මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Eternal Zero (2013) අවසන් කමිකාසේ ප්‍රහාරකයා….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Eternal Zero (2013) අවසන් කමිකාසේ ප්‍රහාරකයා….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ සිරියානු සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.3ක් rotten Tomatoes වර්ගීකරනයේ 94%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 17ක් සහ තවත් නිර්දේශවීම් 21ක් ලබාගත්තු සුපිරිම සිරියානු ෆිල්ම් එකක්. තවත් දෙයක්, මේ වසරේ පැවත් උන ඔස්කාර් සම්මාන උලළේදී හොඳම වාර්තා චිත්‍රපටිය වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මේ සිනමා සිත්තමට හැකියාව ලැබුනා. ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා මේ සිනමා සිත්තමේ එකම නලුවෙක් හෝ නිළියක් නැහැ. ඔබත් මමත් ජීවත්වන සැබෑ ලෝකයේ සිදුවන සැබෑ සිදුවීම් පෙළක් රූ ගත කර සංස්කරණය කිරීමෙන් තමයි මේ සිනමා සිත්තම නිර්මාණය කර තියෙන්නේ…
මේ ෆිල්ම් එකේ කතාව කියන්න බෑ… ඒක හරිම අමාරු වැඩක්. ඒ නිසා මම මේ ෆිල්ම් එක හැදුන හැටි විතරක් කියන්නම්. මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂක Talal Derki උපතින් සිරියානුවෙක්. ඉස්ලාම් අන්තවාදී ශුද්ධ වූ දේශයක් දිනා ගැනීමේ ISISවරුන්ගේ යුද්ධය නිසා ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ජර්මනියට පලා ගිය සරණාගතයෙක්. හැබැයි සිනමාකරුවෙක් විදියට තමුන්ගේ යුතුකම වෙන ඉස්ලාමීය අන්තවාදීන්ගේ නිරුවත ලොවට පෙන්වා දීම වෙනුවෙන් ඔහු ආපහු වතාවක් කැමරා කාචයකුත් සමග සිරියාවට පැමිණෙනවා. එහිදී ඉස්ලාමීය අන්තවාදීන්ගේ විශ්වාසය දිනා ගෙන වසර ගනනාවක් පුරාවටම ඔවුන් සමගින් ජීවත් වෙමින් ඔවුන්ගේ ශුද්ධ වූ ඉස්ලාමීය දේශයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ශුද්ධ වූ සටනේ රූපරාමු මෙන්ම ඉස්ලාමීය අන්තවාදීන්ගේ එදිනෙදා ජීවිතයත් ඔහු සිය කැමරා කාචයේ සටහන් කර ගන්නවා. හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් ආගමේ නාමයෙන්, දෙවියන් වහන්සේ වෙනුවෙන් කෙරෙන්නා වූ ශුද්ධ වූ යුද්ධයක් යැයි කියමින් අවි අතට දී සටන් බිමට යවනා, පිහියක් ගෙන සතුරන්ගේ බෙලි කපා දමනා ආගමික උන්මත්තකයින් බවට පත් කරනා අයුරු ඔහු සිය කැමරා කාචයේ හරි අපූරුවට සටහන් කර ගන්නවා. වසර ගනනාවකට පසු නැවත වතාවක් ජීවිතය බේරාගෙන ජර්මනියට පලා එන ඔහු එහිදී සිය කැමරා කාචයේ සටහන් වූ සැබෑ රූප රාමු එක් කර ඉස්ලාම් අන්තවාදීන්ගේ නිරුවත ලොවට කියනා සිනමා සිත්තමක් නිර්මාණය කරනු ලබනවා. මේ එම සිනමා සිත්තමයි…. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.
මේ සබ් එක කලේ කාරණා 3ක් උඩ. පළවෙනිම එක Kantha DLA සොයුරා විසින් මේ ෆිල්ම් එකට සබ් එකක් කරන්න කියලා කරපු ඉල්ලීම වෙනුවෙන්.
දෙවෙනි එක මීට වසර 3කට පෙර මැයි පළමුවෙනිදාවක බීමත් රියැදුරෙකුගේ අතින් ලංකාවට අහිමි වුන ආදරනීය තම්බියෙක් වෙනුවෙන්. ” අහමඩ් ෂාරි ” එහෙමත් නැත්තං කැම්පස් එකේ කාඩ් එක ” ටොලා ” වෙනුවෙන්. මුලු හදවතින්ම සුන්දර මිනිසෙකු වූ ඉස්ලාම් භක්තිකයෙකු වෙනුවෙන්. රාමසාන් කාලෙට මුලු හොස්ටල් එකටම බුරියානි බෙදපු, ගෙදර ගියාම වටලප්පන් උස්සන් ආපු, එක්සෑම් කාලෙට මහ රෑ ඇහැරවන් කුප්පි දාපු, අපිට කලින් ගිහින් පන්සල අතුගාපු, මල් වට්ටිය පිරෙන්න මල් කඩපු, අපිව එක්කන් ගිහින් උඹලා දෙවියන් යදින පල්ලිය පෙන්නපු, උණ වගේ කියල හොරට බුදියපු උන්ට මහ රෑ එලි වෙනකල් පෙනඩෝල් පොව පොව පවන් ගහපු….. තව ලියන්න මොනතරම් දේවල් තිබුනත් දෑස් බොදවෙලා ගිහින් නිසා මෙතනින් නතර වෙනවා.උඹට නිවන් සුව සහෝදරයා….! උඹ වගේ උන්ගෙ අඩුව අද සෑහෙන්නම දැනෙනවා….

තුන්වෙනි එක, පාස්කු ඉරිදා ප්‍රහාරය සහ පසුගිය කාලය පුරාවටම ලාංකීය ඉස්ලාම් සහෝදරයින් දිහා බලන් ඉන්නකොට හිතට දැනුන දේවල් නිසා. මුස්ලිම් අන්තවාදයේ, මේ පිස්සුවේ කෙළවර කොතනකද කියලා ඔවුන්ට පෙන්වා දෙන්න ඕනෙ උන නිසා.අපිත් එක්ක එකට එක පිඟානෙ කකා හිටපු උඹලට එක පාරටම හලාල් විතරක් කන්න හැදුන පිස්සුව නිසා… සාරි පොටින් ඔලුව වහන් හිටපු උඹලගෙ සහෝදරියන්ට එකපාරටම මූන වැහෙන්න බුර්කා අන්දන්න හැදුන පිස්සුව නිසා…. අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගියපු, එකට කැම්පස් ගියපු උඹලට එකපාරටම අරාබි ඉස්කෝල වලට, ෂරියා කැම්පස් වලට යන්න හැදුන පිස්සුව නිසා…. පොලිය එපා කියලා සාමාන්‍ය බැංකු වල සල්ලි දාපු උඹලට එකපාරටම ඉස්ලාම් බැංකු ඕනෙ උන පිස්සුව නිසා…. ලංකාවෙ හැමෝම එකම නීතියක් යටතේ ඉන්නකොට උඹලට විතරක් එකපාරටම ෂරියා නීති ඕනෙ උන නිසා…. සාමාන්‍ය ගහ කොළ හිටව හිටව හිටපු උඹලට එකපාරටම රට ඉදි ගස් වවන්න හැදුන පිස්සුව නිසා… කොටින්ම උඹලා අපි එකට ජීවත් උන මේ ලස්සන ශ්‍රී ලංකාව ඇතුලේ උඹලා අරාබියක් හොයන්න දගලන පිස්සුව නිසා…. ඔය පිස්සුවේ හිනි පෙත්තටම ගියපු උන් තමයි පහුගිය දවසක අහිංසක මිනිස්සුන්වත් මරාගෙන මැරුනේ…. උඹලා හැමෝම ත්‍රස්තවාදියෝ නොවෙන බව අපි හැමෝම දන්නවා. හැබැයි උඹලගේ ඔය පිස්සුව උඹලව ගෙනියන්නේ අන්න එතනට. හිත රිදුනනං සමා වෙයන් ඉස්ලාම් සහෝදරවරුනි, අපි හැමෝම එක තැනක ඉන්නකොට උඹලා කොහේදෝ මන්දා මිරිඟුවක් පස්සේ දුවලා ගිහින් අතරමං වෙලා. උඹලා අපි හැමෝම දකින්න අකමැති ඒ මිරිඟුවේ අවසානය තමයි මේ ෆිල්ම් එකේ පෙන්නලා තියෙන්නෙ. පුලුවන්නම් ආපහු වරෙල්ලා. ශ්‍රී ලාංකීය මුස්ලිම් සහෝදරවරු වෙයල්ලා…. අපි හැමෝම සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ජාති ආගම් කුල මල බේද අත ඇරලා සහෝදරත්වයෙන් එකතු වෙමු….! අපේ රට හදමු…!
” වැට බඳින්න පුන් සඳට
ඉරි ගසා හිරු බෙදා ගන්න
එකක් නෑර තරු ගනින්න
ජාතික අනුපාතයට බෙදා ගන්න
අපියි ශිෂ්ඨ මිනිසුන්…..
මුහුදද මායිම් කර අරගන්න
අහසද කීතු කීතු කර බෙදා ගන්න
ඔබට තව හැකි නම්
සුළඟත් අයිති කර ගන්න
‘සහෝදරත්වයේ ජාතිය’ වෛරයෙන් වනසන්න
අපියි ශිෂ්ඨ මිනිසුන්…..
ජාතිකත්වයේ ලේබලය
අලවන්න කුහුඹියන්ටත්
ආගමෙන් ගස් වැල් පවා
හීලෑ කර ගන්න
උදාවෙන හිමිදිරියටත් උගන්වන්න
අන් ජාතියට අපහාසයට හිනැහෙන්න
අපියි ශිෂ්ඨ මිනිසුන්….. “
(උපුටා ගැනීම සහෝදරයාගෙන්…)
” මිය යනවා නම් අප සියල්ලෝම එකට මිය යා යුතුය, එකෙකු මරා අනෙකාගේ ජීවත් වීම පතනා දෙවියා දෙවියෙකු නොවිය යුතුය….”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,451 downloadsDownload Of.Fathers.and_.Sons_.2017.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
56 comments
Kantha_DLA
ceylowood
අනිවා නැරඹිය යුතු චිත්‍රපටයක්
ceylowood
බොහොම ස්තූතියි
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata... balanna watina movie ekak..
Asanke
Thanks for sub brother
Sahan Sithumina
හොද ෆිල්ම් එකක් වගේම හොද ලිපියක්. ඉදිරියටත් හොද උපසිරැසි නිර්මානය කරන්න ලැබේවා බ්‍රෝ!!!
tharindux265
The Eternal Zero 2013 එකට උපසිරස කරපු එකනම් සුපිරි. ඒවගේ සිනමාපට වලට උපසිරස කරන්න පුළුවන්නම් හොදයි. හැයාවක් නිදහස් වෙලාවක් ලැබුනොත් Lancaster Skies 2019 එකටත් කරන්න. ස්තුතියි .! ඔබට ජය !
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
මම ෆිල්ම් එක බලලම කියන්නම් සහෝ...
Isuru Lakmal
Thanks brother sub ekata.evagema supiri vadan tika.
digatama website ekath ekka inna,geethkamal
sub ekata tnx. jaya wewa.
usvip
thank you for sub.
Geethi
උපසිරැසියට ස්තූතියි. " Among The Believers " ෆිල්ම් එකටත් උපසිරැසි ඕන...............
හසිත මධුෂාන්
ඒකත් ඉස්ලාම් අන්තවාදීන් ගැන තියෙන ෆිල්ම් එකක් නේද සහෝ..... මම බලලම කියන්නං.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
gamage5040
rangoon tamil film aka denna sub
හසිත මධුෂාන්
හොද ෆිල්ම් එකක් වගේ සහෝ...
මම බලලම කියන්නම්....
B.N.Edirisinghe
Thama film eka beluwe na . Eth kiyala thiyana wachana tika watinawa.
indika75
thanks..
Nilanka.Caldera
හොද කතාවක් ලියලා තියනවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahooo ..
Anushka Sanjuna
thanks machan
chinthaka_priyadrshana
Thank U very much saho....ලියන එක ලියල තියෙනව ඇඬේන්නම......ඇත්තටම ඔන්න ඕක තමා අපි හැමෝම තේරුම් ගතයුතු සත්‍ය කතාව......
Russian Bride ', Suspiria film 2 tath sub demuda ?හසිත මධුෂාන්
හොද ෆිල්ම් දෙකක් නේද සහෝ......
මම බලලම කියන්නං සහෝ....
Suranjan
Thanks.....
sumithwickramarachchi
thankas
sampath n perera
thanks
Bole
සැරටම ලියලා තියෙනවා <3
sugandha
හරවත් රසවත් ෆිලුමක්...ස්තූතියි
Ravindu Rukshan
අපුරූ තේමාවක් සහෝ ඔයා කලින් කරපු චිත්‍රපටය කීපයකුත් බැලුව හරිම අපූරුයි
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
nirosha
hitatama waduna
nirosha
lipiya gana kiwwe
Hashan M. Priyadarshana
Supiri lipiyak broo e wagema sub ekatath thank you wewa bro...
Jaya wewa.!rasanjali_ruwanthika
නියම කථාවක් සහෝ....
jagath55
Thanks
දමිත් රත්නායක
ලිපිය නම් පට්ට.
බොක්කටම වැදුනා සහෝ.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Menaka Niroshan
නියම ලිපියක්. බොහොම ස්තුතියි සහෝ.
Bandaramudiyansi
ඔයා දෙන ෆිල්ම් අනිවාර්යයෙන් බලනව.විශෙෂයෙන් ම උඩ කලිම් ලබාදුන්නු චිත්‍රපටත් සදහන් කරල ඔයා පොස්ට් ලියන සිස්ටම් එකට මන් කැමති. හොද තෙරිම් බලමු අරම් නිවාඩුව සබ් එකට තැන්ක්ස් brother
Kavishna
thnx bro...
Shamal Ranasinghe
thank you <3
Tharindu07
Sub 1kata Thanks Machoo..., Patta wedak...!!! Specially Lipiyath Patta....!!!!!
thushara5518
niyami bro thanks
හෂාන්
හොද ලිපියක්. බොහොම ස්තූතියි උපසිරැසියට...
akalankagayan
Thnx.........
jayanathRajapaksha
Thanks Dear..
Nadeesha rox alahakoon
Tnx bro subt. Lipiya num ftta thiyei bro wadenna one than walata hodata wadila thiyei.
eranda weerasinghe
adahasanm pankadui. good luck bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wicki
බොහොම ස්තූතියි
IreshSampath
thanks
බොබී
අගේ ඇති ලිපියක් සහෝ. මේවා සිද්ධවෙන්නේ සිංහල එකෙක් ආශ්‍රය නොකර හැදෙන මුස්ලිම් උනුයි, මුස්ලිම් එකෙක් ආශ්‍රය නොකර හැදෙන සිංහල උනුයි එකිනෙකා ගැන සැක කරන නිසා. අනිත් එකාගේ සංස්කෘතිය ගැන නොදන්න නිසා. නැත්නම් අපේ පැත්තේ සිංහල මුස්ලිම් දෙගොල්ලෝ තාම හොඳින් ඉන්නවා. මෙහෙ මුස්ලිම් කට්ටිය අපිට කෑම බීම දෙනවා වගේම, අපෙන් කෑමබීම ගන්නත් කිසි බයක් නෑ. ලිපිය මුලදි සඳහන් කළ ඔබේ මුස්ලිම් මිතුරා ගැන කණගාටුයි. මේ උපසිරැසියට ස්තූතියි.
malinga heshan
නියමෙට ලියල තියෙනවා...බලමු..ෆිලුම..ජය වේවා...සහෝ
aruna de silva
thanks for subs
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!