Dou Kyu Sei: Classmates (2016) වසරේ ජපානේ නිර්මාණය කරන ලද ඇනිමේ සිනමාපටයකි. පැය 1 ධාවන කාලයකින් යුක්ත වෙන මෙම සිනමාපටය IMDB අගය 10 යෙන් 7.7 ගැනීමට සමත් උණු හොද ඇනිමේ සිනමාපටයක්. මෙම සිනමාපටයේ ප්‍රධාන මාතෘකාව වශයෙන් අපිට දැක ගැනීමට හැකි වන්නේ සමලිංගික ප්‍රේමය පිලිබදවයි. මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාර…

Dou Kyu Sei: Classmates (2016) වසරේ ජපානේ නිර්මාණය කරන ලද ඇනිමේ සිනමාපටයකි. පැය 1 ධාවන කාලයකින් යුක්ත වෙන මෙම සිනමාපටය IMDB අගය 10 යෙන් 7.7 ගැනීමට සමත් උණු හොද ඇනිමේ සිනමාපටයක්. මෙම සිනමාපටයේ ප්‍රධාන මාතෘකාව වශයෙන් අපිට දැක ගැනීමට හැකි වන්නේ සමලිංගික ප්‍රේමය පිලිබදවයි.
මිනිස්සුන්ගේ ආශාවන් පුදුමාකාරයි/ප්‍රිය අප්‍රිය කරන දේවල් එකිනෙකාට වෙනස්. ප්‍රේමය සොයන විදින, විදවන හැටි මිනිසෙක්ගෙන් තව මිනිසෙක්ට විවිධයි. කෙටියෙන් ම කිව්වොත් මානව හැගීම් විශ්මයජනකයි. ලෝකය ලස්සන වන්නේද සැම කෙනෙක් තුලම තියෙන අන්න ඒ විවිධත්වය නිසයි.
හොද ඇනිමේ සිනමාපට නිර්මාණයක්. මම මේකට සිංහල උපසිරෑසි නිර්මාණය කිරීමට හිතුවේ.. මේක මම නරබන ලද වෙනස්ම විදියේ ඇනිමේ නිර්මාණයක් නිසා. කෙසේ හෝ ඒක් දවසක් මහන්සි වී මට මෙහි උපසිරෑසි නිර්මාණය කිරීමට හැකි උනා. මගේ 3 වන උපසිරෑසි නිර්මාණය ලෙස. වැරදි අඩු පාඩු ඇත් නම් කමාකරන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
අපි මෙහි කථාව දෙස බැලුවෝත්..
කුසකබේ සහා සජෝ කියන්නේ එකම පන්තියේ විවිධ මානසික මට්ටම් වල සිසුන් දෙදෙනෙක්. කෙසේ හෝ මෙම දෙදෙනා සමලිංගික ප්‍රේමයෙන් වෙලේනවා. ඔවුන් දෙදෙනා ගේ ගැටුම්කාරී අවස්ථා තමා මෙම සිනමාපටයේන් ඔබලාට දැක ගැනීමට හැකි වන්නේ…
°°°°°°°°°°°°°°°°°°°°°
“ඔයා හිතුවේ අපේ සම්බන්දය, ක්‍රමයෙන් නෑති වෙලා යාවි කියලා..මෝඩයා”
“අහම්බෙන් හරි මම ඕක ගැන දැන ගත්තේ නෑත්නම්.. එක නොදැනම ඉන්න වෙනවා”
“ඇයි ඔයා මට එක හැංගුවෙ.. අපි පුළුවන් තරම් කාලයක් එකට ඉමු”
°°°°°°°°°°°°°°°°°°°°°°
තවත් ලස්සන උපසිරෑසි නිර්මාණයකින් හමුවන තෙක් මම ඔබ සැමගෙන් සමුගන්නවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති BR පිටපත සඳහා අදාළ වේ.
2,867 downloadsDownload Dou-Kyu-Sei-Classmates-2016.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Inusha Sudhangama” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-10-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Inusha Sudhangama
Subtitles
16 comments
Yomal
Anonymous
jayawewa
indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa....!
MAALNATH
Thanks..........good luck.........
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Last Dreamer
ස්තූති උපසිරැසියට....❤️❤️❤️
Rusith Dileepa
ගොඩක් ස්තූතියි සබ් එකට.. ජය වේවා.. ❤️❤️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sahan
konosuba ekata sinhala sub dennako
kavinda
penguin highway ekat sub onaa
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
godak thanks malli