ඇය වංශවත් පවුලක සිටු දියනියක්, ඔහු ඒ පවුලට බැලමෙහෙවරකම් කරන දාසයෙකුගේ පුතෙක්. මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම ඇති වුනත් මේ දෙන්න ගැලපෙනවද? මේක එසේ මෙසේ ආදර කතාවක් නෙමෙයි. රුධිරයෙන් ලියවුනු ආදර කතාවක්.. සමහරවිට මේක ඔබේ කතාව වෙන්නත් පුළුවන්…. දොරසානි මේක මේ අවුරුද්දේ අග බාගයේ විකාශනය…

ඇය වංශවත් පවුලක සිටු දියනියක්,
ඔහු ඒ පවුලට බැලමෙහෙවරකම් කරන දාසයෙකුගේ පුතෙක්.
මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද?
එහෙම ඇති වුනත් මේ දෙන්න ගැලපෙනවද?
මේක එසේ මෙසේ ආදර කතාවක් නෙමෙයි.
රුධිරයෙන් ලියවුනු ආදර කතාවක්..
සමහරවිට මේක ඔබේ කතාව වෙන්නත් පුළුවන්….
දොරසානි මේක මේ අවුරුද්දේ අග බාගයේ විකාශනය ආරම්භ කරපු සම්මානනීය චිත්‍රපටයක්, හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙලා ටික කාලයක් වෙනවා. ඉතින් මුලින්ම ස්තූති කරන්න ඕනී අපේ ඇඩ්මින් මන්ඩලේ සිසිල ප්‍රසද් අයියට මට මේ වගේ ලස්සන ආදර කතාවක් හොයලා දුන්නට. මේක ගැන එයා මට කියලා ටික කාලයක් වෙනවා ඒත් අධ්‍යාපන කටයුතුත් එක්ක වැඩේ යට ගියා. පස්සේ සමාජ සත්කාර වැඩසහටහනට සෙට් වුනාට පස්සේ මේක ගැන ආයෙත් මතක් කරා. ඉතින් එදාම ෆිල්ම් එක බාලා වැඩේ පටන් ගත්තා. ඉතින් කියන්න වචන නෑ. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරිම ෆිල්ම් එකක්. ඒ ගැන පොඩි හරි සැකයක් සාංකාවක් තියනවනම් ට්‍රේලර් එක බලලම ෆිල්ම් එක බලන්න. ඉතින් වැඩි පුරාජේරු ඕනී නෑ ෆිල්ම් එක පැත්තට යමු.
දේවකී ඇය බංගලාවේ ලොකු මහත්තයාගේ එකම දියනිය. ඇයට මිනිස්‍සු කතා කරන්නේ කුමාරිහාමි කියලා. ඒ තරම් බංගලාවට මිනිස්සු ගරු කරනවා. කුඩා කලම අවාසනාවන්ත විදිහට ඇයට ඇගේ අම්මව අහිමි වෙනවා. ඊට පස්සේ ඇය එයාගේ තාත්තත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඇය හැමදාම වගේ ඉන්නේ බංගලාවට කොටු වෙලා. ඔය අතරේ තමයි නගරේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්න ගමේ දුප්පත් පව්ලක රාජු කියන ගැටවරයා ගමට එන්නේ. ඉතින් මේ රාජුට කුමාරිහාමී ගැන හිතක් පහව වෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ මොනවා වෙන්න ඇති කියලද? එදා වේල හොයාගනත් ගොඩක් දුක් විදින දුප්පත් කොල්ලෙකුයි. මැදුර ඇතුලේ සැපට හැදුනු කෙල්ලෙකුයි කොහොමත් ගැලපෙන්නෙ නැ. ඒක කොහොත්ම හරියන වැඩක් නෙමෙයි. ඉතින් රාජුගේ යාළුවොත් එහෙමම කිව්වා. එත් එයා හැමදාම කුමාරිහාමිට කවි ලියන්න ගත්තා. ඇයත් රාජුගේ කවි වලට හුගක් ආස කලා. ඉතින් කාටත් නොදැනෙන්න දෙන්න අතරේ හොර රහසෙම ආදර කතාවක් ගෙතෙන්න ගත්තා.
ඉතින් එතනින් පස්සේ තමයි හැම දෙයක්ම පටන් ගන්නේ. හිතාගන්න බැරි ගොඩාක් දේවල් මේක් ඉස්සරහට සිද්ද වෙනවා. මං ඒ ගැන මොකුත් කියන්නේ නෑ.
කලින් කිව්වා වගේ මේක එසේ මෙසේ ආදර කතාවක් නෙමේ. මේක බලන ඕනම කෙනෙකුගේ ඇහැට කදුලක් උනන එක ස්තීරයි. එහෙනම් බලලා ඉවර වෙලා අදහස් පහලින් කොටන් යන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
7,524 downloadsDownload Dorasani-2019.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
15 comments
Udaya Saman
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ahirusha11
Thnqqqqqq #Athaya boy
nuwan8
thanks sub ekata..
skullguy
thanks a lot saho
Nivom
thanxxxx
Rukshan37
Ela
Nivom
Patta film eka 2 paarak hithan nethuwa aran balanna,
mahinda
thanks..
old man
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා sub එකට..,බුදුසරණයි ! ජේසු පිහිටයි !ජයවේවා !!!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා දිලා...!
තව තෙලුගු ඕනේ ආ...
දිගටම සබ් දෙමු කිව්වා...
ජය!pasi
sub ekt tnx
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සප්රයිස් එක දිලාගේ......බොහොම තුති.නොබලා කොහොමැයි ඉතින්....කදුලක් එනවනම්