අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක දෙයක් කියලා, දැන දැනම, හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. දැනගෙන හෝ නොදැන හෝ, වැරැද්ද වැරද්දම තමයි. මොක…
අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක දෙයක් කියලා, දැන දැනම, හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. දැනගෙන හෝ නොදැන හෝ, වැරැද්ද වැරද්දම තමයි. මොකද, ඒ අපේ අතින් වෙන පුංචි වරදක් නිසා, තවත් කෙනෙක්ගේ ජීවිතයක් නිකරුණේ විනාශ වෙලා යන්න පුළුවන්. සමහරවිට, මේ විනාශය එක ජීවිතයකින් නොනැවතී, ජීවිත ගණනාවකට බලපෑමට තරම් දරුණු විය හැකියි. කෙසේ හෝ වේවා, කවදා හෝ සිතාමතාම සුළු හෝ වැරදි යමක් කර ඇත්නම්, කවදාකම හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවෙනවා ඒකාන්තයි. ඔබ සිතාගෙන ඇති, ඔබ සතුව ඇති, අනන්ත අප්‍රමාණ වූ කෛරාටික ශිල්පයන් තුලින්, කෙසේ හෝ ගැලවී සිටිය හැකි යැයි කියා. නමුත්, මාගේ වචනය විශ්වාස කරන්න, ඔබ කළ වරදේ තරමටම, ඒ හා සමානවම, කවදා හෝ ඔබට වන්දි ගෙවීමට සිදුවෙනවා, ඒකාන්තයි. එයයි, ලෝක ධර්මතාවය!
තම පියාණන් සමගින් බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙන තරුණියක්. ඇයට කියා මෙලොව සිටින්නේ, මෙම දයාබර පියාණන් පමණයි. අතමිට කාසි සරුවට නැති මුත්, බොහොම සතුටින් මොවුන් ජීවත්වුණා. විටෙක රණ්ඩු දබර වුණත්, තවත් ඇසිල්ලකින් ආදරයෙන් පිරී ඉතිරී ගියා. කුඩා කාලයේ පටන්ම නොවිඳිනා දුක් විඳ, තමන්ව හදා වඩා ගත් සිය ආදරණීය පියාණන්ට, ඔහුගේ එක කුස උපන් නැගණියගෙන් ලද අවලාද හමුවේ, සිය බලය ඔවුන් හට පෙන්වීම සඳහා මෙම පියා සහ දියණිය විසින් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට අදිටන් කරගන්නවා. වසර ගණනාවක් පුරාවට සිය පියාණන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් රැගෙන, මෝටර් රථයක් මිලදී ගැනීමේ අදිනට සහිතව මොවුන් වෙළඳ සැලක් වෙත පියනගනවා. නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට, නවීන පන්නයේ මෝටර් රථ අතරේ, අවසානයේ මෙම තරුණියගේ සිත ඇදී යන්නේ, ඉපැරණි මෝටර් රථයක් වෙතටයි. ඔවුන් නොදැනුවත්වම, ඔවුන්ගේ ඉරණම තීන්දු තීරණය වෙනවා. කිසිඳු හාංකවිසියක් නොදැනම, මහත් වූ ව්‍යසනයක් වෙතට ඔවුන් පය තබනවා…
මැදි වයසට ආසන්න යැයි කිවහැකි පිරිමි තිදෙනෙක්… නගරයේ තැනින් තැන, අභිරහස් මරණ කීපයක් සිදුවෙනවා. මහ දවාලේ, තම නිවසේදීම තරුණියක් අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීම සහ රාත්‍රියේදී මැදි වියේ පුද්ගලයෙකු මරා දැමීම… මෙම ඝාතන ද්විත්වයේම පොදු ලක්ෂණයක් ලෙස, මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයන් සතු වටිනා වස්තුව පැහැරගෙන ගොස් තිබෙනවා. මේ සියල්ල පසුපස සිටින්නේ, ඉහතකී මැදිවියේ පිරිමින් තිදෙනා යැයි, කිසිවෙකුත් සිහිනෙන් හෝ නොසිතන්නට ඇති. නමුත්, අවසානයේ කර්මය විසින් මොවුන් පසුපස හඹා එනවා. නීතිය පවා විමතියට පත් කරමින්, මෙම දරුණු මිනීමරුවන් පසුපස හඹා එමින්, ඔවුන්ව එකා බැගින් එකා දඩයම් කිරීම ඇරඹු, යුක්තියේ අදෘෂ්‍යමාන හස්තය කවුරුන් වේද…?
අපි ගොඩක් දෙනෙක් බොහොම ආසාවෙන් නරඹපු රූපවාහිණි කතා මාලාවක් තමයි, Knight Rider කියන්නෙ. මේ කතා මාළාවේ, KITT කියන හරි අපූරු මෝටර් රථය ගැන කිසිම කෙනෙක්ට අමතක වෙන්න විදියක් නම් නැහැ. ඒ වගේම, 2012 වර්ෂයේදී නිකුත් වුණු, Eega කියන දමිල චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹලා තියෙන්න ඕනේ. මොකද, මේ Eega චිත්‍රපටය, දමිල සිනමාවෙන් බිහිවෙච්ච අනර්ගතම චිත්‍රපට වලින් එකක් කියලා නොබියවම කියන්න පුළුවන්. එහෙනම් මතක් කරගන්න, ඒ චිත්‍රපටය තුල ඉඳපු, තමන්ගේ මරණයේ පළිය ගන්න ආපු පුංචි කෘමියව. මං මෙහෙම කියන්නෙ ඇයි කියලා, මේ චිත්‍රපටය බලනකොට හැමෝටම තේරේවි. ඒ නිසා, ඒක චිත්‍රපටය නරඹන අයට පමණක් උරුම, සුවිශේෂී අත්දැකීමක් වේවි.
දකුණු ඉන්දීය අයස්කාන්ත නිළිය, Nayanthara ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, Horror කාණ්ඩය යටතේ 2017 වර්ෂයේ මාර්තු මස 3 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වෙමින්, imdb දර්ශකයේ 6.1 ක අගයකින් සමන්විත වන, එක හුස්මට නැරඹිය හැකි කුතුහලය සපිරි අතිශය සංවේදී කතා පුවතක් සමගින් මා හා අත්වැල් බැඳගැනීමට සහෘද ඔබට කෙරෙන්නාවූ සුහද ආරාධනාවත් සමගින්, අදට සමුගෙන යෑමට අවසරයි සියලු දෙනාගෙන්ම… හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.im – Dora (2017)
Dora-2017-720p-HD-HEVC-Team-x265mkv
ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,571 downloadsDownload Dora-2017-2.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
47 comments
දිල්ශාන් සචින්ත
Kaviya
Tq bro ✌✌✌
Imesh Akalanka
onna math download kara thank you saho.........jayen yayama wewa..
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Gathsara Umesh Kumara
Tamil Nam ithin sisla ayya thama...niyamyi ayye...
Thawath upa siresiyakin hamuwemoo....
Jayawewaa...!!!යුශාන් පියුමාල්
එල මචෝ ..
Gayan
sub ekata thank's saho. Jayawewaa!
dilan lakmal
Ela sisila aiya.sub gatta film godak ekathu wela thiyenawa balanna.welawa thama nette.mekath kohoma hari balanna oni.patta film ekak wage.thanks sub ekata bro.ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!sumeda
elakiri bro.[Motta Shiva Ketta Shiva] ekatath sinhala sub dennako thanks
Dilshan
elama bokkaniyamy digatama sub o nauba nm maara waddekelamajaya jaya brobokkapodi udauwak karanawadacolony season 2 eke sub naapoddak hoyala sub daanawada plz bokkathankz very muchGood Luke!!!!
KAVINDA GAMAGE
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
lahiru
tnx macho
udara daminda
torrent aka wada nane
Chami.S
Thanks..
Good Luck..ආසිරි ප්‍රියන්ත
මෙච්චරයි දන්නේ,
මේකාගේ ලිපියක් කියවලා ෆිල්ම් එක නොගෙන ඉන්නවා කියන්නේ නම් අමාරු වැඩක් නෙවි. ලොවෙත් කරන්න බැරි වැඩක්.
යේ ලිපියට හරියන්නම සුපිරි ෆිල්ම් ම තමා අපේ මස්සිනා බස්සනෙත්.
ඉතින් නොගෙන ඉදිවී අපි.
එහෙනම් මේ බලු සීන් එක මොකද්ද බලන්න ඔන්න අපිත් ගන්නවා ඈ.
මෙව්වා අරවා වගේ පට්ටම එව්වම බස්සමු හොදේ.
සුපිරි සබෙක් තමා අපේ මස්සිනා.
එහෙනම් ඔන්න ගත්තා. තැන්ක්ස් වේවා.
ජය වේවා!!කෞෂාන් පියුමන්ත
පහරම පිලුමක් බ්‍රෝ.සබට රොම්බ තෑන්ක්ස්
Chamudini
Ane meke film.hoygnne kohomda kyla dennko film.hoylama epa wenwa .sub eka nm hoygnnwa kohomhri
Viraj
sub ekata thanks saho..
iptX
thankU broWw
shasith sandaruwan
හොඳ කතාවක් වගේ...
සිසිල දුන්නා කියන්නේ ආය ඉතින් සබ් එක නම් නියමටම ඇති.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Hiru
Dora.2017.Tamil.720p.HEVC.HDRip.x265.mkv
Mekat sub eka weda nhene brooo sub eka passe ynne.hari ekak dnn knk dennkoNelson
Good Post Friend, Thanks!
Nirodha uthpala
Sisila aiiyage products eakak nam mona kathada???? Obata me karana sewayata mage avanka uttamacharaya obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro ah subata thx soo much bro
Sam
mcn lost tv series eketa sub demu bn
කසුන් මධුශංඛ
නියමයි සහෝ ☝️☝️☝️☝️☝️☝️☝️
Ara
Thanks bro............
Dhana 91
Great Sub machan thanx a lot,
mchan pluwan nan Dharma Durai 2017, ekatai, motta shiva ketta shiva ekatai sub dennakoJim Anderson
thanks a lot
Maheshika@1135
Okata hariyana film eka ganne kohomada.plz
Nimesh
Motta shiva ketta shiva sub dennooo
Upeka
ඔය ෆිලුම කලින් මේකෙම ගිය pataas එකේ ටැමිල් කොපි එක. ටැමිල් එකේ නම් රේටින්ග්ස් මදි.
Danu
Thanks bro
Upeka
සිරාවටම සහෝ සාමාන්‍ය හොරර් එකක් බලනවට වඩා පට්ටම දුකයි අන්තිමේ. මේකේ රේටින්ග්ස් මදි කියල මට හිතෙනවා. 7ක් වත් දුන්න නම් වටිනවා.
Gayan eranda
Patta me wage sub karanna wadiwadiyen shakthiya labewa
viradaka
thanks sahoo
සෝමපාල
ලිපියයි සබයි ලියද්දි මීට වඩා බාසාව තව සරල උනා නම් හොඳයි මචන්.. වචන ගොඩක් බර වැඩියි පාවිච්චි කරනවා.. අනිත් අයගෙ සබ් බලන නිසා ඒ වෙනස තදටම තේරුන නිසයි මෙහෙම කමෙන්ට් කරේ..
sanjaya
thanx bro
shalinda
Mama youtube eken gatha film ekata sub damma ewa ge time ehe mehe welane aiya balann ba eka nissa
udithasanka
thnkz
malith
Ela ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
apa
thanks sub ekata.
chanaka_priyakelum
Thaks...bro jayawewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සිසිල අයියා දෙනකන් හිටියේ ස්තූතියි