මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. එහෙම තිබුණොත් මට ඒවා කියන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේක 2016 වසරෙදි එළි දැක්වුණු චිත්‍රපටයක්. ඒ වගේම IMDb අගය 6.7 වගේම Rotten Tomatoes අගය 98% ගත්ත චිත්‍රපටයක්. මේක අයිති වෙන්නේ Drama/Comedy කියන Category වලට. කතාව ගෙතෙන්නේ නාට්‍ය කණ්ඩායම් වටේ. ඒත් මෙයාලා කරන නාට්‍ය ටිකක් විතර වෙනස්. තිර පිටපතක් නැතිව, සැලසුමක් නැතිව, ඇඳුම් හෝ භාණ්ඩ මුකුත් නැතිව ක්ෂණිකව යම් සිදුවීමකට අනුව නාට්‍ය හදලා එවෙලේම ප්‍රේක්ශකයාට පෙන්වන නාට්‍ය ජාතියක් තමයි මෙයාලා පෙන්නන්නේ. මෙයාලා දිගටම මේක කරගෙන ගියත් හදිසියේම මෙයාලට කරදරයක් වෙනවා. එතනින් පස්සේ කණ්ඩායමත් ටික ටික වෙන් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ වෙන්නෙ මොනවද කියලා ඔයාලටම බලාගන්න මම ඉඩ දෙනවා.
සමහර දෙබස් ඒ විදියටම පරිවර්තනය කළොත් තේරෙන්නෙ නැති වේවි කියලා හිතුනු නිසා මම සමහර දෙබස් ටිකක් වෙනස් කළා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
1,707 downloadsDownload Dont.Think_.Twice_.2016.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විශ්ව ජයසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විශ්ව ජයසංඛ
Subtitles
13 comments
malithmadhushan45
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!geethkamal
congrtz. ediriyatath sub karamu. jaya wewa.
sandun_muditha882
thda thada
චතුෂ තුෂර කුමාර
බාගෙන සෑහෙන කාලයක් උන ෆිල්ම් එකක්... බොහොම ස්තූතියි...
indika75
thanks..
IreshSampath
thanks
Dineth Hewavitharana
lucifer season 4 sub oniii
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa.!යුරාන් ධනුක (ධනූ)
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ !!!
එල්.සී. දමැල්
පමාවට සමාව! පළවෙනි වැඩේට සුභ පතනවා.අඩවියටත් සාධරයෙන් පිළිගන්නවා. ඉදිරියටත් අඩවියට උපසිරස දායද කරන්න කාල වෙලාව ලැබේවා කියලත් පතනවා. ජය...
Shaaz
charter show ekak machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තුතියි සහෝ උපසිරස. පලමු උපසිරසට මගෙන් සුබ පතුම් දිගටම දෙමු